මචන්
ඕ
කියෙව්වද පොත් පිංච ?
මොන , අර ආනමාලු ආර්ථිකය එකද ?
නෑ එක නෙමෙයි මේ මේක මය්තිරි පාලනයක්
ආ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ..මේක දැක්කම මට මතක් උනේ අර හංදියේ හෝටලේ මිල ගණන් දර්ශනය
ඒ මොකෝ
ඇයි ඒකෙත් , ඉඳි ආප්ප , ආප්ප , රයිස් ඇන්ඩ් කරි , ප්‍රයිඩ් රයිස් , චිකන් කොත්තු , පොටෝ කොපි , ලැමිනේටින් , දුරකථන ඇමතුම් , රිලෝඩ් , සිගරට් , කොකා කෝලා , පලතුරු බීම , භුමි තෙල් , වයිපයි ඔක්කොම තියෙනවා නේ
හැබැයි පුතෝ මේකේ චයිනිස් රෝල්ස් නම් නෑ
ඔය කිව්වට ...
ඇත්තටම දවස් සීයකින් මේ ඔක්කොම බලාපොරොත්තු වෙන අපි හරි අසාධාරණයි නේද .
නෑ නෑ ඔය ඔක්කොම දැම්මට ඔක්කොම හම්බු වෙන්නේ නෑ කියලා හිටන් පොදු ජනයා දන්නවලු
ඌ දන්නවලුද ...එතකොට පොරොන්දු වෙන්නේ
එහෙම වෙන්නෑ හිටන් යහ පාලනය
එහෙම වෙයිද ?
______________________________________________________
මචන්
ඕ
චින්තන හෝටලයේ මෙනු එක තාම නෑ නේද
ළඟ එනවාලු
චන්දෙට කලින් එයිද
සමහරවිට . ඒත් ඒක චන්දෙට ඉස්සෙල්ලා ඕනෙමද ? මෙනු එක තිබ්බත් නැතත් හෝටලෙන් දෙන දේ කන්න එපා යෑ
එහෙම නෙමෙයි , නැත්නම් මිනිස්සු කොහොමද තීරණය කරන්නේ මොන වැඩ පිළිවෙලටද මනාප කියලා
අයියෝ , මිනිස්සු චන්දෙ දෙන්නේ කරන දේවල් වලට නෙමෙයි නේ කරපු දේවල් වලටනේ . ඒ වුනාට චන්දෙට ඉස්සර වෙලා ඒක එලියට දායි .
එත් තැපැල් චන්දෙ ඉවරයි නේද
ආ ඒකද ..ඒක එච්චචර ගණන් ගන්න එකක් නෙමෙයිනේ .. එක නිකන් විහිලුවට වගේ තියෙන එකක්නේ
එහෙම කියන්න එපා , තැපැල් චන්දෙ තමයි , මහා චන්දෙ වැටෙන හැටි , කෙරෙන හැටි පෙර මග ලකුණු කියන්නේ
ඒක නම් හැබැව
______________________________________________________
මට ඇති ප්‍රශ්නය මෙවරත් ආණ්ඩුව දිනුවොත් ඔවුන් කුමක් කරයිද යන්න නොව ( මොනවා කරන්න බැරිද ). මොනවා නොකරාවිද යන්නයි .
ඇතැම් විටක 2019 දී , ජනමුල නායකයා, ජනමුල දෙයියන් යයි අබිසෙක් කිරීමට ජන මත විචාරණයක් හෝ පාර්ලිමේන්තු පනතක් ගෙන එනු ඇත . එසේ කිරීමට හැකිදැයි අධිකරණයෙන් පලමුව අදහස් විමසනු ඇත .
23 December 2014
18 December 2014
සිත මගේ මොකද වෙලා , චන්ද්‍රිකාගේ බණ්ඩා ගේ , සමන්මලිගේ සහ අපේ නිරුවත සහ වෙනත් කතා (ඔහේ හිතෙන දේ )
පෙ.ලි.
