28 January 2013

නුඹ බක් මහ අහස නම් ...


රළ  පෙළ ස්නේහයේ 
එකිනෙක පරයා නැඟී 
කල්පයකුත් ටිකක් ගෙවා 
වෙරළත ආ සඳ 
කිසිවකුත් නොකියා 
නළලත සිඹ වෙන්වූ 
ගොළු මුහුද
 මම 

මුරුසන් වැහි දිය ගැබ්බර 
කළු වළා හිත්  දරා 
පුපුරු ගහන්නට තතනන 
අකුණු තද කරගෙන සිත් 
රැයක් පුරා නොවැසි 
බක් මහ අහස 
නුඹ 

26 January 2013

Listen to a song you don't understand \\ අහන්න ගීයක් නොතේරෙන බසකින්



Have you listened to a song in a foreign language ? Where you do not understand a word of what is sung. Yet you do begin to notice how the colours and the textures of a human voice weave patterns so beautiful with the musical notes .You start hearing the breaths , in between the words . You start to distinguish the sighs of despair from the short breaths of hope. You hear the feelings , and then you start scripting the story in your mind.

If you haven’t , you ought to try it at least once . Sometimes it will make you wonder why you needed the words in the first place. 

Once upon a lifetime, my father used to collect hindi songs .  He had a drawer full of Hindi cassettes  Although he did not understand Hindi , he sat back , closed his eyes and listened to Mohamed Rafi’s and Lata mangaskar’s voices ...
For years I could not understand this madness . What he enjoyed in songs he did not understand a word of what is said .  How can there be a song , without the words ?
Then along the way I too discovered a few of those. I fell in love .




This was one . I have read the meaning somewhere , but I chose to forget it . Because I loved the story I wrote in my teenage mind . I love it still .
  
After  all these years , as I begin to understand my father . As I become my father ,  I realize I am inflicted with the same bug . Not the same singers, but the yearning to listen to a song that you do not understand . The other day , I was listening to a French song by a young lady called Zaz. (I do not understand French) The memories came flooding in …and this post was a must. 



අපේ අප්පච්චි එකතු කරපු හින්දි සින්දු කැසට් ලාච්චුවක් තිබුනා . පුටුවක දිග ඇරිලා , ඇස් දෙක පියාගෙන , මොහමඩ් රාෆිගේ , ලතා මන්ගේස්කාර් ගේ හඬට සමවැදී , ඔහු පැය ගනන් ගත කළා .ඔහු හින්දි වචනයක් වත් නොදත් බව දත් මට , මේ පිස්සුව ඒ දවස් වල නොවැටහුනි . 
අර්ථය නොවැටහෙන කල කෙසේ නම් ගීතයක් රසවිදින්නද ?

නමුත් කාලයේ ඇවෑමෙන් මට කෙමෙන් කෙමෙන් මේ ලෙඩේ බෝවෙන්නට විය . මගේ ගැටවර වියේ , ඉහත චුරාලියා ගීතයට පෙම් බැන්දෙමි . එහි අර්ථය මම කිහිපවරක් අසා ඇති වුවද මම වුවමනාවෙන්ම අමතක කලෙමි . එය අසන විට මා මනසින් ඇඳ ගත්  කතාවට මම පෙම් බඳිමි . 

කාලය ගතවී , මා අප්පච්චි ව හඳුනා ගන්නට පටන් ගනිද්දී . මා , ඔහු බවට පත් වෙද්දී ,තවත් ගීත මාගේ ප්ලේ ලිස්ට් එකට එක් විය .
ලඟදි , මා මේ ප්‍රංශ ගීතය ඇසුවෙමි .


 මට එහි වදනක් වත් නොතේරේ , නමුත් එය මගේ සිත සීරීය . 
එම සීරුම් පහර මම ඇඟිලි තුඩින් ස්පර්ශ කරමි . එවිට දැනෙන සියුම් වේදනාව , කිතිය මුසුවූ සංවේදනාවට මා කැමතිය .

