පෙරවදන :
මේ හදන්නේ බල්ලාගෙ වැඩෙයි, එළුවාගේ වැඩෙයි දෙකම බුරුවෙක් කරන්න . මා භෞතික විද්‍යාව ගැනවත් , දේශපාලන විද්‍යාව ගැන වත් ගැඹුරින් හදාරා නැති හෙයින් මුලින්ම සමාව භජනය කරනවා මේ සටහනේ වැරදි ඇතොත් . ඒවා නිවැරදි කරන ලෙසද කාරුණිකව ඉල්ලමි
ශ්රොඩින්ගර් (Schrodinger) නම් භෞතික විද්‍යාඥඥයා ගැන ඔබ අසා ඇත්තේද . ඔහු ප්‍රකට මනෝ පරීක්ෂණයක් ( Thought experiment) කළේය . ඔහු පෙට්ටියකට බළලෙක් දමුවායයි සිතන්නට කිවේය . ඒ පෙට්ටියටම විකිරණශීලි ද්‍රව්‍ය සාම්පලයක් , ගයිගර්මානයක් හා වස බඳුනක්ද සිතෙන්ම දැමුවේය . ඉන්පසු පෙට්ටිය සීල් තබන්නේය . විකිරණශීලි බව වෙනස් වීම හේතුකොට , ගයිගර්මානය ක්‍රියාත්මක වී වස බඳුන බිඳී බළලා මියයාමේ සම්භාව්‍යතාවයක් ඇති බව ඔහු පවසන අතර , එය තනිකරම අහඹු ක්‍රියාවක් බවද පවසනවා . ඔහු අහනවා පෙට්ටිය අරින්නේ නැතිව , කියන්න බළලා මැරිලද , ජීවත් වෙනවද .....? ...ඔහු මෙහෙම කියනවා.... බළලා මැරෙන්නේ හෝ ජිවත් වෙන්නේ නිරික්ෂයාගේ සිතුවිල්ල කරණ කොට හෙයින් , මේ මොහොතේ බළලා මැරිලාවත් ජීවත් වෙන්නෙවත් නැත....... එතකොට බළලා මැරෙන්නේ හෝ ජීවත් වෙන්නේ නිරීක්ෂකයාට එහෙම සිතුවිල්ලක් ඇතිවී එය ප්රත්යක්ෂ වෙන නිසා
දැන් මම හදන්නේ ඔබේ අවධානය මේ දිනවල හරිම ජනප්‍රිය වෙනත් පෙට්ටියකට යොමු කරන්න . .. . අන්න හරි ...කතිර පෙට්ටිය ... මේ පෙට්ටියත් තාම සීල් .. (ඒ තියා අඩුම ගණනේ සීල් කඩන දවසවත් තාම කියලා නෑ නේ ) . ඒත් මේ පෙට්ටිය ඇතුලෙත් දෙන්නෙක් ඉන්නවා . ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් . (දෙන්නෙක් කිව්වට තාම ඉන්නේ එක්කෙනයි . අනිත් එක්කෙනා තාම එලියට ඇවිත් නෑ . ) .. .
ඉදින් , කවුද දිනුම් කියලා අසනවාට වඩා නිවැරදි පැනය , ඒ ඉන්න එක්කෙනා දැන් දිනුම්ද පරාදද කියන එකයි ?
දිනන්නේ හෝ පැරදෙන්නෙ ජනතාවගේ , නිරීක්ෂණය , චිත්තය හා ඒ නිරීක්ෂණය ප්රත්යක්ෂ කරණ කොට හෙයින් ඔහු තවම දිනුම් වත් පැරදුම් වත් නැතියයි අයෙක් කියන්නට පුළුවන .. ඒත් ඇත්තටම එහෙමද ?
නමුත් මට නම් පෙනෙන්නේ , එතුමා මේ වැඩේ හරියටම ටැකල් කර ඇති බවකි . චන්දයක් දිනන්නේ මිනිස්සුගේ කැමැත්තෙන් නොහොත් චන්දයෙන් නොව , තමන් දිනු බව ඔවුන් පිළිගත් විට බව ඔහු හරියටම වටහා ගෙන ඇත .
