පෙලි :සමහර වෙලාවට සමහරෙක් කියන කතාවක් තමයි, අපි නම් පොලිටික්ස් වලට නෑ කියන එක. ඒත්...
ඔන්න මං නම්
පොලිටික්ස් වලට නෑ
ඒ උනාට
එහෙම බෑ
පොලිටික්ස් වලට
මා
ඕනෑ
බේගල් තර්ක ගුලි ගිලින්න
සිල් රෙදි, උදලු තල ,ටකරන්
සහන හිරිපොද වරුසාවට
තෙමෙන්න
මහා බල ජනතා පරමාධිපත්ය
දන්සල් දොරෙහි
පෙළ ගැහෙන්න
එ මහතුන් හිත් පිරෙන්න
මහජන කැමෑත්ත මලු පිරෙන්න
දසන් පෙන්වා සවන් දක්වා
ඇලවුනු මුහුනු පවුරු පුරා
සිහි කරත් මට
මේ ප්රජාතන්ත්රවාදී රාජ්ජේ
මගේ කැමැත්තට ඉඩක් නෑ
මං පොලිටික්ස් වලට නැති උනාට
එහෙම බෑ