රසිකලොජිස්ට් ගේ දේශපාලනයෙන් තොර හැන්දෑවක් (මෙතනින් බලන්න )කියවූ මම සිතන්නට වුනෙමි . කාලයකට පෙර මා ලියු මේ සටහනද නැවත කියෙව්වෙමි . සුද්දන් කාලගුණය ගැන කතා කරනවා මෙන් , ඉන්දියානුවන් ක්‍රිකට් ගැන කතා කරනවා මෙන් , අප කතා කරන්නට දෙයක නැතිවූ කළ කතා කරන්නේ දේශපාලනය ගැන දැයි හිතන්නට වුනෙමි. එහෙත් "අපි දේශපාලනයට නැති වුනාට , දේශපාලනය ඇතුලේ අපි ඉන්නවා " යන්න මට නැවත සිහිවිය . පළ කරන්නට පෙළ ගසා ඇති සටහන් නැවත කියෙව්වෙමි . තේමාව එකමය . ඒ සියල්ල පසෙක ලා , එක සටහනක් ලියන්නට ඉටා ගතිමි .
මේවා කෙටි සටහන්ය . මට හිතුන දේය . ඇතැම් විට මුලක් අගක් නැති , මැදක් පමණක් ඇති සටහන්ය .
සිත මගේ මොකද වෙලා
නිමි නැති තගකට
බයවී හිඳිනට
හිත් අපේ මොකද වෙලා
රුපු යුද දිනනට
උගසට තැබූ රට
දැන් නම් සින්න වෙලා
අට පාස් නැති ඇමතිලා සහ බුද්ධිමත් ජනතාව
ජනතාව පත් කරන ඇමතිලා ගේ උගත් කම ගැන ජනතාව මැසිවිලි නගති . ඉන්න යක්කුන්ගෙන් කළු අඩුම යකා තෝරා ගන්නට වෙනවා යයි නිදහසට කරුණු කියති . අපේ රටේ සාක්ෂරතාව ගැන ඇමතිලා උදම් අනති . එහෙත් මැතිවරණ වේදිකාවේ නෙක ගොන් කතා කියති . ඉන්පසු "මැතිවරණ වේදිකාවේ කියන දේ ගණන් ගන්න එපා , සාමන්‍ය ජනතාවටනේ අමතන්නේ " කියාද කියති . එමගින් රටේ ජනයාගේ උගත්කම ගැන තක්සේරුවක් දෙති .
ලන්කට් එකේ භීෂනේ
සුපර් මෑන් රතු ලංකට් එකක් ඇන්දේ , නිකන් මෑන් ලා ගෙන් ඔහු වෙනස් බව පෙන්වීමටය . චොප්පේ අයියා සුදු සරමට යටින් කැමා යට කලිසමක් ඇන්දේ ඔහුගේ චන්ඩිකම පෙන්වීමටය . ඕනෑම වලියකදී ඔහු යන්තම් එය පෙනෙන්නට සරම ඔසවා ගත්තේය . ඔහුගේ ගෝලයෝද කැමා ලන්කට් අඳින්නට පටන් ගත්තෝය . . පසුව පසුව ජනයා , චොප්පේ අයියාගේ හෙණ මෙන් දරුණු අඩි පුඩි , ලන්කට් දර්ශනයට සම්බන්ධ කර ගත්හ . ලන්කට් එක දකින විටම බිය වුහ . කාලයේ ඇවෑමෙන් චොප්පේ අයියාද ගෝලයෝද , සුදු සරම වැලේ වනා , ලන්කට් පිටින්ම ඔබ මොබ යන්නට පටන් ගත්හ . දැන් දැන් ජනයාට මේ ලන්කට් හමුදාවේ තුනී පට තිරයෙන් වැසුවද , උලුප්පා පෙනෙන නිරුවත පෙනෙමින් තිබේ . එහෙත් වැලේ වැනු සුදු සරමද , දැන් වැලේ නැත .
