දස මසක් කුසේ දරා
දුක් විඳ මා හදා වඩා
අම්මේ
මා
ඔබ සිහිකර
දැම්මා ඉස්ටේටස් එකක්
මුහුණු පොතේ
මතක ඇතුව බලන්
හොඳේ
***
අම්මේ
අද
මව්වරුන්ගේ දිනයලු
බංගලාවේ
බේබිලා උදේ නෝනාට
දුන්නා හාදු
බෙල්ලේ එල්ලී
කෑමට ලුණු පොඩිත්තක් වැඩිවෙලා
ලොකු සරූත්
මතක් කළා
අම්මව
මුළු අවුරුද්දෙම එක දවසක් විතරක් අම්මා. අනික් හැම දවසෙම සුම්මා.
ReplyDeleteකියලා වැඩක් නෑ
Deleteලොකු සෑර්ගේ අම්මට...
ReplyDeleteහී...හී දැකපු ලස්සනම මව්වරුන්ගේ සුබ පැතුමලු.
ReplyDeleteඅම්මලා මතක් කිරීම
Deleteඅම්මා කියන්නේ හැම දේටම උල්පත. හොඳක් කලත් , නරකක් කලත් බැනුම් අහන්නේ අම්මා පමණයි. ලස්සන අදහස. මම මෙය ශ්‍රී ලංකා විත්ති - 2015 ජූනි කලාපයේ උපුටා දක්වනවා. ඔබ කැමති උනත් නැතත්.
ReplyDeleteවැදූ අම්මටයි නීල ආකහේටයි හොඳක් නං නෑ. වැස්සත් බනිනවා පෑව්වත් බනිනවා. - ගමක පැරණි කියමනක්
Deleteස්තුතියි. කිසි විරෝදතාවයක් නැත. මේ පරන නිහාල් ද අලුත් වැඩක් ද
Deleteඊයේ මව්වරුන්ගේ දිනය මා ඉතාමත් අපහසුතාවයකටත් සන්තාපයකටත් පත්කල දිනයක් විය . මාගේ පුතු සමඟ කාර්එකෙන් ගමනක් යන අතර තුර රේඩියෝ චැනල් මාරුකර ඉවරයක් නැතිව ගියේ හැම චැනල් එකේම අම්මලා මතක් කල නිසා. මම රියදුරු අසුනේ සිටිනිසා පුතාගේ මුහුණ බැලීමට නොහැකිවුවත් . මම කලදේ ඔහුට තේරුම් ගියා දැයි නොදනිමි. මා පුතුගේ ආදරනීය අම්මේ ඔබට නිවන් සුව පතමි.
ReplyDeleteI'm truly sorry Anonymous. Never thought of this side.
Deleteඔබ මා සිත වෙන මානයකට ගෙන ගියා
Deleteදැන් ට්‍රිපල් පර්සනැලිටි එක විලාසිතාවක් වෙලා...
ReplyDeleteඒත් කාර්‍ය බහුල ජීවිතයක ගිලිලා ඉන්න අයට මේ මතක් කිරීම් අස්වැසිල්ලක් වේවි නේද?
අවුරුද්ද පුරාම අම්මා තාත්තා ගැන සෙවිල්ලෙන් ඉන්න දූ පුතුන්ට නම් ඉතින් මේවායේ වෙනසක් නෑ
ඒ කොහොම වෙතත් ලංකාවේ අම්මලා කියන්නේ නම් බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්...
ඒ වෙර වීරිය, දරාගැනීමේ ශක්තිය, උපේක්ෂාව, ආදරේ, කරුණාව මම වැඩිය දැකල නෑ වෙන රටවල
මා පොඩි කාලේ බස් එකට නැගි අයෙක්ගෙන් ඔහුගෙ අතේ අම්මා කියා පච්ච කොටා ඇත්තෙ ඇයිදැයි ඇසුවා. ඔහු කීවේ අමතක නොවෙන්න කියා. මේ එක දිනයකින් කරන්න්නේ ඉතුරු දවස් වලට අමතක කරන්න අවසර දීමද කියලත් හිතෙනවා
Deleteකවි දෙකම පට්ට.. කවියක වචන දහස් ගනනිකින් කියා නිම කරන්න බැරි හැඟීමක් තියෙනවය කියන්නේ නිකම් නෙමෙයි නේ.. මේ පට්ටම උදහරණ දෙකක්.. ඇක්සොලන්ට්...
