Are you talking to me ? එහෙම ඇහුවේ ඩි නීරෝ Taxi Driver එකේ . ඒත් මේ ලංකාවේ නේ .
පැත්තක ගලවලා තිබුන බාටා සෙරෙප්පු දෙකට කකුල් රිංගන ගමන් මිනිහා ඇහුවේ " සර් හයර් එකක් යන්නද ?" කියලා
(දැන් වාර්ෂික වගේ වෙලා තියෙන නිවාඩුවට ලංකාවට ගියවිට , මගේ ප්‍රියතම දෙයක් තමයි ත්‍රීවිල් රියදුරන් සමග අල්ලාප සල්ලාපය. ඉදින් නැති ගමනුත් යොදා ගන්නේ ඒ සඳහාමයි .
ඒ කැමැත්ත රටේ ඕනෑම දෙයක් ගැන විශේසඥ දැනුමක් ඔවුනට ඇති හෙයින්ද නැතිනම් මා කැමති දේවල් , මා කැමති ලෙවල් එකෙන් කතා කරන්න හැකිවෙන නිසාද නැත්නම් මගේ පින්තූර ගැනීමට පහසුම ප්‍රවාහන මග ඒ නිසාද නැතිනම් ඒ අල්ලාප සල්ලාපයෙන් මට අමුතු චූන් එකක් ලැබෙන නිසාද කියලා මම හරියටම නොදනිමි .)
ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්තා
***
තෙල් ප්‍රශ්නේ විසඳිලාද දැන්
පැය දෙකක් හිටියා සර් පෝලිමේ . ඊට පස්සේ ආමි එක බැස්සුවනේ දැන් දෙයි ඔය *** ගේ පුතාලට නිල් වෙන්න
හ්ම්ම්
ඒ විතරක් නෙමෙයි සර් , කොළොන්නාවේ මහජනයාත් පොලු අරන් ගිහින් ඕකුන්ට නෙලන්න
කුරුඳු පොලු ?
යහ පාලනේ නේ ඒවා නෑ දැන්, මැහෝගනී මම හිතන්නේ
ඇයි දන්නේ නෑ ඔය වර්ජනේ ?
අර සයිටම් එකට නේ
එතකොට අර දොස්තරලත් වර්ජනේ කරන්නේ ඒකට නේද
නෑ උන් වර්ජනේ කරන්නේ ලංකාවේ තෙල් ලිං ටික චීනට දෙනවට
ලංකාවේ ? තෙල් ලිං ?
ඔව් ඇයි අවුල්ද ?
***
රියදුරු සකි ගුවන් විදුලියේ හඬ වැඩි කරනවා ..
"මේ පැරණි රසාංග තීරයයි . මේ ගීතය පැරණි චිත්‍රපටයකින් .. "
පොල්ලෙන් නෙලා නෙලා
ඔලුකටු පුපුරනා
ප්‍රෝජාතාන්තර වාදේ
විඳිනෙම් රඟ සොබා
සම්පත් ගොඩක් ගසා
පොළියට හිලව් තියා
ලාබේට චීනාටම විකුනමු පනේ
පදමට ඇඹුල් දමා
පස්සෙන් ගෑස් ගසා
රජ වෙන හීනේක සුවෙයි විපක්සේ
රට යන තාලේ
මේකයි රාළේ
හැමදා පහුවෙනකොට
ගුටි තමයි
පොල්ලෙන් නෙලා නෙලා
ඔලුකටු පුපුරනා
මොන බල්ලෝ බිරුවත්
දිගටම ගැල යනා
යහපාලනේ කියා
තෙම තෙම සබන් ගගා
බාල්දියෙන් හිල් වෙන්නම
ගැහුවනෙ බොලේ
පොල්ලෙන් නෙලා නෙලා
***
අම්මපා සර් මමත් හොඳ දෙකේ පොල්ලක් අරං ගෙදර තියා ගන්නවා
අර මොකටද ?
දැන් ඔය අපේ බදු මුදලින් ඉගෙනගත්ත දොස්තරලා අපේම අයිතීන් වෙනුවෙන් ස්ට්‍රයික් කරලා අපිවම අපහසුතාවයට පත් කරන කොට , එතකොට අපේ හොඳට තෙල් විරුවෝ අපිවම බයිට් එකට ගන්නකොට , එතකොට දුෂණය නැතිකරනවා කියපු එවුන් " තමුසෙලා පගාව දෙනවනම් අපිට ඕවා කියන්න එපා " කියනකොට,
මහා ආර්ථික මොලයක් කිව්ව එකාගේ ආර්ථික උපායමාර්ගය ගමේ බබානිසා කරන්නැහේ ගේ දොර විකුණනලා / උගසට තියලා කන බොන එකම බව පේන කොට , මේ අගාධයට ඇදලා දාපු එවුන් පැත්තක ඉඳන් " අනේ බලන්නකෝ නේද ඉතින් .." කෝචෝක් කරන කොට , ඔය පොල්ල අරන් ...
