බොහෝ කාලේකට, අපේ අප්පච්චිට සන්තකේටම වාහනේකට කියලා තිබ්බේ පුෂ් බයිසිකලයකි. එතරම් වාහන බහුල නොවූ එකළ , නුගේගොඩ මහා මාර්ග දිගේ පමණක් නොව හයිලෙවෙල් පාර දිගේද බයිසිකලයෙන් ගමන් යාම එතරම් අපහසු කාරණයක් නොවීය . මේ කියන්නේ එතරම් ඈත නොව අසූව දශකය මුල් භාගයේය .
ඒ දවස්වල බොහොම අමාරුවෙන් බැංකුවෙන් ණයක් අරගෙන , අපේ ගෙදර හදන කාලයයි . හැම දාම හවස අප පදිංචි වී සිටි නාවල ඇළ අසළ කුලී නිවසේ සිට හැදෙන අලුත් ගෙදර වැඩ බලන්නට , අප්පච්චි බයිසිකලයෙන් යන්නේය . නමුත් ඒ තනියම නොවේ . අම්මා ලගේජ් එකේ හිඳ ගෙනය . මම බාර් එක මතය. කන්දක් ආවිට අම්මා බයිසිකලයෙන් බසින්නීය . අප්පච්චිත් බැස්සත් මම බාර් එක උඩමය . එවැනි ගමන් කියක් ගියාදැයි මට හරියටම නිනව්වක් නැත . එහෙත් මුලින්ම එසේ ගිය දවස නම් හොඳටම මතකය . මේ බාර් එක උඩ අල්ලා ගන්නට කිසිත් නැතිව හුලන් වැදී වැදී මම ගියේ පරාන බයෙනි . එසේ ගොස් අප්පච්චි දවස් කුලිය බේරා එන තෙක් මම, වැලි හලා ඉතුරු උන තිරිවාන ගල් ගොඩේ , නැවත ගෙන යාමට ගල් කැට එකතු කරන්නෙමි. මැණික් වෙන්නේ තිරිවානාමැයි, අත්තම්මා දිනක් කියා තිබුණි . ඒ ගල් ගොඩේ මා සෙවුවේ ඒ වැනි මාණික්‍යයකි.
දිනක් තනියම අප්පච්චි බයිසිකලයෙන් හන්දියට ගොස් එන විට, වෑන් එකට ඉඩ දී අයින් කරන්නට ගොස් බයිසිකලය පෙරලි ඇද වැටි තිබුණි . තමන්ගේ නූතන විද්‍යාත්මක දර්ශනය අනුව පැනඩෝල් පෙති දෙකක්, අම්මාගේ පෙරැත්තයට තැම්බූ වෙනිවැල්ගැට වතුර සමගින් බොන ගමන් ඔහු කීවේ . "තනියම පැදපු නිසා බැලන්ස් නැති වුනා කියලාය ."
එදා මට ඒ කතාව නොතේරුනි . පහු කලෙක කර දඬු උස්වී බයිසිකල් පදින්න , මෝටර් සයිකල් පදින්න පටන් ගත්තත් මේ කතාව මට නොතේරුනි . නමුත් අද දරුවන් ලැබ , ඉහ නිකට පැහී ගෙන එද්දී මට මේ කතාව වැටහෙන්නට පටන් ගෙන ඇත .
ජීවිතේ බැලන්ස් කරන්නේ දරුවන්මැයි .
පලි : කොහෙන් ගියත් මැක්කාටම එනවා කියලා හිතන්න එපා . මේ කතාව ලියන්න පටන් ගත්තේ අර පරණ පීල් ඇඩ් එක බලලා ...අර "මෙන්න තුන් දෙනෙක් බයිසිකලේ ඩබල් දාලා යනෝ " කියලා කෑ ගහන්නේ ... රනිල් , මයිත්‍රී ඩබල් දාලා යන එකේ ලගේජ් එකේ , තව කව්දෝ ඉඳගෙන යනවාදෝ කියලා හිතිච්ච නිසා ...ඒත් මේ පරණ කතාව මතක් උනා .. ඒ දිගේ හිතන්න ගත්තා ..නමුත් අර මුල් කතාවත් සඳහන් නොකලොත් අඩුවක් කියලා හිතුනා
හෙහ් හෙහ් ඉතිං රනිලුයි මෛත්‍රීයි කැමතියිනේ අර ටැන්ඩම් බයිසිකල්වල වගේ කීප දෙනෙක් දාගෙන පදින්න. හැබැයි ඉතිං කව්රුහරි ආපස්සට පදින්න ගත්තොත් තමා පුරස්නේ.
