21 May 2014

කොහොමද ශාන්ත ...කාලෙකට පස්සේ



හරියටම කාල වකවානු මට ගලපා  ගන්න බෑ  , ඒත්  කාලයක් තිබුනා ඉරිදා දිවයින පත්තරේ එනකන් බලා ගෙන හිටපු . රාවය එහෙම එන්න කලින් .. රටටම උඩින් කළු වලාකුලක් පැතිරුණු . මානි ලා , කසුරි ලා ලියපු දේ ඒ කාලේ අපේ අදහස් එක්ක ගැලපුණු . 

පත්තරේ අතට ගත්තම කොලම්  ටිකත් කියවලා , කෙටි කතාවත් කියවලා , කවි ටිකත් කියවන අතරේ කුරුටු ගෑවුණු කළු සුදු සිතුවමක් එක්ක මොහොතකට තනි වෙනවා හිත .  රේඛාවන් ලඟින් ලඟින් ඇඳිලා මවන චමත්කාරය . සුදු පාට වැඩි , නෙගටිව් ස්පේස් වැඩි , අමුතුම විදියකට කන්ට්‍රාස්ට්  වෙන ඒ සිතුවම් ඇන්දේ ශාන්ත කේ හේරත් .  ඒ කාලේ මමත් චිත්‍ර ඇඳපු  හින්දද මන්දා මම හරිම වින්දනයක් වින්දා .

පහු කාලේක  මොවුන්ගේ හැඩ  රුව හොයන්න ගත්තම , හමුවුනා පින්තුරයක් කෙහෙදැරි මිනිසෙක්ගේ , හිසකේ පැත්තට වගේ පීරූ . එතකොට තමයි මතක් උනේ මේ මනුස්සයා  , අර සිතුවම් අතරත් හිටියා නේද කියලා . ඔහුගේ චිත්‍ර වල හිටියෙත් ඒ වගේ ම වේලිලා ගිය මිනිස්සු ගෑණු . නොදැනීම  වගේම දැන දැනම ඔහුගේ චිත්‍ර වලින් මම අභාසය ගත්තා .

මේ ලඟදි මුහුණු පොතේ සැරිසරණ  කොට මට නැවතත් හමු උනා ශාන්තව . අපි වගේම , ශාන්තත් වයසට ගිහින් . ඔහුගේ සිතුවමුත් නාකි වෙලා . ඒත් ඒ අමුතු චමත්කාරය තවමත් තියෙනවා . ඔක්කොටම වැඩිය පරණ මිතුරෙක් හමුවුනා වගේ හැඟීමක් දැනෙනවා . මේ කාලේ අතරතුර දී  කොච්චර නම් දේවල් සිද්ද වෙලාද , කොච්ච‍ර නම් දේවල් තියෙනවද අපිට කතා කරන්න

22 comments:

  1. AnonymousMay 21, 2014

    ඒ විතරද ශාන්තගෙ අදහසුත් වෙනස් වෙලා..... ශාන්ත දෑත් ශක්තිමත් කරන කෙනෙක් වෙලා.....
    ඔහුගෙම වචන වලින් කියනවනම් හැමෝම එහෙම ගිහින් වරප්‍රසාද ගනිද්දි එහෙම නොයා ඉන්න එක මෝඩ කමක්.....
    දැන් ඉන්නෙ ආත්මෙ උගස් කරපු ශාන්ත කෙනෙක්....

    මේකත් කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තද . ගොඩක් අය වගේ
      ඒත් මේ මෝඩ මම ඉන්නේ වෙන අදහසක. උන්ව වීරයෝ කරන්නෙත් අපි. වීරයෝ හැටියට තියාගන්න අපිට බැරි වෙලා. උනුත් කන්න බොන්න එපැයැ කියලා හිතෙනවා

      Delete
    2. පාඨකයො අතරෙ පොරවල් උනාට කුස්සියෙ ලිප පත්තු වෙන්නෙ නෑනෙ බං,බලාගෙන ගියාම ඌ කියන්නෙ ඇත්ත.

      Delete
    3. @Helapa,

      සහතික ඇත්ත. මොකෝ ඔය එහෙම කියන අය ශාන්තගෙ චිත්‍රයක්වත් සල්ලි දීල ගන්නවයි ඌට කෙලින් ඉන්න හය්යක් වෙන්න.

