සොපි නෝනා
ඇඬුවේ
මළ ගෙවල් වල
පෙට්ටිය ගේන කොට
මිනිය උස්සන කොට
නෝට්ටු කොළ වලට
පුරුද්දට
මධ්‍යහන පුවත් අහලා
විජේ කුමාරතුංගට වෙඩි තියපු දවසේ
ඈ හැඬුවාය ඇත්තටම
කවදා හිමි නොවෙන
ඒත් රෑ මැදියම
සිතට හිමින් තුරුළුවෙන
වීදුරු හීනයක් බිඳී
සොපියගේ මිනිහා සෝමදාස
මැරුණේ බීලම
කොරියාවේ ජිනේ ගේ දහජරාව
ඇඬුවේ නෑ ඈ
එදා
දුක තුරුළු කරන්
උරගත්තා කඳුළු
මිදුළු තුලටම
සොපි
දැන් කරන්නේ නෑ
ඒ රස්සාව
පාලර් වල ඉඩ කොහොමත් නෑ
දුකට
සෝකෙට මිසක් සාතිශ්‍ය
පලි
ඒත් ඇවිත් හිටියා
සොපි
කඩුවෙල උසාවියට
පහුගිය සතියේ දවසක
පපුවට ගහ ගහ
පරණ පුරුදු විදියට
ඇඬුවා
ඈ
ජාතිආල මහත්තයෙක්
අත අල්ලන්
කියන කන්
අයින්වෙන්නයි
මාධ්‍ය මහතුන්ට
දී ඉඩක්
නානසාරයත් සොපියට කෙලියද?
ReplyDeleteඑහෙමද ?
Deleteහැබැයි මේ සොපි නම් ෆැන්ටසි හීන දැක්කට සිල් බිඳ ගත්තේ නැහැ
Wimale... The great marketer
ReplyDeleteඋගේ දක්ෂකම , විකුණන ඒවා ගන්න එවුන් හරියටම සොයා ගැනීමට හැකිවීමයි
Deleteසොපි ගෙන මරුවට කියලා තියෙනවා. සොපී දැන් නිස්ශබ්දයි වගේ...
ReplyDeleteමොන සොපිද මේ
Delete:D
ReplyDelete:)
Delete