සංචාරයේ අවසන් සති අන්තයේ ඔහේ ඇවිදගෙන යනකොට , මුහුද ඉව කර කර , ඔන්න අපි ආවා වෙරලක් අද්දරට . මහා කාස්ටක අව්ව . ඒත් අව්වෙන් මෑත් වෙච්ච ගමන් හිරිගඩු පුප්පන හීතල .එක පාරටම කණේ වැටුනේ පියානෝ වාදනයක් . පවුරේ කොනටම වෙන්න තියපු , පාට පාට පියානෝවක් ඉස්සරහ ඉඳගෙන ඉන්නවා කොන්ඩේ දිග හාදයෙක් .
ඔහු වාදනය කරනවා ඉතා මිහිරට . ඔහු ඇස් වහගෙන වාදනය කරනවා .
මට මතක් උනා ගුවන් යානයේ සඟරාවක කියවපු මේ පියානෝ ගැන කතාව (http://www.streetpianos.com/
. පාට පාට පියානෝ , ප්‍රසිද්ධ තැන් වල තියපු කලා කාරයෙක් ගැන (මෙන්න ලින්ක් එක ). කලාව උපදින්නේ මිනිස්සුන්ගේ ඇතුලෙන් . ඇතැම්විට කලා කාරයා ඊට බාධාවක් . මේ වැඩෙන් රසිකයා හා කෘතිය අතර දුර අඩුවෙනවා නේද කියලා හිතෙනවා .
ඔහුගේ ඉස්සරහ වයසක කාන්තාවන් දෙදෙනෙක් තාලය අල්ලනවා . පොඩි එකෙක් ඔහු ළඟටම වී බලා ඉන්නවා . ඔහු අවසාන ස්වරයත් වාතයට මුසු වෙලා , මුහුදු හුළඟට පාවෙලා යනවා .
ඔහු නැගිටිනවා . පොඩි එකාට හිසෙන් සන් කරනවා අසුනෙන් ඉඳ ගන්න . පොඩි එකා ඉඳ ගෙන ඔහු දන්න තාලයක් (හැපී බර්ත් ඩේ ටු යූ ..) වාදනය කරනවා . ආච්චි ලා දෙන්නා යන්න නැගිටිනවා . ඔවුන් මාව පහු කරගෙන යන ගමන් , මද හිනාවකින් සංග්‍රහ කරනවා . අර මුල් වාදකයා පරණ වෙච්ච මල්ලක් කරේ දා ගෙන , බයිසිකලයකුත් තල්ලු කරගෙන එනවා .
"ඔබ එය රසවින්දද ?"
"ඔව් ඉතා රසවත් "
" ඔබ කැමතිද මගේ සී ඩී තැටියකට ?"
"අතේ සල්ලිත් නෑ ..කීයද ?" ( මගේ ශ්‍රී ලාංකිකකමද මන්දා ඉස්සර වෙනවා )"
" නෑ සල්ලි එපා , ඔබ අරන් ගිහින් රස විඳින්න "
ඔබත් රසවිඳින්න
මට එක පාරටම , අවුරුදු ගානකට පෙර , කොළඹ , ඉන්ධන පිරවුම් හලක , තමන්ගේ වියදමින්ම මුද්‍රණය කළ නවකතා පොත් කීපයක් මල්ලක දා ගෙන, හුලං පොම්පේ ට දික් ගැහුණු පෝලිමේ, වාහන ගානේ ගිහින්, විකුණන්න හදපු කතුවරයෙක් මතක් වෙනවා
ඒ පොත් නම් මාත් සල්ලි දීලා අරගෙන තියෙනවා.. කියවන කොට තමයි තේරුනේ ඒවා එහෙම විකුණන්න වෙලා තියෙන්නේ ඇයි කියලා.. පස්සෙ දවසක මම ඔය මනුස්ස්යට ඔය ගැන කිව්වා.. ඊට පස්සෙ ඉඳන් මිනිහා එතන නෑ..
ReplyDeleteඔන්න අර මිනිහා අතුරුදහන් වෙන්න හේතුව හොයා ගත්තා :)
Deleteමිහිරි පියානෝ වාදනය රස විඳිමින්...
ReplyDeleteමටත් ඉස්සර හීනයක් තිබ්බ මගේ වියදමින් පොතක් ගහල මමම විකුනන්න ඕනි කියල .
සමහර හීන හැබෑ වෙනවා තිලකේ . මම නම් හිතන්නේ ඒක මංගල කරුණක්
Deleteඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නකොට ලෝකෙම අමතක වෙන ගතියක් ආවේ.. ටක් ගාල ඇස් දෙක ඇරල වටපිට බලලා ආවා මේ කොමෙන්ට් එක දාලා යන්න.. ආපහු ගිහින් නිදහසේ අහගෙන ඉන්න ඕනි..
ReplyDeleteඇත්ත
Deleteලස්සන මියුසික් එකක්...
ReplyDeleteඔව්
Deleteniyamayi
ReplyDeleteකතාවත් එසේම රස විඳින්න ඇතැයි සිතමි
Delete/* ආ බ්ලොග් සටහන් කියන්නේ ඒවට නේද ? */
ReplyDeleteසමහරුන්ට ඒක අමතක වෙලා.
ඇත්තටම බ්ලොග් සටහන් නොව, බ්ලොග් විය යුතුයි. නැත්තන් නිකං වට රවුම වගේ. මොකද, බ්ලොග් කියන වචනේ ලොග් කියන්නේ සටහන නොවැ?
ඔබ හරි . ඇක්සිඩන්ට් එකක් හැප්පිලා
Deleteකොළඹ , ඉන්ධන පිරවුම් හලක , තමන්ගේ වියදමින්ම මුද්‍රණය කළ නවකතා පොත් කීපයක් මල්ලක දා ගෙන, හුලං පොම්පේ ට දික් ගැහුණු පෝලිමේ, වාහන ගානේ ගිහින්, විකුණන්න හදපු කතුවරයෙක් මතක් වෙනවා//////// I remember him
ReplyDeleteකොච්චර පුංචි ලෝකයක්ද ?
Deleteලියන වචන නිශ්පලයි මේව ඇහුවම.
ReplyDeleteඒ කියන්නේ , ලියලා වැඩක් නෑ කියලද ?
DeleteHmmm
ReplyDeleteHmm
ReplyDeleteබෝවෙන ලෙඩක්ද මන්දා
Deleteකෙටිකතා කිහිපයක් ලියපු මිනිහෙක් විදියට මට ඒවා බ්ලොග් එකේ පලකරලා ලැබෙන හිට් ගාන 300-400ක් වෙනෝ.. නමුත් ඒවා පොත් විදියට ගැහුවොත් ඒ ගාන වත් විකුනන්න අමාරු වෙයි..
ReplyDeleteලයික් එකක් දැමීමේ ආවස්ථික පිරිවැය , පොතක් මිලදී ගැනීමට වඩා අඩුයි නේද
Delete