ඔන්න දවසක් එක යට රත්නේ යාලුවෙක් (මතකනේ යාළුවාව https://pinchpoints.blogspot.hk/2016/06/blog-post_12.html ) එක්ක සෙට් වෙලා පොඩි අල්ලාප සල්ලාපයක් ය . ඒ පෙරදිනයේ රාත්‍රියේ මිතුරු හමුවක් හෙවත් සැට් වීමක් පිළිබඳවයි
ඒ අඩේ .චන්දරේ ...ඊයේ වැඩේ නැගලා ගියාලු නේද
ඔව් ඔව් .. වැඩේ මරුවටම ගියා .. දෙකක්ම ඉවර කළා කට්ටිය .
ඔව් ආරංචියි ...
හැබැයි මේ කොල්ලෝ කියලා ඉන්නවා කිසිම වැඩක් නෑ ... ඒකෙන් තුන්කාලක්ම බිව්වේ මම තනියම ... මුන් කොල්ලොද අප්පා ?
එතකොට උඹයි තුන් කාලක් ක්‍රියා කළේ ?
එහෙනං
මේ සුද්දා තැන තැන කියන්නේ සෝඩා බිලක් ගෙවන්න තියෙනවාය ...ඔක්කොම එවුන් මාරු වුනාය .... දැන් මුදලාලි ඒක ගෙවන්න කවුරු හරි එකෙක්ව හොයනවාය කියලා ...
හඃ ... ඒ ඒ ඒවට නම් මම නෑ ..බිව්ව එවුන්ට උත්තර බඳින්න කියහන් සුද්දාටයි උගේ මුදලාලිටයි
ඒ කියන්නේ උඹ නීට් අරක්කු විතරද බිව්වේ
පිස්සුද බං , අපි එහෙම බේබද්දෝයෑ ? .. අපි සිස්ට සම්පන්න විදියට ජෙන්ටල් මෑන්ස් ලා වගේ සෝඩා අඟලක් දා ගෙන , අයිස් කැට දෙකක් දා ගෙන පිළිවෙලකට බිව්වේ .
සෝඩා විතරක් බිව්ව එවුන් හිටියද ?
පි පි පිස්සුද මලේ , ඒ වගේ අපරාධ කාරයෝ අපි සැට් කර ගන්නවද මේ වගේ මානුෂික මෙහෙයුම් වලට
එතකොට සමානුපාතිකව බලපුවහම , උඹ අරක්කු වලින් තුන් කාලකට වග කිව්වානම් , සෝඩා වලින් වැඩි හරිය බීලා තියෙන්නෙත් උඹ නේ
හැහ් ... එ එ එහෙම කොහොමද ...ඒ අර ඈත කවුද බං එන්නේ
කෝ , කවුරුවත් ....ඒ උඹ කොහේද ඔය ශේප් වෙලා යන්නේ ?
පලි :
පසු ගිය දිනෙක , අයෙක් යුද්ධය නිමා කිරීමේ ගෞරවය තුන්කාලක්ම තම පිඟානට බෙදා ගත්තෝය . මෙහෙම ගියොත් ප්‍රභාකරනුත් ඊට ගෞරවය ඉල්ලා සිටිනු ඇත . දුක යනු මෙවැනි කට මැත දොඩවන්නන් දෙඩ වීම නොව , ඒ දෙඩ වීම් ප්‍රචාරය කිරීමය
කාපූ බීපූ අය කියන ඒවා කව්ද අනේ ගනන් ගන්නේ... එවෙලෙත් කාලා බීලා උන්නද කව් ද දන්නේ ...
ReplyDelete