31 December 2013

2013, 2014 අතර මැද කොමාව // 31st December 2013 post

440 train rides. Give or take 10  .  My year is intermittent by them. And I type this post on the last one for  2013. A post on the 31st December has been customary on Pinchpoints. 

There's something a special about 31st of December. People go home thinking about a new day , may be.
Thinking about the old problems. With new hope. Wishing for a new beginning
 .
The lady standing in front of me, holds the pole and keeps the plastic shopping bag on the floor. I peer in to it. There's some flowers and a purple teddy bear.  I wonder.

Time is like a stream one would say. No full stops. It just flows.
Yet we need full stops, or atleast commas , semi colons. And on a 31st we take a breather.
We draw in a long breath to our lungs fill and hold it for a moment.

 From the day we landed here we made a conscious decision to unclutter our lives. While we have wavered in our resolution a few times have manged to keep it up in some aspects . We have only three plates and three cups out in the house. One has been broken for months . And the others .. well they to are in a state that should be discarded . So today we bought three new plate . We will cook a milk rice tommorow from the old rice that has been in the house and we will eat in our new plates .

Such are new years .


_______________________________________________________________

හරියටම 440ක් . දුම්රිය ගමන් 440ක් අතරමැද මගේ 2013 අවුරුද්ද ගෙවිලා . 

දෙසැම්බර් 31දා  සටහනක් තැබීම මම පුරුද්දක් හැටියට කරනවා . මේ සටහන 2013 අවසන් සටහන මම සටහන් කරන්නේ වසරේ අවසාන දුම්රිය ගමනේ දී .

කෝච්චිය පිරිලා කලින් ගෙදර යන මිනිසුන් ගෙන් . මා ඉදිරියේ සිටගෙන සිටින කත , ඈ  අතේ තිබු ප්ලාස්ටික් මල්ල බිමින් තැබුවා . එය තුල මල් මිටක් හා දම් පාට සෙල්ලම් වලහෙක් . මා සිත කතන්දරයක් ගොතන්න පටන් ගෙන .

අපේ ගෙදර යන මග තියෙනවා තැනෙන ගොඩනැගිල්ලක් . එහි පකිස්තානු ඉන්දියානු , චීන කම්කරුවන් වැඩ . හැමදාම වැඩ ඉවර වෙලා  හෙල්මට් ටික පිළිවෙලට අඩුක් කරලා ගෙදර යනවා ඔවුන් . අද කලින්ම ගොඩ ගහලා හෙල්මට් ටික . හෙට මෙහෙ නිවාඩු . අනිද්දා ඇවිත් දා ගනියි  ඒ තොප්පි ආපහු  .

කාලය ගඟුලක් වගෙයි ඇතමෙක් කියාවී . නිසල ලක්ෂයක් නැති, ඔහේ දිගටම ගලන . ඒත්  අපිට නැවතුම් ලකුණු අවැසියි  ජීවිතයට . අඩුම තරමේ කොමාවක්වත් . 

නැවතිලා පෙනහළු පිරෙන්න හුස්මක් අරන් හිමින් පිට කරන්න . 

සමහර විට අපි හිත්‍වල  පැල  කර ගන්නවා අලුත් බලාපොරොත්තු . නැත්නම් පරණ ප්‍රශ්නම 31ක් වෙනිදා ගෙදර අරන් ගිහින් පළවෙනිදා ආපහු ගෙනෙනවා . 

මෙරට ආපු දා ඉඳලා අපි අනවශ්‍ය බඩු  රැස්  කරන්නේ නෑ  කියලා තීරණය කළා.  එහෙන් මෙහෙන් අනවශ්‍ය දේ එකතු වුනත් , අපේ ගෙදර කුස්සියේ තියෙන්නේ පිඟන් තුනයි කෝප්ප තුනයි . ඔන්න මාස දෙකකට විතර කලින් එක පිගානක් බිඳුනා . අනෙක් දෙකත් අබලන් තත්වයේ . අද ගිහින් පිඟන් තුනක්ම ගෙනාවා .

හෙට අපි පරණ හාලෙන් කිරිබතක් උයලා , අලුත් පිගන් වල කනවා . අලුත් අවුරුද්දක් නේ 

8 comments:

  1. අළුත් බඩු ගත්තේ නැතිවුණාට ලංකාවෙන් එනකොට ගෙනා "බැගේජ්" තාම තියෙනවා නේද?

    හැපි මෙව්වා එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. බැගේජ් තිබේ. එකනේ කිරිබත් හදන්න හිතෙන්නේ..

      Delete
  2. Wish you many happy trains of thought in 2014

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා

      Delete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    මුලු අවුරුද්ද පුරාම අලුත් පිඟන් වලම කන්ට ලැබේවා!!! :D

    ReplyDelete
    Replies
    1. :). බොහොම ස්තුතියි ඒ පැතුමට. ඒ කියන්නෙ වැඩි වැඩියෙන් පිගන් බින්දෙන්න කියලද? නෑ මම හිතන්නේ අලුත් පිගන් පරණ නොමවෙන් කියලා වෙන්න ඕනේ.

      ඔබත් ඕල් ද බෙස්ට් එකක් 2014ට

      Delete

Have commented