ඔහෙත් යනවා අර කොළොන්නාවේ ජනයා වගේ ?
නෑ සර් දෑත බදලා මගේ ඔලුවටම එකක් ගහ ගන්නවා
පලි
පොලු සහ ඔලු අතර ඇති සම්බන්ධය අනාදිමත් කාලයක සිට සිරිලක පැවතෙන්නෙකි . එක කලෙක සෝභිත හාමුදුරුවන්ටද , සරච්චන්ද්‍ර උන්නැහේටද පොලු පාර දුන්නේ කාණුවේ වැටෙන්නය . ඒ බව පත්තර වල ලියවුනාට එදා ගුටි කෑ සාමන්‍ය ජනයා ගැන කවුරුවත් දන්නේ නැත . රතු පස්වල වේවා , ඉන්ධන සංස්ථාවේ වේවා , අරලිය ගහ මන්දිරය ඉදිරිපිට වේවා පොලු පහර ඔලුවකට වැදෙන විට ගේම ෆෝම් කරන උන් පිටිපස්සේ සිට සිනහ වෙති .
එමෙන්ම "ඕකුන්ට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ කියන විට " පොලු සහ ඔලු අතර සම්බන්ධය එකට එකක් නොව බහුතරයකට එකක් ( Not one to one but one to many ) බව අපට අමතක වේ
Showing posts with label මගේ සත පහ. Show all posts
Showing posts with label මගේ සත පහ. Show all posts
31 July 2017
22 December 2015
එන්රිකේ
ලාබ ලාබයි
නෝනා.. මේ
හංස කුමාරිට එකක්
නීල ජලාසේ රඟනා
ගැට දොඩම් වගේද නංගි
හොඳට පැහුණු වට්ටක්කා
ගොර හඬින්
කෑ ගහපු
තිසර පට
උඩ දදා
වැටෙන විට
අල්ලාපු
වෙළෙන්දෙක් උන්නා
ඔරලෝසු කනුව ළඟ
පේමන්ට් එකේ
ඉස්ටේසම පෙනෙන මානේ
සල්ලි සල්ලි නොබලා
අරන් කෑල්ලක් , දහදාහේ
ගිහින් වගේ
මිනිහත්
බලන්න නියා
එන්රිකේ
පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය
නෝනා.. මේ
හංස කුමාරිට එකක්
නීල ජලාසේ රඟනා
ගැට දොඩම් වගේද නංගි
හොඳට පැහුණු වට්ටක්කා
ගොර හඬින්
කෑ ගහපු
තිසර පට
උඩ දදා
වැටෙන විට
අල්ලාපු
වෙළෙන්දෙක් උන්නා
ඔරලෝසු කනුව ළඟ
පේමන්ට් එකේ
ඉස්ටේසම පෙනෙන මානේ
සල්ලි සල්ලි නොබලා
අරන් කෑල්ලක් , දහදාහේ
ගිහින් වගේ
මිනිහත්
බලන්න නියා
එන්රිකේ
පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය
21 September 2015
ලජ්ජා බය ( සේයා ගෙන් ඔබ්බට )
මා මේ ගැන ලියනවිට , හරකා මරා , හම ගසා , මස් කර , කුට්ටි කර , හොද්දද ලිපේ තබා අවසන් වුවද , මගේ අදහසද ලියන්නට මා හිත වද කළේය .
අර පුංචි කෙල්ලගේ මිනිය වලලා , හත් දවසේ දානෙත් දෙන්න ලෑස්ති වෙන විට , තවමත් කට්ටියක් මිනිය කරේ තියාගෙන යනවා යයි විටෙක සිතේ . ඒත් ඇයගේ මරණයෙන් ඔබ්බට ගිය සමාජ ප්‍රශ්නයක් අප ඉදිරියේ ඇතැයි මම සිතමි .
එක් මිනී මැරුමක් , දරුණු අපරාධයක් . දෙවැන්නේ සිට එය දත්තයන් බවට පත්වේ යයි අයෙක් කියා ඇත .
දත්තයන් ලෙස මෙවැනි සිද්ධි ඉවත දමන්නට ප්‍රථම, ප්‍රශ්න මුලයන්ට පිළිතුරු සෙවිය යුතුයැයි මම සිතමි . ඒ සංවාදයට , මගේ සත පහද මෙසේ එක් කරමි .