ගිලීමලෙත් ඇත ...
මේ මැතිවරණ සමයේ මා ඇසු අවංකම ප්‍රකාශ තුනකි
3. අනුර කුමාර දිසානායක - කට්ටිය අහනවා ඉතුරු ටික ඇයි කියන්නේ නැත්තේ කියලා ..කොහොමද දෙයියනේ කවුරුවත් ගැන චරිත සහතික දෙන්නේ
2 මහින්ද රාජපක්ෂ - ...අපේ ගොන් ජනතාව රැවටෙන්නේ නෑ ...
1. මර්වින් සිල්වා - (ඔබ තුමා පක්ෂ මාරු කරනවාද යයි අසු පැනයකට පිළිතුරු දෙමින් කියූ සුභාවිත වාග් සංගායනාව ) - මේ පනින සංකල්පය පිළිබඳව . මේ පහත් ගොසිප් ප්‍රොපගැන්ඩා ව්‍යාපාරය පිළිබඳව . ලංකාවේ දේශපාලනයේ ස්වභාවය පිළිබඳව කියන්නට සුදුසුම ආකාරය මෙයය
චන්ද්‍රිකාගේ නිරුවත , බණ්ඩා ගේ නිරුවත , සහ සමන්මලිගේ නිරුවත
චන්ද්‍රිකාගේ නිරුවත දකිනට බණ්ඩා සිහින මැව්වේ කාලයක සිටය . සිතේ ඇති ෆැන්ටසි සියල්ල වදන් වලට පෙරලා දෙඩවීම නොමනාය . චන්ද්‍රිකා ගේ නිරුවත ඈ පාලන සමයේ රටටම දුටුවේය . එය ඇතැම් විට ජුගුස්ස්පා ජනක විය . ඊට වඩා ජුගුස්පාජනක වන්නේ එය මෙනෙහි කර කර රස විඳින බණ්ඩා ගේ හිතය. බණ්ඩා චන්ද්‍රිකාගේ නිරුවත පෙන්වන විට , ඔහුගේ හෙළුව සැමටම පෙනෙන්නේය .
සමන්මලී , බණ්ඩා ගේ හෙළුව ලේන්සුවකින් වසන්නට ගියාය . අහෝ ආ සුළඟකින් ඈ ඇඳි දිය රෙද්ද ( නාන්න යනවිට කුල කාන්තාවෝ අඳින්නේ දිය රෙද්ද නොවේද ? ) කඩා හැලිනි . ඈ උඝතෝකෝටිකයකට මුහුණ දුන්නාය . ලේන්සුව අත හැර දිය රෙද්ද අල්ලා ගත්තොත් බණ්ඩා හෙලුවෙන්ය ...ලේන්සුව අල්ලා ගෙන සිටියොත් ඈ නිරුවතින්ය . සුදර්සිනී නෝනා පැන තුවායක් ඔතා ඈව ආවරණය නොකරන්නට වැඩේ කිරිමිනෙල් වෙනවාය .
මෙතන තියන ප්‍රශ්නය සමන්මලී උගත් , සරසවි අධ්‍යාපනයද ලද්දියකි . එමෙන්ම ජනයා විසින් සියලු සුදුසුකම් සලකා ජනතා නියෝජිතවරියක් ලෙස පත් කළ අයෙකි . බණ්ඩා උසස් අධ්‍යාපන ඇමති වරයාය .
අවසාන යේ පෙනෙන්නේ උන් කාගේවත් නොව අපේ නිරුවත නොවේදෝ යයි මට සිතේ

11 December 2014
ආස්චර්යයේ පාර පැනීම // Why did the politian cro$$ the road?
