31 March 2015

රණේ ගේ වර්ල්ඩ් කප් ෆයිනල් එක

දිනය විසි නව වෙනදාය , හෝරාව  උදේ නවයට විතර ඇත  . පොළේ  යනවිට මට මූණට හමුවුනේ රණේය . හේ කහපාට ටී ෂර්ට් එකක් ඇඳ , කලුපාට තොප්පියක් පැළඳ සිලි මල්ලක එළවලු ටිකක් හුවා ගෙන ඉක්මනින් ඉක්මනින් ආපසු යන්නේය .

ආ රණේ  කොහේද මේ උදේම 

උදේම පොළේ ගියා . අද පයිනල් එකනේ , ඒක  බලන්න සෙට් වෙන්න 

ආ එක තමයි මේ . දැන්නේ දැක්කේ , ඕස්ට්‍රේලියා කමිසයක් ඇඳලා , නිව් සී ලන්ඩ් තොප්පියක් දාලා . හරියට මැච් එක බලන්න මෙල්බන් යන්න වගේ .

නෑ නෑ  සිරා ලගේ ගෙදර සෙට් වෙන්නේ .  ඇයි ඔහේ බලන්නේ නැද්ද මැච් එක 

ලංකාව නැතිකොට , නිකන් බලන්න හිතෙන්නෙත් නෑ  අප්පා 

ඒ කියන්නේ ඔහේගේ තියෙන්නේ ජාතිවාදී  ක්‍රිකට් නේ .. එහෙම නෙමෙයි ක්‍රීඩාවට ආදරෙන් බලන්න ඕනේ 

දැන් කාටද සපෝට් කරන්නේ 

ඔට්ටේලියාවත් නරක නෑ මොකෝ ඉන්දියන් කාරයන්ව පැරද්දුවනේ . 

ඇයි  ඉන්දියාවත් එක්ක ඔච්චර තරහ 

ඇයි  අපේ අර ජැකලයින් ගේ කේස්  එකනේ 

ඒ කිව්වේ 

 ජැකලයින් ව දන්නේ නැද්ද අර ආප්ප කඩේ දාලා තියෙන්නේ 

කෙල්ල දන්නවා කේස්  එක දන්නේ නෑ 

ඇයි අප්පා ජැකලයින්ට මම ලයින් නේ ඉස්සර 

මොකා කිව්වා 

ඔව් මම ලයින් ... එයාට කියන්න ඔන්න මෙන්න ඉඳිද්දී අර සලමන් කාරයා බැස්සනේ  සීන්  එකට . එදා ඉඳන් මට ඉන්දියාව පේන්න  බෑ 

හ්ම්ම් ඒකත්  එහෙමද , කොහොම හරි ඉන්දියාව පැරදුනා නේ 

අපි ඉතින් ඔය බාර හාර වෙලා කොහොම හරි පැරැද්දුවා .

බාර හාර ?

ඔව් මම හිඟන්නන්ට බත් පැකට් දහයක් දෙන්න බාර උනා . 

දුන්නද ?

එහෙනම්... දහයට , දොලහක් දුන්න ඉන්දියන් ටයිම්ස් පත්තර කොළ වල ඔතලා . එතකොට බත් එක කාල කොලේ විසිකරනවනේ කුණු බාල්දියට 

දැන් අද ඔස්ට්‍රේලියාවටද සපෝට් කරන්නේ 

මම උන්ටත් එච්චරම කැමති නෑ  . මොකෝ උන් අපිට බෝට්ටුවෙන් එන්න එපා අරවා මේවා කියනවනේ . දැන් අනික යවන බෝට්ටුත් අල්ලලා අර නිව් ගිනියාවට යවනවලුනේ . අපි හිතන් ඉන්නේ බෝට්ටුවක් යවන්න නවසීලන්තයට . තව සුමානයක් විතර වැඩියෙන් බෝට්ටුවේ ඉන්න වෙයි කට්ටියට වැඩිම උනොත් .... අපිටත් තව වැඩිම උනොත් හාල් ගෝනියයි , සැමන් ටින් විස්සක් විතර වැඩියෙන් යයි ...ඉතින් මේ කමිසේ යටින් කලුපාට බැනියමක් ඇඳලා  ඉන්නේ . 



