04 September 2015
පරණ විහිලු පොත // same old joke
ඔහුට වැඩි දුරක් යාමට ලැබුනේ නැත . පෙරමගට තනියම හිනහ වේවි එන්නේ අපේ සිරි සීයාය .
මොකෝ සීයේ මේ හිනහ වේවි තනියම . මම ඒත් බැලුවා මගේ සිප් එක වත් උඩට අදින්න අමතක වෙලාවත්ද කියලා
හො හො හො . උඹේ ඔය හුචක්කුව දැක්කා කියලා එච්චර හිනහා යනවයෑ හිටං . මට මේ විහිලු කතාවක් මතක් උනා බං
විහිලු කතාවක් ?? කියන්න කෝ බලන්න ...සීයා ගේ විහිලු මරුනේ , අර එක දවසක් කිව්වේ ..මේකත් අමරබන්දු රූපසිංහ ගේ කතාවක්ද
පිස්සුද , ඒවා පරණ විහිලු නේ හිටං ..මේක මේ විහිලු කතා, ජෝක්ස් පොතක තිබ්බේ
ජෝක්ස් පොතක් ?
ඔව් බං අර කාල්ටන් කාරයා ගාව තිබ්බ පරණ පොතක් ... යනකොට තියලා ගිහින් ..මම හිමින් සැරේ ගල් කොලා හිටං
අප්පා කාල්ටන් සීයාත් මාර විහිලුකාරයනේ ... ඒ දවස් වල කියපු විහිලු කතා ...පස්සේ පස්සේ මිනිස්සු හිනා වෙන එක නැවත්තුවානේ
එහෙනම් ... ඔහොම හිටියට අපේ වික්‍රමසිංහ උන්නැහැත් හරි විහිලු කාරයා ... සමහර කරන ජෝක්ස් වලට අපිට හිනා යන්නේ අවුරුදු ගානක් ගිහිල්ලා ...සමහර විහිලු වලට අද අපි හිනා වෙනවා , කාලයක් ගිහිල්ල උන් දෑ අපට හිනා වෙනවා ...
මතකනේ අර සජිත් ගොයියට කරපු විහිලුව , අර උප නායක ..
ඉතින් සීයේ කියන්නකෝ එක විහිලු කතාවක් අර පොතෙන්
ඔන්න එහෙනම්
ඔන්න එක රටක හරක් හොරු මුලක් හිටියා . ඒ රටේ රාජ සේනාව මුන් ඔක්කොම හොයලා මැරුවා . එක කෙප්ප හොරෙක් දුවලා ගිහින් අල්ලපු රටක හැංගුනා .. මේ රජ්ජුරුවෝ චර පුරුෂයෝ යවලා ...
සීයේ පරිස්සමෙන් , බුද්ධි අංශ පවා නොදෙනු කියාගෙන කට්ටිය ගේම ඉල්ලයිද දන්නේ නෑ
හරි හරි බන්, මේක ඉතිං කතාවක්නේ හිටං , අනික එකෝමත් එක රටක නේ .. ඉතින් චර පුරුසයෝ යවලා මේ හොරා ව අල්ල ගෙන ආවා .. එත් එක්කම ඌ ගාව තිබ්බ ගෙරි මස් වගයකුත් අහුඋනා ... ගෙරි මස් නරක් වන නිසා , රජ්ජුරුවෝ අණ කළා හොඳ බීප් කරියක් හදන්න ..
හොදි ඕන් නෑ
ඔව් ඔව් හොදි අඩුවට ..... රාජසභාවම රෝස් පාන් එක්ක බීප් කරිය කෑවා ...
නඩුව අහන්න ටික දවසක් ගියා . අර බීප් කරිය දිරෙව්වා .. ලේප්ට් ඕවර් කුස්සියේ එවුන් කෑවා .. අර කෙප්ප හොරා උතුරු සළුවක් පොරවා ගෙන අටසිල් සමාදන් උනා . ටික දවසකින් නඩු අහන්න ගත්තා . චෝදනාව හරක් හොර කම ...සාක්කි හැටියට ඉතුරු වෙච්ච කුර , අං කෑලී ටිකක් ඉදිරිපත් උනා ...
නඩු කාරයා කියපි
"අත්අඩංගුවට ගන්නා විටදී මොහු ගාව මස් තිබ්බට , අං කුර කෑලී හම්බු උනාට , මොහු හරක් හොරෙක් යයි නිශ්චිතවම කියන්න නම් බෑ කියලා "
"රට වැසියෝ උම් බෑ කිව්වා ......."
මට මාර හිනා බන් ඒ කතාවට ... කාල්ටන් සීයාගේ පොතේ බන් තිබ්බේ ...ඔය වගේ කතා ගොඩක් තියෙනවා ..මම මේ ඒකෙන් කතා කිය කියා යනවා ..මාර ප්‍රතිචාර!
තව එකක් තියෙනවා බන් මේ අස්ස කරත්තයක් ගිනි අරගෙන ....
සීයේ වෙන වෙලාවක ...මට පරක්කු වෙනවා .....
Subscribe to:
Post Comments (Atom)
ෂිහ්, මේ මුණුබුරා ගේ හදිසිය නොතිබුනා නම් තව කතාවක් අහගන්න තිබුණා.
ReplyDeleteදැන් කාලේ හැදෙන උන්ට තියෙන කලබලේ
DeleteThis comment has been removed by the author.
Deleteමුණුපුරාට නිවාඩු දවසක සීයව හම්බවෙන්න යන්න කියන්න
ReplyDeleteඔව් ඔව්
Deleteඅර බැටලු ගාතෙන් ගහලා මිනිහව මරලා පස්සෙ පොලීසියට ඒක කවපු එක මතක් වුනා.
ReplyDeleteඇත්තටම ඒ වගේම සීන් එකක් නේ
Deleteවා රිය පොල ගැනත් ලියන්න
ReplyDeleteප්‍රා ජේ , හරියටම තේරුනේ නෑ ඉල්ලීම
Delete//සීයේ පරිස්සමෙන් , බුද්ධි අංශ පවා නොදෙනු කියාගෙන කට්ටිය ගේම ඉල්ලයිද දන්නේ නෑ //දවසේ කතාව!
ReplyDeleteදැන් සීයා ගාව තියෙන්නේ ඩර්ටි ජෝක්ස් පොතක් ලු....
ReplyDeleteඊයේ සීයා කළා හරිම වල් විහිලු දෙකක් ...ඔන්න සුමනදාස බණ්ඩා කියලා පොරකුයි දයාසිරි කියලා පොරකුයි හිටියාලු .... මඩ ගගහ හිටපු උන් දෙන්න අල්ලලා ඇමතිකමක් දුන්නලු
DeleteHari lassana kathawa!
ReplyDelete:)
Delete