අපි වැරදි කළ බව දැන ගැනීමට , ඇසීමට , වටහා ගැනීමට අකමැත්තෙමු . එය අපට පීඩාවක් ගෙන දෙයි . නමුත් අපි වැරදි හොයන්න ඉතා කැමතිය . ඒ අනුන්ගේ වැරදිය . ඇතැම් විට හඳ පෙන්නන විට , ඇඟිල්ලේ ඇදය සොයන්නේ එබැවිනි . අර උක්ත පොතේම (කවුදෝ දාර්ශනිකයෙක් උපුටා ) දක්වන පරිදි , අනුන්ගේ වැරදි පෙන්වීමේදී තමන්ගේ නිවැරදි බව පෙනීම , ඒත්තු ගැන්වීම වැලකිය නොහැක . නමුත් වැරැද්ද නිවැරැද්ද සාපේක්ෂමය .
පහුගිය සටහනේ මට වැරදීමක් විය . ඉන් පසු මට ඒ ගැන ගත හැකි චොයිස් කිහිපයක් තිබුණි . එක්කෝ වැරැද්ද නොවුනා සේ සිටීමය , එක්කෝ සමාව අයැදීමය , එක්කෝ නිදහසට කරුණු කියා මා නිවැරදි බව ඔප්පු කිරීමය , එක්කෝ සමාව අයැද නිදහසට කාරණා කීමය .
මරණයට කැපවුණු අර නම් නැති ගැහැණියගේ ඉරණම මා සිත කම්පනයට පත් කළේය . ඉතින ඒ කව ලියවුනි . ඇනෝ මිත්‍රයෙක් ඊට ප්‍රතිචාර ලෙස කියා තිබුනේ , ඒ ගැහැණිය තවම මරා නැති බවත් මට වැරදුනු බවකුත්ය . නමුත් මා දත්ත නැවත පරීකෂා කලෙමි .
සීමිත දත්ත උඩ , ඒ වනවිට ඇගේ දිවි තොර වී ඇතැයි මාගේ සිතුවිල්ල තවම නිවැරදිය . නමුත් මට වරදක් වී ඇත .
වැඩේ මට ෂුවර් වුනත් , සීමා සහිත දත්ත උඩ මෙවැනි සටහනක් වැරදීමේ සම්භාවිතාවක් ද ඇත . ඒ අනුව මේ සටහන කියවීමෙන් , ඇතැමෙක් තුළ ඇති වන නිගමනය වැරදි වීමේ අනුමානයක් ඇත. ඒ නිසා ඈ වෙනුවෙන් කරන්නට තිබු යමක් සිදු නොවීමට ඉඩක් ඇත ( ඉතා සුළු සම්භාවිතාවයක් වුව , සම්භාවිතාවයක් ඇත ) . ඒ අනුව මා වරදක් කර ඇත . ඉන්පසු මා ඉනික්බිති පියවර තෝරා ගත යුතුය .
මෙවැනි අවස්ථා වලදී මා උතුරු තරුව ලෙස යොදා ගන්නේ , "මාගේ දරුවා පැමිණ ඔහු/ඈ අතින් මෙවැනි දෙයක් වුනා , දැන් මක් කොරන්න ද " කියා ඇසුවොත් මගේ උපදෙස කුමක් දැයි කියා සිතීමය . පැත්ත ගියත් වරද පිළිගැනීම හැම විටම මා උපදෙසයි ( ඉන්, මා පරහට ඔවා දෙන්නේ , හැම විට සම්මතයේ පිහිටා යයි, වරදවා තේරුම් නොගන්න ) . නමුත් මා නිදහසට කරුණු නොකියන්නේ , සමාව නො අයැදින්නේ මා නිවැරදි නිසා නොව ඉන් පලක් නැති බැවිනි
මා මේ ටික ලියුවේ , ඇනෝ ප්‍රතිචාරයෙන් මා අධික කම්පනයට පත් වුන නිසා නොව , එයින් මා තව ටිකක් හිතන්නට යොමු වූ බැවිනි . ඒ සිතුනු දේත් පහතින් සඳහන් කරමි . පහත දක්වන්නේ සංසිද්ධි කිහිපයකි ..පුද්ගලත්වය පොඩ්ඩක් පැත්තකින් තියා සංසිද්ධිය ගැන පමණක් මොහොතකට හිතන්න .. මට සිතුන දේ වරහන් අතරය .