ඔබ තවමත් කර නැත්නම් , එක් වරක් අසන්න නොතේරන බසකින් ගයන ගීයක් .
 අහන්න මිනිස් කටහඬේ වර්ණ, හැඩ  තල , සංගීතය හා මුසුව අඳින නාද සිතුවම් . වදන් අතරතුර නැගෙන හුස්මට ඇහුම් කන් දෙන්න . වා තලයට හොරෙන්ම එක වෙන ලසෝ සුසුම් . හිමින් සැරේ නාස්  පුඩු දිගේ විත් හිත් හොරෙන්ම සිතේ හිර වෙන පුංචි පුංචි අපේක්ෂා ..ඔබට ඇසෙන්න ගනීවි .

සමහර විට එතකොට  ඔබට හිතේවි , වදන් කුමකට ගීයකට ?

22 January 2013

The "happiness" Boson

By the traces
and only by them traces
on the fabric
of time
spread from yesterday to tomorrow
Can you smell , taste
and feel
it’s existence
the happiness particle

19 January 2013

සතුටු අංශු


මම රසායන විද්‍යාව පිළිබඳව දන්නේ අංශු මාත්‍රයකි . එනමුදු ආවර්තිත වගුවේ වම්  කොනක තමන්ගේ පාඩුවේ සිටින හයිඩ්‍රජන් අනු දෙකක් , ලං කර ගෙන ඔක්සිජන් අනුවක් , ජල අනුවක් සාදන සැටිත් . කාටවත් කරදරයක් නැති කාබන් අනුවක් ඔක්සිජන් හා එක්වූ කළ සදෙන විෂ වායුව ගැනත් ඉගෙන ඇත්තෙමි .

මේ 
අයුරින්ම සතුට සාදන මුලික පදාර්ථ අනු  ඇත්ද ?
 ජල අනුවක් එහි හයිඩ්‍රජන් ඔක්සිජන් අනුවලට විච්චේදනය කල හැකි මෙන් "සතුට" එහි මුලික තැනුම් ඒකක  වලට බිඳිය නොහැක . එය නිරීක්ෂණය කල හැක්කේ , හිග් ගේ බෝසෝනයක් මෙන් , තිබුණු බවේ සේයා ඔස්සේ පමණක්  යයි මට සිතේ. 

අපේ සතුටේ තැනුම් ඒකක මොනවාද .

ඔව් 
අයෙක් කියන පරිදි එය,  අපේ සංස්කෘතිය , සමාජය , හර පද්ධති වගේ බර වචන වලින් කියවෙන දේ මත  
 පදනම්  වෙනව තමයි .