ඉතින් චන්දෙට කලින්ම ඒ සිතුවිල්ලේ බීජ පැලකරන්න , හොඳින් පොහොර , දිය දා සාත්තු කරන්න , සිතුවිලි මිනිසුන්ගේ හිත්වල් පත්තියම් කරන්න කටයුතු කලහම අහවරය .
එතුමා , ගාමිණි මෙන් කිහිප දෙනෙක් සමග එකවිට ගහගන්නවාට වඩා රොකි වගේ ද්වන්ධ සටනට මනාපය . ප්‍රතිවාදීන් වැඩිවෙන තරමට අගේනස්ට් එකට ඇති සපෝර්ට් එක බෙදී යනවා, එයින් වාසියක් වෙනවා නේද යයි ඔබ සිතෙන්නට පුළුවන . ඒත් ඔය රොත්තම ඇවිත් ගහන කොට, සියලු දෙනා ගැනම අවධානය යොමු කරගෙන සිටීමට නොහැකිය . ඔය රෝත්තේ බොහෝ අය එන්නේ පයිට් එකෙන් දිනන්නට නොව , සපෝර්ට් එකට පාරක් දෙකක් නෙලන්නට , අඩුම ගන්නේ හූවක් වත් තියන්නට විතරමය . නිකන් හරි වැරදිලාවත් එවැනි එකෙක්ගේ පාරක් මර්මස්ථානයකට වැදුනොත් එහෙම කියලා වැඩක් නැත ...යටිබඩ අල්ලන් දෙකට නැවී ඉන්න දොහේ , නිකම්ම පැත්තක ඉන්න හාල්පාරුවෙක් දිනන්නට පුළුවන .
යටට ඇඳි කැමා සෝට බාගෙට වගේ පෙනෙන්න , සරම කැහැපොට ගහගෙන , "කට්ටිය පිටින්ම එන්නේ නැතිව තනි තනිව වරෙන් ඩෝ පයිට් එකට " කිව් තැන සිට ...
වටේ ඉන්න එවුන් ඔන්න ගියා මෙන්න ගියා කියා ... ඒවුනාට නොගිහින් "ලංසුව තියන්න ඕනේ දිනන අස්සයෙකුටනේ " කියන තැන දක්වා
......පයිට් එකට දිනයක් සෙට් නොකර , "මොකෝ බයද ? ඔන්න අපි නම් එවරෙඩි " කියන තැන දක්වා
....ප්‍රතිවාදීන්ට ටෙලිපෝන් කෝල් දී "ඕල් ද බෙස්ට් ෆෝ ද ෆයිට් හොඳේ , සටනට එනකොට මතක ඇතිව හොඳට යටට ඇඳලා එන්න " කියන තැන දක්වා ,
"කොච්චර චන්ඩි සිටියත් , සටනට කලින් දවසේ පිට චන්ඩි දාලා අඬුවක් දෙකක් අඹරලා දාන්නත් පුළුවන්නේ, අපි කරනවට නෙමෙයි ඉතින් " කියන තැන දක්වා .....
"පොඩ්ඩක් ඉන්නකෝ මම මේ පයිට් එක දිනනකන් ඊට පස්සේ අපි ශ්‍රමදානයක් දාලා ඔය ගුරුපාර එක විදියක් කරලා දාමු " කියන තැන දක්වා ...මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ සැලැස්මයි .