පලි : 

රණේ ගේ පැතුම් බිඳ දමමින් ඔට්ටේලියාව තරඟය ජයග්‍රහණය කළේය . තව දුරටත් බෝට්ටු වලින් කට්ටිය නිව් ගිනියාවට යනු ඇත 

29 March 2015

EGB නැතිව කෑම එපා සහ වෙනත් බේගල් // No EGB No food and other lies



ඔබ සමහරෙකුටවත් මතක ඇති ඒ වකවානුව හරියටම ? ඇත්තටම , ඒ කාලයට පෙර කාලය . 

බේරේ  වැව අයිනේ එලිෆන්ට් හවුස් එකේ ,  ජින්ජර් බියර් අනාදිමත් කාලයක සිට පැවතියත් ( කොම්පැනිය නම් කියන්නේ වට්ටෝරුව එක්දහස් අටසිය අනු හයේ සිට කියලා ), පෙට්ටි කඩේ රාක්කේ දූවිලි වැදී වැදී  තිබුණු  දුඹුරු පාට බෝතලේට නව වෙළඳ ප්‍රචාරක තල්ලුවක් දුන්නේ, මට මතක විදියට අනූව දශකයේය . මුලින් මුලින් EGB එක්ක කෑම වඩා රසයි කියන  පොඩි යෝජනාවක් ලෙස පටන් ගත් මේ සංකල්පය . EGB  නැතුව කෑම එපා යන තැනටම ඉතා ඉක්මනින් ඔඩු දුවා ගියේය . දැන් කෑම  කියනකොටම ඇතැමෙකුට EGB මතක් වෙන තැනට , කිසිම විලි ලැජ්ජාවක් නැතිව එහෙම ඕඩර් කල හැකි තැනට පත් වී ඇත .

දින සීයේ රොටිය පුළුස්සා  ගැනීමට , හවුලේ පවුල් කෑම අත්‍යාවශ්‍ය බවට තර්කය දැන් දැන් ප්‍රචලිත වී ගෙන යයි .  මුලින් මුලින් එවැනි දේ කියන්නවුන් දෙස අවඥාවෙන් බැලීමට " ආ ඇත්තද " වැනි ප්‍රතිචාර වලට බඳුන් වුවත් , දැන් දැන් එය "ඔව් ඒකත් ඇත්ත , ඒත්  කලින් එහෙම කිව්වේ නෑනේ " යන තැනට පල්වී  පත්වී ඇත .

කට්ටිය කියන විදියට , දින සීයේ වැඩසටහනේ කිසිම කියන්න වරදක් නෑලු . එකම දේ එය ප්‍රැක්ටිකල් නැතිවීම පමණක් ලු . ඒකේ තියෙන සංශෝධන වලට   හැමෝම එකඟ ලු . කිසිවෙක් විරුද්ධත් නෑලු . ජනතාවටත් , රටත් හොඳයිලු ....ඒත්....... සහයෝගය දෙන්නනම් , ඇමති ධුරත් ඕනෙලු . ඇමති ධුර නැතිව සපෝට් බෑ ලූ . 
මේ සියල්ල ඔවුන් කියන්නේ " මේ වගකීමෙන් කියන්නේ " කියලා වගකිමෙන්ම ලූ . 

මා දන්නා සුලුප්‍රාණ දේශපාලනයට  අනුව , පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයන්ය . පත්වෙන්නේ ජනතා චන්දයෙනි , කන්නේ ජනතාවගේ බද්දෙනි . උන්ගේ යුතුකම , ජනතාවගේ කැමැත්ත ඒ සභාවේ නියෝජනය කිරීමය . අපි හැමෝටම එතනට යන්න බැරි නිසා , ඇතැම් විට එම තීරණ ගැනීමට අවශ්‍ය දැනුම , එහි ඇති හොඳ නරක විශ්ලේෂණය කිරීමට කාලය , විෂය පරිචය නැති නිසා , ඊට සුදුසු නියෝජිතයන් පත්කර යවන්නෙමු .

සාමාන්‍ය ව්‍යාපාර තත්වයක් යටතේ නියෝජිතයෙක් , රජයේ දෙපාර්තුමේන්තුවක රජයේ නිලධාරියෙක් , හමුදාවක ලෙෆ්ටිනන්ට් කෙනෙක් , තම සේවාදායකයින්ට සේවය කිරිමට නම් මෙවැනි ඉල්ලීමක් (අල්ලසක් ?) කලොත් තත්වය කුමක් වේදැයි  මදකට සිතන්න . එලෙසම ජනතාවගේ කැමැත්ත නියෝජනය කිරීමට තව වරප්‍රසාද ඉල්ලීම , කෙතරම් ශිලාචාර සම්පන්න දැයි විටෙක සිතේ . 

