08 January 2016

ජනේරු අටවෙනිදාවක ලියමි


මේ කතාවට වස්තුබීජය අහුලගත්තේ අර බස්සිගේ පොත එළිදැක්වීමේ උළෙලේ , අර දිගම දිග , ඒත් රස , කතාවෙන් .

ඔන්න මම දන්න පවුලක් හිටියා,  ළමයි ටිකක් ලොකු මහත් වෙච්චි . පදිංචිවෙලා හිටියේ නෝනගේ මහගෙදර. ගේත් පරණයි අනික පවුලේම මහගෙදර උනත් , තමන්ගෙම ගෙයක් නෙවෙයිනේ කියන සිතිවිල්ල පවුලේ හැමගෙම  සිත්වල පැලවෙලා තිබුනා . ඔන්න එකපාරටම දවසක් , තාත්තාට ඇදුනා ස්වීප් එකක් . සිකුරාදා අදින ශනිදා වාසනාවේ මුල් තෑග්ග . ඔන්න ඉතින් අම්මට දෑවැද්දට ලැබුණු වත්තේ ඉඩමේ නමෝ විත්තියෙන් හදන්න ගත්තා  ගෙයක් . මද්දු පුතා ගේ පෙරැත්තයටම ,හදන එකේ එළටම හදන්න කට්ටියම ගියා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෙවත් ආර්කිටෙක් කෙනෙක් හම්බුවෙන්න . 

" අපිට ඕනේ චාමේට , ඒත් මොඩන් ක්‍රමේට ගෙයක් හදා ගන්න "

මෑන්ස් අර ජෙෆ්රි බාවා වගේ ඩයල් එකක් , ගෙයක් හැදුවට ඇත්තටම හදන්නේ ලයිෆ් ස්ටයිල් එකක් . මිනිහා අඳින සැලැස්මේ , මිනිහා හිතන විදිහේ මිනිස්සු , මිනිහා බලාපොරොත්තුවෙන විදියටම ජීවත් වෙයි කියලා තමයි මිනිහා බලාපොරොත්තුවෙන්නේ . මිනිහා ඉතින් හැදුවා ප්ලෑන්  එකක් . 

පරිසර හිතකාමී . ගේ මැදම   කොස් ගහක් . බාත් රූම් එකේ වහලේ බාගයයි . වහිනකොට තෙමෙනවා , ගස් ගෙම්බෝ බිත්තිවල . හැබැයි ගේ මාරයි . ගෙවැදීමට සහ ඊට පස්සේ ආපු ඔක්කොම කිව්වේ " හරි ට්‍රෙන්ඩි " කියලා .  අම්මාගේ  ඔපීසියේ පොෂ් ලලනා සංගමයේ කට්ටිය නම් කිව්වේ (ස්වීප් එක නිසා අම්මටත් එකී සංගමයේ සාමාජිකත්වය ලැබිනි )  " රිෆ්‍රේෂින් චේන්ජ් " කියලා.

සංකල්පමය වශයෙන් අතිවිශිස්ට උනාට , ගෙදර ජීවත් වෙන්න ගියාම ඇඟට මාර අමුතු නුහුරු ගතියක් දැනෙන්න ගත්තා 
කාලය ගතවෙත්ම , ඉතින් විටෙන් විට පොඩි පොඩි මොඩි ෆිකේෂන් කරන්න ගත්තා . බාත්රූම්  එකට වහලයක් ගැහුනා . සාලේ මැද කොස් ගහ කපල දැම්මා . එළියෙන් බිත්ති බැඳලා පොඩි ඉස්ටෝරුවකුත් හදා ගත්තා . 

තව මොඩිෆිකේෂන් වගයක් කරන්න පවුලේ කට්ටිය කතාවෙනවා එතකොටනම් ,  ඒ ගේ , අර පරණ මහා ගේ වගේම වේවි .

අනේ මන්දා අලුත් ලයිෆ් ස්ටයිල් එකකට ජීවත් කරවන්න හැදුවත් , පරණ මිනිස්සුම හින්දද මන්දා .

 කියන්න අමතක වුනා , ඒ ගෙදරට නමකුත් දාලා තිබ්බා ...

