ඔව්
දැක්කද අර කුරුණෑගල කොස්සෝ දෙන්නෙක්ව උස්සන් ගිහින් වෙඩි තියලා
ඔව් ඔය පත්තරේ තිබ්බේ
මචං උඹ බැලුවද අර 360 , අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කතා කරනවා .
ඔව්
මචං මිනිහත් කරන්නේ රස්සාවක්නේ කියලා හිතුනා මට, එක බලනකොට .අපි කොච්චර නම් බිග් මැච් දවස් වල කොස්සොන්ට හූ කියලා ඇත්ද . කැම්පස් එකේ කොල්ලෝ ගෆුර්ට ගල් ගහපුවම, උගේ ඔලුව පැලුණම, ඒ දවස් වල අපිට කොච්චර ජොලියක් හිතට දැනුනද. ඒත් දැන් මට පාරේ හිටන් ඉන්න රාළහාමිලා දැක්කම පව් කියලා හිතෙනවා.
හ්ම්ම්
******************************************************
මචං
ඔව්
අද අර සීට්ටු සල්ලි හම්බු උනා . ඉතින් ත්‍රී වීල් එකක අම්මවයි පුතාවයි දාගෙන මම කූල් ප්ලැනට් එකට ගියා පොඩි එකාට ටී ෂර්ට් එකක් අරන් දෙන්න . බඩු අරන් එලියට බහිනකොටම , සුදු එල කිරි ජීප් එකක් නතර කලා . ඉස්සර සීට් එකේ හාමුදුරු කෙනෙක් පස්සේ සිට් වලත් තරුණ හාමුදුරු වරු . මට හීන් දහඩිය දැම්මා .
ඔව් ඔව් ඔය මුස්ලිම් කඩ වලින් බඩු අරන් , අර සේනාවට අහු උනොත් ...උඹට කන්න තමයි වෙන්නේ
ඔව් මචන් දැන් සිවුරක් දකිනකොටත් බය හිතෙනවා
පලි :
පරණ කාර් කඳු නගිද්දී මග නවත්වන්න බැරිය . එක හැල්මේ පිඹ ගෙන අදින්නේය . ඒත් එක හැල්මේ පිඹ ගෙන ගිය කල එන්ජිම රත් වේ . එවිට නවත්වන්නම සිදුවේ . එවිට පල්ලම දිගේ රූටා පහලට වැටේ .
පොලිසිය ගැන දුක හිතීම හා සිවුරට බය වීම, මෙවැනි ලක්ෂයක් අත ළඟ බව කියා පානවා යයි මට සිතේ
දැන් නම් පොලීසියත් සිවුරට බයයි. පව් අප්පා පොලිස් කාරයෝ...
ReplyDeleteඇත්ත නේන්නම්
Deleteදවසක් මං පුංවි බොරුල්ල හරියේ තාප්පයක් උඩ නැගලා කතා කරන කොට මෙන්න ගෆුර් ආවා කුළු පොළු හමුදාවත් එක්ක!
ReplyDeleteගෆූර්ව මතක් කළාට ස්තුතියි.
සතුරෝ අඩූ කාලෙක සිටි, ඇහැ පුරොලා පේන්න පොදු හතුරෙක්
Deleteඒ වගේම පොරක් තමයි නුවර පොලිසියේ ෂන්මුගම්..
Deleteගෆූර්ගේ දුවව යාළුවෙලා බඳින්න හිටියේ මෙහේ ඉන්න සිංහල කොල්ලෙක්. දැන් බැඳලත් ඇති. මම ඇහුවා උඹට බය හිතුන්නැද්ද කියලා. ඌ කිව්වා ඒ දවස්වල ගෆූර් පෙන්ෂන් ගිහින්, ඒ මදිවට හොඳටම අසනීපයි. ඒ නිසා බයක් තිබුනේ නැහැ කියලා.
Deleteවයස් සීමාවක් නැතුව සිවුරට වදින එකේ ඔය වගේ බය වුනාම මොකද වෙන්නේ අප්පා එක අතකට..
ReplyDeleteකාලයක් සිවුරුලූ කවුරු ගෙට ආවත් සුදු රෙද්දක් දාලා ආසනයක් පැනවූවා. පාත්තරේ අරන් දනට වඩිනකොට ශර්ධාවෙන් හිත පුරෝගෙන ගිහින් දන් බෙදුවා.
Deleteකාකි යුනිෆොර්ම් එකට බයට වැන්දා
"එවිට පල්ලම දිගේ රූටා පහලට වැටේ"
ReplyDeleteඋඩ පැන්නොත් බිම වැටේ :)
ලෝකේ දරුණුම හිගන්නෝ ඉන්නේ ලංකාවෙලු.. උන්නට කන්නත් දීල දනගහල වදින්නත් ඔ්නලු...
ReplyDeleteසුද්දෙක් කිව්වලු....
ජය වේවා!!!
.... ඔය වගේ වැඩ වෙන්නේ අබුද්ධස්ස කාලෙට කියලනෙ කියන්නෙ... ඔය වගේ දවසක් එයිද දේශපාලඥයෝ මහජනයාට බයේ වැඳගෙන ඉන්න.. මහජනයා එයාලට චණ්ඩි පාට් දාන...
ReplyDeleteඑතකොට කාර් බස් යනකන් කෝච්චි නවත්තන් ඉඳියි . ආණ්ඩුවට විරුද්ධ පක්ෂයට බය වෙයි ...
Delete