- "මට දැන් හිතෙනවා , අපේ කාලේ වැරදි කලා , වැරදි වුනා කියලා , ඒත් ඒ කාලේ අපි ඒවා දැනන් හිටියේ නෑ
(මෙහිදී සිදුවී ඇත්තේ , වරද ට්‍රාන්ස්ෆර් කිරීමකි . "හරකෙක් නෑනේ මා ළඟ , කඹයනේ අල්ලන් ඉන්නේ" කියා සුනිල් කීවේ මෙවැනි දේකට දෝ ) - " පොලීසියෙන් ගුටි කන්න බැරි කමට මම වරද පිලි ගත්තා "
(මෙවැනි විටෙක වරද ඉතුරු වී , වරද කරුවෙක් නැතිවේ . දැන් හිතන්න , අපිට වැරදි කරුවෙක් නැතිව , වරදක් තිබුනාට වැඩක් නැත . ඒ අපේ ප්‍රමුඛතාවය වැරදි නිවැරදි කර ගැනීමට වඩා වරදට දඬුවම වෙන නිසාද , නැතිනම් වරද කරුවෙක් නැතිව , වරදට හේතුවක් , වරදක් , වරද නිවැරදි කිරීමක් , වරද නිවැරදි කිරීමේ මගක් නැති නිසාදෝ කියා විටෙක සිතේ . එහෙමත් නැතිනම් මෙය අර සාපේක්ෂතාවය පිලිබඳ ප්‍රශ්නයක්දෝ ( අයෙක් නැති තැන සාපේක්ෂතාවය සදා ගත නොහැකිය ) කියා සිතේ.) - "දැන් ඇමති තුමා කියන්නේ , රජයේ සේවකයෙක් මේ පඩි පත අරන් රජයේ බැංකුවකට හෙට ගියොත් , මේ මුලික වැටුප විතරක් නෙවේ මේ අයවැයෙන් එල්ලපු දීමනාත් සලකලා බලලා ණයක් දෙනවා කියලාද ?"
"නෑ හෙට ඉරිදානේ බැංකු වහලා "
(වරද + වරද = නිවැරැද්ද ) - "අපේ දහමේ ප්‍රශ්නයක් නෙමෙයි මේක . මොකද අපේ ආගමේ තියෙන්නේ මේ වගේ වරදකදී , අයෙක් දඬුවම් ලැබීම අවම කරන්න . මොකද හතර සැරයක් වරද පිළිගන්න ඕනේ . ..."
(කරද්දී වරදක් බව නොසිතුනු, දඬුවමද මරණය බව දත් , වරදක්, අයෙක් පිළිගන්නේ අදෘශ්‍යමාන දෙවියෙක් පිලිබඳ ඇති මාරාන්තික බය නිසාම නොවේද ?.
මිනිසා බය වෙන්නට මිනිසාම සදා ගත් , බය නිසාම පැවතෙන කිසිම දෙයක් මිනිසාට අවශ්‍යද ?)
වැරදිකිරීම දේශපාලුවාගේ ගතියයි
ReplyDeleteසමාවදීම ජහමනයාගේ ගතියයි
සමාවදීම නෙමෙයි වරද අමතක කිරීම
Deleteඇනෝ ට ඕනි වෙලා තිබ්බෙනම් 'වැරැද්ද' පෙන්නන්න නෙවෙයි මඩක් ගහන්න වගේ.. ඒත් හිතන්න වටිනවා.. :)
ReplyDeleteයමක අවැසි මදය ගෙන අනවැසි පොත්ත ඉවත් කලෙමි.:)
Deleteහැබෑ නේන්නම් වැරදි කරුවෙක් නැත්නම් ඒ වැරැද්දෙ කිසිම ආතල් එකක් නෑ.
