12 March 2016
පොටෝ ගැසීම
පොඩි කාලේ අපිට හැපී බේත් ඩේ නොතිබුනද , උදේට කිරිබතක් සැදුනේය . තෑගි ලැබුනාද නොලැබුනාද හරියට මතකයක් නැත . එක වරක්නම් හුලං ගේ කඩයෙන් බැට් පිත්තක් ලැබුණු බවද . අත්තා හැමවිටම , උදේට වඳින විට , මහජන සම්පත මුල් තෑග්ග ඇදුනු විට , උපන් දිනේට ගෙනත් දෙන බයිසිකලය ගැන සිහි කල බවද මතකය . පාටි නොතිබුණද , හවසට පරාක්‍රම පොටෝ එකෙන් , පරාක්‍රම අංකල් කැමරාවත් අරන් ආවේ පොටෝ කීපයක් ගන්නය . එය ෆිල්ම් කැමරාවකි . අපිව තනි තනිව , මෙන්ම පවුලේ පින්තුරත් ඔහු ගත්තේය . විනාඩි කීපයක් හුස්ම අල්ලා ගෙන සිටියේ , කැමරාව නිශ්චල ව තබා ගැනීමට ඔහු නොව , චායාරූපයට පෙනී සිටි අපිය . බොහෝ විට ඒවා , බලෙන් ඉන්දවා , තුෂ්නිම්භූත වූ අයුරක් ගත්තේය . මේ විශ්මිත උපකරණය හා බැඳී ශිල්පය මට විශ්වකර්ම ශිල්පයක්ම වූයේ අපේ නිවසේ කැමරාවක් නොවුණු බැවිනි .
මගේ මීළඟ මතකය අප්පච්චි කාගේදෝ කැමරාවක් ඉල්ලා ගෙන ආ දිනයකි . එහි ෂොට් දොළහක රෝලක් තිබුණු බවද , චායාරූප දහයක් ගැනීමෙන් පසුව ඉතුරු දෙක ගැනීමට මට දුන් බවද . කැමරාව ගෙන ගොස් නිදිකුම්භා මලකට මානනු දුටු අම්මා , නාස්ති කිරීම ගැන මට බැණ වැදුණු බවද මට මතකය . මම රැකියාවක් කරන තෙක් මට කැමරාවක් නොතිබුණි . රැකියාවට ගිය මුල් වසරේම , මම කාර්ගිල්ස් එකෙන් පොඩි කොඩැක් කැමරාවක් ගතිමි . අවසාන රාමුව ගත පසු එය මුද්‍රණය කරන තෙක් මට තිබුනේ මහා නොඉවසිල්ලකි . ඒ රූප කෙසේදැයි දැක ගැනීමේ කුතුහලයය .
එය හැඟීම , ත්‍රිල් එක ෆිල්ම් කැමරාවලින් ඩිජිටල් කැමරාවලට මාරු වීමත් සමග නැති වේ . බොහෝ රූ හරියට නාභිගත වී නොතිබුණි . සමහර ඒවා කළුම කලුය .
කුඩා කළ තිබු දැඩි ආසාව , හා විශ්මිත බව නිසාමදෝ චායාරූප කරණය ගැන මට ඇත්තේ මහත්වූ ලාලසාවකි . පොටෝ ගහන්න නම්, මොහොතකට ඔබ ඔබේ හුස්ම අල්ලා ගත යුතුය . ඒ කියන්නේ කාලය නවත්වා ගත යුතුය . චායාරුපයක් යනු එක අයුරකින් නැවැත්වූ කාලයේ හරස්කඩකි . මා වඩාත්ම කැමති , ජීවන රූප හෙවත් street photography වලටය . එය මා ජීවත් වන තැන අනුව ප්‍රායෝගිකය. එවැනි චායරුපයක් කතාවක් කියයි . කතාව ඇඳෙන්නේ එය දකින්නාගේ මනසේය .
ඉඳහිට මා චායාරූප පළකලද . චායාරූප ගැනම ලිවීම වෙනම තැනක විය යුතුයැයි මම සිතුවෙමි .නිවී හැනහිල්ලේ සිතා , ලියන මේ සටහන් ඉංග්‍රීසියෙන් පළකරන්නේ , එහි ඉලක්ක පාඨකයන් පරාසය ටිකක් පුළුල් නිසාය . අනෙක, සමහර අදහස් සහ වදන් සිංහලට පෙරලීමට ඇති අපහසුව නිසාය .
