02 March 2014

කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ? // A children's concert

පෙරවදන : ඒ කාලේ ළමා චිත්‍රපට හැදුනේම  නැති තරම් .(මොකෝ ඒ දවස්වල අර සෝමසිරි ගොයියා හිටියෙත් නෑනේ ) ඔන්න ඉඳලා ඉඳලා ආවා චිත්‍රපටයක් "හඳයා " කියලා . පෝනියෙක්  ගැන . හැදුවේ ටයි මාමා (ඔව් ඔව් අර ඇසි දිසි කාටුන් හැදුවේ ).මම හය සැරයක් බැලුවා ඒක  .. මේ ගීතය ඒ චිත්‍රපටයෙන් . හැබැයි මට දැන් හිතෙනවා මෙහි ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා . මිනිසුන් ඇන්දවීම හා රෙදි පෙන්නපුවහම මහගෙන ඇඳ  ගැනීම ගැන කියවුණු .
අපි මෙහෙම කියවමු ගීතය . අහල නැති අය , මේ ක්ලිප් එකෙන් සින්දුව අහන්න .
link




තිරය ඇරේ .බූරුවන් ලෙස සැරසුණු ළමෝ පෙළක් ඉදිරියට එති . ඔවුන් ඉදිරියෙන්  සුදු ජාතික ඇඳුමකින් සැරසුණු ළමයෙක් විත් සිට ගන්නේය . ඔහු කරේ සාටකයකි . ඔහු මෙසේ අසන්නේය 

ලමයා 1 (ගැඹුරු හඬින් ) : " කවුරුදෝ කවුරුදෝ, දැන් ලොක්කෝ "

පිරිස " අපිමයි අපිමයි දැන් ලොක්කෝ "

ලමයා 1:   "කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ "

පිරිස " අපි මයි අපිමයි දැන් ලොක්කෝ "


තවත් ළමෝ පෙළක් වේදිකාවට දිව ගෙන එති . බොහෝ දෙනා ජාතික ඇඳුමින්ද . කිහිප දෙනෙක් කොළ පැහැති  කමිස වලින්ද , තවත් අයෙක් රතු පැහැති කමිස වලින්ද සැරසී සිටිති . අයෙක් හිස මුස්ලිම් තොප්පි ය , අයෙක් හින්දු ආගමේ අය  මෙන් නළලේ අළු ඉරි තුනක් ඇඳ  , පොට්ටුවක් තබා ඇත . 

"හු හු හු හු ...හු හු හු හු ... " ඔවුහු අර බූරුවන් දෙසට ඇඟිලි දිගු කරමින් හූ  කියති , සමච්චලයට සිනහ වෙති . බුරු පිරිස කලබල වෙති , ඔවුහු කැළඹීමක් පෙන්වති 

ළමයා 1 (සියලු දෙනා දෙසට දෑත් යොමු කරමින් ) .

"හා හා කලබල වෙන්න එපා .... ඔක්කොම අපි ලොක්කෝ "
 (කැළඹීම මදක් සන්සුන් වේ )

ළමයා 1: හතුරු බලේ ගියා කැලේ , අපේ බලේ සමගි බලේ  
(ඔහු අනෙක් අයටද ගායනා කරන ලෙස අතින් සන් කරයි ).

බුරු පිරිස (අත්  ඔසවමින්) : හතුරු බලේ ගියා කැලේ , අපේ බලේ සමගි බලේ 

(සුදු ජාතික ඇඳුමින් සැරසුණු පිරිස අතුරින් , කුඩා ළමෝ කැලක්  ඉදිරියට එති )

ලොක්කෝ අපි ලොක්කෝ අපි ....අද ගමට 
ලොක්කෝ අපි ලොක්කෝ අපි..... හෙට රටට 

(කුමාරයෙක් සේ සැරසුණු අයෙක් ඉදිරියට එන්නේය )
ලොක්කෝ අපි ලොක්කෝ අපි අද ගමට 
ලොක්කෝ අපි ලොක්කෝ අපි හෙට රටට 

(ළමයා 1 ඒ දෙස බලා සැනසුම් මදහසක් නගන්නේය )

(එක විටම රතු කමිසයකින් සැරසුණු කුඩා දරුවෙක් ඉදිරියට පනින්නේය . ඔහුගේ මුහුණේ පොන්ටිං රැවුලක් කළු පැන්සලකින්  ඇඳ  තිබේ .
ඔහු විත් අර බුරු පිරිස ඉදිරියෙන් සිට ගෙන අනෙක් පිරිසට මුහුණ ලන්නේය )

"පුංචි වුනත් හරිම සැරයි  ගම්මිරිස් ඇටේ ....සූස් සූස්  ගෑවා  නේද ගම්මිරිස් ඇටේ ...//"

