ඔන්න ඔහොමයි වැඩේට මුලින්ම අණ ලැබුනේ.
පිරිසක් ඉදිරියේ කතා කිරීම පුරුදු කරන්න, සබකෝලය නැති කරන්න , අපේ පන්ති භාර ගුරුතුමා ගත් එක් උත්සාහයක් විය මෙය .
නමුත් අටවෙනි ශ්‍රේණියේ සිටි ගැටවර අපිට නම් මෙය පෙනුනේ හෙනම ඇනයක් ලෙසටමය.
"කවුද කැමති සමිතියේ සභාපති වෙන්න ? " ආයෙත් ප්‍රශ්නයක් .. ඉහළට එසවී ඇත්තේ එකම එක අතකි . ඒ සුජ්ජාගේය . සුජ්ජා ද පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වී , ආ අපේ පන්තියේ ම, පන්ති සගයෙකි . බොහෝ අතින් අන් අයට සමාන වුවද , ඔහුගේ ඇති එක් දුර්වලතාවයක් වන්නේ කතා පැවැත්වීමට ඇති අධික ආසාවයි .
"මූට ගෙදර කතා කරන්න දෙන්නේ නැතිව ඇති " ඒ අපේ නිගමනයයි .
දැන් කාලේ නම් මේ දරුවා දේශපාලඥයෙක් වෙයි යයි කියනු ඇත . ඒත් මේ අසූවේ දශකයේ මැද යි . ළඟ ළඟ මැතිවරණ නැත , රූපවාහිනියේ වොයිස් කට් නැත .
මේ ගති ලක්ෂණය ගැන , සිසුන් මෙන්ම ගුරුවරුද දැන සිටියහ. විටෙක මෙය ඉතා ප්‍රයෝජනවත් වුවද ( ස්තුති කතාවකට , පිලි ගැනීමේ කතාවකට හදිසියේ සිසුවෙක් සොයා ගැනීමට ඇති විටක වැනි අවස්ථාවන්හිදී ) බැලන්ස් නොකලොත් ඉතා අනර්ථකාරී බව අප ගුරුතුමා හොඳින් දැන සිටියේය .
"වෙන කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද ? " කියා ඔහු කිහිප විටක් ඇසුවේ එහෙයිනි . වෙන කවුරුත් ඉදිරිපත් නොවුනෙන් සුජ්ජා නිතරඟයෙන් සභාපති විය .
සභාපති ගේ කාර්යභාරය වුයේ සමිතියේ කතා කරන්නට සිසුන් සොයා ගැනීම හා ඔවුන් හඳුන්වා දීමය . පිරිමි ඉස්කෝලයක, ගැටවර වියේ සිසුන් අතර මෙවැනි දෙයකට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නන් අල්පය. පළමු සභා වාරයේ ඔහු කෙසේ හෝ ගුත්තිලයෙන් කවි කිහිපයක් කීමට එක් අයෙක් සොයා ගත්තේය . ඉතිරි විනාඩි 55 ම සුජ්ජා කතාවක් පැවැත්තුවේය . දෙවැනි සභා වාරයේ ගුරුතුමා විසින් විනාඩි 5හේ කතා දෙකක් පැවැත්වීම සිසුන් දෙදෙනෙක් ට පවරන ලදී . එදාත් ඉතුරු විනාඩි හතලිස් පහම ආවරණය වන පරිදි , සුජ්ජා න්‍යාය පත්‍රයට, තමාගේ කතාවක් ඇතුලත් කර තිබුණි .
තුන්වන සභා වාරයේදී , ගුරුතුමා කලින්ම සුජ්ජා ගෙන් න්‍යාය පත්‍රය ගෙන පරික්ෂා කර සිටියේය . කතා කිහිපයක් ළමුන් කිහිප දෙනෙකුට බලෙන්ම පැවරුවේය . සුජ්ජා ගෙන් මේ වාරයේ කතාවක් නොකරන ලෙසද ඉල්ලා සිටියේය .
ඒ දිනය උදා විය . කතා දෙකක් අවසන් විය . දැන් ඇත්තේ "කොට සිරා " ගේ අවස්ථාවයි . සුජ්ජා ඔහුව හඳුන්වා දෙන්නට පටන් ගත්තේය
(ඇත්තටම මට ඒ කතාවේ මාතෘකාව මතක නැත . නමුත් ඉන් පසු වූ සිද්ධිය විස්තර කිරීමට කතාවේ මාතෘකාව " මගේ රට " යයි සලකන්න )
" මීලගට තියෙන්නේ සිරා ගේ කතාව . ඔහු ගේ මාතෘකාව අපේ රට . . ඔහු ගේ කතාවෙන් ඔබට , ඉන්දීය සාගරයේ පිහිටි මුතුඇටය යයි විරුදාවලිය ලත් අපේ රට ගැන බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් බවත් .... ප්‍රධාන ගංගාව මහවැලි බවත් මීට අමතරව කැලණි කළු වලවේ ආදී ගංගා ද සමනොළ කන්දෙන් පටන් ගෙන සිව් අතින් මහා මුහුදට වැටෙන බවත් ඔබට දැන ගන්න පුළුවන් .. අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝග තේ රබර් පොල් ......" මෙලෙස සුජ්ජා විනාඩි 15ක් විතර ඔහුගේ හැඳින්වීමට වැය කළේය . ඇත්තටම සිරාගේ මුළු කතාවම සුජ්ජා කළේය .