ගිහින් බලන්න . කියවන්න . අදහස් දක්වන්න
Pinchpointfotos
Subscribe to:
Post Comments (Atom)
ඔබ මගේ වැක්කියේ කෙනෙක්. පරාක්‍රම ෆොටෝ හිමිකරු සිංහ සමාජය හරහා මම දැනගෙන හිටියා. හුලංගේ කඩේ තාම තියෙනවාද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteගහට ගහත් ...හම්බුවෙන්නේ නුගේගොඩදී ??!!
Deleteපොටෝ ලැබ් වලට දැන් බිස්නස් නෑ මම හිතන්නේ ... ඩිජිටල් කැමරා එල්ල ගෙන හැමෝම පොටෝග්රපර්ලානේ ....
හුලං ගේ කඩේ තවම තියෙනවා මම හිතන්නේ .
මතකද හුලන්ගේ කඩේ .ඇතුලට යන්න බෑ නමුත් ඉල්ලන ඕනදෙයක් අතටම ගෙනත් දෙනවා හරියට රේල පාර ගාව [ඇවිනියුව්එකේ] මුල චාලි අයියාගේ ගේ මාළු කඩේ වගේ පිට කොටුවේ සෙන්ට් ජෝන් මාළු මාර්කට් එකේ තියන ඕනෑම දෙයක් තියනවා ඒ මාළුලෑල්ලේ කුට්ටි අයිස් හොන්ඩර ගානට අපි අරන් තියනවා තව තව සෑම්ගේ පාමසිය ගුනවර්ධනගේ සිගරට්ඒජන්සිය /එලිපන්ට්හවුස් ඒජන්සිය ඩේකාගේ යකඩ කඩේ සිටි ටිම්බර් ලෑලි කඩේ
ReplyDeleteබොහෝ තැන් තාම තියෙනවා
Deleteමාලු කඩේ නම් නෑ. ඇයි සිටි ටිම්බර් හෝල් එක සලාකා එක
මේකත් කියන්නම්. මගේ වයස අහුවෙනවා මේකෙන්. ඒත් කමක් නැහැ. අද තියෙන නුගේගොඩ සුපර්මාර්කට් ගොඩනැගිල්ල සෑදීමට පෙර එතන තිබුණේ විශාල බස් නැවතුම් පොලක්. ඒ අසලම තිබුණා සමුද්‍රසිරි බේකරිය. අපි පාසැල් අවසාන වී ගෙදර එනකොට එතනින් අළුත්ම අළුත් රෝස්ට් පාන් අරන් එනවා.
Deleteසමුද්‍රසිරි බේකරිය 1972 විතර වගේ නේද තිබුනේ
Deleteඔබෙයි මගෙයි වයසේ එතරම් පරතරයක් තියෙන්න බෑ . මටත් බස් නැවතුම මතකයි . ඒ වගේම , මාර්කට් එක හදනවාත් මතකයි . සමුද්‍රසිරියෙන් පාන් , ඉස්පංචි මිලදී ගෙන ඇත්තෙමි . ස්ටැන්ලි තිලකරත්න මාවතේ , පැලවත්ත පාරේ පොල් අතු කරත්තත් මතකයි .
Deleteහෙහ් හෙහ් හෙහ්, බලනකොට මගේ පුංචි කාලය වගේම තමා. ඒ කාලේ පොටෝ එකකට ඉන්නේ මෝල්ගස් ගිලපු පිඹුරෝ වගේ කෙලින් වෙලා. අපි පුංචි කාලේ ඉස්කෝලේ විදුහල්පති මාරුවීම වැනි අවස්ථා වල අර ත්‍රිපාදය මත තියන 'රෙද්ද අස්සේ කැමරාවක්' තමයි ගෙනාවේ. හප්පා එක ක්‍රියාකරවන උන්නාන්සේගේ තියන රැස්පොට් බලන්න එපායැ.
ReplyDeleteමගේ කැමරා කෙළි ගැන, මෙන්න මෙතන ලියලා තියනවා.
ඔයාට වගේ ඇයි එයාට ඒකාලේ ආමි රැස්පොට් තිබ්බද හෙහ් හෙහ් හෙහ්......