එනමුදු වැඩේ තියෙන්නේ , EGB  නැතිව කෑම  බෑ  හෝ වේවා , මහින්ද නැතිව රට අනතුරේ හෝ වේවා , යහ පාලනය නැතිව රටකට අගයක් නෑ හෝ වේවා , ඇමති ධූර  නැතිව මේ වැඩේ කරන්න බෑ  හෝ වේවා , ඕනෑම බේගලයක් ටික කලක් යද්දී පත්තියම් වෙනවාය . බොරු ඇත්ත වෙනවාය . 

21 March 2015

නඩරාජා ජාතික ගීයට සීරුවෙන් සිට ගැනීම සහ කොලොඹීයන්ටත් එකක් // Priortising problems and while we are at it

නිමිත්ත
පහුගිය සතිය ආරම්භ වූයේ දෙමළ  ජාතික ගීය ගැන සංවාද විසංවාද සමගිනි .  මෙය දහතුන ප්ලස් ප්ලස් කරා යන ගමනේ එක මාර්ග සලකුණක් යයි අයෙක් අර්ථ දක්වද්දී , තවකෙක් කීවේ  එක ගීයක්‌  රටවල් දෙකක් , ගී දෙකක් එක රටක් කියාය .  මේ තර්ක දෙකම මට නොතේරේ . මේ ලිපිය මා හට ඒවා තිබුනේ . සතිය අග වෙනවිට ඌරු වරිගේ මහා හුරා වැදී  බසින්ද ජාතික ගීයක් ඉල්ලා ඇතැයි  සැලවේ . ඒ පිළිබඳව යෝජිත 
පද මාලාවක්ද (මෙතනින් බලන්න) මුහුණු පොතේ කෙනෙක් විසින් පළ  කර තිබුණි  

 මේ ඒ තේමාව ගැන මට ඇතිවුණු සිතුවිලිය


නඩරාජා  ජාතික ගීයට  සීරුවෙන් සිට ගත්තේය 

ශ්‍රී ලංකා සායේ 
නමෝ නමෝ 
නඩා 
ඔන්න දැන් නම් 
උඹලා ගේ 
ප්‍රශ්න බාගයක් 
ඉවරයි 
නඩා 

යාල්දෙවීත් 
එන එකේ 
දෙමළෙනුත් ලියවුනු 
පද පෙළට  
සීරුවෙන් හිටගනින් 
එක කකුළෙන්  උනත් 
කිහිළි කරුවට වාරුදී උනත් 
ඔය කුරු කුරු ගාන 
බඩගින්න 
අමතක කරහන් 
පොඩ්ඩකට 
ඉවසහන් 
එකොළහටනේ බත් පාර්සල් බෙදන්නේ 

ඔය පරණ තුවාලේ තාම 
වේලුනේ නැද්ද 
මොකටෑ ඔය කඳුළු ගලන්නේ 
කම්මුල දිගේ 
සන්තෝසෙට වෙන් නෑ 
ඔන්න දැන් නම් 
උඹලා ගේ 
ප්‍රශ්න 
ඉවරයි 
නඩා 



කොලොඹීයන්ලටත් ජාතික ගීයක්

කොලොඹීයන්ලා  යනු කවුරුන්දැයි මෙතනින්(Malinda words) මනාව විස්තර කර ඇත . කොටින්ම කියනවානම්,  කොළඹ ජීවත් වන , ඉතා දුක් කම් කටොලු මැද  පොෂ් ජීවන ක්‍රමයක් අනුගමනය කරන ඉතාම අසාදරණයට ලක්වූ ජන කොටසකි . ඔවුන්ගේ සංස්කෘතිය පොෂ් ය . බාසාව සිංග්ලිශ් ය . අනන්‍ය ඇඳුම කලින් කලට වෙනස් වේ . කලෙක ටයි කෝට්  වූ එය පසු කලෙක බෙයාෆුට් සරමට මාරුවිය .  මේ රට පාලනය කල බොහෝ රාජ්‍ය නායකයින් බිහි වී කොලොඹීයන් අතරිනි  . අර රට වටේ ගෙවල් හදපු ප්‍රේමදාස හැරුණු කොට , අනෙක් සියලු නායකයින් කොලොඹීයන්ය  . මුලින්  මහින්ද පත් වෙන විට ඔවුන් පොඩ්ඩක් තිගැස්සුනත් ,  එහෙත් ඔහුගේ වැඩ පිළිවෙල කිසිවෙකුට නොදෙවෙනි ලෙස කොලොම්බියෙකු වීම ඒ සැකයන් දුරු කිරීමට සමත් විය .දැන් ආයෙත් ආණ්ඩුව කොලොඹීයන් ය , නො ප්‍රොබ්ලේම්ස් ය .

