19 September 2015

කෙස්

මට එකපාරටම මතක් උනේ රාස්සිගේ ඇල්ල .

ඈ ඇවිත් හිටිය කොන්ඩේ  කඩා දාලා .

" නාලා ආවේ , කොන්ඩේ  තාම තෙතයි " මගේ සිතුවිලි කියවලා ඈ  බැන්දා  උත්තර .
"මම ආසයි ..දිග කොන්ඩේට " මම දිග හුස්මක් ඉහලට ඇදලා , හීනියට දැනුනු අරලිය මල් සුවඳ නාස් පුඩු දිගේ අරන් හිතේ කොනක හිර කර ගත්තා .

"එහෙනම් කපලා දෙන්නද ලඟින් තියා ගන්න ?"

"අර දෙවනියට කිව්ව එකනම් එච්චර නරක අදහසක් නෙවෙයි "

"ආ ඇත්තද ?"

***

දවල් හිතේ නැගුනු තරහ බොහොම පරිස්සෙමට හිතේ තද කරන ගෙදර ආපු මම , රණ්ඩුවට මුල පුරන්න , කෑම  පෙට්ටිය සද්දෙට මේසේ උඩින් තැබුවෙමි . පුරුද්දට ඈ එය අතට ගත්තේ " ආ මොකෝ මේ අද කෑම  කන්නේ නැතිව ආපහු ගෙනල්ලා " කියා අසමිනි .

"කොහොමද මනුස්සයෙක් කන්නේ , බත් එක පුරාම කෙස් "
බත් පතේ වූ එක්  කෙස් ගස මගේ කතාවේදී පැටව් ගැහැව්වා . 

"අනේ අද උදේ නාලා මන  බත් බෙදුවේ . අපරාදේ ඒක අයින් කරලා කන්න තිබ්බේ .. මාළු කෑලිත් දෙකක්ම බෙදුවා "

"රෙද්ද මාළු ...මම හැම තිස්සෙම කියනවානේ ඕක මෝහිනී වගේ කඩා දාලා ඉන්නේ නැතිව බැඳ ගන්න කියලා පිළිවෙලකට .."

පැතිරුණු නිහඬතාවය මාසිත අවුල් කළේය . ඒ , රණ්ඩුව මා පැතු  අයුරින් දිග නොහැරුණු නිසාවටත් වඩා , ඈ  මෙසේ නිහඬ වූ පසු , ඉන්පසු දින කිහිපයක ඉරණම මා අත්දැකීමෙන් දන්නා බැවිනි .

"හෙට කැන්ටිමෙන් කන්න වෙයි උඹට"  මාසිත උළුක්කුවට මෙන් සිහි ගැන්වීය 

***

"ඉතින් කෝ දෙන්න ඔය කන්නාඩිය "

"ඕනේ නෑ ඕක බලන්න දැන්ම , හිත ගැස්සෙන එක හොඳ නෑ "

"දෙන්න !"

ඒ සියුම් විධානයට යටත් වෙනවා හැරෙන්නට මට කළහැකි වෙන යමක් නොවිණි . මම වෙව්ලන අතින් කැඩපත ආ වෙත දිගු කලෙමි . 

දිගු බැල්මක් . ඊටත් වඩා දිගු සුසුමක් .

"මම දැන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ "

"කේශී , ඩොක්ට කිව්වා වගේ , මෙහෙම කරපුවම  බේත් සැරට  කොන්ඩේ  යනවා පේන්නේ  නෑනේ ."

"හ්ම්ම්ම් ..දේවා ,.. ඔයා ඉස්සෙල්ලාම  කැමති උනේ මගේ දිග කොණ්ඩෙට නේද ?..."

මම දෙඅතින්ම ඈ  මුඩු හිස අල්ලා ගතිමි . සිපගතිමි . එහි උණුසුම මා තොල් වලට දැනුනි .

"කොල්ලා කාලේ හිතුන දේවල් නේ කේශී ..ඔය නර කෙස් වල නැත්නම් මොන ලස්සනක්ද ?"

