26 July 2014

මේ එකම අහස යට ..// Under the same sky



මේ එකම අහස යට 
වෙන වෙනම ලෝක වල 
ආකල්ප සංකල්ප 
සබන් පෙණ බුබුළු 
සිත් දරා 
අප 
තනිවෙලා 



පලි 

මේ පින්තුරය ගත්තේ ගාල්ල කොටුවේදී . මේ කොල්ලෝ හතර දෙනා එකට හිටියට , උන් උන්ගේ මනෝ ලෝකවල . පින්තුරය පස්සේ හදන කොට තමයි පෙනුනේ පොලව පොඩ්ඩක් ඇදයි කියලා . ඒක  එහෙන්මම තිබ්බේ , කොහොමත් අපි ජීවත්  වෙන්නේ ඇලවුණු ලෝකයක නේද කියලා හිතලා .

12 comments:

  1. අපි හැමෝම අපි විහින්ම මවාගත්ත ලෝකෙක අතර මං වෙලා..
    අපේ ලෝකෙ අපි පොරක්.. එළියට බැස්සාම
    නිල්....
    ස්වාර්තය ට වඩා පරාර්තය කුඩයි....

    ReplyDelete
    Replies
    1. අපි අපේ ලෝකේ පොරක්., එතකොට අපේ ලොකේ අනෙත් පොරවල්?

      Delete
  2. ලස්සන පින්තූරයක්. ඉන්නේ කොල්ලෝ.. අහස කළුවරයි.. ඒත් වැහි බරයි... වැස්සයින් පස්සෙ.. අහස ලස්සනයි.. කොල්ලො තෙමෙයි.. මොකෝ කොල්ලො කුඩයක් වත් අරගෙන යන්නේ නෑ නේ..

    තේරුනාද මන්දා..

    ReplyDelete
    Replies
    1. මොකක්දෝ තේරුනා , ඒත් මම තේරුන් ගන්නේ මගේ නැණ පමනින් නේ.

      වහිනකන් අහස දිහා බලන් ඉන්න කොල්ලෝ හැමදාම තෙමෙනවා

      Delete
  3. කවියටත් වඩා හිත ගියෙ පසු සටහනට.
    අපි ඉන්න පොළව ඇදයි. ඒ හින්දා අපිත් ඇදයි.
    ඔන්න මම වෙනස් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ ඇදය අපිට වෙලාවකට අමතක වෙනවා නේද රන්ගි

      Delete
  4. පොළොව ඇඳ වුනාට කමක් නෑ, බෙරේ එක පලුවක්වත් ඉතුරු කරගන්න ට්‍රයි කරන්න!

    ReplyDelete
    Replies
    1. පොලව ඇදයි කියලා නැටුම අත අරිනවනේ ගොඩක් වෙලාවට

      Delete
  5. සබන් පෙන බුබුල..
    අව්ව වැටුනම ලස්සන පාටින් බබලනවා...

    ටික මොහොතයි ඒත්..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට නිමේෂයකට හරි එහෙම වෙන්න තියෙනවානම් කියලත් හිතෙනවා

      Delete
  6. ලස්සනයි ෆොටො එක

    ReplyDelete
  7. උන්ගෙම ලෝක වල තනි වෙලා ඉන්නේ ෆෝන් එක හරි ටැබ් එක හරි නිසා නේද? ඕක ගැන ලස්සන පින්තූර එකතුවක් අමුණපු මේල් එකකුත් මට් එක පාරක් ලැබුනා.

    පොළොවේ ඇදේට දීපු නිදහසට කාරණාව නම් මරු, ඈ. :D

    ReplyDelete

Have commented