14 October 2013

ලැජ්ජයි.. ඒත්

සිංහල සින්දුවක් අහමුකෝ කිව්වම , අපි දානවා අමරදේව මාස්ටර්ගේ , එහෙමත් නැත්නම් නන්දා මාලිනි ගේ , වික්ටර්ගේ , සුනිල් එදිරිසිංහගේ ගීතයක් .

කාලයකට ඉස්සර , කලාත්මක කියන තලයේ නොසිටි මුත්  , දැන් මිල්ටන් ලා , ජෝති වගේම රුකාන්තත්  ඇවිල්ලා එතැනට .
ඉතින් කිසි බයක් ලැජ්ජාවක් නැතිව අහන්න පුළුවන් ඔවුන්ගේ ගීතයක් .  ඇස්  දෙක පියා ගෙන රසවිඳින්නත් පුළුවක් කිසිම සංකාවක් නැතිව  .


ඒත්
කාලය : glorious eighties . හැත්තෑවේ මහා ගායකයිනුත්  , අනූව අග බාගයේ භාතිය සන්තුෂ්ලා  දුකාලා කවිය පැකේජ් කරලා, ගැමි flavoured tunes විකුනන්න ගන්නත් අතර මැද  .....

මහරගම youth centre එක එතකොට අලුත් . රේඩියෝ චැනල  දෙකයි . මතකද ඔබට මේ ගායකයින්

චන්ද්‍රලේඛා (පරණ චන්ද්‍රලේඛා), ෂර්ලි ව්‍යෛ ජයන්ත , නාමල් උඩුගම , ප්‍රින්ස් උදයකාන්ත

නන්දා මාලිනිලා පවන ගයද්දී , කපුගේ බර හඬින් , යෞවන හදවත් වල යථාර්වාදී (වගේ) තත් පිරිමදිද්දී . තරුණ සේවා සමිතිය හරහා එලියට එන මේ ගායක ගායකයෝ ගයනවා බොළඳ ප්‍රේමය ගැන . විරහව ගැන හැමදාම කියපු එකම සින්දුව , අප්පිරිය වෙනකන් ..... කැසටුත් විකිනෙනවා උණු ආප්ප වගේ

කැසට් මිලදී නොගත්තට , ලොතරැයි වෙළෙන්දාගේ සිට  පෞද්ගලික බස් හිමියා දක්වා,  බලෙන්ම අපිට ඇස්සෙව්වා මේ ගීත  . ....නන්දන වින්දන වැඩසටහන් වල , දිලිසෙන සිලික් කමිස , ඉස්ට්මන් වර්ණ සුට්  හැඳ, වැඩිය හෙලවෙන්නේ නැතිව ගායකයෝ ගැයුහ මේ ගී





 ලොකු අර්ථයක් නොතියෙන්න ඇති ඒ පද රචනා වල (දවසට සින්දු තිහ හතලිහ ලියු  රචකයොත් හිටියාලු ) . කල් පවතින නාද රටාත් නොතියෙන්න ඇති .

ඒත් දැන් නැවතත් ඒ ගීත අහන කොට, ඒ නාද රට ඔස්සේ හිත යනවා ඈතට ..පරණ නුගේගොඩ හන්දියේ සිරි ....රොටරියට හැරෙන තැන හිටපු ස්වීප් වෙළෙන්දා (ශනි දා වාසනාව ඇද්දේ සිකුරාදා වගේ මතකයි )  ....නාමල් උඩුගම , ප්‍රින්ස් උදයකාන්ත උදේ ඉඳන් රෑ  වෙනකන් සින්දු කියපු ,  පාන් බාගේ වෑන්-බස්...

හැත්තෑවේ අසහාය කළා කරුවෝ වයසට ගිහින් , දෑත  ශක්තිමත් කරන්න එක්  වෙද්දී .... ගැමි ගී ඌරුව හින්දි තාල හා මිශ්‍ර වෙද්දී .....මගේ හිතේ හිර වෙනවා පැනයක් , ඇයි  මේ සිංදු  අහනකොට පොඩි ලැජ්ජාවක් වගේ දැනෙන්නේ ...

2 comments:

  1. //ඇයි මේ සිංදු අහනකොට පොඩි ලැජ්ජාවක් වගේ දැනෙන්නේ ...//
    ඔයා සම්භාව්‍ය කෙනෙක් කියලා හිතා ඉන්න හන්දා හී හී...

    මම නම් ලස්සණ ඕනේම සිංදුවක් අහන කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. පොකු මමත් නාහනවා නෙමෙයි. මම සම්බාව්‍ය කෙනෙකුත් නෙමෙයි. හැබැයි වෙලාවකට එහෙම පෙන්නත් කැමති‍යි.

      ඕන ඔට්ටුවක් ඔබෙත් ඇති ඔබ පෙන්වන්න කැමති ප්‍රතිරූප.

      එකේ වැරද්දකුත් නෑ,

      Delete

Have commented