ඈ හෙලු මද සිනහවේ ගැබ්වුණු මහා අනුකම්පාවක බර මට හොඳින් දැනෙන්නට විය .


පලි : මේ කතාවට නිමිත්ත මා කියවූ කවියක් . කවියාගේ නම දැන් නම් හරියට මතක නැතත් , මතක් විදියට ඩෝසන් ප්‍රීති ද කොහෙද. 


මෙය කෙටි කතාවකටත් වඩා , දිගම දිග කතාවක , කෙටිම කෙටි කොටසක් .

17 comments:

  1. මම දාන්න ගිය කොමෙන්ට් එක අන්තිමට තියෙනවා.. කෙටියෙන් කියන්න උත්සහ කරන දිගම දිග කතා.. :(

    ReplyDelete
    Replies
    1. කෙටි කතා ජාති දෙකක් තියෙනවා මට තේරෙන විදියට . එකක් කතා මැද කතා , අනෙක් ජාතිය දිගම දිග කතා කෙටිම කෙටි කරපුවා

      Delete
  2. කෙටියෙන් කියල ලොකු අදහසක් දෙන එක ලේඛකයගෙ දක්ෂතාවය.. මං දැකල තියෙන සාර්ථකම ක්ෂුද්‍ර කෙටි කතා කරුව තමා ෆ්‍රාන්ස් කෆ්කා... සමහර කතා අල්ලක වුණත් ලියන්න පුලුවං.. ඒත් ඒව තේරුං ගන්න ගියාම ..

    ජයවේවා..................

    ReplyDelete
    Replies
    1. කෆ්කා කියවන්න ඔබ මා පෙළඹුවා ස්තුතියි . ඊයේ රෑ කියවගෙන ගියා එක හුස්මට ...තාම දිරවනවා

      Delete
  3. කෙන්ද කන්ද කල පෝස්ට් එක ගැන කියන්න දෙයක් නෑ ජාලිය. දරුණු වැඩියි කියලා නම් කියන්න පුලුවන්.

    When you are young you can style your hair to the latest possible existing fashions.
    When you are older you have to be happy with possible fashions with the existing hair .

    ReplyDelete
    Replies
    1. දරුණු වැඩියි කියන එක ගලක්ද මලක්ද කියලා හරියටම ෂුවර් නෑ ... මොකක් උනත් ස්තුතියි .

      speaking of hairstyles I have one of the most complicated ones . number zero all over .

      Delete
  4. මිරිවැඬි සඟලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති නුඹ දකින තුරා...

    ReplyDelete
  5. මරු....

    හැබයි දෙවන අවස්ථාවේ ඌ දරුණු වැඩියි නේද...?

    බත් එකක කෙස් ගහක් තියෙන එක එච්චර කේස් එකක්ද.. අපි හදාගත්ත ලෙඩක් නේද...?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉලව් එකට බැඳලා , ඉලව් එකට ගුටි කන විඳවන ගෑනුත් මම දැකලා තියෙනවා අනන්තවත් ... ඉතින් මේවා මොනවද එක අතකට . අනික මමත් ගොන් කමට (මේ වගේම නොවුනත් ) පොඩි දේවල් අල්ලාගෙන මහා වලි ඇද ගෙන තියෙනවා ...ට හම්බු වෙලා තියෙනවා . හැබැයි ඔය කෙස් නෙමෙයි මයිලක් තිබීම වත් නම් මට ප්‍රශ්නයක් නෙමෙයි කෑමට :) ඕගනික් නේ

      Delete
  6. නියමයි මේක නම්

    ReplyDelete
  7. අනර්ඝ යි. බොක්කට වදින සුළුයි...

    ReplyDelete
  8. කොච්චර කෙටි උනත් හිතට වදින්න ලියලා තියෙනවා......... අපූරුයි.......... සුබ පැතුම්............!

    ReplyDelete

Have commented