හරි එහෙනම් අපි මෙහෙම කරමු . අපි බොහොම පොඩි කුලකයක් ගනිමු . අපි අපි ගැන හිතමු . ලංකාවටම  අදාල නොවුනත් වර්තමන මධ්යම පාන්තික කොළඹ ගැන හිතමු  (කොළඹ කිව්වට බස්නාහිර පළාතටම අදාලයි කියලයි මට හිතෙන්නේ ) . කොළඹ සිහිනය කුමක්ද ?   ඔවුන්ගේ සතුට හදන අංශු මොනවද ?
  • පර්චස් අටේ සිට දහය  දක්වා බිමක , අපේම කියලා  දෙමහල් ගෙයක් , තණකොළ වවපු පොඩි ලෝන් එකක්... පුම්බපු සෝෆා සෙට් එක .  ගමටම ඇහෙන්න දාන්න පුළුවන් සෙට් අප් එක සහ අනිත් ගෘහස්ත උපකරණ  (මාසේ ගානේ ගෙවන්න ගන්න පුළුවන් නේ කාඩ් එකට ),
  • චැනෙල් සීයක ටීවී කොනෙක්ෂන් එකක් .....
  • කාර් එකක් (ටොයෝටා,නිසාන් , කියා , )...නෝනාටත් වෙනම එකක් තියෙනවනම් මරු . පොඩි මරුටි , සුසුකි බට්ටෙක් ...ගෙදර යන ගමන් ෂොපින් කරලා , බෑග්  ටික ඩිකියේ  දා ගෙන  එන්න 
  • ළමයි දෙදෙනෙක් ..(පවුලේ නම ගෙනියන්න කොල්ලයි , නාකි උනාම බලාගන්න කෙල්ලයි)...
    කොළඹ ඉස්කෝල ,  බැරි උනොත්  ඔය පොඩි ඉන්ටනැෂනල් එකක් තමයි ....කොල්ලට ක්රිකට් ප්රැක්ටිස් (කොහොම හරි ඉස්කොලේ ටීම් එකට ගහන්න ). පස්සේ පිට රටක යුනි එකකට යවන්න 
  • උයන්න පිහින්න  ළමයි බලා ගන්න , ටිකක් වයසක ගෑනු කෙනෙක් 
  • බල්ලෙක්
    (ඇල්ශේෂන් පොමරෙනියම් නම් හරි ඕල්ඩ් ෆැෂන් ....ලැබ් බෙක් , ඩොබෙර්මන්  , ටෙරියර් , ඩල්මේෂන්  බොක්සර් එකෙක් හොඳා )
  • මහත්තයට ස්ට්රෙස් රිලෙටඩ් ලෙඩ (කොලස්ටරෝල් , ප්රෙෂර් ), එතකොට ජිම් යන්න ඕනේ නේ 
  • ඕල්ඩ් බෝයිස් ක්ලබ් එකක,  ක්රීඩා සමාජයක  සාමාජිකත්වය ....ද කොනේක්ෂන්ස් මැටර් යු සී ...

තව මොනවද ?


පලි :
මෙය කොළඹ සිහිනය උනාට , සයුරු ගණනක් එතෙරින් සිටින අයද (ඇතැම් විට ට්රැක් පැනපු වෙලාවට අපිද) , මේ සිහිනම සැබෑ කරන්නට තතනමු ...බැරි වූ කළ තැවෙමු ..ශ්‍රී ලාංකිකත්වයද ..පෘතජ්ජන බවද එහෙමත් නැතිනම් හිසේ පැලපදියම් වූ නිදන්ගත රෝගයක සේයාවක්දැයි නොදනිම් .
එනමුදු අත්දැකීමෙන් දනිමි , "අසල්වැසියාට වඩා ලොකු එකක් " තරඟයෙන් මිදුන විට , මහත් නිදහසක් දැනේ .

12 January 2013

හිල්මන් සිහිනය , ලම්බෝගිනි සහ අපි












ඉස්සර අපේ ගමේ මැම්බර් මහත්තයට තිබ්බා EYනොම්බරේ,  හිල්මන් කාර් එකක් . 

මුළු ගමටම තිබ්බේ ඒක විතරයි . බඳ කොළ පාට , දිස්නේ ගහන්න පොලිෂ් කරලා .  ඇතුලේ සීට් කිරි පාටට . ගෙම්බාගේ වගේ ඉස්සරහ ලයිට් දෙක . අප්පා ලස්සන 

 මැම්බර් මහත්තයා කර එකේ යන්නේ හරි උජාරුවෙන් ඉඳගෙන . කාර් එක පස්සේ කොලු රෑනම දුවනවා ..අර අඹ යහළුවෝ ටෙලි නාට්යයේ  පෙන්නුවේ , අන්න ඒ වගේ ..මමත් පොඩි එකා කාලේ දිව්වා, හති නොබලා . දුවලා දුවල  එක ඈතට නොපෙනී යනකන් බලන් ඉන්නවා  . එහෙම දුවන්න බැරි තරමට කර දඬු උස මහත් උනහම , අපි හිතෙන්  දිව්වා ඒ කාර් එක පස්සේ ..