      Delete
    4. ජේපී හැලපයියා ඉන්දික කියන දේත් ඇත්ත . . ඒ වගේම අපි වගේ දෙකයි පනහේ පොරවල් මහා ලොකු වීරයෝ හොයා ගන්න බැරි කමට කසුරි ශාන්ත වගේ වීරයෝ අදහන්න පටන් අරගෙන උන් බඩගින්න නිවාගන්න දෑත් ශක්තිමත් කරන්න ගියාම උන් හතුරෝ වෛරක්කායෝ ගානට සලකන්නෙත් අපි. උනුත් වැරදියි අපිත් වැරදියි අප්පා . ..

      Delete
  2. ඒ කාලෙ අපි හෙන පොඩී. ඒත් පත්තර ඒජන්සිය කරන නිසා ඒ කාලෙ පත්තර කෑලි වල තිබ්බ කාටුන් යන්තමට වගේ මතකයි. ශාන්ත කියන නම පුරුදුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහුගේ අත්සන , ශාන්ත කියලා ගැහුවේ

      Delete
  3. "ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් වී ඇති අතර, එදා අයුක්තියට එරෙහිව සිහනද පැතුරූ සිංහ රාජයන් ද අද හුරතල් බලූ පැටවුන් වී ලද පරිදි කටු බුදිමින් දැහැමෙන් සෙමෙන් කල් යවති"

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ නිර්මාණවල අගය කලයුතු දේ අගය කර ඔවුන් පුද්ගලිකව වීර සින්හයන් නොකර හිටියනම් උන් පස්සෙ මොක්කු වුනත් අපිට දුක හිතෙන්නෙ නෑ නේද?

      Delete
    2. මාත් හිතන්නේ එහෙම . ඒත් ... ලියන්නන්කෝ පෝස්ට් එකක්ම :)

      Delete
  4. ඇත්ත කතාව අපි වගේ ශාන්තත් වයසට ගිහින්.., ඒත් ඔහුගේ කොන්ට්‍රාස්ට් උලුප්පපු පාට චිත්‍ර වලට වඩා මට හිතෙන්නේ ඔහුගේ මොනෝක්‍රෝම් [කරපු] චිත්‍ර කතා කරනවා කියලයි..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත . ඒවායේත් නෙගටිවේ ස්පේස් වැඩියි නේද

      Delete
  5. කාලයත් එක්ක හුඟක් දේවල් වගේම හුඟක් දෙනෙකුත් වෙනස් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපිට ඒ සත්‍යය අමතක වෙනවනේ

      Delete
  6. ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර මම දැකලා තිබුනේ පත්තරෙන් තමයි. මම ඒවායේ විශේෂත්වයක් දැක්කා. නමුත් ඒ මගේ ස්ටයිල් එක නෙවෙයි. ඒ නිසා ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. හෙන්රිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ

      Delete
  7. ශාන්ත හේරත් වගේම තරස්වින් තමයි අනිත් කෙනා...මතුපිටින් පේනවට වඩා නැවත නැවත බලනකොට පේන දෙයක් මේ චිත්‍ර ඇතුලේ තිබුනා.....අවුරුදු ගානකින් සිළුමිණ පත්තරයක් ගත්තේ නැති නිසා තරස්වින් නම් උන්නද මලාද දන්නේ නැත.

    ReplyDelete
  8. AnonymousMay 24, 2014

    ශාන්ත කේ හේරත්, විනී හෙට්ටිගොඩ එකට දිවයිනට ආපු අය මගේ හිතේ. ශාන්ත පසුව ලිපි ලිව් බවත් මතකයි.

    ReplyDelete
  9. අයාල් , අරූ
    මේ දෙදෙනාව මතක් කලට ස්තුතියි. ඔව් ශාන්ත කවි , කෙටිකථා එහෙමත් ලියනවා මම හිතන්නේ

    ReplyDelete
  10. ශාන්ත ඉස්සෙල්ලාම දැකපු දවසේ මට හිතුනෙත් මේ මුනත් ශාන්ත ඇඳපු චිත්‍රයක් වගේනේ කියලයි

    ReplyDelete
  11. මට හිනා ගියා මේවා කියවලා...හරියට දැනුවත් නොවී කියන සමහර කතා හරියට සුරංගනා කතාවගේ. මම මේ මිතුරන් සැමටම ආරාධනා කරනවා එන්න අපි හමුවී කතාකරමු. වැරදිමත පතුරවන එක එයින් වවතීවී.. කලාව සහ කලාව භාවිතයේ දී ඇතිවෙන අපහසුතාවයන් ගැන කතාකරමු. එයින් හොද රසිකත්වයක් වගේම හොද කලාවක්ද බිහිවෙයි...

    ReplyDelete
  12. AnonymousJune 09, 2016

    මගේ මිතුරන්ට ආරාධනය කරවා සිත්තර සිතක් බොලොග් අඩවියට ගොඩවෙන ලෙස..

    ReplyDelete

Have commented