27 June 2015

විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20

විස්ස එලියට දැමීම 

පහළ ගෙදර පුංචි එකා , උගේ සීයා හැඹිලියේ පරෙස්සමට තියාගෙන හිටපු සත විස්සේ කාසියක් ගිල්ලේ මීට සති ගණනකට කලින්ය . එදා ඒ දෙමාපියෝ කොලුවා ඔසවා ගෙන ඉස්පිරිතාලයට දිවූහ . 
කොලුගේ බඩට ඇඟිලි දෙකෙන් තට්ටු කර, දොස්තර මහත්තයා කිව්වේ "ඕක ඉබේම එලියට එයි , එතකං ඉතින් මොකුත් කරන්න නම් බැහැ " කියලාය . 
එදා සිට කොල්ලාට මාර සැලකිලිය . ඇඹුල් කෙසෙල් ප්‍රමුඛ පලතුරු කිලෝ ගණන් ලැබෙන්නේය . පලතුරු නිකන්ම කන්න බෑ  කියා මූ  ඒ සමග අයිස් කිරීම් ද කන්නේය .  සමහර දවස් වලට පලතුරු කාලා එපා වෙලා කියා ජූස් ඉල්ලන්නේය . . පාන් පෙති වල බටර්  තලි පිටින් ගා ගෙන කන්නේ , වැඩේ ලේසි වෙන්න ය . මේ යහ පාලන කාලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දහතුනක මිළ අඩු කළ නිසාම හොඳට ගියේය . 

හැමදාම උදෑසන  කොලුවා වැසිකිලි ගොස් එනවිට මුළු පවුලම ඌ වට කරගන්නේ , පන්සලට ගිය අප්පච්චි  කෙනෙකු වටකරගන්නා සැදැහැවතුන් මෙනි . සියලු දෙනා අසන්නේ , "අදවත් එලියට ආවාද?" කියාය . කොලුවා එවිට දෙන්නේ , අර කවුද දෙන්නා වාගේ උත්තරය . " හරි වේලාවට ඒක  එයි " කියා කියන්නේය. ඒත්  ඒ හෙටට බාලගිරි දොසය . 

හැමෝම බලා සිටීයේ මේ විස්‌ස එලියට එනකන්මය. සමහරු මෙය බලෙන් ගන්නට නෙක් ලය විරේකද යෝජනා කළහ . නමුත් කටෙන් ගිල්ල යමක් වේද එය අධෝ මුඛයෙන් පිටවිය යුතු යයි පඬි වදන් දත් පවුලේ සැම, ඉවසීමෙන් බලා සිටියහ . කොලුවාද උදේට උදේට , සැහෙන්න මේ සඳහා තටමන බවක්ද පෙනුනි .

කොහොමෙන් කොහොම හරි කොලුවාගේ පාඩම් වැඩද මේ නිසා අතපසු විය . ගෙදර වැඩ කරන්න කී ගමන් කොලුවාගේ බඩ  රිදෙන්නට  ගන්නේය .. වාර විභාගය  දවසේ  උදෑසනත් , මේ අවාසනාවන්ත රෝගී තත්වය මතුවූ හෙයින් ඔහුට පාසැල්  යාමටද නොහැකි විය.

ඉන් පසු දිනයේ පුදුම දෙයක් සිදුවිය .

ආතම්මා කොලුවාගේ කලිසම් කොටයක් සෝදන්නට පෙර සාක්කු පරික්ෂා කරද්දී අර සත විස්ස සාක්කුවේ තිබී හමුවිය . 