මට නම් හිතෙන්නේ එහෙමයි
පලි : ජාතික ලොතරැයියේ ටැග් ලයින් එකක් තිබ්බා "දිනුවත් දිනුම් , පැරදුනත් දිනුම් " කියලා . සමාන්තර විශ්වයක ලොතරැයියක් ඇති "පැරදුනත් පරාදයි දිනුවත් පරාදයි " කියලා
14 November 2014
13 November 2014
අම්මා සහ අප්පච්චි
මහ පොළොවටවත්
බර
දැනෙනු නොහේ
සීරුවට
දිවි ගෙවූ
අපේ අප්පච්චි
සිනැහේ
පින්තුර රාමුව විනිවිද
මහ පොලොව වගේ
නෙක දුක් කන්දර
මෙරක්
දරා ඉවසූ
අපේ අම්මා
පැන් වඩන්නීය
සුසුම් හද තුළ හංගා
පරණ පුරුද්දට
බර
දැනෙනු නොහේ
සීරුවට
දිවි ගෙවූ
අපේ අප්පච්චි
සිනැහේ
පින්තුර රාමුව විනිවිද
මහ පොලොව වගේ
නෙක දුක් කන්දර
මෙරක්
දරා ඉවසූ
අපේ අම්මා
පැන් වඩන්නීය
සුසුම් හද තුළ හංගා
පරණ පුරුද්දට
09 November 2014
නිශාවේ අග මුරය // The graveyard shift
"උඹ දන්නවද අපේ අප්පච්චි ..මට නම තියලා තියෙන්නේ ..."
ඔහු වාක්‍යය අවසන් නොකර ම කහට කෝප්පයට සීනි හැන්දක් දිය කළේය .
අමල් වේලාව බැලීය . අව පහ ගැහුණු ඔරලෝසුවේ වීදුරුව , 02:30 ඇඳි ඉරි ඉල්ලක්කම් , නිවී නිවී දැල්වෙන මැද තිත් දෙක . පාන්දර දෙක හමාරයි ..ලොග් පොත දිග හැර , බෝල් පොයින්ට් පෑන දෙසැරයක් ගැසුවේ අවශ්‍යතාවයට වඩා පුරුද්දටය .
"මට නම තියලා තියෙන්නේ නිශාවේ අන්තය කියන තේරුමෙන් . .. උඹ දන්නවද නිශාව කියන්නේ රෑ "
හැඳි පහරෙ නැගුනු සුළියේ , සීනි කැට රවුමට රවුමට කැරකේ ...සෙමින් දියවේ
"හ්ම්ම් " අමල් ගේ පුර්ණ අවධානය ලොග් සටහනටය .
"රෑ අග , කළුවර ඉරාගෙන පැතිරෙන එළිය කියන තේරුමෙන් තමා , මට නම තියලා තියෙන්නේ .....
චටාස්...තව කොයිල් එකක් පත්තු කරන්න වෙයි බං , හරියට මදුරුවෝ , "
හේ තොප්පියෙන් මදුරුවන් එලවන්නට විය .
"උඹ දන්නවද අපේ අප්පච්චි සිංහල ගුරුවරයෙක් ,"
"උඹ කිව්වේ එදත් ... නිසාන්ත අයියේ මම පොඩ්ඩක් ඇහැ පියා ගන්නම්, උඹ පාන්දර වෙනකං මේ සිෆ්ට් එක කරපන් ඈ "
උඹ දන්නවද , අපේ අප්පච්චි මළා බං, මම මේ රස්සාවට ආපු දවසේ , පපුවේ අමාරුව හැදිලා ...
08 November 2014
භූත නිවාස සංචිතය සහ මම // Directory of haunted houses and me
නගරය පුරා පැතිරුණු කුඩ විප්ලවය ගැන සද්දේ, හෙමිහිට අඩුවීගෙන යනවා .
හරියට පාරේ වාහනේකට අහුවෙච්ච සතෙක්ගේ මළකුණ වගේ .
මුලින් මුලින් කට්ටිය වට වෙලා බලනවා කතා කරනවා . ටික වෙලාවකට පසු එය මග හැර යන්න මිනිස්සු පුරුදු වෙනවා . ඉන් පසු කපුටෝ ඇවිත් මළකුණ අවුස්සනවා . බොකු , ඕජස් පාර පුරා පැතිරෙනවා . දැන් සමාජයට , සාමන්‍යය ජිවිතයට මෙය කරදරයක් වෙනවා . ඉන් පස්සේ සියල්ලන්ගේම ඔල්වරසන් හඬ මැද කවුරුන් හෝ මේ මළකුණ වළලනවා .