ReplyDeleteමාද්‍ය කාරයින්ට යන එන මන් නැතිවෙනව.
ඔවුන් කරන්නේ ඉල්ලුමට සැපයුම නේද
Deleteඒක වැරැද්දක් තමා වාර්තාවකදී..
ReplyDeleteකැතරින් ශුල්ස් මොනවා කිවුවත් මමනම් හිතන්නේ කෙනෙක්ට වරදක් කළ හැක්කේ මේ මොහොතේ පමණයි කියා. මේ මොහොතේ නිවැරදියි කියා සිතන දෙයක් පසුව වෙනත් රාමුවකින් බලා වරදක් කියන්න බැහැ. ඒත් රාමුව වෙනස් වන විට කලින් කළ නිවැරදි දෙයක් වැරදි සේ පෙනේනම් එය නිවැරදි කිරීමයි සුදුසු දෙය. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ මුලින් කළ දෙය වැරදි බව. මම හිතන හැටියටනම් වරදක් වරදක් විය හැක්කේ එය කරන මොහොතේදී වරදක් බව දැනදැනම කළොත් පමණයි.
ReplyDeleteවරදක් කලත් සිතකින් නොවේ
ReplyDeleteරිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් , ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගෙයි
ඔබෙ ගිනි නිවා , ඇගෙ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නේ කොයි කදුලුදෝ
අසරණ ඔබයි තනි උන ඇයයි
මට ශාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ...
මගේ මිත්‍රයෙක් කියනවා අපි ජීවත් වෙන්නේ අපි තනාගත් සම්මුතීන් ඇතුලේ කියලා. යමක් මෙන්න මේ වගෙ විය යුතුයි කියන අදහස තමයි සම්මුතිය. අපේ කතාබහ, ක්‍රියාවන් ඔක්කොම පවතින්නේ මේ සම්මුතීන් ඇතුලේ.
ReplyDeleteතමන් කරපු වරදකින් හොඳ ප්‍රතිඵල වගේම, කරපු හොඳ දේකින් නරක ප්‍රතිඵල ලැබෙන අවස්ථා තියනවා. තව දෙයක් කියන්න හිතුණා. මිනිස්සු ජීවිතේ ගන්න බොහෝ තීරණ 50-50 තීරණ කියලා මම හිතනවා. දෙකකින් එකක් තෝරාගැනීම. ඒ නිසා කෙනෙකුගේ උගත් බව, දැනුම්තේරුම් ඇති බව, අත්දැකීම් බහුල බව, සහ ඒවා නැති බව, ඊට සමානුපාතික ආකාරයකින් බලපාන්නේ නෑ කෙනෙක් වැරදිද නිවැරදිද කියන දෙයට. දෙකකින් එකක් තෝරාගැනීමට තියනකොට ඔය දේවල් සහිතව හරි රහිතව හරි අපිට යන්න පුළුවන් මාර්ග දෙකයි තියෙන්නේ. මේවා බොහෝ වෙලාවට සමාන්තරව ගමන් කරන, එකිනෙකට යා කරන පිවිසුම්/පිටවීම් මාර්ග වගේ ඒවා. කොතරම් 'වැරදි' පිවිසුම් ගත්තත්, 'නිවැරදි' එක පිවිසුමකින් 'හරි' මගට එන්න පුළුවන් විදිහට තමා මේවා තියෙන්නේ. කතාවට අදාලම නොවෙතත් ඔහේ කියලා දාන්න හිතුණා.
//මිනිසා බය වෙන්නට මිනිසාම සදා ගත් , බය නිසාම පැවතෙන කිසිම දෙයක් මිනිසාට අවශ්‍යද ?//
ReplyDeleteමේ තියෙන්නෙ මුළු කතාවේ සාරාංශය.