"පුතා,දැන් සුජිත් කියපු නැති කරුණු ත් ඇතුලත් කරලා හොඳ කතාවක් කරන්න " අපේ සර්, ඔහුගේ මොරාල් එකට පොඩි තල්ලුවක් දුන්නේය .
සිරා පටන් ගත්තේය
"සභාවෙන් අවසරයි .......මා මෙතනට පැමිණියේ අපේ රට ගැන කතාවක් කිරීමටයි . ......අපේ රට ශ්‍රී ලංකාවයි .......අසා සිටි ඔබ සැමට ස්තුතියි" ඔහු කතාව අවසන් කර ගොස් ඉඳ ගත්තේය .
මීළඟට ලියන්නට සිතා සිටියේ අගමැති තුමා පහුගිය සතියේ , මුදල් ඇමති තුමා ඉදිරිපත් කරන්න නියමිත අයවැය ගැන කළ "පොඩි" හැඳින්වීම ගැනය . තවද මාරෆන් ගේ ෆන් ම ෆන් ඇවන්ගාඩ් කතාව ගැන ය. නමුත් සුජ්ජාගේ කතාව ගැන පෙර කතාව පොඩ්ඩක් වැඩියෙන් දික් විය . අනෙක් අතට ඉතුරු කතා ලිවීමද දැන් අනැවැසියි යයි සිතමි .
ඉහත කී කතා පමණක් නොව , බොහෝ කතා ගැන හඳුන්වාදීමෙන් පස්සේ ඇහෙන්නේ "අසා සිටි ඔබ සැමට ස්තුතියි " යන්න පමණක් නේදෝ යයි ද මට සිතුනි.
මතකනේ , කියන්නා කෙසේ කීවත් .......
ටිකක් විතර අදාලයි වගේ
ReplyDeleteටිකක් විතර
Deleteසුජ්ජා වගේම කියන්න ඕනෑ ටික ඔක්කොම කියලනේ. ස්තුතියි කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.
ReplyDeleteඅසා සිටි ඔබ සැමට ස්තුතියි
Deleteඅපි පොඩි කාලේ නම් පන්තියේ සමිතියේ සභාපතිකම නිල බලයෙන්ම හිමි වුනේ පන්තිය භාර ටීචර්ටයි!
ReplyDeletehttp://rasikalogy.blogspot.com/2015/10/stage-fright-aka-butterflies-in-tummy.html
අපේ කාලේ යහ පාලනේ තිබුණි
Deleteඅය වැය හදන එක ටැක්සි කාරයෙකුට උනත් පුළුවන් කිව්වනේ එක්කෙනෙක්..
ReplyDeleteමම නම් කියන්නේ ඕක ළමයෙකුට දෙන්න කියලා..
මොකෝ මාර පනගේ ඇමතිකමත් ළමයෙකුට දෙන්නලු යන්නේ..
දුන්නා දුන්නා
Deleteමූට ගෙදර කතා කරන්න දෙන්නේ නැතිව ඇති " ඒ අපේ නිගමනයයි
ReplyDeleteela bro!!!!
:)
Deleteසමහර නිවේදකයොත් ඉන්නවා කාව හරි ඉන්ටර්වීව් කරනකොට ඒ පුද්ගලයාට කියන්න තියෙන්නේ ඔව් නෑ කියලා විතරයි, නිවේදකයා සියල්ල සපයනවා...
ReplyDeleteඅර දෙරනෙත් ඉන්නවා එහෙම එකෙක්
Delete+++++++++++
ReplyDeleteරජයේ සේවයෙ හිටපු අන්තිම කාලෙ මම යුරෝපා හවුලෙං ආපු සුද්දෙකුගෙ තෝල්ක මුදලි වැඩේ කලා. එහෙම සුද්ද එක්ක එහෙ මෙහෙ යද්දි ඔය කතා පැවැත්වීම ගැන මරු අත්දැකීම් ලැබුනා.ආය දවසක සවිස්තරව ලියන්නම්කො….:)
ReplyDeleteලියන්න ලියන්න
Deleteහෙහ් හෙහ් හෙහ්....
ReplyDeleteඅනේ මන්ද මුකුත් නොකියා මගේ කට කහනවා අය්යෝ... මක් කරන්නද. දිගට ලියන්න වෙලාව නැහැ. පසුවට
අපෙත් එකෙක් හිටියා ඌට ඔය ලෙඩේ හැදෙන්නේ මයික් එකක් දැක්කම, අපි ඌට කිව්වේ මයික් රාජ් කියලා...
ReplyDeleteඔහු බ්ලොග් එකක් ලියයිද ? :) :)
Deletepp ඔහොම ලියන කොට මම දැන් 9 ලමයින්ට ඉන්ග්‍රීසි නිව්ස් බාර දෙන්න කන කට්ට මතක් වෙනවා.
ReplyDeleteමම හිතුවේ දැනටමත් ගොඩක් තැන් වල නිවුස් කියන්නේ , සංස්කරණය කරන්නේ , හොයන්නේ ළමයි තමයි කියලා .
Deleteලියමු කෝ නිල් ඒ ගැනත්