ReplyDeleteතැන්කු
Delete~~මහළු මඩමක ඉන්න අම්මාට ~~
ReplyDeleteඅසරණ බව දුටිමි නෙත් යුග පුරාවට
නෙත්යුග හිනා සෙව් වග පෙනේ මනාවට
වෙසතුරු බව නොවෙයි හදවත පුරාවට
සුසුමක ඉඟිවැකිය දුටුවෙමි හිනාකට
..
ඉසි කෝ මාන පිරිදිවියක් ගෙව්වාද?
දැසි දස් නෑ පිරිවර මැද උන්නාද?
වතුපිටි හරක බානක රඟ දුටුවාද?
හිමි නැති පෙමක පැටළුණු සිත වින්දාද?
..
මුදු වදනකට කන් පෙති නුඹේ සොයනවද?
රස මසවුලක රස සිහිනෙන් දැනෙනවද?
මුනුබුරු දරුන් වත් ඉඳහිට වත් එවා
දොර දන් දෙන්න වෙසතුරු මෙන් හිතුවාද?
මතු බුදු වෙන්න දරුවන් දන් දුන්නාද?
..
තනිවුනු නෙතට දුක කඳුලක් නොම ඒවා
තනිවුනු හිතට දුක් සුසුමක් නොම ඒවා
මුනුබුරු දරුන් ඉඳ හිට වත් ඒවා
මතු බුදු වෙන්න මතු දිනකදි හැකිවේවා
දිනෙක අපේත් ඉරනම වෙයිද කියාත් හිතුනා
Deletehmmm dhAnma suudaanamwa imu
Deleteහොඳටත් නරකටත් මිතුරගෙත් හතුරගෙත් මතක් කරන එකම කෙනා..
ReplyDeleteඒ අපේ ලේ වලම ඉන්න නිසා වෙන්න ඇති.
අනේ මංදා..
ඔහොම හරි මතක් වෙන එකත් ඇති.
හ්ම්ම්
Deleteලුණු ටිකටත් අම්මාව මතක් කරනා හාමු
ReplyDeleteවහ ටිකක් කලවමට දාලා දෙන්න හිතිවිලි ගෙනාපූ
නෝනා හාමූ තමයි හාමූ අම්මෙ අපි හරි පොඩි මිනිස්සූ
අම්මලාගේ දිනක් මොකටද හැමදාම අම්මගෙ වුනූ
අපි හරි පොඩි මිනිස්සු හ්ම්ම්
Deleteඅන්තිම පද තුන නං පටේ පට්ට
ReplyDeleteකියපු නොකියපු කතා ගොඩක් එතන දැක්ක
ස්තුතියි
Deleteසමහරු එකදිනයක් විතරක් මොකටද අපි හැමදාම ආදරෙයිනේ කියල දිනයක් තියන එකට බනිනව.
ReplyDeleteඒත් ලංකාව තුල වුනත් දුර ජීවත්වන සමහරු අම්මලට කතාකරන්නෙ කලාතුරකින් කාර්ය බහුලත්වය නිසා, ඉතින් අවුරුදු සහ/හෝ නත්තල් හැර තවත් විශේෂිත දිනයක් තිබීම හොඳයිනෙ
එහෙම නෙමෙයි .. මම කියන්නේ මතක් කිරීමට එක දවසක් වෙන් කිරීම තුලින් අනික් දවස් 364 අමතක කිරීමට හේතුවක් ලබා දෙනවාද කියලා ..
Deleteසුප්ප ...යකෝ......
ReplyDeleteකෙටියෙන් ම......
මහා පොලව වගේ සියලු බර ඔසවන අම්මේ.....365 න 1 ද ඔබට දෙන්නේ,,,,
ReplyDelete