ස්ථානය අලුතෙන්ම කාපට් දමා නැගුනු ආස්චර්යයේ මාවතක් . එහි වේගයෙන් දෙපැත්තට යන එන වාහන පෙළ පාලියකි . ජීප් පිරිවරා යන වැන් , ලoගම බස් බැනර් කොඩි ගසා ගෙන යත්. පාර පැනීමට බලාපොරොත්තුවෙන් පාර අයිනට වී සිටින ගැමියෙකි . ඔහු අතේ පනිට්ටුවකි . ඔහු අසළට තරුණ ගැටයෙක් පැමිණෙන්නේය .
ආ මාමේ කොහේද මේ පාන්දරම ?
අර නළ ලිඳ ගාවට යන්න කියලා බං
උදේම නා ගන්නද ?
නෑ බං දොට්ට යන්න හදනකොට දැක්කේ වතුර ඉවරයි කියලා . ඉස්සරනම් ගුරුපාර දිගේ ටුක් ගාලා ගියා . වතුර පනිට්ටුවක් ගත්තා
දැන් මේ රෙද්ද සන්අර්දනේ හින්දා , යකෝ දොට්ට යන්න පාර පනින්න වරුවක් බලන් ඉන්න ඕනේ නේ.
ඒ වුනාට මාමේ ,මේක සංවර්ධනේ නේ ..අර අපේ ඇමති තුමා කියන්නා වගේ ලංකාවේ ආර්ථිකය නැගිටින්න මේ පාරවල් , අර UDA කැට අල්ලපු ජෝගින් ට්‍රැක් එහෙම නැතුව බෑනේ
අනේ මට නම් ඕවා තේරෙන්නේ නෑ කොල්ලො
පනින්න තව ටිකක් බලන් ඉන්නවෙයි වගේ මාමේ . අද ලොක්කාගේ රැස්වීම අරහේ.. අනිත් කට්ටියගේ රැස්වීම මෙහේ. ඒ අස්සෙන් නිවාඩු දවස හින්දා ට්‍රිප් යන කට්ටියත් වැඩියි වගේ
හ්ම්ම් , පාර පනින්න සෑහෙන වෙලාවක් ඉන්න වෙයි වගේ.
ඒ වුනාට මාමේ , අර කට්ටියනම් එහාට මෙහාට පනිනවා නිකන් බට්ට පනින්නා වගේ .
බඩත් පුරු පුරු ගානවා බං දැන් නම්
මාමේ මේ සමහරු ආපුවහමයි දන්නේ එහෙම උන් හිටියා කියලා .
ඒකනේ බං ...අර මේ ලඟදි ආවේ විනෝදාංශ පිලිබඳ නියෝජ්‍ය ඇමති කෙනෙකුත් . ඒ කියන්නේ මුද්දර එකතු කිරීම , මිතුරු මිතුරියන් ඇසුරු කිරීම , නවකතා කියවීම වගේ විනෝදාන්ස වලටත් ඇමති කෙනෙක් ඉඳලා නේ බං ...හෙහ් හෙහ් හෙහ්
ඒක නෙමේ, මාමා ගේ විනෝදාංශ එහෙම මොනවද
දැන් නම් ඉතින් මේ ආච්චර්යේ පාරේ දෙපැත්තට යන වාහන බලා ගෙන ඉන්න එක තමා කොල්ලෝ
පලි : කිරි කිරියේ කොන්ක්‍රීට් වැටි, රට පුරා සංවර්ධනයේ මාවත් දිගහැරී ඇත . හැටට හැටේ පාගා ඒවායේ වාහන පේලි ඇදෙති .සංවර්ධනයේ මාවත දිගේ වේගයෙන් යන එවුන්ට , එහෙම ගියාට කරන්නට එහෙම කියා රාජකාරියක් නැත . ඒ මාවත් දෙපස බලා සිටින්නවුන්ටද ඒ පාරෙන් ඒ හැටි වැඩක් නැත . පාර එළ ය. ගමනාන්තය ගැන අදහසක් එහෙමට නැත.එහෙම බලන කොට සංවර්ධනයේ මාවත දිගේ අපි කරන්නේ විනෝද චාරිකා යාම සහ දෙපස හිට ගෙන එහි යන එන වාහන ගණන් කිරීමය . එහෙව් රටක වැදගත්ම අමාත්‍ය ධුරය විනෝදාස්වාදය පිලිබඳ ඇමති ධූරයම යයි මට විටෙක සිතේ .