කොලොඹීයන්  කෙනෙකු ගේ සිතුවිලි:
සිරිසේන ජනාධිපති තුමා හොඳ මිනිහාය . සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව සිංග්ලිෂ් වලිනුත් ජාතික ගීයේ වර්ෂන් එකකුත් හදලා දෙන්නට ඔහු තීරණය කර ඇති බව ආරංචිය . එක අතකට ඔය දෙමළුන්ට තිබ්බ සින්දුව මදි වුනාද ? අර ලස්සනට "වාංග  මචන් වාංග" කියලා එකක් තියෙද්දි තව එකක් මොකටද මන්දා . අනික අර දඹානේ වැද්දන්ට ..ඔය "ඕයේ ඔජායේ ' තියෙන්නේ . කොහොම හරි සිංග්ලිෂ් එකකුත් හැදෙන එක හොඳය . ඒක හදන කොට දිව උලුක් වෙන සිංහල වචන දාන්න එපා කියන්න ඕනේය ( අර සුන්දර සිරිස් බිරිස් කෑල්ලට පස්සේ ටික වගේ ). අනික අර අපේ කොලේජ් එකේ ඉස්කූල් සෝන්ග් එකේ වගේ මැදට "පාප්ප රප් පප් පප් පප් " කෑල්ලකුත් දා ගත්තානම් මරුය . අනික වැඩිය දික් කරන්න එපා කියන්න ඕනෑය . මොකද වැඩිවෙලා හිටන් ඉන්නකොට බෙයා ෆුට් සරමේ ගැටේ ගැලවුනොත් , ඕ මයි ගෝඩ් , මළකෙලියකි . සරම බිමට වැටි , යුනියන් ජැක් එක ගහපු යට කලිසම පෙනෙන්නට පුළුවන්ය 


19 March 2015

බන්දුගේ විශ්‍රාම ගැනීම හෙවත් සනත් ජයසුරිය සින්ඩ්‍රෝම්

කාලයකට පෙර මා සේවය කල කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු නොහොත් සී සී , බන්දු , තනිකඩයෙක් විය . දිනක් උදේම පැමිණ ඔහු මැනේජර් මහතා හමුවී කියා සිටියේ තව දෙසතියක් ඇවෑමෙන් ඔහු සේවයෙන් විශ්‍රාම ගන්නා බවය. 
" වැඩ කලා ඇති සර් . මම අලුත් කට්ටියට ඉඩ දීලා ගෙදර නවතිනවා . පින් අතේ වැඩ කරනවා " ඔහු කිවේය. 

සාමාන්‍යයෙන් තෙමසක දැනුම් දීමක් කළ  යුතු මුත් . ඔහුගේ මෙතෙක් කල්  කැපවීම සලකා බලා ලොක්කා ඊට අවසර දුන්නේය . ඉන්පසු සති දෙක තුල , අලුත් සී සී කෙනෙක් පත් කිරීම . වැඩ ඉගන ගැනීම මෙන්ම බන්දුගේ සමුගැනීමේ සාදය සංවිධානය කිරීමද කඩිමුඩියේ සිදුවිණි . අපිත් සල්ලි සල්ලි කියා නොබලා සම්මාදම් වී ඔහුට කමිසයක් අරන් දුන්නෙමු . එය එසේ මෙසේ නොව වෑන් හුසේන් විය .

සිකුරාදා වේ සාදය යහමින් පැවතුනි. සමුගැනීමේ කතා අතරේ ගෑනු කට්ටිය කදුළු සැලුහ . මදු  සාදය අතරේ කොල්ලෝ දෙදෙනෙක් බන්දුව බදා ගෙන හැඬු හ .  හරියටම කොහොමද කියා මතක නැතත් , සභා තොමෝ පාන්දර තුනට විතර විසිර ගියහ . ලොක්කා කාර් එකෙන්ම බන්දු  ව ගමේ ගෙදරටම ගොස් බස්සා  තිබුණි


සඳුදා , බන්දුගේ මේසය හිස්ය . මාලිනි මිස් ඒ දෙස බලා සුස්මක් හෙලීය . තේ හදන විමලේට අමතක වී දහයට තේ කෝප්පයක් බන්දුගේ මේසය මත තබා තිබුණි . කෝප්ප නැවත එකතු කිරීමට ආ විට ඔහුට වරද වැටහුණි . " බන්දු  සර් නැතිව ඔපිස් එකේ කිසි ගතියක් නෑ අප්පා " ඔහු කීවේ  කාටත් ඇහෙන්නය .

