ප්‍රීති ප්‍රීති
අද වෙසක්
දවල්ට උයන්න ඕනේ නෑ ප්‍රීති
කමු ටවුමේ දන්සලෙන්
මොණර කඩදාසි දෙකක්ම
දුන් එකේ ලිස්ට් එකට
පෝලිමේ නොඉඳ
යමු පෑල දොරෙන්
වෙනම මේසයක් තියෙනවා
පිටිපස්සේ
නැත්නම් දාඩිය ගඳත් එක්ක
කන්න බෑ
බත්
දන් වුනත්
එන ගමන්
කූඩු අරගෙන එමු
හවසට පත්තු කරන්න
අස්ප ගණන් කියාවි
හෙට්ටු කරන්න ඕනේ
තදින්
කොහෙද වෙසක්
වැව අයිනේ පෝලිමට
කූඩු විකුණන උන්ට
කුඩු පත්තු නොකරන
උන්ගේ පොඩි උන්ට
නේද
කලින් උයලා තියලා
මැගී අම්මා ලෑස්ති වෙන්න
අද වෙසක් හින්දා
රෑට අපි වෙජිටේරියන්
ගිහින් බස්සන්නම්
පන්සල ගාවට
හැබැයි පාර්කින් නැති නිසා
නවත්තන්නේ
ටිකක් ඈතින්
හොඳේ
මොඩර්න් වෙසක්
ReplyDeleteThis comment has been removed by the author.
Delete:)
Deleteදැන් වෙසක්!
ReplyDeleteමැගි පන්සල් ගියාමද?
Deleteපන්සල ලගටවත් යන්න බැරි අය..
ReplyDeleteපන්සල් හදන කොට බුදු මැදුරු දාන සාලා නෙමෙයි ලොකු කාර් පාක් එකක් නොහදන වරද
Deleteටොයෝටා ඇක්සියෝ හයිබ්‍රිඩ් එකකින් අද උදේ අපේ ගේට්ටුව ලඟට ආව මගේ යාලුවෙක් අහනවා දන්සැල් වඳින්න යමුද කියලා.
ReplyDeleteවෙසක් දවසේ උගේ මෝට හැමැන්නීම නොසුදුසු නිසා, මම බෑ කිව්වා.
මන්ද නාව කාරනාව, යන්න ඒ වන්දනාව
Deleteදන්සල් දෙන අයට පින් ලැබෙන්න නම් කන අයත් ඉන්න ඕනෑ නේද? එනිසා දන්සල්වලින් කෑම ද යහපත් ක්‍රියාවකි.
ReplyDeleteමේ දන්සල් දෙන්නේ කන්නට නැති අයට නොවේ. කන්නට නැති අයට එක දිනක් දීමෙන් ඇති විශ්ල ප්‍රයෝජනයක් නැත.
මාත් රසික වගේ ලින්ක් දානවා ඔන්න.
Deletehttp://madhumadhavi135.blogspot.com/2015/05/blog-post.html
දන්සල් සහ පින් පිලිබඳව ඇත්තේ වෙනස් අදහසකි
Deleteමොණර කොල මදිය. වෙහෙරගල වේල්ල තියෙන කොළයක්වත් පින් පතා ආධාර පිණිස?
ReplyDeleteපින් කෙසේ වෙතත දන් සැල් නම් I miss so much! :D
ReplyDeleteමමත් යන්නේ බඩ පැලෙන්න කන්න හෙහ් හෙහ් දැන් අවුරුදු 2ක් මිස් වුණා :(
Delete