08 December 2014
එකමත් එක කළක , සමාන්තර විශ්වයක // once upon a time in a parallel universe
ඔන්න එකමත් එක සමාන්තර විශ්වයක
කතා #1
හලෝ
තිස්ස තිස්ස
ඔව් තිස්ස තමා
මම මහින්ද
ආ ඇත්තද ...මේ මුවත් ඇවිත් ගියා විතරයි ..ගිහින් කියපන් ඕක උඹේ අ .
නෑ තිස්ස මම මේ ජනමුල නායක
ආ සර්
මොකෝ කරන්නේ අද හවස ?
එහෙම කියල මොකුත් වැඩක් නෑ සර් මට දැන්
එහෙනම් එනවකො මේ පැත්තේ ...අද අපේ දිහා පාටියක් . තමුසේ එනවා අපේ පාටියට
පාටියක් ? කොහෙද සර් ඔය පාටිය
අපේ දිහා ... අර බජව් දාන කාමරේ ..සැලුන් දොරෙන් ඇතුළු වෙලා කෙලින්ම එනවා ....තමුසේ එනවා ඇඳුම් , පැදුරු කොට්ට අරං , ටික දවසක් ඉන්න බලාගෙනම . මම ගමන් වියදම දෙන්නම්
අනේ සර් එහෙම හරි නෑ නේ ..මාව පත් කලේ අපේ පක්ෂයෙන් නේ ... අනික ජනතාව ඉල්ලා සිටින්නේත් වෙනසක් නේ ...අපිට චන්දෙ දුන්න ජනතාව අපෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනසට නායකත්වය දෙන්න කියලා නේ . ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා , ඔය පාටියට නම් එන්න වෙන්නේ නෑ
කතා #2
මගේ නම මාතර සුනිල් ....මට කියන්න තියෙන්නේ ඔතන ඉන්නවා ලෝක හොරෙක්
අඩෝ මේ ...අපිට සීයාගේ කාලේ ඉඳන් සල්ලි තියෙන මිනිස්සු . අපේ තාත්තට සල්ලි තිබුනා . රෝයල් එකට ගිය මටත් තියෙනවා සල්ලි වැක්කෙරෙන්න
මහත්මයා එහෙනම් මොන රෙද්දට ද ඔය හිඟන මන්ත්‍රී වැටුප ගන්නේ , දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ගන්න වාහන පාවිච්චි කරන්නේ .? දෙනවකො ඕක අපි වෙනුවෙන් අපි අරමුදලට ..
පලි :ඇතැම් සමාන්තර විශ්වයන්ගේ , සිදුවන්නේ යතාර්ථයට බොහෝ වෙනස් දේය . ඒත් ඒ සමාන්තර විශ්වයන්ගේ නේ ...

07 December 2014
ජනාධිපතිවරණයේ අතුරු කතා #2 (කාලා වරෙන්කො )
ඔන්න පොඩි එකෙක් කන්න බෑ කියලා මාර ගෝරියක් ය . ආතම්මා බත් පිඟානකුත් බෙදාගෙන , උගේ පස්සෙන් වත්ත වටේ දුවනවා .
"අනේ පුතේ මේ එක කටක් කාපන්කෝ "
"මත බෑලියෝ "
"ඔන්න පුතා කෑවේ නැත්නම් ජිනීවා වලින් යම පල්ලෝ දෙන්නෙක් ඇවිත්... "
පොඩි එකා දුවන එක නවත්වා ආතම්මා ලඟට එන්නේය
"ආතම්මේ යමපල්ලෝ ? ඊත පත්තේ උන් ඇවිත් ?"
