12 December 2013

The making of the notorious ගොක් කොළ සිරි (I R C)

ටං ටං ටං 
(සුදු අත්කොට කමිසයකින් හා කොටු කොටු සරමකින් සැරසුණු තරුණයෙක් , ගේට්ටුවෙ  කොක්කෙන් ගේට්ටුවට ගසන්නේය )
...කවුද ගෙද  ර....?

(දොර ඇරේ , එතුලින් මේස බැනියමක් හැඳි තලත්තෑනි මිනිසෙක් එබී බලන්නේය.)

කවුද මේ උදේ පාන්දරම දොරට ගහන්නේ 

නෑ මේ මම මේ , අර පත්තරේ දැන්වීම දැකලා ආවේ . අර චණ්ඩින්ට නම් තියනවා කියලා තිබ්බේ ..

ඔව් ඔව් ඒ මම තමයි . එන්න ඇතුලට ..

බල්ලෝ බැඳලද දන්නේ නෑ  ?

බල්ලෝ නම් ඔය  බැන්දුවේ  පොලිසියෙන්....

 ඒ කිව්වේ ..?

තමුසේ එනවකො ඇතුලට ..මෙහෙන් වාඩිවෙනවා . කෝ නම තියන්න ඕනේ එක්කෙනාගේ පින්තුරයක් වත් ගෙනාවද ?

පින්තුරයක්? ...නෑ  නෑ  මට තමයි නම තියා ගන්න ඕනේ . (ඔහු තාලයට අදිමින් පවසන්නේය )

ආ ඔහේටද  ? නෑ  මොකද ඔහේගේ කිසි චන්ඩි පෙනුමක් නැති නිසා මම ඇහුවේ . කමක් නෑ.  ගාස්තුව දැන්වීමේ දැක්කානේ ?

ඔව් ඔව් දැක්කා . මේ මම දැනට චන්ඩියෙක් නෙමෙයි ..නම හදාගෙනම  චන්ඩියෙක් වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ 
දැනටමත් මම මේ ලැස්ති වෙනවා 

(ඔහු ඉනේ ගසා ගෙන් සිටි යමක් ගෙන ටීපෝව මත තබයි )

දැක්කද , පිහිය ඉනේ ?

මේ පාන් පිහියක් නේ ?

වෙන එකක් හොයා ගන්න බැරි උනා (ඔහු අහිංසක සිනහවක් පාන්නේය) 

ආ එහෙමද ? කමක් නෑ  කමක් නෑ .මොකෝ තමුසෙට චන්ඩියෙක් වෙන්න හිතුනේ ? මෙහෙමයි පුතෝ චන්ඩිත්  ජාති දෙකක් ඉන්නවා . වෙඩිකන  චන්ඩියි , ගොඩ යන චන්ඩි යි .

මට ඕනේ චන්ඩියෙක් වෙලා , මන්ත්‍රීතුමා ගාව රාජ්‍ය සේවයට බැඳිලා , පළාත් සභාවට යන්න .

එහෙනම් අපි ඒ වගේ නමක් දාමු . සාමාන්‍යයෙන් ගමේ නමයි තමුසෙගෙ නමයි තමයි දාන්නේ . තමුසේ අහල ඇතිනේ , ගෝනවල සුනිල් , නාවල නිහාල් , මොරටු ..

අපේ පන්සලේ හාමුදුරුවෝ වගේ ... සෙත්සිරිගම නානාලෝක 
නානාලෝක ?

ඔව් ඔව් අයියෝ ..නානා  නානා  , අර පිපින්නා  , කොම්පන්න විදිය වගේ 

නානාලෝක නෙමෙයි ...ඥානාලෝක... දැන් කාලේ ඒ කට්ටියත් ඉතින් චන්ඩි පාට්  තමයි .. හරි කියනවකෝ තමුන්ගේ ගමයි නමයි ..