පහුගිය සතියේ අලුත් පුවතක් මෙහෙ පත්තර වල මුල් පිටුව පුරා ඇලවිලා . ප්‍රධාන විදෙස් බැංකුවක තරුණ විධායක නිළධාරියෙක් , අබිසරුලියන් දෙදෙනෙක් මරා දාලා . එක මිනියක් සුට් කේස් එකක ඔබලා , දවස් ගණනක් . ...
මේ පුවත ඔස්සේ යනකොට මට හමු උනා අපුරු අන්තර්ජාල පිටුවක් . මේ නගරයේ භූත නිවාස (directory of haunted houses ) නාමාවලිය . භූත නිවාස කිව්වට , මෙහි තියෙන්නේ , සියදිවි නසා ගැනීමක් , මිනි මැරුමක් සිදුවුණ නිවාස වල විස්තර . මෙය යාවත්කාල කරන්නේ පොලිසියෙන් . එය නීතිමය අවශ්‍යතාවයක් .
චීන ජාතිකයන් තදින් විශ්වාස කරන ෆන්ෂුයි ශාස්ත්‍රය අනුව මේ නිවාස ඉතා අසුභයි . ඒ නිසාම මේ නිවාස වල වෙළඳ පොළ වටිනාකම , වානිජ අගය, ඉතා අඩුයි . සාමාන්‍ය වටිනාකමෙන් 10% ක් විතර , ඇතැම් නිවාස . සිදුවීම සිදුවූ නිවාසය පමණක් නොවේ ඇතැම් විට මුළු මහලම , වාණිජ අගය අඩු වෙලා .
නිවසක් ගැන හීන මවන, එහෙත් ඒ සඳහා අරමුදල් සොයා ගන්න අපහසු (ඌරන්ට මොන සෞඛ්‍ය ද ?) මට මෙය කල්පනා කරන්නට කාරණයක් .
එහෙත්, හොල්මන් ගැන විශ්වාස නොකරන , මියගිය කෙනෙක් නැති නිවසකින් අබ සොයා ගිය පටාචාරාවගේ කතාව දන්නා මම මෙවැනි නිවසක් ගැන හිතන්නට මැළි වෙමි . ඒ ඇයිදැයි කියා නොදනිමි . ඒ ඇයිදැයි කියා සිතමි .
ඔබ මා නම් . ( අර සිංදුවේ වගේ ඔබද මා ම වුයේ නම් ) ඔබ කුමක් කරන්නේද ?

05 November 2014
ඔප්ෂන්ස් ( A video by gappiyaa )-
ගප්පියා ගේ වීඩියෝවක් කලකට පෙරත් PINCHPOINT හි තිරගත කරන ලදී . මේ තරුණයා දැන් ටිකක් ප්‍රසිද්ධයි . පුවත්පතකත් මොහු ගැන සටහනක් තිබුනා .
මේ වීඩියෝව ඔප්ෂන්ස් ගැන . ....
හැබැයි
Please note that this video contains violence , drug related scenes and rude remarks . Parental guidance is advised
සිංහලෙන් කියනවනම් (අර කට්ටිය කියනවා වගේ ) "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි "
- හැම විටම ඔප්ෂන් දෙකක් ඇත . බොහෝ විටම ඒ දෙකම එක වගේය . ඒ දෙකම අත හැර, අපිම තෝරා ගන්නා තුන්වැනි තේරීමෙන් අපිට වඩාත් හානි සිදුවේ , වඩාත් කෙලවේ
- වීරයෝ දෙවර්ගයකි . උන් නම් ඉස්පයිඩර් මෑන් වැනි දුප්පත් වීරයෝ හා කළු අයියා වැනි බර ඇති වීරයෝ ය
- විහිළුද දෙවර්ගයකි . හිනා යන විහිලු හා හිනා නොයන විහිලු ය . දෙවැනි වර්ගය අයෙකුට දෙන්නේ "ඉඳා " කියා තදින්ය . බොහෝ විට එවැනි විහිළු තදින් රිදීමක් ඇති කරයි .
- ගැඹුරු කට හඬක් ඇත්තේ බැට් මෑන් , නොහොත් කළු අයියාට ය නැතිනම් පෙර දා රෑ සංගීතයකට ගිය අයටය .