"යහපැලස් "

පලි : මුළු ජීවිතයම තේරීම් දාමයක් (හෙවත් චොයිසස් ගොඩක් ) . ඉතිහාසයත් එහෙමයි . පහුගිය ජනවාරි 8 වෙනිදා බහුතරයක් කළ තේරීම ගැන කිරා බලන්න වෙන්නේ , එය නොවුනා නම් දැන් වෙනකොට සිදුවෙන දෙය අනුවයි .

එනමුදු කලුපාට හා දුඹුරු පාට සපත්තු ජෝඩු දෙකක් අතුරෙන් , දුඹුරු පාට යුගලය තෝරාගෙන ගෙදර ගෙනිහින් , එය කලුපාට කරන්න කලුපාට පොලිෂ් අතුල්ලන එක නම් පිස්සුවක්මය 

***


22 comments:

  1. හරි පැහැදිලියි.... පේටන්ට් බලපත ජෙප්පන් සතුයි......

    ReplyDelete
    Replies
    1. උන් නම් ගේ හදපූ බාස් වගේ
      ගේ හැදුවා හැබැයි ගැරන්ටි දෙන්න බෑ

      Delete
  2. Excellent.

    ReplyDelete
  3. බුහැක්...
    ජේපී ආවෙයි බස්සිගෙ පොත එළියට දාන දවසෙ..
    සෝචනීයයි හම්බෙන්න ලැබුන් නැති එකට

    ReplyDelete
    Replies
    1. නෑ එන්න බැරි උනා
      කතාව ඇහුවේ මුහුණු පොතේ

      Delete
  4. "ගස් ගෙම්බෝ බිත්තිවල"
    හැබැයි වෙන ගෙයක් හැදුවත් ඔය ගෙම්බො ටික ඒ ගෙටත් පැනගන්නව

    ReplyDelete
    Replies
    1. ඔය ගස් ගෙම්බෝ මුත්‍රා කලොත් ඇඟම වන වෙනවා

      Delete
  5. //එනමුදු කලුපාට හා දුඹුරු පාට සපත්තු ජෝඩු දෙකක් අතුරෙන් , දුඹුරු පාට යුගලය තෝරාගෙන ගෙදර ගෙනිහින් , එය කලුපාට කරන්න කලුපාට පොලිෂ් අතුල්ලන එක නම් පිස්සුවක්මය //

    කළු පාට අතුල්ලන එක වැරදියි නම් කහ පාට ඇතිල්ලුවට කමක් නැත්ද? බයියෙක්

    ReplyDelete
  6. //එනමුදු කලුපාට හා දුඹුරු පාට සපත්තු ජෝඩු දෙකක් අතුරෙන් , දුඹුරු පාට යුගලය තෝරාගෙන ගෙදර ගෙනිහින් , එය කලුපාට කරන්න කලුපාට පොලිෂ් අතුල්ලන එක නම් පිස්සුවක්මය //

    කතාව ඇත්ත. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නේ අළුත් දෙයින් පරණ දේවල්ම ටිකක් හරි බලාපොරොත්තු වෙන්නනේ.

    ReplyDelete
  7. සම්පූර්ණයෙන්ම එකඟයි...

    සහතික කරන ලද සත්‍ය..

    ReplyDelete
  8. ගෙදර මිනිස්සුන්ට ඕනේ නම් ඉතින් බාත් රූම් ඒකේ බිත්ති කඩලා දැම්මත් මොකෝ... වැඩේ තියෙන්නේ... අර බාවා ඩයල් එක එයාට ඕන ඕන විදිහට ඕක වෙනස් කරන එකේනෙ...

    ඇත්තටම දුඹුරුපාට සපත්තු වල කළු පොලිෂ් ගෑවහම එන්නේ ඇන්ටික් බ්‍රෝන්ස් වගේ එළ පාටක්...

    ReplyDelete
    Replies
    1. හැබැයි කලුපාට සපත්තුවේ දුඹුරු පාට ගෑවට එහෙම නෑ නේද

      Delete
  9. එල! කනට ගැහුව වගේ හිටං

    ReplyDelete
    Replies
    1. අයිසේ ස්තුතියි

      Delete

Have commented