ගම සෙත්සිරිගම , මගේ නම සිරිමල් , එතකොට ....සෙත්සිරිගම සිරිමල් 

අයියෝ උපාසක මහත්තයෙක් වගේ නේ ..එක හරි යන්නේ නෑ . මෙහෙම කරමු ..තමුසෙට ගෙදරට කියන මොකක් හරි නමක් තියෙනවද? ඉස්සර ලොකු චන්ඩි ඉඳලා තියෙනවා ඔය පොඩි පුතා වගේ නම් වලින් 

මට නම් ඉතින් ගෙදරට කියන්නේ හිච්චි බබා කියලා 

ඒක අවුට්  එහෙනම් ..එහෙනම් තමුසෙට කට්ටිය කියන මොකක් හරි විහිලු නමක් තියෙනවද ? නිකන්  චොප්පේ , අයිස් , ජෙමා වගේ ...

ගමේ කොල්ලෝ නම් කියන්නේ ඉතින් , සිරිමල් එතනා කියලා තමා...එතකොට මම උන්ව එලවාගෙන යනවා ..

අයියෝ ...එකත් හරි යන්නේ නෑ  . තමුසේ අහල තියෙනවද තෙල් බාලා ගැන අර තෙල් ජිල් මාට් එකක් කලේ ?

අයියේ , මම පොල් , තැඹිලි එහෙමනම් බාලා තියෙනවා කුලියට ...පොල් බාලා කියමුද?

පොල් බාලා!!!!? ..තමුසෙට පිස්සුද ඕයි ?.. 

නෑ  නෑ  මම නිකන් කිව්වේ . තරහ ගන්න ඕනේ නෑ නේ ඉතින් ...හ්ම් 

තමුසෙගෙ මොකක් හරි පච්චයක් එහෙම කොටලා තියෙනවද ..අහල ඇතිනේ පච්ච සිරා ගැන 

අනේ පච්ච  නම් නෑ , කනේ ඉන්නෙක් නම් තියෙනවා ..

අනේ මගේ කටට එන දේවල් නම් කියන්න .. හරි හරි ... තමුසේ සත්තු ඇති කරලා තියෙනවද , කුකුල්ලු , පාත්තයෝ වගේ ..කුකුල්ලු ඇති කරපු හාදයෙක් හිටියා චාලි කියලා , තමුසේ අහලා ඇතිනේ .

අනේ ඉතින් මම නම් ඇති කරන්නේ සාරි ගප්පි තමයි .

හරි අපි තව බලමුකෝ .. තමුසෙට මොකක් හරි ශරීරයේ අඩුවක් එහෙම තියෙනවද ?

මේ මහත්තයෝ ඔහෙට ඒවායින් වැඩක් නෑ  හරිද ?  අපි හොඳ කොල්ලෝ තමයි ...ගලවල පෙන්නන්නද ? ( ඔහු තම ඉනපටිය ගලවන්නේය )

නෑ  නෑ  එහෙම විකාරයක් නෙමෙයි ඕයි  මම කිව්වේ ...මම ඇහුවේ තමුන්ට නොන්ඩියක්  , වපරයක් , ගොතයක් වගේ එකක් ...
හරි ඒකත්  අමතක කරලා දානවකෝ . එහෙනම් කියනවා කෝ තමුසේ කොහෙද වැඩ කරල තියෙන්නේ , යුනිපෝම් අඳින තැනක ... ආමි එකේ , නේවි එකේ  අඩුම ගණනේ නගර සභාවේ වත් 

අනේ ඉතින් මම ටික දවසක් අපේ මස්සිනාගේ ටුවරිස්ට් හෝටලේ වැඩ කළා , ...අර ඉස්සරහ ඉඳන් ආයුබෝවන් කියන්නේ , දොර ඇරලා .. ඒකටනම්  යුනිපෝන් එකක් දුන්නා ..

අපිට තමුසෙට එහෙමනම් ආයුබෝවන් ෂොට් කියන්නත් පුළුවන් .. තව බලමුකෝ , 
මොනවා හරි දක්ස කමක් එහෙම තියෙනවද? කැටයම් කපන්න , චිත්‍ර අඳින්න එහෙම පුලුවන්ද ?

මම පිරිත් මණ්ඩප හදනවා , ගොක්කොළ වලින් සැරසිලි ..

ඔය තියෙන්නේ.... හප්පේ මම හිතුවා තමුසෙට නමක් දා ගන්නම බැරිවෙයි කියලා ...අපි තමුසෙට ..ගොක්කොළ  සිරි  කියමු ....



