කාලයකට පෙර මා සේවය කල කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු නොහොත් සී සී , බන්දු , තනිකඩයෙක් විය . දිනක් උදේම පැමිණ ඔහු මැනේජර් මහතා හමුවී කියා සිටියේ තව දෙසතියක් ඇවෑමෙන් ඔහු සේවයෙන් විශ්‍රාම ගන්නා බවය.
" වැඩ කලා ඇති සර් . මම අලුත් කට්ටියට ඉඩ දීලා ගෙදර නවතිනවා . පින් අතේ වැඩ කරනවා " ඔහු කිවේය.
සාමාන්‍යයෙන් තෙමසක දැනුම් දීමක් කළ යුතු මුත් . ඔහුගේ මෙතෙක් කල් කැපවීම සලකා බලා ලොක්කා ඊට අවසර දුන්නේය . ඉන්පසු සති දෙක තුල , අලුත් සී සී කෙනෙක් පත් කිරීම . වැඩ ඉගන ගැනීම මෙන්ම බන්දුගේ සමුගැනීමේ සාදය සංවිධානය කිරීමද කඩිමුඩියේ සිදුවිණි . අපිත් සල්ලි සල්ලි කියා නොබලා සම්මාදම් වී ඔහුට කමිසයක් අරන් දුන්නෙමු . එය එසේ මෙසේ නොව වෑන් හුසේන් විය .
සිකුරාදා වේ සාදය යහමින් පැවතුනි. සමුගැනීමේ කතා අතරේ ගෑනු කට්ටිය කදුළු සැලුහ . මදු සාදය අතරේ කොල්ලෝ දෙදෙනෙක් බන්දුව බදා ගෙන හැඬු හ . හරියටම කොහොමද කියා මතක නැතත් , සභා තොමෝ පාන්දර තුනට විතර විසිර ගියහ . ලොක්කා කාර් එකෙන්ම බන්දු ව ගමේ ගෙදරටම ගොස් බස්සා තිබුණි
සඳුදා , බන්දුගේ මේසය හිස්ය . මාලිනි මිස් ඒ දෙස බලා සුස්මක් හෙලීය . තේ හදන විමලේට අමතක වී දහයට තේ කෝප්පයක් බන්දුගේ මේසය මත තබා තිබුණි . කෝප්ප නැවත එකතු කිරීමට ආ විට ඔහුට වරද වැටහුණි . " බන්දු සර් නැතිව ඔපිස් එකේ කිසි ගතියක් නෑ අප්පා " ඔහු කීවේ කාටත් ඇහෙන්නය .
අඟහරුවාදා උදේ පාන්දරම වැඩට එන විට , මෙන්න බන්දු ආයෙත් වැඩට ඇවිත්ය .
"කම්මැලියි බං ගෙදර ඉන්න . මම පොඩි බ්‍රේක් එකක් නේ ගත්තේ , කව්ද කිව්වේ රිටයර් වෙනවා කියලා " බන්දුවා ඇඟට නොදැනී කිවේය .
මගේ ඇස ගියේ ඔහු හැඳ හුන් කමිසයටය . මූ අර වෑන් හුසේන් කමිසයම ඇඳ ගෙන ඇවිත්ය .
පලි : සාමාන්‍යයෙන් ලෙඩකට නමක් දමන්නේ එය වැළඳුනු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හෝ එය සොයා ගත් අයගේ නමිනි . මේ රෝගයට වෙනත් නමක් දමන්නට වේ දැයි සැකය .
සනා පොලිටික්ස් වලිනුත් විශ්‍රාම යනවලු.
ReplyDeleteගිහින් ආයිමත් එයිද ඒ කියන්නෙ?
අපරාදෙ රටේ ජනතාවගෙ වැන් හුසේන් ටික (බදු සල්ලි)
සනා විතරක් නෙමෙයි මෙය ඊට ලොකු අයටද අදාලය
Deleteඔය කවුරු තප්පුලෑවත් ඌට ආයෙ එන්න බෑ.
Deleteආවත් තවත් පච වෙලා යන්නයි වෙන්නෙ
සනත් ජයසූරිය සින්ඩ්‍රෝම්......... පට්ට හරිය
ReplyDeleteනම වෙනස් වෙයිද මන්දා
Deleteඕකේ අලුත්ම ඩිවලොප්මන්ට් එක මහිරාජ සින්ඩ්‍රෝම් එක මං හිතන්නේ.. හැක් හැක්..
ReplyDeleteඔව් ඔව්
DeleteWhen people say 'We miss you so', don't take it too seriously.
ReplyDeleteGood one. just like some people tale"all you can eat " as a personal challenge
Deleteඅනේ නම වෙනස් කරන තැනට නං වැඩ සිද්ද කරන්න එපා ඔන්න.
ReplyDeleteඑහෙම වෙයිද . එහෙම නොවෙයිද?
Deleteසති දෙකක් බන්දුව ඉවසුව නං ඔක්කෝම හරි අනේ..
ReplyDeleteඅන්න හරි. ඒත් එකම විදියට හිටියම මිනිස්සුන්ට බෝරින් ගතියක් එනවනේ
Deleteමම නම් මුල ඉඳන්ම කිව්වා මේක වෙන වග. මට පුදුම සමහර මැච් දිණපු එක..
ReplyDeleteවැරදි තැනක වැරදි කමෙන්ට් එකක්ද මන්දා
Deleteඅපෝ බන්දු ආදේශය. හරියටම හරිය.
ReplyDeleteදැක්කද මාලීනී විමලේ ගෙත් පුන්චි ඇපියරන්ස් තියෙනවා
Delete