මේ මුලූ සටහනම පාදක වන්නේ , මා ශ්රවනය කල එක් ගුවන් විදුලි වැඩසටහනදී කපිල එම් ගමගේ කවියා කියූ දෙයකිනි . ඒ ඔස්සේ දිගට දිගට මම සිතන්නට විමි . ඒ මන චාරිකාවේ හමුවූ පිංච් පොයින්ට්ස් කිහිපයක් පහත සටහන් කරමි
***
මචං යාපනේ දෙමලු කෝ
ඇයි ඔය ඉන්නේ , ඩෙගා නටන විගා . ඇයි අපේ විජෙකලා නෝනා .
ඒ කට්ටිය වැල්ලවත්තෙනේ , මම අහන්නේ යාපනේ දෙමලු
ඇයි බං මේ ඉන්නේ උන් , කැමා ඇඳ ගෙන ටී පනස් හය කරේ එල්ලගෙන..... මේ ඉන්නේ ඊට පස්සේ කැමා ගලවලා වේට්ටි ඇඳන් ..තෝසේ කකා සන්තෝසෙන් .... .
කෝ බලන්න ..අඩේ ඉන්නවා නේන්නම් ..හැබැයි උන් ඉන්නේ යාපනේ නෙමෙයිනේ ... උඹේ ඔලුව ඇතුලෙනේ
හුටා
***
ආයෙත් ප්රභාකරන් කෙනෙක් බිහිවෙවිද ?
මෙහෙම ගියොත් සමහර විට
ඉතින් මොකද කරන්නේ
ආයේමත් ගහනවා
ඒත් ඊළඟ ප්රභාකරන් අවිහිංසා වාදියෙක් , ගාන්ධි වාදියෙක් වුනොත් ?
හුටා !!
***
මචන් දියසේන කුමාරයා මෙදා සැරේ නම් ඇත්තටම පහළ වෙලා ලු
අපේ රට බේරා ගන්න එන උන්නාන්සේනේ ...මෑන්ස් සිංහලද ?
සුද්ද සිංහල, අඳින්නේ රෙද්ද . පෙනුම නියම මහා කළු සිංහල . කන්නේ බත් , කුරක්කන් තලප
මිනිහාගේ ආගම ?
බොක්කෙන්ම නෙමෙයි , ඇට මිදුළු දක්වාම බෞද්ධයෙක්
අනේ සාදු
පොඩි මෙව්වා එකක් තියෙනවා හැබැයි
ඒ කිව්වේ
මිනිහා සම ලිංගිකයෙක්
හුටා !!!
***
විස්සට පස්සේ විසි එකක් එනවා කියන්නේ
මොකෑ තියෙන්නේ ඒකේ ?
ප්රජාන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම ලු
ඒවා හොඳ වැඩ
කෙලින්ම පාර්ලිමේන්තුවෙන් හැම තීරණයක් ගන්න කලින්ම ජනතාවගෙන් අහනවා ලු
ඒ කියන්නේ
ඒ කියන්නේ , අපි තීරණ ගන්න පත් කරපු කට්ටිය , තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගයි කියලා ආයෙත් ඒ අයිතිය කෙලින්ම අපිට දෙනවලු
අන්න මරු ..එතකොට
තීරණ වැරදුනොත් .. ඔන්න අපි නෑ කියයි
හුටා
බ්ලොගක් ලියන දියසේනයෙකු ඇත්තටම සිටී. ව්න් ඇනෝ ඔරිග්
ReplyDeleteඑහෙමද
Deleteමේක නම් මරු
ReplyDeleteස්තුතියි
Deleteහුටා
ReplyDelete:)
Deleteඔන්න අපි නෑ කියයි
ReplyDeleteදැනටත් එහෙමනේ
අටම් මේක නිකන් අර , "උඹ ගෑනිට තවම බැට දෙනවද " වගේ ප්‍රශ්නයක් ...ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ .
Delete:-D
ReplyDeleteකපිල එම්. ගමගේ මක්ක කියුවද කියල මම මේ හිතන්නේ.. හුටා..
ReplyDeleteඔය අහිංසාවාදී ප්‍රභාගේ අවතාරය ගැන තමා
Delete