ඔව් ඒක පිරිමි නමක් තමා . මැයත් මීට අවුරුදු ගණනකට පෙර පිරිමියෙක් . මෙහෙම අයට අපි කිව්වේ බිලිං කජ්ජෝ කියලා (කැප්ටන් එල්මෝ ජයවර්ධන ගේ සෑම් ගේ කතාව පොතෙත් තියෙන්නේ ..) . මැය මාර්ටින් කාලේ , ඔහුට බීනා ව හමු වෙනවා . ඔවුන් ප්‍රේමයෙන් වෙලෙනවා . අවසන විවාහ වෙනවා. මේ කල ඔහු sirius xm ( නෑ නෑ , අර තනි නොතනියට ඉන්න සිරස fm නෙමෙයි ) නමින් කොම්පැණියක් ආරම්භ කරනවා . එමගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ගුවන් විදුලි වැඩසටහන් විකාශනය කරනවා .
ඉන් පසු ඔවුන් දරුවන් ලබනවා . ඊටත් පස්සේ ඔහු ගැහැණියෙක් වෙන්න තීරණය කරනවා . ඔහුගේ පවුල විවිධ අයුරින් මේ තීරණය , දිරවා ගන්නවා .. පොඩි ම දුව කියනවා " මම මගේ තාත්තට ආදරෙයි.. ඇයත් මට ආදරෙයි " කියලා .
මාර්ටීන් සහ බීනා තාම විවාහකයි , අවුරුදු තිහක් ... (ඒත් සමහරු නම් කියන්නේ විවාහයක් සාර්ථක වෙන්න , අරකම ඕනෑ කියලා ..... ) . මේක අසාමාන්‍ය ලිංගික ගති පැවතුම් ගැන සටහනක් නෙමෙයි . මේක මිනිහෙක් ගැන කතාවක් ..මේක මට නම් මගේ සිතිවිලි වට කර ගෙන තියෙන පවුරු පිලිබඳ ව මතක් කිරීමක් ..අපි අපිටම කියාගන්න සීමාවන් ගැන .... හරි ආයෙත් කතාවට යොමු වෙමු .
මාර්ටීන් පොතක් ලියනවා ( apartheid of sex ). එහි ඔහු කියනවා ලිංගිකත්වය යනු තමන්ට පිහිටි ලිංගික අවයව වලින් ඔබ්බට ගිය දෙයක් කියලා . ඔහු කියන්නේ ජාතිය , ආගම නම්වූ ප්‍රබන්ධ වගේම , ලිංගිකත්වයත් ප්‍රබන්ධයක් කියලා . ඔහු කියන්නේ ලිංගිකත්වය යනු නිතර වෙනස් වෙන , ස්ත්‍රී පුරුෂ වගේම තවත් අහු නොවුණු බොහෝ ලක්ෂ ඇති රේඛා වක් කියලා . ( මේක ටිකක් විකාරයක් කියලා මට හිතෙන්න ගන්නවා ..ඒත් එක්කම මතක් වෙනවා ඉයන් බැන්ක්ස් ගේ විද්‍යා ප්‍රබන්ධයක එක ලෝකෙක ඉන්නවා ලිංගිකත්ව තුනක් , ස්ත්‍රී පුර්ෂ සංසේචනයෙන් පස්සේ , නියුට්‍රල් කෙනෙක්ගේ ගර්භාෂයේ තැන්පත් කරනවා ... ඉන් පස්සේ ස්ත්‍රීය හා නියුට්‍රල් තමා එකට ජීවත් වෙන්නේ ).
