23 November 2015

කුණුහරුප කියන මැකෝ සහ අලි සෙල්ලම්

කාලෙන් කාලෙට නැගලා යන ජෝක්ස් එන්නෝය . ඒවා අතොරක්  නැතිව නන්  දනන් මුව කියවෙන්නේය . ඉන් පසු එය ගොන් ජෝක් බවට පත් වෙන්නෝය .මෙකළ " ...ළමයෙකුට දෙන්න .." කියනවා සේ කලක තිබු එසේ නැගලා ගිය විහිළුවකි .. "මල්වානේ රඹුටන් නම් දෙහිවල මොනවද තියෙන්නේ " කියා ඇසු  කළ  දෙහිවල තියෙන්නේ ඇඹුල් කියා කීම . 

නමුත් ලාබාල මට නම් දෙහිවල ඉතා හොඳින් හුරු පුරුදු ස්ථාන දෙකක් විය . එකක් නම් විලියම් ගේ ඇඹරුම් හලයි . පැකට් කළ  තුනපහ , මිරිස් , හාල් පිටි එතරම් සුලබ නොවූ එකල , අපේ අම්මා ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම සකසා ගන්නට අවුරුද්දකට දෙවරක් ගියේ මෙතැනට ය . මෙතැනට යාම මා එතරම් ප්‍රිය නොකළේ , මෝලේ දී ඇති වන මොළේ  දැවිල්ල නිසාවෙන්ය . නමුත් එන ගමන් මිලදී ගැනෙන චොකලට් කිරි බෝතලය මේ වේදනාව දරා ගැනීමට රුකුලක් සැපයුවේය .

අනෙක් ස්ථානය නම් දෙහිවල සත්තු වත්තය .මම මේ කියන කාලේ දෙහිවල සත්තු වත්ත තරුණය . ළමා සිත් කුල්මත් කළ  ස්ථානයකි . ඇතුලුවෙන තැනම ඇති පොකුණේ , මොටයි පාට ෆ්ලමින්ගෝ පක්ෂීන් රංචුවකි . එතනින් ඔබ්බට මුලින්ම හමු වන්නේ මින් මැදුරය . එතනින් හැදුනු මාළු ඇති කිරීමේ පිස්සුව තවම සුව වී නැත්තේය . අප්පච්චි සත්තු බලන්න ගෙන යන්නේ නොම්බර පිළිවෙලටය .. සිංහයෝ , කොටි , කළු කොටි, ජිරාෆ් ලා  වගේ හොඳ සත්තු බලන්න නොම්බර පිළිවෙලට එනකොට අපේ හොඳ පණ  ගිහින්ය . සත්තු වත්ත ගැන ඇති තවත් මතක දෙකකි . මේ සටහන ඒ ද්විත්වය ගැනය 

පළමුවැන්න , කුරුළු උයනට පිටතින් සිටි කුණුහරුප කියන වල් මැකෝ කුරුල්ලාය ය. කලක් යන තුරු ,  බ්‍රසීලයෙන් ආ මැකෝ සිංහල කතා කරන්නේ කොහොමද ? කුණුහරුප ඉගන ගත්තේ කොහොමද කියා මට පැනයක් විය . නමුත් මැකෝ දොඩවන්නේ  ඌට ඉගැන්වූ කුණුහරුප බවත්. ඌ  එසේ කරන්නේ එසේ කලවිට කන්න ලැබෙන කෙසෙල් ගෙඩි , රටකජු වැනි දේ නිසා බවත් , උගත්තේ කලක් ගොසිනි . දැන් නම් සිතෙන්නේ මෙය මැකෝට පමණක් අදාළ කාරණයක් නොවන බවය .

සාමාන්‍යයෙන් සත්තු වත්තේ අපේ ගමන නිම වන්නේ අලි නැටුම් නැරඹීමෙන් පසුවය . මේ අලි නැටුම් , අලි සෙල්ලම් මා සිතේ ඇඳි  දෙවන මතකයයි . තමන්ට ඉදිරියෙන් යන අලියාගේ නැට්ට (ඔව් ඔව් වලිගයම තමා ) තම හොඬේන්   අල්ලා ගෙන , අලි වටේට වටේට යති. බංකු වල ඉඳ ගනිති  ( සත්ව හිංසනයේ උපරිම අවස්ථාවකි ) .  හැම අලියාම පාහේ හිතා ඉන්නේ ඌ ඉන්නේ පෝලිමේ මුළ  කියාය . සමහර අලි හිතා ඉන්නේ උන් දිග ගමනක් යනවා කියාය . තවත් අලි අල්ලා ගත් නැට්ට අතහැරිය නොහී , ඒ ගැන සිහියට නොනැගී " මොනවා කරන්නද , දැන් මේක අත අරින්න බෑනේ" කියා රවුමට යති.
උන්ව එසේ දක්වන්නේ ඇත් ගොවුවන්ය . අලි හිතන්නේ ඇත්  ගොවුවා මහා බලාධිපරාක්‍රමයෙන් සපිරි හෙන පොරක් කියාය . ඔහුගේ දුක්ඛිත ජීවිතය ගැන දන්නේ ඔහුය . රුපියල විස්සක ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන එන අයගේ , රුපියල් විස්සට සරිලන්නට විනෝදය සපයන්න මේ කොරන අලි බැලිල්ල , අර නැටුම අවසන  ලැබෙන අත්පොලසන් වලටම පමණි . ඊළඟ දිනයේත් මෙය නැවත රඟ  දැක්විය යුතුය . 