"උන් ඇවිත් පුතේ , උඹව අල්ලාගෙන යනවා "
"ඊත පත්තේ ඊත පත්තේ ..."
"ගෙනිහින් උඹව විදුලි පුටුවේ ඉන්දනවා "
පොඩි එකා දෑස් පීරිසි දෙකක් තරම් වී ය . කට ඇරිලා ය
"ඒ නිසා දැන් මයේ පුතා මෙන්න මේ බත් ගෙඩිය කන්න "
ආතම්මා හොඳට ඇනු බත් ගෙඩියක් කටේ එබුවාය . පොඩි එකාට එය ගිලීම මිස වෙන විකල්පයක් දැන් නොමැත .
_____________________________________________
දිනය ජනවාරි 8 වනදා . වේලාව රාත්‍රී 8ට පමණ ඇත . ස්ථානය කොල්ලුපිටිය ප්‍රදේශයේ මන්දිරයක් ඉදිරිපිටය . මන්දිරයේ තාප්පයේ මීවන වර්ග වවා ඇත . ගේට්ටුව දෙපස නොසෙල්වී සිටගෙන සිටින නාවික භටයන් දෙදෙනෙකි . පමණට අනුමත වූ අයෙක් , වැනි වැනි එදෙසට එන්නේය . පැමිණ නාවික භටයෙක් ඉදිරියට විත් ඔහු අමතන්නේය
මේ මල්ලි , මේ පිලාවූස්ද ?
නාවික භටයා නොසොල්මනේය .ගල්වූ සෙයකි .
මේ මල්ලි ..ආප්ප තියෙනවද ? මොකෝ තමුසෙට කතා කොරන්න බැරිද ? ආප්ප බාස් ඉන්නවද ඇතුලේ
ඇයි යකෝ මට රවන්නේ ? හරි හරි මට පොඩ්ඩක් වැඩි වුනා තමා . .. ඒත් ඉතින් අපේ සල්ලි වලින් නේ අපි බොන්නේ ...දැන් පැට්‍රොල් අඩු කරලා , හාල් මිළ පහල දාල අපේ අතේ සල්ලි තියෙනවනේ ...දානවකෝ මට ආප්ප දහයයි බිත්තර ආප්ප හතරයි ටේක් අ වේ ..... ටක් ගාලා
ලුණු මිරිස් දෙනවනේ නිකන් .... හැබැයි ඉතින් මේ ලුණු මිරිස් එක්ක ආප්ප ගිල්ල වගේ නෙමෙයි ,හෙට උදේට තමයි ඉතින් පුකේ ආඩම්බර බලන්න වෙන්නේ නේ ...
___________________________________________________
මෙයත් කොල්ලුපිටිය පැත්තේ මන්දිරයකින් ඇසෙන කතාවකි . දිනය ජනවාරි 10දා ය .
හෙට්ටි අයිසේ මට මේ ජාතික ගීය වෙනස් කරන්න කියලා හිතුනා ඕයි
හරි සර් එහෙනම් මම අමරදේව මාස්ටර්ට එන්න කියන්නද
ඕනේ නෑ අයිසේ මගේ හිතේ දැනටම සින්දුවක් තියෙනවා
මරුනේ සර් , සර්ගේම පද සංකල්පනාවක් ...
කොහොමත් එහෙමනේ ඕයි .. මේක පරණ සින්දුවක් තමුසේ අහලත් ඇති
මොකක්ද සර් " අර මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි .." කියන එකද
නෑ ඕයි " මේක ගුනේ අයියා ගේ බජව් දාන කාමරේ " කියන එක
________________________________
රජ පුරුෂයෙක් දිව ගෙන රජ තුමා ඉදිරියට පැමිණෙන්නේය .
