VIDEO
මුලින්ම මේ වීඩියෝව බලන්න
Deep in a forest Any forest , be it
Congo or
Amazon herself
draped in her sister’s cloak
the monsoon veil
the soaring tree tops
where old bird songs
and Un sound cries of crushed saplings
are suspended
and the high reeds
edge
A pond of
Water; Inky murk within swims beings
Of such splendor
Poems; they are
with flashing blues and bleeding reds
The males with their elaborate
courtship dances and meek females
When the rains soften
while the full moon sniffs around
like a jaguar on the prowl
Comes men
and women too
with their nets of creativity
(Lest poems escape through the gaps between fingers of clasped hands )
And glass jars
filled with
city water
Strangely clear- First Chlorinated- Then unchlorinated
To lure
To catch
To own
A poem of their own
To take a photo
with the jar in their hands
paste it
on a magazine page
between black ink
and bad news
with their elegant fins
the poems
look ornate
in city water transparency
but seldom
do they persist
their full lives
in such clarity
***
විහඟ ගී පැටලුන
මහා විසල් තුරු වියන යට
ඈත වනන්තරේ
මෝසම් කඳුළු නිදහසේ දොරේ ගලන
අඳුරු හෙවනැලි 'තර
කළු දිය පොකුණකි
වරල් ගසා පීනන
කවි
අකුණු සැර නිල්
රුහුරු රක්ත
සිතේ රටා මවන
වරල් විහිදා උන්
පෙම් රැඟුම් රඟන
වැසි තුරල් නිශාවක
පුන්සඳ ගොදුරු සොයන
එති මිනිසුන් , ගැහැණුන්ද
නිර්මානත්වයේ දැල් ද ගෙන
අඳුරු දිය පීරා
අල්ලා
කව්
දාගෙන ක්ලෝරීන් විස බාගෙට නැසූ
පෑදි දිය පිරි
බෝතල් වලට
හුස්ම යන්නට මත්තෙන්
උන්
රැගෙන යන්නට ආපහු
පෙනේවි ලස්සනට
පෑදී දියෙහි
කෙටි වේවි ආයුෂ
පෑදී දියෙහි
පලි : බස්සිගේ සටහන ප්රතිචාරයක් ඔස්සේ අපේ ඩුඩ් මගේ මාළු පිස්සුව ඇවිස්සුවා . මේක අහඹුවක් . මම මේ සතියේ ලියු කවියක් ඒ තේමාවට හොඳටම ගැලපුනා . මුලින් ලිව්වේ ඉංග්රීසි එක නිසාත් එහි ටිකක් වෙනස් රසයක් තියෙන නිසාත් , එයත් මෙහි ඇතුලත් කළා.
මේ වීඩියෝවේ ඉන්නේ කාඩිනල් ටෙට්රා නම් මාළුවා ( කවි නෙමෙයි ). පොඩි මාලුවෙක් උනත් හරිම ලස්සනයි . නියෝන් ටෙට්රා වගේ , හැබැයි ඊට ටිකක් ලොකුයි , පාටයි . මුන් ඉන්නේ දකුණු ඇමරිකාවේ ඔරිනිගෝ , නිග්රෝ ගංගා වල . මේ ගංගා අන්තිමේදී ඇමසන් ගඟට වැටෙනවා . මුන්ව ටැංකිවල බෝ කරත් , ඇත්තටම තාමත් උන්ව ගංගා වලින් අල්ලලා අපනයනය කරනවා
පපලි : මේ කවියට දාපු මාතෘකාව මට හිතට හරි නෑ හැකිනම් මාතෘකාවක් යෝජනා කරන්න