30 December 2012

සියල්ලටම පෙර ....|| In the beginning there was

1980 දී Geert Hoftstede  ඇමෙරිකානු සඟරාවකට ලිපියක් ලිවිය. එහි අපුරු පරීක්ෂණයක නිරීක්ෂණයන් අඩංගු විය . ඔහු ලිපිය පුරාවට යත්න දැරුවේ රටක සංස්කෘතිය අනුව  යම් ආයතනයක නායකත්වය හා  දිරිදීමේ ක්‍රමයන් වෙනස් විය යුත්තේ කෙසේදැයි අවබෝධ  කර ගැනීමටයි. ඔහු එක ප්‍රශ්නයක්  ඇසුවේය . එනම් "In the beginning there was ...."    (  සියල්ලටම පෙර .......තිබුණි)  යන වාක්‍යයේ හිස් තැන පිරවීමටයි .

පිළිතුර සපයන්නාගේ ජාතිකත්වය අනුව ඔහුට විවිධ පිළිතුරු ලැබුණි.
ඇමෙරිකානු -    වෙළඳපොල 
ප්‍රංස - බලය 
ජර්මානු - පිළිවෙල 
රුසියානු - කාර්යක්ෂමභාවය 
නෙදර්ලන්තය - එකඟතාවය
නොර්වේ - සමානාත්මතාවය 
එංගලන්තය -ක්‍රමය , සැලැස්ම (system )
චීනය - පවුල 
ජපානය - ජපානය 


රටක පොදු අනන්‍යතාවයට (common identity )අනුව මේ පිළිතුර වෙනස් වෙන බවයි ඔහුගේ නිගමනය වුනේ .

ඉදින් ලාංකිකයන් හැටියට , උපන් පළාතේ හැටියට , ඉගෙන ගත් තැනෙ හැටියට අපි මේ ප්‍රශ්නයට කෙසේ පිළිතුරු දෙමුද ? අපේ සාමුහික අනන්‍යතාවය (collective identity) කෙසේ වේද ? 

මම කැමතියි ඔබේ පිළිතුරු දැන ගන්න .කරන්න තියෙන්නේ මෙච්චරයි . මේ වාක්‍ය සම්පුර්ණ කරන්න තමයි තියෙන්නේ ." සියල්ලටම පෙර .......... විය ". හැබැයි හිස්තැන පුරවනකොට, ජාතිකත්වය , ප්‍රාදේශිකත්වය , සහ අනෙකුත් බෙදීම් සහ  ඇතුලත්වීම් (divisions and affiliations) ගැන හිතන්න ඕනේ ..

 අර පරණ පරීක්ෂණය ලාංකික නියදියක කරලා නිරීක්ෂණය කරමු .

(රතු රජරට ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ටිකක් විස්තර එකතු කළා)

පහත දැක්වෙන්නේ ඇතැමුන්ගේ  එවැනි පිළිතුරු කිහිපයකි 
හෙළය , රාවන රාජ්ජ්‍යය , බුද්ධාගම , සාමය , කේතුමතී නුවරක් ,  දෙවියන් වහන්සේ , nothingness ,  The big bang , හිත , වැද්දෝ , ආච්චිගේ රෙද්ද , 

ආරාධනා කරමි දක්වන්නට ප්‍රතිචාර 

2 comments:

  1. මට මේක හරියට තේරුණේ නෑ යාළුවා. තව ටිකක් පැහැදිලි කරමුද තරහ නැතුව? ජයවේවා.. සුබ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අන්ඩර දෙමළයක් වගේ වුනා නම් .
      පරීක්ෂණය සරලයි . මේ වාක්‍ය සම්පුර්ණ කරන්න තමයි තියෙන්නේ ." සියල්ලටම පෙර .......... විය ". හැබැයි හිස්තැන පුරවනකොට, ජාතිකත්වය , ප්‍රාදේශිකත්වය , සහ අනෙකුත් බෙදීම් සහ ඇතුලත්වීම් ගැන හිතන්න ඕනේ ..

      මම හදන්නේ අර පරණ පරීක්ෂණය ලාංකික නියදියක කරලා නිරීක්ෂණය කරන්න

      ඔබටත් 2013 ට ආසිරි

      Delete

Have commented