බජට් එක ගැන , අය වැය  කතාව කියවීම  ගැන , රටේ සංවර්ධන ඉදිරි ගමන ගැන කියවමින් සිටිද්දී , මට එක පාරටම මේවා මතක් වුයේ ඇයි දැයි කියා මට තවමත් හරියටම සිතා ගත නොහැක 

26 comments:

  1. +++++++++++++++++++++
    මට ඔබේ මනස කෙලින්ම කියවන්න පුළුවන්නම් කියා හිතෙන්නේ මේ වගේ පෝස්ට් දැක්කහම.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඔබේ මොලය පැටලෙන්න ගැටගැහෙන්නත් ඉඩ තියනවා

      Delete
  2. Moko ban ada nikan aatha bhuutha wela..?? Budget eka gena hithanta epa ban. Awulak ne ban yudde dinuwane HITAN.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නයක් නෑ හිටන්
      ඉඳගත්තම තමා ප්‍රශ්නේ

      Delete
  3. //බංකු වල ඉඳ ගනිති ( සත්ව හිංසනයේ උපරිම අවස්ථාවකි ) .//

    ඉඳගෙන ඉඳීමත් හිංසාවක්ද? :D

    ඔයාගේ ලියවිල්ලේ තියෙන උපහාසය හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඒ අලි ඉන්දන විදිය දැකලා නෑ මයේ හිතේ

      Delete
    2. බජට් එක බ්‍රේක් එකක් නැතුව කියවීමත් පාර්ලිමේන්තු සත්ව හිංසනයක්

      Delete
    3. ඒක මරැ
      ඇත්තමයි කරැනා අම්මාන් සිංහල ඊට වඩා තේරෙනවා

      Delete
  4. මාරයි මචෝ..... මට නම් පුදුම විදියට මැවිලා පෙනවා..

    දුප්පත් සිරිසේන ගොයියා අලි ටික දක්කන ලස්සන.. ට්තව ටික කලෙකින් ඔය අලින්ගෙන් කීප දෙනෙක් තියාගෙන නායක හස්ති රාජයයි තව සැට් එකකුයි එලවනවා හිටං..

    ReplyDelete
    Replies
    1. රැපියල් බිලියනයක මෙගා තෑග්ගට මීලඟ ප්‍රශ්ණය
      හෙන්ඩුව කාගේද?

      Delete
  5. හෙහ් හෙහ් හෙහ්........

    ReplyDelete
    Replies
    1. අර මැකෝ ගාව ඔහොම හිනා උනා නම් විනාසයි

      Delete
  6. එල ද බ්‍රා
    මේක හැකියාව..මම කිව්වේ උඔගේ හැකියාව

    ReplyDelete
  7. //අලි හිතන්නේ ඇත් ගොවුවා මහා බලාධිපරාක්‍රමයෙන් සපිරි හෙන පොරක් කියාය . ඔහුගේ දුක්ඛිත ජීවිතය ගැන දන්නේ ඔහුය // බොහෝ තැන්වලට මේක අදාලයි..

    අසාවෙන් කියෙව්වා.. දැන් නම් සත්තු වත්ත හෙට අනිද්දා මිය යාමට ආසන්න තරම් මහලු වයසේ පසු වෙන්නේ.. දෙහිවල හරියේ මෑත ඉතිහාසයේ වෙනස් නොවුණු තැන් දෙක මේ විලියම් මුදලාලිගේ මෝලයි සත්තු වත්තයි විතරද කොහෙද.. මෝල වෙනස් නොවීම සමහරවිට ආඩම්බරයට කාරණයක්.. සත්තු වත්ත වෙනස් නොවීම (දියුණු නොවීම) අතිශය කණගාටුදායක කාරණයක්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එහි පිහිටීමත් හේතූවක්
      දැන් බලන්න කොලඹ නගරයේ මැද වටිනාම ඉඩම් දෙකක් එකක් සත්තු වත්ත අනික කනත්ත

      Delete
    2. කොළඹ නගරයේ සිටින මැරිච්ච මිනිස්සුත් නොවන, සත්තුත් නොවන මිනිස්සු ගණන කොපමණද?

      Delete
  8. හැක් හැක්.. හිටුපු ජනාධිපතිගේ මැකෝ කුරුල්ලත් අතුරුදන් උනා නෙව..

    ReplyDelete
    Replies
    1. උත් කියනවලු රෙදි ගැලවෙන කුණුහබ්බ... වෙන කාගෙන්වත් නෙමෙයි ලොක්කා නිත් උන් ආමන්ත්‍රණය කරන ඒවා ඇහිලමලු ඉගෙන ගෙන තියෙන්නේ..

      Delete
    2. ඌ කුනුහරැප කියන්න පටන් ගන්නේ අපේ හාමුදුරැවනේ කියලාලු

      Delete
    3. / ඌ කුනුහරැප කියන්න පටන් ගන්නේ අපේ හාමුදුරැවනේ කියලාලු /

      ඒක මරු!!!!!!...:)

      Delete
  9. දෙහිවල සත්තු වත්තයි දේසපාල නයයි ගලපලා මල් හතයි හිටං, සිරාවටම අලි සෙල්ලම් නම් පව් (මං කිව්වේ ඇත්ත අලි)
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  10. උහුලන්න බෑ ගද...... ඕකේ වෙනසක් කොරන්න කට්ටියක් ට්‍ර්යි කොරා නොවද කාලෙකට උඩදි (සද)

    ReplyDelete

Have commented