රජතුමනි , පස්වාන් දහසකට සමා අවසර
මොකද ඕයි ඒ සැරේ , එක දවසක් මහා රෑක ගොයියෙක් ආවා කියලා ආවා . මොකද මේ සැරේ
රජතුමනි , රට වැසියාගෙන් රජවාසල ඉදිරිපිට අතුරු සිදුරු නැතිව පිරි ගොසින්ය
අහා ප්‍රීති ප්‍රීති , මා විජයග්‍රහණය ගැන සුභ පැතීමටද ඔවුන් පැමිණ සිටින්නේ
එහෙමමත් නොවේ රජ තුමනි , ඔබ තුමා කළගුණ සලකන්න පෙළ ගැසී එන්න කියා කීවා කියා ඔවුන් පවස්සන්නොය
ආ පෙළ ගැහිලද ඇවිත් ඉන්නේ ...එහෙනම් ඔහොමම පෝලිමේ හිටගෙන අංශක එකසිය අසුවක් හැරෙන්න කියනවා . ඊට පස්සේ ඔය ඉනපටි එහෙම පොඩ්ඩක් බුරුල් කරගන්න කියනවකෝ ... මම එන්නම් ....කෝ මේ .....ප්‍රීති ප්‍රීති

05 December 2014
රජ වැඩ කාරයෝ සහ වරද කාගේද // whose fault is it anyway ?
රජ වැඩ කාරයෝ
අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ....කියා අප ඉල්ලුවේ , පැතුවේ රජෙකි .
ජනතා සේවකයෙකු , ජනතා හද ගැස්ම නියෝජනය කරන පාලකයෙකු , රටේ භාරකාරයෙකු , ජන නායකයෙකු නොවේ , ජනාධිපති කෙනෙකු , කාර්යශුර විධායකයෙකු නොවේ ...රජෙකි .
සුවර්ද රජෙක් ම ඕනෑද කියා කිසිවෙක් ඇසුවේ නැත .
කැවුම් කිරිබත් කැව්වේ කෑවේ , පෙළහර කරේ , සාධු කාරෙන් ගිගුම් දුන්නේ ( ඇහුනානේ සද්දේ ?) රජෙක් ලැබුණ නිසාවෙනි .
ඉදින් රජෙක් ලැබුනා වගේ නොවේ , ඉනික්බිති එතුමාණෝ නඩත්තු කල යුතුය . රජෙක් වියදම් සහිතය . ඔහුගේ රාජ බෝජන යනු , ආහාර පාන පමණක්ම නොවේ , සුඛ විවරණය සඳහා වන සියලුම දේය . සෙංකඩගල කළ මෙන්ම, රජෙක් ඇති කල්හි , ඔහුගේ නෑ සියන්ගෙන් පිරුණු , පදිරුප්පු වීදීන් ඇති වීමද නොවැලක්විය හැක්කේය . කුමාරවරුන්ගේ උයන් කෙළි සඳහා විනෝද උයන් , දිය කෙළි සඳහා පොකුණු , රති කෙළි සඳහා අන්තපුර සැදිය යුතුමය .
රජෙක් අවැසි නම් මේ නෙක් බර දැරිය යුතුමය .
රජෙක් සතු වස්තුව , රට වැසියාගේන්ම ලබා ගන්නා භව භෝගය , වැඩි හරිය භාණ්ඩාගාරය පුරවා ගෙන සුළු කොටසක් ජනයාටම බෙදාදී රජ තෙමේ තම රාජ කරුණාව පෙන්වන්නේය . ඒ රජුන් ගේ හැටිය. එසේ බලන කල්හි අපිට මදි නොකියන්නට , බඩ කට පිරෙන්නට රජෙක් ලැබී ඇත්තේය .
එහෙත් අපි හරිම පුදුම ජාතියක්මු . අපි මේ ගැන ආඬි පාලි කියමු . අපට ඕනේ ලාබෙට රජෙකි . ලාබෙට රජවරුන් නොමැත . ඇත්තේ ජනතා සේවකයින් ය . උන් ලෝ කොලිටිය . රජුන් මෙන් තේජස් නැත . ශෝ එක නැත .