- දුප්පත් වීරයෝ , සල්ලි නැති නිසා හරියට කරාටේ පන්ති යන්නට බැරි වී , රී ලෝඩ් එකක් දා ගන්නට බැරිව ඉමහත් පිඩාවන්ට පත්වෙති . බර ඇති වීරයෝ කොට්ටාවේ කරාටේ පන්ති ගොස් සූර වීරකම් උගෙන , වැඩේ ගොඩ දා ගනිති .
- බොහෝ විට දුෂ්ටයෝ හා වීරයෝ සටනට පෙර තේ එකක් බී කෙටි සුහද සාමිචියක යෙදෙති .
- දුප්පත් වීරයන් ගොඩ ගන්නට මුලින් පෙළ ගැසුණු මහින්ද අයියා , පසුව තම දේශපාලන ගමනේ දුර යාම නිසා බොහෝ වෙන්ට වීරයෝ, ඒ මාවතේ මග අතරමන් වුහ . ඔවුහු තවමත් බාග විරයෝය
01 November 2014
අපි හිත උණු වෙන ජාතියක් ඕයි // Sympathy reload
අපි හිත උණු වෙන ජාතියක් ඕයි
සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම්
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන්
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි
එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන
පාර අද්දර
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග බලාන ඉන්න
පොඩි එකා ?
ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා
අතරමග
මේවා ඔලුවට අවුත්
සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම්
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන්
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි
එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන
පාර අද්දර
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග බලාන ඉන්න
පොඩි එකා ?
ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා
අතරමග
මේවා ඔලුවට අවුත්
පලි : වරදවා තේරුම් ගන්න එපා . අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක් . ඒ වගේම ඉක්මනට අමතක වෙන .
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක ඉවර උනාම ..
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක ඉවර උනාම ..
සාමාන්‍යයෙන් මෙය සමාජයක තරුණයන්ගේ , ගැටවරයන්ගේ තත්වය . තාරුණ්‍යය තමයි රැල්ලට දේ කරන. ඉක්මනට අලුත් මාතෘකාවක් හොයන ගති ලක්ෂණ පෙන්වන්නේ ..
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම . තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම . තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා
26 October 2014
යටට ඇඳලා ඉන්නේ මොකක්ද ?// camouflage prints , a fashion trend in Sri Lanka
යුද්ධය කාලේ කැමා (camouflage) ඇඳුම් ඇඳීම තහනම් විය , ඒ ආරක්ෂක හේතුන් නිසාය . යුද්ධය නිමාවී කිරිබත් කෑ අපි , කැමා ඇඳගෙන සිටි අය ඒවා උනා දමා සුදු ඇඳුම් අඳිද්දී , හවුසොප් පැසන් එකෙන් ගෙන කැමා ෂෝට් ඇන්දේ , අර හිතේ තිබුණු පරණ ආසාව සංසිඳුවා ගැනීමටය .
හැබැයි බලා ගෙන ගියාම ගොඩක් දෙනා උඩින් පෙනෙන්නට
නොඇන්දාට , යට කලිසම හැටියට අඳින්නේ කැමා ෂෝට් එකක් බව හොඳින් පැහැදිලිය .
අලුත්ගම පැත්තේ රට දැය සමය රැකගන්නට දෙස් දුන්නවුන් ගේ සුදු ඇඳුම් , කසාවන් චීවර යටින් ද , රටේ වැදගත්ම අය සහභාගී වූ ඇමරිකාවේ සාදයක බාල් නැටුම් නැටු අයගේ කෝට් සුට් යටින්ද හැඳ සිටියේ කැමා යට කලිසම්මය . ඔබ මා විශ්වාස නොකරනවා නම් මම මේ නුදුරේ උදාහරණ කීපයක් දෙන්නම් .
ගිය සතියේ කුරුණෑගල පැත්තේ වැදගත් ඇමති වරයෙක් රූපවාහිනි වැඩසටහනක වැදගත් කතාවක් කළේය . ඉතා සංවර ස්වරයෙන් ඒ කතාව අවසන් කල ඔහු අත් දෙක ඔසවනවිට කකුල් දෙකටම ඇඳ සිටි කලිසම මදක් පහතට වැටුණි . ආන්න එවිට අර කැමා ෂෝට ඉන හරියෙන් පෙනුනි . ඔබ එය නුදුටුවේද ?