කතාවකින් පටන් ගනිමු
ඔන්න එක ගමක ජෝඩුවක් හිටියා ලු . රන් මැණිකයි , පොඩි අප්පුයි කියමුකෝ . මේ අප්පු ඔහුගේ බිරිඳට හරිම ආදරෙයි ලු . හැබැයි ප්‍රසිද්ධියේ පෙන්නුවේ නෑ ලු . බොහෝ දින රාත්‍රියට , මැණිකා පැදුර එලන පරක්කුවට ලාම්පුව නිවන අප්පු ඈට බොහෝම ස්නේහයෙන් සලකනවාලු . මැණිකා ගෙනුත් කිසිම මැසිවිල්ලක් නෑ ලු ඒ අංශය ගැන නම් . ඒත් වැඩ නිමා කරලා අප්පු , මැණිකාගේ ඔලුවත් අත ගාලා , දොර වහගෙන එලියට ඇවිත් , පිලේ බූරු ඇඳේ නිදා ගන්නවා . වටේ පිටේ එවුන් දකින හැම වෙලාවේම මැණිකා ගේ ඇතුලේ , අප්පු පිලේ . වැඩි දොහක් ගියේ නෑ වටේ පිටේ අයියලා , කඩේ මුදලාලියා විතරක් නෙවෙයි පන්සලේ නාකි ඇබිත්තියත් , මැණිකාට අයුතු යෝජනා ගෙනෙන්න, බැද්ද ඇතුලේ පොකුණු පෙන්නන්න ගෙනියන්න වගේම දවල් කරේ ගෙට එන්නත් පටන් ගත්තේ , "උඹේ මිනිහා උඹට සලකන්න දන්නේ නෑ" කියාගෙන ලු .
බැරිම තැන රන් මැණිකා හොඳට දත් පාර හිටින්න , තමන්ගේ අත පය පොඩ්ඩක් විකා ගත්තා ලු . කරදර එතනින් නැවතුනාලු
ආදර්ශය : අරක කොරාට වැඩක් නැත , කොරන බව පිටත පෙනෙන්නත් ඕනෑය
නීතියත් එසේමය . තිබුනාට වැඩක් නැත , තියෙන බව , මිනිස්සු පිළිපදින බව පෙනෙන්නට ඕනෑය .
නමුත් මේ කියන්නේ අර කට්ටියක් කියනවා වගේ අපරාධ කරුවන් එල්ලන්න කියන එක නොවේය .
අපරාධ වැලැක්වීම හා අපරාධයන්ට දඬුවම් දීම යනු (එකිනෙකට බැඳුනු ) එහෙත් වෙනස් සංකල්පයන් දෙකක් යයි මම සිතමි. ලංකාවේ බොහෝ දුරට මේ දෙක පැටලී ඇත . ඒ මුලිකව අපේ පොලිස් සේවය (මෙය එම දෙපාර්තුමේන්තුවේ කාර්යක්ෂමතාවය ගැන නොව) බ්‍රිතාන්‍යයන් එය පිහිටවූ මුලික අභිප්‍රායෙන් ඔබ්බට ගෙන ඒමට නොහැකි වී ඇති බැවිනි .
හොරුන් ඇල්ලීමට මිස හොරකම් වැලැක්වීම ගැන පොලිසිය උනන්දුවක් නොදක්වන්නේ , සැම හොඳින් වැඩුණු ගසක් පිටුපසම පොලිසියෙන් හැංගි සිටින්නේ එබැවිනි . එය හිතන විදිය (mindset) වෙනස් කිරීමකි . එය අසීරුය .
බය
දඬුවමට බයෙන් වැරදි නොකර සිටීම , අතීත රාජාණ්ඩු වල තිබු ක්‍රමයයි ( තෙතිස් වද ) . නමුත් නූතන සමාජීය සංස්කෘතික පරිනාමයත් සමග සංකල්පයමය වශයෙන් ලොවම එතනින් බොහෝ දුර ඇවිත් ඇත .
ශ්‍රී ලංකා පොලිසියට අප බයය , ඒ අපරාධ වලට දඬුවම් කරාවියැයි කියා නොවේ . පොකට්ටුවේ තියන තුට්ටු දෙකට තට්ටු කරයි කියාය . ඒ නිල ඇඳුම සංකේතවත් කරන්නේ නීතියේ ආධිපත්‍යයයි . ගෞරවය ලබා ගන්නා ක්‍රම දෙකක් ඇත , වර්ණපාල ක්‍රමයද ඉන් එකකි . මෙහිදී එය පාවිච්චි කිරීමද එතරම් වරදක් නැත . ඒ බය ඇතිවූ පසු , පොලිසියේ presence එක වැඩි කිරීමෙන් අපරාධ කිරීමට ඇති බය නිරතුරු මතක් කර දිය හැක . එසේ නොමැතිව නම් අඩියෙන් අඩියට පොලිසියෙන් දැම්මත් වැඩක් නැත .