ලෝකෙට ෂෝ එකට පොෂ් පවුලකින් කෙල්ලෙක් යාලු කරගත් මා මිතුරෙකු විය . .. ඈ නඩත්තුවට ඔහුට අවසන තම මවගේ හා නැගණියගේ කනකර පවා උකස් තියන්නට සිදු විය
වරද කාගේද
අපි පුදුම ජාතියක්මු .
එක අතකින් අපිට සෑම දෙයක් ගැනම මතවාදයක් ඇත . ගෙදරට එන මේසන්ගේ , වඩුවාගේ , විදුලි කාර්මිකයාගේ සිට ක්‍රිකට් පිටිය මැද ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා දක්වා , උන්ට උන්ගේ ශිල්පය කළ යුතු අයුරු ගැන උපදෙස් දීමට මැලි නොවෙමු . එහෙත් රට පාලනයට කවුරු හෝ කෙනෙක් පත් කර ගන්නේ ඔහු ගේ මතු වැඩ පිළිවෙල ගැන නොව , අතීත කල්කිරියාව ගැන පමණක් බලාය . ඉන්පසු එය උන්ට එය කොරන්නට බාර දී අපි අත සෝදා ගන්නෙමු . වරද උන්ටම පවරන්නෙමු . උන් ට්‍රැක් පනින විට "අනේ කවුරුවත් නෑනේ මොකුත් කරන්නට " කියා ලතවෙමු .
අනෙක් අතට නිවසට වැඩට එන මේසන් බාස් , එන්නේ එක්කෝ මේසන් හැන්ද නැතුවය , පයිප්ප බාස් එන්නේ එක්කෝ පයිප්ප අඩුව නැතුවය .
සේවාදායකයා ළඟ එම උපකරණ තිබිය යුතු යයි සේවා සපයන්නා බලාපොරොත්තු වන්නේය . රෙපයාර් එක නොවන්නේය . සේවාදායකයා තමන්ම සොයා ගත් බාස් ට බනින්නේ , ඉන්නෙම ඉතින් මෙහෙම එවුන්මනේ කි යාය . බාස් ටද හේතුවක් ඇත . සේවාදායකයා සුදානම් වී නොසිටියේය . අවසන වරද අවස්ථාවේය (fault is in the circumstance).

03 December 2014
Jacinta (the barista)
Jacinta
(the barista )
is my meditation
As she floats
the foamy froth
on top of the bitter
liquid
as I stop every morn
for a moment
as I veer away from
the desire line
Starbucks වගේ ආයතන වලට 150% වගේ ලාබයක් තියාගෙන , Cappuccino , Latte වගේ බොරු නම් දාපු කෝපි කෝප්පයක් විකුනන්න හැකි වෙලා තියෙන්නේ ඇයි කියලා , මම ටික කලකට පෙර කියෙව්වා . සමාජ පීඩනය (peer pressure ) නිසා තම අසල්වැසියා වගේම ජිවත් වන්න සැදීම මුලික හේතුව යයි හිතුනත් , ඊට වඩා හේතු තියෙනවා . විකුනන්නේ කෝපි නෙමෙයි , තුන්වන තැනක් (a third place ) කියලයි කියන්නේ . ඒ කියන්නේ ගෙදරත් , කන්තෝරුවත් අතර තැනක් . වර්ග අඩි හය සීයේ වගේ මහල් නිවසක හිරවෙලා , මිනිහෙක් පෙනෙන්නේ නැතිව ඉන්න මිනිස්සුන්ට එහෙම තැනක් ඕනේ , මනුස්සයෙක් දකින්න , සමාජශීලි වෙන්න . මිනිසාට ඇති සමාජ ශීලි වීමේ අවශ්‍යතාවයට උත්තරයක් තමයි විකිනෙන්නේ
Subscribe to:
Posts (Atom)