ගමටම තිබ්බේ වාහන දෙකයි . දෙල්කඳ හන්දියේ කඩේ මුදලාලිට තිබ්බා ලොරි බාගයක් . එකේ තමයි අපි වන්දනාවේ ගියේ . ලෙඩෙක්ව ඉස්පිරිතාලේ ගෙනිච්චේ ....ඒ උනාට ලොරි වගේද කාර් .
අනික කව්ද ලොරි පස්සේ දුවන්නේ .

පස්සේ කාලේ ගමට වාහන ගොඩක් ආවා . අලුත් අලුත් මාදිලි . හැබැයි අපි හිත් වලින් , අර ලඟා  වෙන්න බැරිවෙච්ච , අර පරණ හිල්මන් කාර් එක පස්සේම  දිව්වා . 

මැම්බර් මහත්වරු , මන්ත්රීලා වෙලා . මන්ත්රීලා,  ජනතා සේවකයෝ උනා . 
හිල්මන් කාර් , පැජෙරෝ වොල්වෝ වෙලා ...පස්සේ  ලම්බෝගිනි වෙලා ....යනවා පාර දිගේ
 
 අපි තවමත්  දුවනවා, ඒවා පස්සේ .

පලි 
මෙය මා මිතුරෙක් ගිය සතියේ කියූ කතාවක් ඇසුරෙනි ..මෙහි තම තම නැණ , ඇසු පිරු තැන් පමණින් තේරුම් යන විවිධ මාන ඇතැයි  හැඟේ 


09 January 2013

The Horizon , where we met





You were the sky
and me
the sea
Then there was the horizon
where we met

Reality,  absolute 
from the shore
it seemed
the  horizon
the place that we met

As I drew closer
sitting small in the hull
with the sail fighting the unknown winds
closer I drew
more blurred
the line
more surreal 
it seemed

The horizon
where we met

04 January 2013

විශ්වයේ මධ්‍ය ලක්‍ෂය


මගේ උපකරණ පුවරුවේ තිරයේ තවත් යානාවක සේයාවක් පලවෙනි වරට දිස්වන විට මම සිටියේ මා ගමන පටන් ගත් තැනින් බොහෝ දුරිනි .

 "ආලෝක වර්ෂ 7341ක් ""
 "ඩැනි ", මාගේ සහයට සිටින , PSAD V6.3 වර්ගයේ  කුඩා පෞද්ගලික අභ්යවාකාශ සහයක ඩ්රොයිඩ් (personal space assistant droid ) , මාගේ මතකයට දත්ත එක් කරයි .
( මාගේ ඉවෙසිමේ සීමාව නිරතුරුවම ඉක්මවන දේ ලයිස්තුවේ ,මේ බෙලෙක්ක කුනුබක්කිය මගේ සිතිවිලි කියවා ඊට උගේ සත පහ එකතු කිරීම ඇත්තේ ඉහලින්මය .)

යානය ගැන වැඩි දුර විස්තර සොයාගතිමි . මා මෙන්ම , ඇය ද සිටියේ , එක පුද්ගල යානයක හිරවී , නිමක් නොපෙනෙන විශ්වයේ ඉබේ ඇදෙමිනි .
අප දෙදෙනාම සොයමින් සිටියේ එකම දෙයකි .

"දෙයක් නොවේ හරියටමනම් "තැනකි" "   නැවතත් ඩැනී ...
ඔව් තැනකි. මධ්‍ය ලක්ෂය,  විශ්වයේ...අපේ වෙනස් තරු සිතියම් වලට අනුව එය තිබුනේ දෙතැනකය . වෙනස් චක්‍රාවාට දෙකකය ....
මොරටුව අන්තර්ජාතික අභ්යවකාශ විශ්ව විද්යාලයේ මහාචාර්ය සමුද්‍රගුප්තගේ තරු සටහනට අනුව , එය තිබ්බේ ඈත චක්‍රාවාටයක  කළු කුහර දෙකක් මැදය ....මා යමින් සිටියේ එතැනටය .ඒ ඔහුගේ අනුමානය ඔප්පු කිරීමටය .
එක අතකට, කොටින්ම කියනවනං, මම නිකන්ම නිකන් කඩේ යන්නෙක්මි .