පලි :
අපි පොඩි කාලේ පාතාලයක් කියා අසා තිබුනේ නැත . හිටියේ නගරන්  කාරයෝ සහ අයි ආර්  සී  කාරයින්ය 


50 comments:

  1. කනේ ඉන්නෙක් ඉන්න නිසා "කනේ ඉන්නා" කියලත් කියන්න පුළුවන් ....!! මේකව පොලිසියට අහු උනාම නම් අළුත් කතාවක් එයි.."සහෝදර සිරකරුවෙන්ගේ අතවර වලට ලක්වී...."

    ReplyDelete
    Replies
    1. රාජෙශ් කන්නා වගේ ඉනේ කන්නා?

      Delete
    2. නෑ.. "ඉන්නා සිරී" සෝක්

      Delete
  2. ඔන්න මම JP ටත් නමක් දැම්මා.
    Singapore Sling.....:D

    රහ හින්දයි දැම්මේ...:)

    ReplyDelete
    Replies
    1. බීමක් නේ..
      මට. ඊට වඩා නරක නම් තිබි ඇත, :)

      Delete
    2. දැන් මේක හදන හැටිත් දාමු..නැත්නම් හරි නැහැනේ...

      ස්ලින්ග්ස් හදන විදි ගොඩාක් තියෙනවා... මේකේ තියෙන්නම ඕන දේ තමයි ජින් එකයි නම් චෙරි බ්‍රැන්ඩි බාගයයි අනුපාතයට...Fruit Syrup හෝ fruit liqueur තමන්ට කැමති ප්‍රමාණයට. කොක්ටේල් ශේකර් එකකට දලා හොඳට ශේක් කරලා සෝඩා වලින් ටොප් කරගන්න.අයිස් දාගන්න සෝඩා දාන්න පෙර. මේ බේසික් ස්ලින්ග් එකක්.

      Delete
    3. මම අහල තියෙන විදියට ඔය ඩ්‍රින්ක් එකේ උපත සින්ගපූරුවේ නෙමෙයි කියන්නේ ඇත්තද?

      Delete
    4. කොහොමද දන්නේ නැහැ...බොම්බේ ස්ලින්ග්, සිඩ්නි ස්ලින්ග්, ටෙක්සාස් ස්ලින්ග් කියලා එක එක ස්ලින්ග්ස් තියෙනවා...එතකොට ජින්,චෙරි බ්‍රැන්ඩි, සෝඩා යොදාගෙන අනිත් ෆෘට් ෆ්ලේවර්ස් මාරු කරනවා... අපිටත් පුලුවන් MADMULAN SLING කියලා එකක් ඉන්ට්‍රඩියුස් කරන්න. මොකක්ද ඇඩ් කරන ෆෘට් ෆ්ලේවර්ස් කියලා තමයි හිතාගන්න බැරි.

      Delete
    5. මැද මුලාන ස්ලින්ග් එකට අමු ද්‍රවය.

      ගල් අරක්කු
      දිවුල් යුශ
      එලිෆන්ට් හවුස් සෝඩා
      චීන පේර ගෙඩියක් සැරසිල්ලට (මොකෝ ඔක්කොම සැරසිලි චීන නේ කොහොමත්)

      Delete
    6. ++++++++++++++++++

      Delete
  3. මූට පිය සිරි නැතුව පී සිරි කියලා දැම්මනම් හොඳ නැද්ද ආයිබෝවන්ඩ..

    ReplyDelete
    Replies
    1. මරු. මට ඕක අහු උනේ නෑනේ කලින්

      Delete
  4. මමත් දාගන්න ඔන නමක්

    ReplyDelete
    Replies
    1. කැමති එලවලුව මොකක්ද? අහලා ඇතිනේ වම්බට්ටා

      Delete
  5. බොහොම නිර්මාණාත්මක පෝස්ටුවක්. මාතලන්, මේකට දෙමු පබ්ලිසිටියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්

      Delete
  6. නියමයි අද ආවේ මාතලන් ගොයියගෙන් පාර අහගෙන ,, පරණ එවුවත් කියවන්න ආස හිතුණා

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා ආයුබෝවන් කියලා . කියවලා හිතෙන දේ ලියලා යන්න

      Delete
  7. මරු නම් දැමිල්ල.. චන්ඬින්ට විතරද දන්නේ නෑ නම් දාන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙයා නම් දාන්නේ චන්ඩින්ට විතරයි.