ReplyDeleteහැබැයි චේන් එකට පොලු කෑලි දාන එවුන් නම් වැහි වැහලා වගේ
Deleteමේ කතාව නං තේරුනේ නෑ
ReplyDeleteඑහෙම කියලා ලොකු තේරුමක් නෑ. අප්පච්චිට (ඇත්තටම මගේ පියා)ඩබල් දාගෙනම ගිහින් තනියම ගියාම බැලන්ස් නෑ.ලමයින්ව තියාගෙන ජීවිත පාරේ බයිසිකලේ පදින්න ගත්තමත් එහෙමම තමා
Deleteමට මතක් වුණා අපේ ඉස්කෝලෙ පොතක තිබ්බ, අර ගෙනියන්න බරක් නැති නිසා හයියෙන් ඇවිදගන්න බැරුව, තමන් සමග කතා කරමින් යන පුද්ගලයාගේ වේගයට අනුගත වෙන්න සැරින් සැරේ දුවන්න සිද්ධ වෙච්ච කතාවක්. මතක නැහැ, කතාව, ඒත් ඔය සිද්ධිය මතකයි.
ReplyDeleteජීවිතේ බැලන්ස් කරන්නේ දරුවෝ නේන්නම්. හැබැයි එක වයසකදි විතරයි මට හිතෙන්නේ. දැන්මම කියන්න කල් වැඩියි. මිතුරන් එක්ක මධුවිතක් තොල ගාද්දි, වැඩ වැඩි කමට ටිකක් රෑ වෙනකං කාර්යාලයේ රැඳෙද්දි, කම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන බ්ලොග් ලිස්ට් එක එකින් එක කියවගෙන යද්දි, දැන් ඇති නවත්තන්න ඕනේ කියන බැලන්ස් එක ගේන්නෙ ළමයි තමයි.
හාහාහා මරු උදාහරණ .
Deleteදරුවෝ ලැබුනාට පසුව , මුළු ජීවිතේම බැලන්ස් කරන්නේ උන් . නාකි වෙලා මැරෙනකන්ම මම හිතන්නේ
@තිසර
Delete//ඉස්කෝලෙ පොතක තිබ්බ, අර ගෙනියන්න බරක් නැති නිසා හයියෙන් ඇවිදගන්න බැරුව, තමන් සමග කතා කරමින් යන පුද්ගලයාගේ වේගයට අනුගත වෙන්න සැරින් සැරේ දුවන්න සිද්ධ වෙච්ච කතාවක්. //
ඔහොම එකක් යන්තම් මටත් මතකයි වගේ. කැලෑ හඳේ අන්දා ටද ඕක උනේ?
බයිසිකලේ ඉස්සරහ රෝදෙට කකුල අහුවෙලා නැද්ද ?
ReplyDeleteඅපොයි ඔව් ඊට වඩා අකරතැබ්බත් වෙලා තියෙනවා . එක සැරයක් සරම අහුවුණා චේන් එකට .. මාර ප්‍රශ්නයකට මුහුණ දුන්නේ එදා නම්
Deleteවිළුඹ ඇඹරිලා මාස දෙකක් ගෙදරට වෙලා හිටිය මොන්ටිසෝරි යන කාලෙ.. හි හි .. ( ඉස්කෝලෙ යන කාලෙදිත් එහෙම අකරතැබ්යක් උනා නං කොච්චර වාසනාවක්ද කියල අවුරද්දකට සැරයක් විතර හිතනව බොහොම දුකින්... හි හි)
Deleteදරුවන්ට දෙමව්පියනුත් දෙමව්පියන්ට දරුවනුත් දෙපැත්තටම බැලන්ස් වීමෙන් ජීවිතය වඩාත් බැලන්ස් වනු ඇත...
ReplyDeleteඅර පලි යේ ලියා තිබු ඩබල් දැමිල්ලේ පස්සෙන් හෝ ඉස්සරහින් යන්නේ කවුදැයි හරිහැටි නොපෙනීම පට්ටම අබග්ගයකි...
නොදන්න තරමට හොඳයිද කියලත් හිතෙනවා වෙලාවකට
Delete