ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .
මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් .
ඈ , අසා සිටින්නී දෙනෙතින් , දෙ ඇස් දල්වා .
මිමිණුම , කාටත් හොරා වචන බවට පත් වේ
"සුදෝ ..... මම ආදරේ ....."
වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ, ඔහේ වල් පල් කතා කරමින් කල් මරණ , තම ආගන්තුක සත්කාරය ඉක්මවා සිටින නෑයෙක් වැන්න .
ඔහු බලන්නේය, දෙඇස් ඔසවා ස්වර ප්‍රස්ථාරයෙන් .
ඇය , අසා හිඳින්නී නිහඬතාවයද, පද සේම. ස්වර සේම .
ස්වර පෙරහැර නැවත ඇරඹේ , ඈ විඳින්නී රිද්මය, තට්ටු කරමින් දණ හිසට දැඟිල්ලෙන් .
"පොඩ්ඩක් ඕෆ් ටියුන් ගියා ..කමක් නෑ එයාට දැනුනේ නෑ " ඔහු දිග හැරුණු සිතුවිලි වසා ස්වර කළාලයක් එළන්නේය .
අවසන් ස්වරයට පෙර ස්වරය ....
.....අවසන් ස්වරය ...
අන්තිමම අන්තිම ස්වරය .
ඈ අත්පොලසන් දෙන්නී , ළදැරියක් මෙන් .
සිහින් ඇඟිලි කරකවා , මවන්නී වදනක් හස්ත මුද්‍රාවෙන් .
ඔහු කියවන්නේය එය
"ලස්සනයි .."
පලි : මේ කතාවට නිමිත්ත මා ඇසු කතාවකි . එනම් මරදාන ඉස්ටේසමේ සින්දු කියූ යාචක යුගලක් ගැනය . සැමියා වයලීනය ගැසූ බවද . ඔහුගේ පාදයේ රිද්මයට මියුරු හඬින් ගී ගැයූ බිරිඳ ශ්‍රවනාබාධිත බවද ඔහු කියූවේය .
ශ්‍රවනාබාධිත අයෙකු බොහෝවිට ගොළු නොවේද
ReplyDeleteපස්සෙ කාලෙක ශ්‍රවනාබාධිත වෙච්ච කෙනෙක් වෙන්නැති. කවුරු දනීද!
Deleteබොහෝ විට නේ
Deleteප්‍රේමය දෙසවනින් නොව දෙනෙතින් ද කියවිය හැකි දෙයක්..
ReplyDeleteහ්ම්ම්
Deleteනිමිත්ත නැත්නම් හිතාගන්නම බෑ.
ReplyDeleteමගේ ලිවීමේ අඩු පාඩුව
Delete