Deleteමමත් මේ පරන කැමරාවක් ගන්න හිතමින් ඉන්නේ
Deleteගත්තොත් ඒ ගැන ලියන්නම්
රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඕකෙ නම් පොටෝග්‍රැෆි ඉගැන්නුවා... ඒත් මම හිතන්නේ ඉගෙන කරන පොතේ දෙයකට වඩා.. සාස්තරේ නොදන්න උන්ගේ පොටෝ වල ඊට වඩා කලාත්මක බවක් තියෙනවා.. මාතලන් බොහෝ ප්‍රියකරන කලාවක්...
ReplyDeleteඔබ හරි
Deleteදැනටත් මුල් පෙලේ ඡායාරෑප ශිල්පීන් කවුරැත් එහෙම පොතෙන් ඉගෙන ගත් අය නෙවෙයි
සථත අභ්‍යාසය තමා වැදගත් ඕන ශිල්පයකට ඕන කලාවකට
නෙගටිව් වලට වෙච්ච් දෙයක්
ReplyDeleteපොසිටිව් වෙලා
Delete"ලාලසාවකි "
ReplyDeleteතේරුම කිමෙක්දැයි කියාදෙනු මැනවි
Passion
DeleteThis comment has been removed by the author.
ReplyDelete///පොඩි කාලේ අපිට හැපී බේත් ඩේ නොතිබුනද , උදේට කිරිබතක් සැදුනේය . ///
ReplyDeleteඅපිටත් එසේමය...
මම අදටත් උපන්දින සාද වලට එතරම් මනාපයක් නැත...
ඒ කෙදිනකවත් මට එවැන්නක් නොතිබූ නිසා ද විය හැක...
මගේ 33 වැනි උපන් දිනය යෙදී තිබුනේ ඉරිදා දිනකය, එදින දහවල් කෑමට පෙර මදක් සප්පායම් වූ මා අහර ගෙන නිදා සිටියදී ඇහැරුනේ නලා හඬකිනි. බිරිඳගේ මිතුරකුව සිට පසුව මගේ බෝතලේ මිතුරෙක් ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සමග පැමිණ තිබුනේ උපන්දින කේක් එකක්ද සමගිනි...
ජීවිතයේ පළමු වතාවට උපන්දින කේක් එකක් කැපුවේ එදාය...
පොඩි උන්ට කේක් කන්නට කියා අප දෙදෙනා ඉතිරි කොටයට වග කියා රාත්‍රී අහරද ගැනීමෙන් පසු මාගේ පළමු උපන්දින සාදය අවසන් විය...
ජයාරූප කලාවේ නියැලීමට හැකිවුයේ ලොකු අක්කාගේ හස්බන්ඩා නිසාය. ඔහු වෘත්තීය ජයාරූප ශිල්පියෙකි...
ඒ හරහා කලුසුදු ජායාරූප ගැනීම Dark Room එකේ දී සුද්ධ කිරීම ආදී කටයුතු, ෆොටෝ ෆ්‍රේම් ගැසීම ආදී සියළුම කටයුතු සිදු අර ඇත...
ඕ ලෙවල් කාලයේදී කැමරාව මා අතට දී තනිවම වෙඩිමක් ෆොටෝ ගසන්නට බාර දුන් අවස්ථාවක්ද ඇත...
ඒ සියල්ල කලේ පැරණි පන්නයේ කැමරා වලිනි...
ෆොටෝ එකක් සුද්ධ කිරීමට ලැබුණු ගාන අමතකය. ඉස්සර රෙඩි මේඩ් ෆ්‍රේම් නොතිබුණු බැවින් මෝස්‌තර සහිත සහ රහිත ලී පටි ගානට කපා, ජායාරුපයේ ප්‍රමාණයට සරිලන සේ වීදුරුවද කපා, තුනී හාඩ්බෝඩ් කැබැල්ලක් පසුපසට සරිලන සේ කපා, එයට වාරුවක් ද කපා, කුඩා සරනේරුවක් මගින් ඒ දෙක එකට අමුණා, හාඩ්බෝඩය කුඩා ඇණ මගින් ඉතා ප්‍රවේසමෙන් ෆ්‍රේම් එක ඇණ ගැසීමට මට ලැබුනේ රු 10/- කි...
මම ඒ අර්ධ කාලින රැකියාව 8 වසරේ පටන් කරගෙන ගිය එකකි...
ඉස්කෝල නිවාඩු කාලයේ සහ ඕ ලෙවල් ලියා ගෙදර සිටි කාලයේ ඔහුගේ කඩේ වැඩට ගියේ දිනක පඩිය රු 50/- ටය...
