16 June 2013

බබාට නමක්

කුමකට සෙවුවාදැයි  විටෙක සිතේ 
මුලකුරු වලට ගැලපෙන්නට 
හරියට ඝන පිහිටු
"ශ" යනු , "ර" යනු  ඇති 
පොෂ් වගේ ඇහෙන
නමක්
අසාංඛය වූ ලැයිස්තු වල .
සෙනෙහෙ,  හිතේ පිරි
"චුටි දුවේ" යයි
තොල් මුමුණන්නැහේ 

No comments:

Post a Comment

Have commented