(ළමයා 1 කලබල වෙයි . ඔහු මයික්රෆෝනයක් අත‍ට  ගෙන ඉදිරියට එයි . ඔහු පපුවට ගසා ගනිමින් 
ආවේගශිලිව ගයන්නේය )

"කුඹි ගුලේ තියෙන බලේ , දිමි ගොට්ටේ තියෙන බලේ , පුංචි අපේ ලොකුම බලේ ...
සමගි බලේ , සමගි බලේ 

හතුරු බලේ ගියා කැලේ .. අපේ බලේ සමගි බලේ "

(ඔහු බුරු පිරිසට ලංවී මතක් කර දෙයි . ඔහු නැවතත් ගයයි )

"හතුරු බලේ ගියා කැලේ .. අපේ බලේ ..." ඔහු මයික්‍රෆෝනය බුරු පිරිස දෙසට යොමු කරයි 

"සමගි බලේ "   ඔවුහු අත්  ඔසවා කෑ  ගසත් 

බුරු පිරිස ගයති 
"කුඹි ගුලේ තියෙන බලේ , දිමි ගොට්ටේ තියෙන බලේ , පුංචි අපේ ලොකුම බලේ 
සමගි බලේ , සමගි බලේ "

ළමයා 1:  "කවුද ..කවුද... දැන් ලොක්කෝ "

බුරු පිරිස මහා හඬින්  : "අපි මයි අපිමයි දැන් ලොක්කෝ "

ළමයා 1: (අනෙක් පිරිස දෙසට හැරෙමින් හඬ බාල කර,  රහසින් මෙන් )

"කවුද.... කවුද.... දැන් ලොක්කෝ "

පිරිසත් (රහසින් මෙන් ): "  හි හි හි ...අපිමයි.... අපිමයි... තවමත් ලොක්කෝ "

"හු හු හු හු ....හු හු හු හු .."  සියල්ලෝම හූ  කියමින් පිටව යති .

බුරුවෙක් මෙන් සැරසුණු එක දරුවෙක් , මංමුලාවූ සෙයින් හිස කසමින් වේදිකාවේ මැද  සිටගෙන සිටි . වේදිකාව අඳුරුවී,  ස්පොට්  ලයිට් ආලෝකය ඔහු වෙත පමණක් යොමුවී ඇත . තිරය වැසේ

16 comments:

  1. //බුරුවෙක් මෙන් සැරසුණු එක දරුවෙක් , මංමුලාවූ සෙයින් හිස කසමින් වේදිකාවේ මැද සිටගෙන සිටි . වේදිකාව අඳුරුවී, ස්පොට් ලයිට් ආලෝකය ඔහු වෙත පමණක් යොමුවී ඇත . තිරය වැසේ//

    මටත් ආවේ මේ හැඟීම... :D

    ReplyDelete
    Replies
    1. මටත් ආවේ ඒ හැඟීම. මොන බූරු කතාවක්ද මේ ලියලා තියෙන්නේ කියලා.

      Delete
    2. පොකු
      ගොඩක් වෙලාවට අපි ඔක්කොම ඒ මොහොතේ අතරමන් වෙලා.

      ඇනෝ
      :)

      Delete
  2. ඇත්තටම උඹව හම්බවෙන්න තිබුනේ ටයිටස් ලොක්කාට. හොඳ දේශපාලන ප්‍රහසනයක් කරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අරූ

      ඒක මගේ ස්පෙෂැලිටිය වෙලාද මන්දා

      Delete
  3. සිංදුවෙ තිබුනේ "කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ?" කියලා... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔන්න වෙනස් කලා

      Delete
  4. කවුරුද, කවුරුද දැන් ලොක්කෝ
    (කවුද. කවුද නොවේ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔන්න වෙනස් කලා

      Delete
  5. නියමයි කතාව නම්..

    ReplyDelete
  6. අනේ මම නම් හඳයා චිත්‍රපටිය බැලුවේ කලු සුදු චිත්‍රපටියක් විදිහට.මේ රතු,කොල පාට නම් දැක්කේ නෑ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මේක ඒ ඇසුරෙන් සැදූ ලමා නාට්ටියක්

      Delete
  7. හැබැව හැබැව.අපි හිතාගෙන ඉන්නෙ අපි තමයි ලොක්කො කියල.

    ReplyDelete
    Replies
    1. ලොක්කෝ සොක්කෝ සහ ඔලූ බක්කෝ නේද ?

      Delete
  8. සෝමසිරිද සෝමරත්නද ? මොකක් උනත් හොඳ නාට්‍ය පිටපත. සමාන්තර විශ්වයක රඟහලක් හදලා පෙන්වන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න මේ සැරේ කලබලේට හැම තැනම වැරදිලා. ඒ හාදයා තමා ,ලාoකික සිනමාවේ අයිතිකාරයා නේද එයා

      Delete

Have commented