03 January 2015

Beyond the revolt // විප්ලවයෙන් එහා





No more are the
Umbrellas 
the young ones have gone 
home 
even the most defiant 
eventually succumbed to
the persuasive reason
(minimum force,  mind you)
now these avenues are 
walking paths 
for the old men 
to stroll through the remnants of 
the revolt
to click a photo 
peacefully 
to ponder 
for a moment 
and wonder 
endlessly 

like young men would 


















අවසන්ය විප්ලවය  
ආපහු ගිහින් කොල්ලෝ කෙල්ලෝ
නොගිහින් හිතුවක්කාරකමට උන් අයත් 
ආපහු ගියෝ 
පැහැදු පසු තතු 
යොදා අවම බලය 
දැන් මේ මාවත් වල 
සක්මන් කරත් වියපත් මිනිසුන් 
නිදහසේ 
අතපත ගාමින් නෂ්ටාවශේෂ 
විප්ලවයේ 
පින්තුර ගනිමින් 
සිත්සේ 
මදකට නවතිමින් 
සිතන්නට 

පලි : විප්ලවය,  යුද්ධය කරන්නේ තරුණයන්ය . බැට කන්නේ , මියැදෙන්නේ තරුණයන්ය . දිනුවොත් එහි ජය,  මහල්ලෝ සිනක්කරේට ලියා ගනිති . 
දිනුමට පියවරුන් සියයක් සිටියත් , පරාජය අවජාතයෙකි . මෙහෙත් එසේය , එහෙත් එසේමය . මෙහි කුඩ  හැකිලී ගොසිනි . නමුත් මව්බිම , අට වෙනිදා රැයින් පසු .. නව වෙනිදාත් ඉරක් පායාවී . ඒත් ඒ ඉර ගෙනේවිද නව ප්‍රාර්ථනා ?

9 comments:

  1. කියන්න බෑ... ලැබෙන ආරංචි නම් සුභදායක නෑ.. විශාල ලේ වැගිරීමක් විය හැකියි.. නමුත් වෙනසක් සිඳු විය යුතුමයි...

    ReplyDelete
  2. අපි චීනයේ කොලොනියක් වෙනවා කියන එකත් මේකෙම සඟවලා වගේ.

    ReplyDelete
    Replies
    1. :) වෙනවා ? .....වෙලා ?

      Delete
    2. ඇග්‍රීඩ්.

      Delete
  3. වෙනසේ අරුත අද වෙනකොට සැහෙන ප්‍රමානෙකින් වෙනස් වෙලා විත්තිය නම් මට තේරෙනවා .. කොහොම නමුත් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් හරිම අසරණ බවක් දැනෙනවා ....

      Delete
  4. ජේ අාර් මචං.................

    ජයග්‍රහණයට තාත්තලා සීයයි.......... පරාජය අවජාතකයි............. පට්ටම පට්ටයි

    ReplyDelete
    Replies
    1. ජේ ආර් නම් මචං ද දන්නේ නෑ මම නම් ජේ පි හාහාහා .
      ස්තුතියි

      Delete

Have commented