      Delete
  8. හී හී මරු.... ගොක්කල සිරි විත් පාන් පිහි.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිව්වා

      Delete
  9. ඉස්සර කොලොන්නාවේ ප්‍රසිද්ධ චන්ඩියෙක් හිටියා වෙස්සන්තර කරුණේ කියලා...කොහොම නම වැටුනාද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙස්සන්තර රජ්ජුරුවන්ගේ බිසවුන් වහන්සෙ මන්ත්‍රි බිසව නේද. මේ හාදයාත් මන්ත්‍රි කෙනෙක්ව තියන් හිටියද දන්නේ නැ ඒ වගේ

      Delete
    2. නෑ බන් ඒ මන්ද්‍රී..

      Delete
  10. ජේපී
    ගොක්කොලසිරිගෙ ඉරණම ‍දැනගන්න අඟහරුවාද උදේ 8ට අපේ පැත්තට එන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එන්නම්

      Delete
  11. හත් ඉලව්වේ මට හිනාව නවත්වා ගණන් බැරිවුනා. සිරාවටම මේ ලිවීම ලියන්න පුළුවන් තුන් දෙනයි මම තාම දැකල තියෙන්නේ. චන්ද්‍ර අනගිරත්න, රයිටර් ඇරුනම ඔබ නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.
      හැබැයි මම නම් ඒ මට්ටමේ නෑ තවම

      Delete
  12. රාජ් ගෙ පෝස්ට් එකෙන් තමයි මේ පැත්තට ආවෙ.
    මේකනං නියමෙට ලියල තියෙනව. බලමු අනික් පෝස්ට් ටිකත් කියවලම.

    ReplyDelete
  13. ape paththe ekek hitiyaa awankaya kiyalaa.

    ReplyDelete
    Replies
    1. නම අවන්කයා. රැකියාව සුලු සුලු මිනී මැරුම් ?

      Delete
  14. මේක නම් සිරා... හෙහ් හෙහ්

    ReplyDelete
  15. කැටයම් සිරා..! සිරා කතාව.

    ගොක්කොළ පෙන්නයි සිරාද සිරාට පෙනෙයි ගොක්කොළද?

    ReplyDelete
    Replies
    1. ගොක්කොල පෙන්නන උන්ට, ගොක්කොල පෙනේ ලග ලග

      Delete
  16. හිකිස්.. මාත් දුවගෙන ආව ගොක්කොල සිරියාව බලන්න. වැඩක් තිබ්බොත් පොරට සෙට් කරමු.. :))

    මම පොඩි කාලෙ පාතාලෙ කියල හිතං හිටියේ මහා ගැඹුරු වලක් ගැන..

    ReplyDelete
  17. Lassana nama ..

    RushDi

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් නමක් දා ගන්න බැරි වෙනවා

      Delete
  18. නියමෙට ලියලා තියෙනවා රාජ් ගේ ලින්ක් එකෙන් ආවේ ...අපේ පැත්තේ චන්ඩියෙක් හිටියා ඉස්සර මිනිහගේ නම මාතලන් ..ඒත් ඒ ඇත්ත නම නෙමේ මොන හේතුවක් උඩ එහෙම දැම්මද දන්නේ නැහැ ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන එකා නෙමේ නේද?

      Delete
    2. අර බ්ලොග් ලියන?

      Delete
    3. නෑ..නෑ වෙන එකෙක් ඌත් මැරුණා වෙඩි කාලා ...බ්ලොග් ලියන මාතලන්ගේ බ්ලොග් එක බලද්දී මට ඌව මතක් වෙනවා ..හික්..හික්..

      Delete
  19. සිරා සිරා . . කන්ගැට්ටා ට නම වැටිච්ච හැටි මැවිලා පෙනුනා ආයිබෝන් . .

    ReplyDelete
  20. අදයි මුලින්ම ආවෙ මේ පැත්තෙ දෙක තුනක්ම පෝස්ට් කියෙව්වා..
    යන එන පාර http://thahanamwachana.blogspot.com/ වෙතිනි..

    ReplyDelete
  21. ආව JP මේ පැත්තෙ. මේක මරු. තනියෙන් හිනා වෙද්දි ඔපීතියෙ ඈයො මූණ දිහා බලනව.

    ReplyDelete

Have commented