28 July 2012

අමරදාසගේ උ පෙ ප්‍රතිපල

"කෝ අමරදාස , අදත් ඇවිත් නැත්ද? " 
බොස් ගේ ප්‍රශ්නයට කිසිවෙක් පිළිතුරු දෙන්නට ගියේ නැත . නෙලුම් මිස් පමණක් කොනට වෙන්නට ඇති හිස් මේසය දෙස බැලුවාය . 
අමරදාස ගේ දියණිය උසස් පෙළ ලියුවේ ගිය සැරේය.  තිලිනි , මුල සිටම ඉගන ගන්නට සමත්ය . අනෙක දුක් වින්ද ඇය, උසස් පෙළ ඉහලින්ම සමත් විය.


"කෙල්ල පළාතෙන්ම පළවැනි තැන සර් " අමරදාස හමුවෙන සැමට  ආඩම්බර කදුළු බිඳුවක් ඇසේ  කොනේ රඳවාගෙනය .


"ළමයාගේ  කරදරේ පන්තියේ අයට පාටියක් දන්නා කියලා, කොහේ තියන සල්ලිද ?" ඒ දින කීපයකට පසු අමරේ ය.


කාර්යාලයේ පිරිස මුදල් එකතු කර දුන්නේ ,    කෙල්ලට මොනවා හරි අරන් දෙන්න කියමිනි . 

බොස් සුළු කතාවක් පවත්වා ඒ මුදල අමරදාසට තෑගි කළේය . කතාව අතරතුර ඔහු සුපුරුදු ලෙස කිහිප වරක් නෙරා  ගිය කුසට පහලින් රූටා වැටෙන  කලිසම ඔසවා ගත්තේය . අමරදාසද බොහොම අමාරුවෙන්, මාලති මිස් ලියා දුන්  කෙටි ස්තුති කතාව කියෙව්වේය .
එතෙක් මෙතෙක් කාලය තුල යම් යම් දේ සිදුවිය . විභාග  ප්‍රතිපල කිහිප වරක් සංශෝධනය විය . මෙවර තිළිණිගේ ප්‍රතිපල බෝස්ගේ කලිසම මෙන් රූටා පහතට වැටි ඇත .

ප්‍රතිපල නිකුත් වූ ද සිට අමරදාස වැඩට පැමිනියේ නැත .

නන්දසේන (ලිපිකරු ): "මේ මිනිහට මොකුත් කරදරයක්ද දන්නේ නෑ "


සිල්වා  : "මිනිහට මුහුණ දෙන්න බැරුව ඇති ,  ඒ වුනාට සර්ට කෝල් එකක් වත් දීල ලෙඩ යි කියලවත්    
              කියන්න එපාය"
(බොස් ඔහු දෙස බලා නෑසුන ගානට සිටියේය, සිල්වාගේ කන් දෙක රතු විය )


නෙලුම් මිස් : (තේ කෝප්පය අතේ තබා ගෙනම )  අර එක ගැණු ළමයෙක් වස බීල කියලා නිවුස් වලට
                      කිව්වා
.
බොස් : (නැවතත් කලිසම ඔසවමින් ) ඒකනේ මේ යකා, කිසි සද්දයක් නෑනේ . කරදරයක් නම් අපිට පුළුවන්
             උදව්වක් කරනවනේ .


" ආ මේ ඉන්නේ අමරදාස " ...ලක්බිම පත්තරේ කියවමින් සිටි නන්දසේනගේ හඬින්, සියල්ලෝ ඔහුගේ මේසය වටා රොක් විය.
මුල් පටුවේ චායාරූපයකි. 

උසස් ප්‍රතිපල අසාධාරණයට විරුද්ධව සිසුන් දෙමාපියන්  මහා මග .

දකුණු පැත්තට වෙන්නට  බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන අමරදාස සිටියි. 


