පෙරවදන
කාලේකට ඉස්සර . ඒ කියන්නේ කොල්ලා කාලේ . අපි කොටුව දුම්රිය පොලේ කොම්බුව යටදී එක්තරා උදෑසනක හමුවුණෙමු. පැය අටකට නමයකට පසු ඔහිය දුම්රිය පොලෙන් බැස , මහතැන්නට ඇවිද්දෙමු . මහා තැන්නේ දින කීපයක් ගෙවුවෙමු . අතේ තිබුණු තුට්ටුවෙන් ෆා ඉන් එකෙන් බීර බෝතල් දෙකක් ගෙන බෙදා ගත්තෙමු . එදා සිට මහතැන්න මා මතකයේ පැල්ලමක් විය . දැනුදු බොහෝ විට ලංකාවට ගිය විට මම මහා තැන්නට යන්නෙමි... දකින්නට එහෙම කියා සතෙක් නැති , ගහක් කොලක් නැති ( මම හරිත වනාන්තර වඩාත් ප්‍රිය කරමි ) මහා තැන්නේ මම යන්නේ තේ කඩය ලඟට පමණි . පුරුද්දට මෙන් , ලුණුමිරිස්, අතීත කාමය (නොස්ටල්ජියාව ) සමග රොටියක් කා , ප්ලේන්ටියක් බොන්නෙමි . අම රස පිරි ඥානකථා දැන් එහි නැත ...ඒත් වැඩි සීනි ප්ලේන්ටිය එසේමය . එක් වරම , එදා ඔහියෙන් ආ ගමනත් අදත් අතර කාලය මතකයෙන් අතුරුදහන් වේ .
සිතේ කවක් ලියවේ . මම එය පොතේ පිටු අතර සටහන් කරමි
මහා තැන්න
දොඩවන්නී
හීන් හඬින්
ඈ මතක කථාව
අමතක කර
තබන්නී
ගල විද
එලු
රේල්ලු
පාර දිගේ
සුද්දා විත්
දැක
විඳ
ගෙන වසඟයට
වාසගමද දී
ගියේය
ඈ
සුසුම් ලන්නී
හමන පවන්හි
කඳුලෙන් තෙමන්නී
සඟවා
පාවෙනා වළා හී
Mahathanna
speaks loudly
in silence
of the past
throbbing memories
she'd rather forget
The white men
who built rail tracks
came along
to see
shucked her off
her composure.
conquered.
gave their names.
and forgot
She sighs
in a strong breeze
the cloud shawl
cloak you
soak you
in her tears
පලි :
පින්තුරය ගත්තේ තේ කඩේ පිටි පස්සේ මහජන වැසිකිලියේ කවුළුවෙන් . මෙය දුටු මා මිතුරෙක් මෙයට Nature's calling කියා සටහනක් තැබුවා . දෙවැන්න ඇත්තටම මහ තැන්න හඬනවා කැමරාවේ සටහන් වූ අයුරුයි . ඇගේ සුසුම් , කඳුළු හා වේදනාව ඔබට නොදැනේද ?
මේ වටිනා සම්පත්වල රස, ඇසෙන්, හිතෙන්, විතරක් විඳින්න දන්නේ නැති නරුමයන්, අද මෙවැනි තැන් වනසන එක ගැන දුකයි.
ReplyDeleteහදවතින්ම ලියවුනු කවියක් බව පනෙනවා. අගෙයි.
ස්තුතියි .
DeleteI see , I conquer ජාතියේ එවුන් එදාත් හිටියා , අදත් ඉන්නවා
සහො, උබ නොදැක්කසෙ ගියාට තැන්නෙ බලනවනම් දකින්න සතුන්ද ගහකොලද එමටය. (සද)
ReplyDeleteඋඹ ඕක නොකිව්වා නම් තමා මම පුදුම වෙන්නේ :) ....
Deleteඅපිට කොහේද එච්චර ඉවසීමක් , සංයමයක් , උවමනාවක්
මා ගොස් නැති, දැක නැති තවත් තැනක්!
ReplyDelete