වෙනත් ආයතනයක වෙනස් අයෙකුගේ න්‍යාය  වෙනුවෙන් වුවද ,ඇයත් එසේමය .
කෙසේ හෝ අපි අහම්බෙන් හෝ දෙවයේ හැටියට ,මේ සක්වලේදී හමුවුණෙමු ...

"මේක මගුල් සක්වලක් ..."

"ඩැනී, උඹ ව මම කුණුබක්කියට තියලා පාස්සනවා.. උඹේ බෙලෙක් අම්මට ..."

"එදා කිව්වා වගේ ....අම්මට ගැල්වනයිස් කරන්න ?..."

"කිව්වා කියල හිතා ගනින් ටකරමා "

ඇත්ත ,මේක මගුල් සක්වලක් තමයි .
අපි කතා කළා . මුලින් මුලින් තම තමන්ගේ තරු සැළසුම හරි යයි ඔප්පු කරන්න පටන් ගත්ත කතා බහ , පස්සේ වෙන දේවල් වලට පැතිරුණා . සමහර දවස් වල අපි දැඟිලි පටලාගෙන අනන්ත තරු යාය දිහා ඔහේ බලාගෙන හිටියා . ප්‍රියවිප්පයෝගයට  බයෙන්, මේ තරු මඬලේ ම පාවුනු අපි , අපේ mission එක , මුලින් මුලින් ඕනෑකමින්ම අමතක කළා .

"පස්සේ ඉබේම අමතක උනා "....(අම්මප මූට ...)

පස්සේ , අපිට තේරෙන්න ගත්තා , අපි කාලාන්තරයක් තිස්සේ සෙවූ විශ්වයේ මධ්‍ය  ලක්ෂය ඇත්තේ,  අපි දෙදෙනාගේම තරු සිතියම් වලින් ඔබ්බෙන්වූ තැනක  බව ......
අපි දෙන්නම Mission එක abort කලේ ඒ නිසා වෙන්න ඇති
.
.
.
.
.

" මේ බලන්න කෙල්ල හීනෙන් හිනා වෙනවා ...පුංචි සුරංගනාවියක් වගේ "...
දියණිය තවමත් ඇගේ දෝතේය ... බිලිඳු නළලත වැටුණු අකීකරු කෙහෙ රැල්ලක්, ඇය  සෙමින් සකසන්නිය .
මම නැඹුරු වී ලපටි කොපුල සිඹ ගනිමි ...කිරි සුවඳක් මා නහය ඔස්සේ ගලා විත් සිතට පිරේ ....


විශ්වයේ මධ්‍ය ලක්ෂය ..................





පලි
පසු ගිය දිනෙක ඇසුණු දෙයක් මසිතේ සනිටුහන් වී ඇත . බොහෝ දෙනා සිතන්නේ විශ්වයම කරකැවෙන්නේ තමන් වටා බවය . මා අදහන ආගමේ හැටියට එය තරමක් දුරට නිරවද්ය වේ. මුළු සසරම මමත්වය කේන්ද්රකොට ගෙන බිහිවේ . අනෙක් අතට විස්ථාපනය වන විශ්වයක , කේන්ද්රය කුමන අරුතක් සපයයිද ....නමුත් මා දියණිය උපන් දින පටන් මා උගත් පාඩමක් නම් ඇත්තේය ..එනම් ,මුළු හදින්ම ...අන් කවර දෙයකටත් වඩා , ඇතැම්විට තමන්ටත් වැඩියෙන්, කෙනෙකුට ආදරය කළ හැකි බවය .