අනෙක අප සියලු දෙනාගේ පැතුම මෙවැනි අපරාධ ඇති වීම වැලැක්වීම මිස , වුවහොත් ඉක්මනින් අපරාධ කරුවා අල්ලා ගැනීම නොවෙයි මම සිතමි. එසේ නම් එය කල හැක්කේ කෙසේද .එය කල හැක්කේ , බය පමණක් නොව , ලැජ්ජාව ද ඇති කිරීම මගිනි .
ලැජ්ජාව
ළමයෙකුට කන විදිය , කතා කරන විදිය , ශරීර කෘත්‍ය කරන විදිය, නිවැරදිව පාර පනින විදිය හා සම්බන්ධ හර පද්ධති ඉගැන්විය හැකි නම් ලිංගික සදාචාරය ඉගැන්විය නොහැක්කේ මන්ද ? එය පාසල් වල ලිංගික අධ්‍යාපන විෂය යටතේ ඉගැන්විය යුතුමය . මේ හරයන් සමාජයට පත්තියම් වෙන්න පරම්පරා දෙකක් තුනක් යාවී . ඒත් එය නිසැකවම වේවි . (අද ඇති මුලික ප්‍රශ්නය මෙවැනි හිංසනයන් , හැසිරීම් ගැන විවෘතව කතා කිරීමට , අපි එවැනි අපචාර කරන එකාට වඩා විටෙක ලජ්ජා වීමය ) . මාධ්‍යයේ වගකීම එයය , මිනී විකිණීම නොවේය .
මෙවැනි දේ සමාජය නොරුස්සන දේ නොව නොඉවසන දේ බවට පත්කළ යුතුය ( untolerable instead of dislike ). ඒ සඳහා සමාජ ආකල්ප ගොඩනැගිය යුතුය . ගමේ පන්සලේ බණෙහි , පල්ලියේ දේශනයෙහි මේවා ගැන කතා කල යුතුය ( තම කිල්ලෝට වලත් හුණු තියාගෙන මෙය කළ හැකිදැයි යන්න ද ප්‍රශ්නයකි )
ඉන් ඔබ්බට
අපරාධ වැලැක්වීම ගැන ප්‍රසිද්ධ කියමනක් නිව් යෝක් නුවර පුරපති මයිකල් බ්ලුම්බර්ග් කළේය . ඔහු කීවේ බ්රුක්ලින් පෙදෙසේ අපරාධ බහුල පෙදෙසක් ගැන සඳහන් කරමිනි . ඔහු කීවේ "කොල්ලෝ ගල් ගහලා ජනේලයක වීදුරුවක් කැඩිලා තිබ්බොත් , මම රජයේ වියදමින් එය සදා දමනවා . නැතිනම් හෙට තව ජනෙල් දෙකකට ගල් ගහයි . ඊට පස්සේ එකෙන් ඇතුලට පනියි " කියාය . මෙහි ඇත්තක් නැත්තේම නැත . වෙනස් කම් ස්ථාපිත කිරීමේ ( විශේෂයෙන් ඇවතුම් පැවතුම් හෝ සංස්කෘතික ඝනයේ) ප්‍රධාන ක්‍රමෝපායක් වෙන්නේ එහි සාර්ථකබවේ උදාහරණ ( success stories) ප්‍රචලිත කිරීම හා අසාර්ථකවූ සිදුවීම් පෙනෙන්නට නොසැලස්විමය. නමුත් මළකුණු විකුණන්නන් කරන්නේ කැඩුණු ජනේල සාමාන්‍ය කරණය කිරීමය .
මගේ අදහස මේ අපරාධ නැවැත්වීමේ මුල් පියවර , අප පවුල් තුලම ගත යුතු බවය. මේ මරණය ගැන දුක් වෙන , ආවේග ශීලි වන අප, මේ ගැන අපේ ගෙවල් වල කතා කලේ මොනවාද? නිත්‍යා ගේ වයසේ , සේයා ගේ වයසේ අපේ පොඩි එවුන් දැනුවත් කලාද මෙවැනි පුද්ගලයෙකුට අහු වුනොත් මොනවා කරන්නද කියා? පොඩි එවුන් ගැවසෙන තැන් වල ගැවසෙන්නවුන් ගෙන් උන් පරිස්සම් කර ගන්න අපි යම් වැඩ පිළිවෙලක් යෙදුවාද? අඩුම තරමේ මෙවැනි ආසාවන් විකෘති ආසාවන් බව . එවැන්නන් රෝගීන් බව වත් අපේ කොල්ලන්ගේ හිත් වලට කාවැද්දුවාද ?
අනෙක් හැම දේ වාගේම , අපරාධ වලක්වා ගැනීමේ ඉදිරි මෙහෙයුම් වළල්ල (Front defence line) , අපි මය
Subscribe to:
Posts (Atom)
