නන්දිකුදාල් සිට අවුරුදු හයක් දුරින්
සය වසකට පෙර
එක් හිමිදිරියක
ඇන තියා ගත් මිනිහෙක්
තවමත්
කලපුවක් දෙස බලාගෙන
කිවුල් දියේ පාවුනු
මිනී නම් සුද්ද කරලා
ඒත් පුළුටු දුගඳ
තාම වටපිට
සුසුම් මාරුත
අඹරවයි
තල් කරටි
ලඟදි කවුද ඇවිත්
පොරවලා ගිහින්
කොඩියක්
සිංහලේ
ඔලුවේ ඉඳන් වැහෙන්න
එහා ඉවුරේ
සුදු රැවුල දිග
අයෙක්
පහනක් පා කර
දිය මත
ගියා ආපහු
කුණුහරුපයක් කියාගෙන
දෙමළෙන්
***
සත්‍යය සාපේක්ෂයි
මා මගේ සත්‍යය
තුරුළු කරන්
දිව යද්දී ඈතට
ඈතට
ඔබ දුවන්නේය
අනෙක් අතට
තුරුළු කරන්
ඔබේ පොට්ටනිය
වේගයෙන් ඒ සාම .
සාපේක්ෂ චලිතය .
සබඳ
ඒවිද දිනක්
සත්‍යයේ තිමිර
පට තිර ඉරාගෙන
ඔබේ සත්‍යය
මා මනස් කුහරයට
කාන්දු වෙන
***
සරළ සංකීර්ණ සමීකරණ
මම - සමානකම් = අනෙකා
අනෙකා + බලවත් බව = හතුරා
එකතු වෙන , අඩුවෙන නියතය නැතිවුනත්, දෙපැත්ත වෙන් කරන්නේ සමාන ලකුණක් බව බොහෝ වෙලාවට අමතක වෙනවා
***
U + I = V
ReplyDeleteඑකඟ නැත්තෙමි
Deleteඔතන තියෙන පට්ටම ජෝක් එක තමයි යුද්ධය ඉවරයි කියන එක. ඒත් එකෙක්වත් දන්නේ නෑ යුද්ධේ ඉවර නෑ, කලේ මැඩපැවැත්වීමක් පමණයි කියලා. ඒකනේ උසාවී නියෝග ගේන්නේ සැමරුම් තහනම් කරලා. යුද්දය ඉවරනම් මක්කටෙයි තහනම් නියෝග.
ReplyDeleteඒකත් ඇත්ත . එතකොට මේකත් සටන් විරාමයක් ද ...
Deletewinning the battle and loosing the war?
මෙහා ඉවුරේ
ReplyDeleteකළු රැවුල් කාරයෙකුත්
සුදු ඇඳුම් ඇඳගෙන
ගියාලු පහනක් පත්තු කර
කුණුහරුපයක් කියාගෙන
සුද්ද සිංහලෙන්..
අම්මට කෙළවන්නම් කියා...
මෛත්‍රී ගේ ?
Delete