අඟහරුවාදා උදේ පාන්දරම වැඩට එන විට , මෙන්න බන්දු ආයෙත් වැඩට ඇවිත්ය .
"කම්මැලියි බං  ගෙදර ඉන්න . මම පොඩි බ්‍රේක්  එකක් නේ ගත්තේ , කව්ද කිව්වේ රිටයර් වෙනවා කියලා "  බන්දුවා  ඇඟට නොදැනී  කිවේය .

මගේ ඇස  ගියේ ඔහු හැඳ  හුන් කමිසයටය . මූ අර වෑන්  හුසේන් කමිසයම ඇඳ ගෙන ඇවිත්ය .



පලි : සාමාන්‍යයෙන් ලෙඩකට නමක් දමන්නේ එය වැළඳුනු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හෝ එය සොයා ගත්  අයගේ නමිනි . මේ රෝගයට වෙනත් නමක් දමන්නට  වේ දැයි සැකය .

17 March 2015

බොන්න ඕන ප්‍රස්න

පහුගිය දවසක් ආපන ශාලාවක මම මිතුරෙක් එනතෙක් සිටියෙමි . ඔහුගේ ලාංකික බව පිළිඹිබු කරමින් හතට එනවා කීවාට අටහමාර වෙනතෙක් ඔහු ආවේ නැත . හෙමින් හෙමින් මධුවිත තොල ගාන්නට ගත් විට  මා හිස ප්‍රශ්න වලින් පිරෙන්නට විය . මම ඒවා කොළයක  ලියන්නට වුනෙමි . සංස්කරණයකින් තොරවම ඒවා පහත දක්වමි .


  •  පොලිසියේ සහ හමුදාවේ සේනාධිනායකයා ජනාධිපති වුවද සිර භාරයට ගත යුතු අය  ගැන අණ  දෙන්නේ රාජිත ය , බාහුය .  ආරක්ෂක ලේකම් පත් කරන්නට ඉවත් කරන්නට ඒ ගැන තීරණය කරන්නට බලය තියෙන්නේ ජනාධිපතිට වුවද ඒ ගැන  ප්‍රකාශ නිකුත් කරන්නේ චන්ද්‍රිකාය. නොමැති දෙයක් අහෝසි කරන්නේ කෙසේද 
  • සාමාන්‍ය ක්‍රමයට අනුව නම් පැන්සොන්  ගිය පසු , නැතිනම් රිටායර් වූ පසු ආපහු වැඩට එන්නේ නැත .  එහෙමත් විටෙක විශේෂ කාරයන් සඳහා එවන් වූ විශ්‍රාමිකයන් නැවත සේවයට ගන්නේ විශේෂ දිමනාවකටය . එවිට පැන්සොන්  එකත් අලුත් කොන්ත්‍රා ත්තුව යටතේ ගෙවන ගණනත්  අනුව විශ්‍රාම ගැනීමට පෙර ගෙවූ ගානට වඩා කිහිප ගුණයක් ගෙවන්නට සිදුවෙයි. පෙන්සෝන් ගිය රජෙක් ආපහු ගෙනා විටත් කලින් ගෙව්වා වගේ , කිහිප ගුණාකාරයක්  ගෙවන්නට සිදු වේද ?
  • ආශ්චර්යමත් යුගයේ ලොකු හොරු අහුවුයේ නැත . පොඩි හොරු අල්වා  පොලිසියට ගෙනවිත් , සෙනෙහෙබරව දෙකක් ඇන කූඩුවට  දැමීය . සාක්කි විභාග කලේ ඉන් පසුවය . යහපාලනය යටතේ ලොකු හොරු අල්ලන්නේ සාක්කි සටහන් කර ඒවා විභාග කර නිසි ක්‍රමවේදයට අනුවය . ඒත්  පොඩි හොරුන්ට තවම යහපාලනය අදාළ වී නැත . පොඩි හොරුන්ටද යහපාලනය ලබා දී සැම හොරෙකුටම සිතට සැනසිල්ලක් ලබා දෙන්නේ කවදාද .
  • මේ යකා මේ ෂොට් එකට ඇල්කොහොල් එකතු කරලම නැද්ද 
  • මහින්ද මහත්තයා වැරදි නොකළා යයි ඔහු නොකියයි. ඔහු අහන්නේ එසේ කළා  නම් පිට පිට ඔහුව දිනෙව්වේ , මේ සැරෙත් ලක්ෂ පනස් අටක් චන්ද දුන්නේ ඇයි  කියාය . ඒ වරද අපේය .
    සිරිසේන ලොක්කා එයා ගේ පොරොන්දු ඉටු කරන්න බාර දුන්නේ රනිල්ටය . දැන් උනත් වෙන කෙනෙකුට දෙන්නට පුළුවන්ය , ඒත්  එහෙම නොකරන්නේය . කරනවා කිව්ව දේ හරියට කරන්නේ නෑ  කියලා කට්ටිය රනිල්ට බනින්නේය. රනිල් එයාගේ කට්ටියට බනින්නෝය  . කට්ටිය කියන්නේ "බලනවා , තමුසෙලා එකතුවෙලා අපි කිව්ව දේ විශ්වාස කළා . අපිව පත් කරලා අමාරුවේ දැම්මා . අපිත් හරියට දැන් කල කිරිලා ඉන්නේ කියලා ය " . ඒකෙත් වරද අපේය .
    පිට පිට මෙහෙම වැරදි කරන අපිට දියයුතු දඬුවම කුමක්ද ?
  • චිකන් ඩෙවල්  කිව්වට  මාළු මිරිසුයි , ළුනුයි  දැම්මට පස්සේ චිකන් අමතක වුනාද 
  • අනුර මහත්තයා කිවේ මහින්ද පරද්දන්න කියලාය . අපි හිතුවේ ඒ කිව්වේ සිරිසේන දිනවන්න කියලාය. දැන් එයා කියන්නේ අපි කිව්වේ නැද්ද චරිත සහතික ඉල්ලා අමනාප නොවෙන්න කියලා කියලාය . අම්මප ඇත්තටම ඔහු කිව්වේ ටැට්ටර් සාදු දිනවන්න කියලාවත්ද ?