ලම්බෝගිනියක් සොයාගත් කෙනෙකු මෙන් සතුටකින් ඇය දිව ගෙන වුත් ,  මේ ගැන මාධ්‍ය ප්‍රකාශනය ආරම්භ කලේ "දන්නවද වැඩක් " කියා අසමිනි . 
රූපවාහිනිය  බලමින් සිටි කොලුගේ  පියා ඊට පිළිතුරු දුන්නේ " ඔව් අම්මේ පාර්ලිමේන්තුව විසිරුවලා තමා " කියාය .   ඇයට මේ ගැන නැගුනු සුළු කෝපය ඈ පිටකරේ " ඕක වසුරවලා තමා තිබ්බේ " කියමිනි .  ඉනික්බිති ඈ, මාධ්‍ය ප්‍රකාශනය දියත් කලාය 

ඇගේ මුළු මාධ්‍ය ප්‍රකාශනයම සාවධානව අසා සිටි කොලු , කැබිනට් ප්‍රකාශක මෙන් ඇඟට පතට නොදැනී 
" මට ඒක ගිලින්න අමතක වෙන්න ඇති, කොහේද ඕ ගොල්ලෝ කලබල කලානේ  " කියා පිළිතුරු දුන්නේය 

සත විස්සේ නාටකය එතකින් අවසන් විය 

****
විජ්ජානුකූල

තාත්තේ , මොකක්ද විජ්ජානුකූලව කියන්නේ 

විද්‍යානුකූලව කියන්නේ , පරීක්ෂණ කරලා , තහවුරු වුනු නිගමන වලට අනුව කියන එකනේ .

විද්‍යානුකූලව නෙමෙයි තාත්තේ විජ්ජානුකුලව 

කොහේද දැක්කේ ඕක 

නෑ මේ ඊළඟ ඇමති මණ්ඩලය පත් කරන්නේ විජ්ජානුකුලව  කියලා කියන්නේ 

ඒකනම්  විජ්ජනුකූලවම  තමා හැමදාම කරන්නේ .

ඒ කිව්වේ 

විජ්ජා කියන්නේ පුතේ ඉතින් මැජික් පෙන්නවා කියන එකනේ 

හරි ශෝක් 



18 comments:

  1. සසිරිබර එසිරිලක මසිරි වැඩ!

    ReplyDelete
    Replies
    1. හැමදා වාගේම සෙස්ස පස්සටමය

      Delete
  2. Replies
    1. විජ්ජානුකූලයි නේ ඒකයි

      Delete
  3. ශෙහ්! පට්ටයි ඈ!

    ReplyDelete
  4. මේ අවුරුද්දෙ කියෙව්ව හොඳම පෝස්ටුව.

    ReplyDelete
    Replies
    1. (කොලරය සකස් කර ගනිමින් ) බොහොම ස්තුතියි . කොල්ලා බොරුවට ද මන්දා හරියට තැටමුවා උදේට උදේට

      Delete
  5. සිරාවටම සුපිරිය

    ReplyDelete
  6. ජේපී ලීවොත් නං පස්ට යන්නම ලියා ඇත්තේය. සමහරැ පෝස්ට් කිලෝ ගණං නාස්ති කරද්දි වචනෙං දෙකෙන් ගොඩ දාන හැටි නං මරුය
    පට්ටය ජයවේවා

    ReplyDelete
    Replies
    1. කාලේකට ඉහත අපේ ඩූඩ් තුමා මට දුන්න උපදෙසක් a blog post should like a short skirt. . Short enough to reveal the necessary details, long enough to cover the necessary subject

      Delete
  7. අති විශිස්ටයි සර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විශ්වයේ ප්‍රියතම සුදු පැකට්ටුවේ ලෙමන් පෆ් නේ :)

      Delete
  8. නියමයි. දැන් විස්සත් නැහැ. පාලිමෙන්තුවත් නැහැ. දෙකම හොඳයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියාම මිනිස්සුන්ට හිතෙයි ඔය මොකවත් ඇත්තටම ඕනෙත් නෑ කියලා .... ඔය දේශපාලඥයෝ පොඩ්ඩක් රූපවාහිනියට ඇවිත් අපිට ආතල් එකක් දීලා ගියාම ඇති කියලා

      Delete

Have commented