කොහොම හරි ටික කාලෙකට පස්සේ ඇයගේ දියණියට , දුලබ රෝගයක් හැදෙනවා . බෙහෙත් නෑ . දොස්තරලා මරණ සහතිකය කලින්ම ලියනවා . . මාර්ටීන් බලාපොරොත්තු අතාරින්නේ නෑ . ඇය මේ ගැන කියවනවා . ඇයට දැන ගන්න ලැබෙනවා , Glaxo Wellcome සමාගම මේ රෝගයට බෙහෙතක් හොයාගෙන තියෙනවා ඒත් මේ රෝගයේ දුලබ බව නිසා , ලාභ ලැබිය නොහැකි නිසා ඔවුන් එය නිෂ්පාදනය කරන්නේ නෑ කියලා . ඇය ඔවුන්ට කරදරයක් වෙනවා මේ බෙහෙත විකුනන්න කියලා .. අන්තිමේදී ලැබෙන ලාභ වලින් 10% දෙන පොරොන්දුවට ( හැම තැනම ටෙන් පසන්ට් ලා ) ඇයට ලැබෙන්නේ , මූලික පර්යේෂණ මට්ටමේ , අවසාන බෙහෙතට ගොඩක් ඈත , සුදු කුඩු වගයක් . ඇය කොම්පැනියක් පිහිටුවලා , විශේෂඥයන් යොදා ගෙන පර්යේෂණ කරලා බෙහෙත නිපදවනවා . දුව ජෙනෙසිස් අද , තිස් වියැති කාන්තාවක් . මේ රෝගය ට විසඳුම් සොයන ඔවුන්ගේ පර්යේෂණ ආයතනයේම ඇය සේවය කරනවා .
මේ දවස්වල මාර්ටීන් , රොබෝවෙක් හදනවා . බීනා ගේ මොලය ආශ්‍රය කරගෙන . ඇයගේ ගති පැවතුම්, මතක , හැඟුම් , විශ්වාස , පරිඝනක ප්‍රෝග්‍රෑම් වල සටහන් වෙනවා . ඇය කියනවා , අපි දෙන්නම මේක කරනවා , එතකොට කවදා හරි අපි නැති දවසක අනිත් එක්කෙනාට තනි කමක් නොදැනේවී කියලා . ඇය කියනවා , අපි අපේ ගතින් ඔබ්බට ජීවත් වෙනවා කියලා ..
කතාව එතනින් ඉවර වෙනවා . මම ඇස් දෙක වහගෙන හිතන්න ගන්නවා . අපේ ජීවිත , අපේ හිත් දක්කාගෙන යනවා . හිත් වලින්ම හදන පවුරු වළලු තුළ ගාල් කරවනවා .. එක ජීවිතයකින් කොච්චරක් නම් දේවල් කරන්න පුලුවන්ද ?
පලි : පුලුවන්නම් වෙලාව ගන්න මේ වීඩියෝව බලන්න .
ඉයන් බැන්ක්ස් ගේ පොත් වල ඒ වගේ අමුතු දේවල් තියෙනවා. මම කියවූ ඔහුගේ පොතක තිබුනා යුවලක් මාරුවෙන් මාරුවට ගැහැණු පිරිමි බව වෙනස් කරලා දෙදෙනාම ඔවුන්ගේ දරු ගැබ මාරුවෙන් මාරුවට දරා සිටි සිද්ධියක්!
ReplyDelete//ඔහු කියන්නේ ජාතිය , ආගම නම්වූ ප්‍රබන්ධ වගේම , ලිංගිකත්වයත් ප්‍රබන්ධයක් කියලා //
ඇත්ත නේද? තම තමන්ගේ ජාති/ආගම්/ලිංගිකත්වය මේ හැම දෙයක්ම අල්ලාගෙන ඉන්නේ අපේ සක්කාය දිට්ඨිය නිසයි!
ඔව් නීරෝ , ඔහු පරිකල්පනය එහි නිම් වළලු පුළුල් කරමින් විහිදනවා .
Deleteමේ ගැන මට කියන්න දේවල් කීපයක් තියෙනවා. කියන්න ගිහින් ස්නානය නොකර යන්න හිතුව.
ReplyDeleteඔබේ අදහස් කීවා නම් මට වටී
Deleteඅද තමයි ඔබේ blog එක සෙට් වුනේ , දිගටම එන්නම්. මම තමයි ජයග්‍රාහී 100 වෙනි follower , හුරේ !
ReplyDeleteස්තුතියි . ඔබට යමක් ලැබේයැයි පතමි . දිගටම එන්න
DeleteMartin මාර්"ටි"න් - පිරිමි මක්, Martine මාර්"ටී"න් ගැහැණු නමක්
ReplyDeleteJustin/Justine වගේ .
ඔව් ඔව් , හැබැයි කියනකොට එක වගේ නේ ඇහෙන්නේ
Delete*නමක්
ReplyDeleteවෙනස් විදිහක අදහසක්...
ReplyDeleteඔව්
Delete