ස්ථානය : තුන්මුල්ල හංදිය .
වේලාව : රාත්‍රී දහයට පමණ .
බස් රථයක් එනතෙක් සිටින තරුණයෙකි . ඊට ටිකක් ඈතින් සාරියක් හැඳ ගත් තරුණියක් විදී පහනේ ආලෝකයෙන් මෑත්වී , මාර ගහක සෙවනැල්ලට මුවාවී සිටින බව ඔහු දුටීය . මේ වේලාවට මෙතැන ඉන්නේ විදී ලඳුන් හෝ එහෙමත් නැතිනම් අනෙක් වුන් බව ඔහු දනී . හිටිවනම ය ඔහු දෙසට එන බව ඔහු ඇස් කොනින් දුටුවෙන් , ඔහු සිත කලබල විය .
සු සු සු
ඔහු ඒ දෙස බැලුවේ තිගස්මෙනි ...(මේ මොන කරදරයක් ද ඔලුවට වැටෙන්න එන්නේ )
යනවා යනවා යන්න , මම ඔය සබ්ජෙක්ට් එකට නෑ
මචං මාව අඳුනන්න බැරිද
ඔහු ඇය/ඔහු දෙස බැලිය .
සාරියෙන් , මුහුණේ ඉලු පුයර , තොල් ආලේපන විනිවිදී කළ ඔහුට පුරුදු මුහුණක් පෙනෙන්නට විය
මචං මම ...
ඒ ...සුරංග
ඔව් ඔව් ....හැබැයි දැන් සුරංගනී
මොකෝ මේ ?
මට කලක් ඉඳන්ම තේරුණා මම ගතින් පිරිමි උනාට හිතින් ගෑණු කියලා . ඉතින් මම වෙනස් වුනා . වෙනස් වෙන එකේ වරදක් නෑනේ
හ්ම්ම්
මද නිහැඬියාවක්
උඹ ඉස්සර පන්සලේම නේ හිටියේ . තාම පන්සල් යනවද
මම බෞද්ධ උනේ උප්පත්තියෙන්ම නේ . පස්සේ මට ජේසුස් වහන්සේ හම්බු වුනා .දැන් මම බෝන් අගේන්
ඒ කිව්වේ
දැන් මම කිස්ට්‍රියන් ... පල්ලි යන්නේ . වෙනස් වෙන එකේ වරදක් නෑනේ
හ්ම්ම්
තවත් මද නිහැඬියාවක්
චන්දෙ නේද ? කාටද සපෝට් කරන්නේ
අපි නම් මචං ඉතින් පරම්පරා ගත අලි .. කැපුවත් කොළ .. ඒවා වෙනස් කරන්න බෑනේ
හ්ම්ම්
හය්යෝ සුරංගනී...
ReplyDeleteඔහොම අය තමා ජේ වැඩි පුරම ඉන්නෙ හිහි.
ඇඩෙනව නේ....
එහෙනම්
Deleteඑහෙම මාරු කරනවද පක්ෂ?.... සංසාරෙටම එකයි....
ReplyDeleteසදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික පාටියක්
Deleteහෙහ් හෙහ්.......
ReplyDelete:)
Deleteඇත්තටම බැලුවොත් පක්‍ෂ නේද වෙස් වෙලා තියෙන්නේ.
ReplyDeleteජේවීපී
යුඇම්පී
සිරිලංකා
සමසමාජ
පසුගිය අවුරුදු 35 තුළ වෙනස් නොවුණ පක්‍ෂ තියේ නම් ඒ නසසප සහ විකොස (සසප) පමණයි.
රසික , මේක ඇත්තටම හිතන්න කාරණයක්
Deleteහැත්තෑවේ ප්‍රතිපත්ති නිසා සිරි ලංකා පාක්ෂිකයෙක් වුනු කෙනෙක් , තාම පාක්ෂිකයෙක් නම් ඇත්තටම දැන් සපෝර්ට් කරන්නේ යු එම් පී ප්‍රතිපත්ති වලට 90%... එතකොට ජේ වී පී ?
මේකනම් පට්ට කනේ පාර..
ReplyDeleteඑල ද බ්‍රා..
කැපුවත් කොල නිල් රතු...ඒකනේ අපිට කෙලවුනේ
ස්තුතියි
Deleteඒ වගේම අහවල් පක්සේට කඩේ යන්නේ ලොල්ලෝ කියලත් කියන එක.... මෙතනත් කීප දෙනෙක් මේ ඉන්නේ !
ReplyDeleteඑහෙමම හිතල නෙමෙයි ලිව්වේ ... ඔබේ හිතේ තිබු දේශපාලන ලෝලත්වයක් එලියට පැන්නද මන්දා
Delete