"බණ්ඩායි බන්දුයි පිස්සු කෙලින්නයි
දරුවන් ගේ හෙට දින අඳුරු කොරන්නයි
ප්‍රතිපල ඒ මේ අත  පද්දන්නයි 
Z ස්කෝර් කොලම හකුලාගන්නයි "

මේ කවිය උඩු යට මාරු කර ඔහු අල්ලාගෙන සිටි ඒ  බෝඩ් ලෑල්ලේ ලියා තිබුණි.

පලි
මෙය විහිලු කතාවක් නොවේ

18 July 2012

තොරණේ කතාව

පැනීමට පෙර 
ගින්නට 
සාවිය , සවෙනි  කොටුවේ
දිවසින් දැකපියා 
කුළුණු සිත් සැදී 
සක් දෙවිදු එළඹියේ 

තොරණ පාමුල
බලුබ් එලියට එපිටින් 
ඇක්ස්රෙ රබන් තාලෙට 
විරිදු ගයන සාමෙල්
තවමත්
දිවස් නොවැටෙන මානේ 

16 July 2012

29 years ago


It was almost  29 years ago.  There are many memories , many after-stories , many opinions  flooding my head …I had to write

(I have tried a few structures for this post nothing seem to work . So I am going for an abstract approach .)


The cub that , Appa durai ( fictional alias)  has raised in his Jaffna manor as a status symbol , grew up to be  a fine beast . In July it made his first kill. Attacked and killed 13. The adorable pet has  grown up to be a  man eating tiger.

Shock and gloom was spreading across the land.  The grieving hearts needed pay back .  Doubt of whether  we have crossed the point of no return , was slowly spreading . Vengeance needs to be directed at someone .It was them against us now .  As always there were people  waiting in the shadows for an opportunity.

Houses were burning , there was panic lurking in the streets and  Shankar and his family were hiding in our front room. His brother Ravi,  a 20+ year old man , who modeled his hair like Kamalhasan and sang Boney M songs ,  was trembling in freight . And Malathi his sister was trying to feed her son,  while my mother tried to calm the crying baby down .

කන්දක් ගිනි ඇවිලෙන්නේ 
හැන්දක් කිරි බීපන්නේ 
නැන්දත් නුඹ නලවන්නේ 
නින්දක් නොනිදියාගන්නේ 

…………That image still haunts me.

Mrs Illangakone Muller, the burger  lady who lived down the lane,  stood in the path of the mob and  vouched on the father the son & the Holy ghost that there were no tamil houses down the lane .   

ගෝන පන්තියක් ඇතී
අපි දුටු පන්තියක් නැතී
කළු එළු පන්තියක් ඇති
අපි දුටු පන්තියක් නැතී
සුදු එළු පන්තියක් ඇති
අපි දුටු පන්තියක් නැතී 

On 26thMarch 1983,  Thilaka Wijegunawardana (fictional name), who’ s stammer aggravated in stressful situations , could not utter a single word in Sinhala , when the mob leader asked him to repeat a few words . He was burnt in his car near Kaluthara .

Many years later ,  M…. gulped the remaining Rockland rum and coke mix in his glass , before he started relating  his experiences at the temporary camp in Thurstan college . His voice broke , when he spoke of how they were rounded up in the grounds and made to sit in the middle of a circle of machine guns pointed at them , to the news that tigers were attacking Colombo. Chills ran down my spine.  I wondered  what ever happened to Shankar Ravi & Malathi.


PS:
There are no black and white situations in life. Only shades of grey .

These are times we have lived through. These are times we’ve passed. And we suffered for three decades .  Some actions taken during those weeks tainted the lives and minds and decided the unfortunate  fate of the land for many years to come.

 But mainly because we forgot. 

We forgot how they were our neighbors, they forgot how we looked after them. We forgot the Mrs Illangakoons Muller , the everyday heroes who  stood up to the mobs.  We forgot  who raised the cub and who instigated the mobs , and why they did so. Also how and why people were made to buy in to ideas as time went by.