මේ සියල්ල 1993~96 කාල වකවානුවේ සිදු කල ඒවාය...
පසුව මා DSLR මගින් සෑහෙන කර්තව්‍යයක් සිදු කර ඇත්තෙමි...
ඒවා ලියන්නට කම්මැලිය...
ඔබ විශය හොඳින් අත පත ගා ඇති අයුරකි
Deleteප්‍රථම දළ සේයාපටය කියන්නේ ප්‍රථම කාල යන්ත්‍රයයි. අද අපට අනාගතයට යන්න බැරි වුනත් අතීතයට යන්නට පුළුවන.
ReplyDeleteඇත්තම නේන්නම්
Deleteමෙතනත් පොටෝ ටිකක් දාන්න.
ReplyDeleteඉදිරියේදි දාන්නම්
Deleteපොඩි කාලෙ මටත් තිබුනා කැමරා උණක්. 110ද මොකක්ද කියලා එකක් මුලින්ම. මගෙත් නෙමෙයි අපේ මස්සිනාගේ. ඒත් ඒක මගේ වුනා. ෆොටො රීල් එකක් ඉවර වෙලා ඒක සුද්ද කරන් එනකම් මල ඉතින්.
ReplyDeleteගුඩ් ඕල්ඩ් ඩේස් හා
ජේපි මම ආසම කරන වර්ගයේ ෆොටෝ මැන් කෙනෙක්. ඔබේ සමහර ෆොටෝ විශිස්ඨ ඝණයේ කියලා නොකියාම බෑ. එක්සිබිසන් එකකට දැන් කාලෙත් හරි වෙන්න ඕනේ.
110 එක විඩියෝ කැසට් එකක් වගේ හැඩේ
Deleteඩිජිටලයිට්ස් වලින් ශිල්පයේ සමහර ලක්ෂන නැති වෙනවා. ඒක ස්වාභාවිකයි. ඒත් වෙන්න ඕනේ අලුත් අලුත් දේ කරන එක. ඒ අංශයේ මම පොඩි අඩුවක් දැනෙනවා. මම මේ යන්න හදන්නේ visual story telling කියන පාරේ. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට
අම්මෝ.. මාතෘකාව දැක්ක ගමන් ඇඟ හිතල උනා.. street photography නිසා හිරේ විලංගුවේ නොවැටී බේරුනේ අනූ නවයෙන් මේ ලඟදි..
ReplyDelete1978 අවුරුද්දේ දිනමිණ ද කොහෙද පත්තරේක මගේ ෆොටෝ එකක් ගියා ට්‍රයිසිකලයක් උඩ වාඩිවෙලා ගත්ත 'උපන් දිනේ දිනේ' කියල.. හැබැයි මට ජීවිතේට ට්‍රයිසිකලයක් තිබිලා නෑ..
JP ගේ ෆොටෝ කලාව වෙනම අධ්‍යයනය කරන්න වටිනවා..
දැන් ත්‍රීවීලරේ තියනවනෙ
Deleteමගෙත් ලොකුම විනෝදාංශයක් තමා පොටෝ ගැසීම.. අහම්බෙන් අහු වෙන මිනිස් හැඟීම් තමා හොඳම ඡායාරූප.. නාඳුනන අයව කැමරාවට හසු කරගන්න යන එක ටිකක් අවදානම් සහගත වුණත්..))
ReplyDeleteඒ හොරෙන් කලොත් නේ . මිනිස් හැඟීම් වලට ඔබ්බෙන් නගර වලත් වෙනම හද ගැස්මක් තියෙනවා
Deleteජාලියගෙ කලු සුදු පින්තූරවල මොකක්දෝ අමුතු ගතියක් මටත් පේනවා.
ReplyDeleteමමත් කාගිල්ස් එකෙන් නෙවෙයි මිලර්ස් එකෙන් ෆූජිෆිල්ම් කැමරාවක් ගත්තා මුලින්ම. මාත් පොඩිකාලෙ තාත්තා බොක්ස් කැමරාවකින් අපේ ෆෝටෝ ගන්නවා. ඒවා මේ මෑතක් වෙනකල්ම තිබුනා.
මට වැරදුනේ . මිලර්ස් තමා .
Deleteබොක්ස් කැමරාව ගැනත් කතාවක් ළඟදීම ලියන්නම්