24 September 2017

ලෝකේ දිගම ඔසරි පොට

ආ ලියන මහත්තයා , දැක්කද ලෝකේ ලොකුම ඇන්දීම 

අනේ උඹලාත් ... උන් දැන් අර ආයා කටු කිලෝ තුන හතරත් ගලවලා , ඔසරියත් උනාදාලා , ඉතුරු පසු  කටයුතුත් අහවර කරලා , හනිමුනුත් ගිහින් ඇති .. උඹලා තාම ඔසරි පොට අල්ලාගෙන ඉන්නවා තාර  පාරේ 

ලියන මහත්තයා කුණු හබ්බයක් කතා කරනවා .. මම කිව්වේ වෙන ඇන්දීමක් 

මොන ?

අර විස්සේ කතාව 

ඒ මොකක්ද බන් 

අනේ ලියන මහත්තයා මේ රටේද ඉන්නේ ? විසි වෙන සන්සෝදනේ 

ඈ  එහෙම එකක් තිබුනද ? පත්තරේකවත් තිබුනේ නෑ  නේ 

ඒක තමයි 

අනික ඒක  විසිවෙන නෙමෙයි , විසිවන .. දැන් මොකද වෙලා තියෙන්නේ ? ඒක සම්මත වෙලාද ?

සම්මත වෙලා නෑ 

එහෙනම් පරාදයි ?

පරාදත් නෑ 

ඒ කියන්නේ ?

දැන් මෙහෙමනේ , උන්ම කිව්වා මේක තමයි මහාමේරුව වගේ අපේ රටේ සංවර්ධනයට , ප්‍රජාතන්තරවාදයට , සසර කෙටි කර ගැනීමට , අජරාමර නිවනට තියෙන මහා බාධකය කියලා , විස්ස ගෙනත් මහමෙර පුපුරවා අරිනවා කිව්වා , ඔන්න ගේනවා කිව්ව එක ගෙනාවා .. ඒක අලියට වාසියි කියලා , බුලතා විරුද්ධයි .. බුලතා විරුද්ධ වෙන එකට අලියා විරුද්ධයි ... අලියයි බුලතයි  විරුද්ධ වෙනවට රත්තෝ විරුද්ධයි ...

මේ තුන් දෙනවා සමගි කරන්නට මැරිච්ච මිනිහෙක් එයි ?

ආයෙත් ලියන මහත්තයා කුණුහබ්බ කියනවා .. මැරිච්ච මිනිස්සු එන්න මේක සොම්බි ෆිල්ම් එකක් යෑ ? ඉන්න එවුනුත් මැරිලා යනවා මිසක් ... අන්තිමේදී මුන් ඔක්කොම එකතු වෙලා කියයි අපිට " ඔන්න අපි ගෙනාවා හිටං , ඔහෙලා විරුද්ධ වුනානේ , දැන් ඉතින් කොරන්න දෙයක් නෑ , පරණ විදිය හොඳම විදිහ .. මොන රටක්ද අප්පා මේක ..හා ද ??"

ඊට පස්සේ ?

ඊට පස්සේ විස්සයි විස්සේ , ආයෙත් අලියත් ඉල්ලයි විස්ස කරන්න ආයේ අපට දෙන්න ඉඩක් කියලා .. බුලතත් කියයි ඕක කරන්න සැබෑ උවමනාව තියෙන්නේ අපේ ජනාධිපති තුමාට විතරයි හිටං දෙන්න අපිට ආණ්ඩුවක් කියලා , රත්තෝ කියයි , කෝ ගිය සැරේ දෙගොල්ලොම කලාද ? නෑනේ ? දෙන්න අපිට? මොන රටක්ද අප්පා මේක කියලා ... අර ඔසරි පොට අල්ලාගෙන අපි ආයෙත් තාර පාරේ 

හ්ම්ම් .. මේ .. තමුසේ හරි ඕයි ... විසිවන නෙමෙයි විසිවෙන තමා 

1 comment:

Have commented