මේ සතියේ මඩකලපුව පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතා දැමුණු වදනින් , මහාර්ඝ දෙසුමක් කලෝය . අවසානයේ ඉතා දීර්ඝ වේලාවක් අසා සිටි අයගේ මව් පියන්ට පුණ්යානුමෝධනා කිරීමෙන් පසු උන් වහන්සේ
" සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා " කියා මෙත් වඩා , එහා මෙහා වූ චීවරය සකස් කර ගත්තෝය . අන්න එවීට සිවුරට යටින් ඇඳ සිටි කොළ කාකි පැල්ලම් සහිත කැමා ෂෝට හැමෝටම දිස් විය . ඔබ එය නුදුටුවේද ?
ඒ කිසිවක් නොදුටුවෙනම් .. මේ පහුගිය සතියේ අප ජනාධිපති තුමාබජව් එක බජට් එක ඉදිරිපත් කළේය . ඉතා ගරු ගාම්භීරව , ඉතා ගැඹුරු යෝජනාවලියක් ඉදිරිපත් කල ඔහු කතාව අවසන් කළේ "තෙරුවන් සරණයි" කියාය . ඉන් පසු ඔහු සුදු සරමේ ගැටය ලෙහා පට පට ගා ගසා , නැවතත් ගැට ගසා ගත්තේය ....එවිට මුළු රටටම ඔහු සරම යටින් ඇඳ සිටින කැමා සෝටේ හැඩ පෙනුනි .
හැබැයි බලා ගෙන ගියාම ගොඩක් දෙනා උඩින් පෙනෙන්නට
නොඇන්දාට , යට කලිසම හැටියට අඳින්නේ කැමා ෂෝට් එකක් බව හොඳින් පැහැදිලිය .
අලුත්ගම පැත්තේ රට දැය සමය රැකගන්නට දෙස් දුන්නවුන් ගේ සුදු ඇඳුම් , කසාවන් චීවර යටින් ද , රටේ වැදගත්ම අය සහභාගී වූ ඇමරිකාවේ සාදයක බාල් නැටුම් නැටු අයගේ කෝට් සුට් යටින්ද හැඳ සිටියේ කැමා යට කලිසම්මය . ඔබ මා විශ්වාස නොකරනවා නම් මම මේ නුදුරේ උදාහරණ කීපයක් දෙන්නම් .
ගිය සතියේ කුරුණෑගල පැත්තේ වැදගත් ඇමති වරයෙක් රූපවාහිනි වැඩසටහනක වැදගත් කතාවක් කළේය . ඉතා සංවර ස්වරයෙන් ඒ කතාව අවසන් කල ඔහු අත් දෙක ඔසවනවිට කකුල් දෙකටම ඇඳ සිටි කලිසම මදක් පහතට වැටුණි . ආන්න එවිට අර කැමා ෂෝට ඉන හරියෙන් පෙනුනි . ඔබ එය නුදුටුවේද ?
මේ සතියේ මඩකලපුව පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතා දැමුණු වදනින් , මහාර්ඝ දෙසුමක් කලෝය . අවසානයේ ඉතා දීර්ඝ වේලාවක් අසා සිටි අයගේ මව් පියන්ට පුණ්යානුමෝධනා කිරීමෙන් පසු උන් වහන්සේ
" සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා " කියා මෙත් වඩා , එහා මෙහා වූ චීවරය සකස් කර ගත්තෝය . අන්න එවීට සිවුරට යටින් ඇඳ සිටි කොළ කාකි පැල්ලම් සහිත කැමා ෂෝට හැමෝටම දිස් විය . ඔබ එය නුදුටුවේද ?
ඒ කිසිවක් නොදුටුවෙනම් .. මේ පහුගිය සතියේ අප ජනාධිපති තුමා
Subscribe to:
Posts (Atom)