  • රට කියන්නේ මහින්ද නම් . මහින්ද කියන්නේ රට නම් . අපි මොක්කුද ?

  • ඔක්කොම උපාසකම්මලා "අප්පච්චි අප්පච්චි "කියලා කෑ ගහනකොට උන්ගේ කසාද මිනිස්සුන්ට හිතෙන්නේ මොනවාද 

  • ද්‍රවිඩ ජනතාවගේ වාර්ගික ස්වරුපයේ ප්‍රශ්න , ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දීමෙන් හෝ ඉන්දීය ධීවරයන්ට අපේ මුහුදේ මාළු අල්ලන්න දීමෙන් විසඳෙන්නේ කෙසේද .
  • අපේ රටේ මුහුද ගොඩ කර වෙනම නගරයක් (ප්‍රාන්තයක් ?) තැනීමත් , ඊට නුදුරෙන්  චීන සබ්මරිනර් නැවත්වීමට පහසුකම් හා අවසර ලබාදීමත්  . ඒ හරහා දකුණු සුඩානයේ සිට චීනය පැත්තට  තෙල් නළ  ඇදීමත්  , ඇතැම් විට එහි ආරක්ෂාවට  චීන හමුදාව ස්ථාන ගත කිරීමත්  , විදේශ අත පෙවීම් ලොජික් එකට අහු නොවෙන්නේ ඇයි ?

  • හතට එනවා කිව්ව මිනිහා තාම කෝ 


14 March 2015

මොහොතකට , මොහොතකට // Living and dying in moments

නිමිත්ත:
පහුගිය සතියේ දිනෙක ගුවන්තොටුපොළක මගී පර්යන්තයේ මම හිඳ  ගෙන සිටියෙමි . රෝද පුටුවක හිඳ  ගත්  කතක් , ඈ  ගත වෙලා ගත රෝගී තත්වය හුවා දක්වමින් නිසොල්මනේය . සමහර විට ප්‍රතිකාර ගන්නට එතෙර යනවා වෙන්නට ඇත . එසේ නැතිනම් ප්‍රතිකාර ගෙන , ඉන් සුව නොලබා ආපසු එනවා වෙන්නට ඇත . ඈ  සැමියා , ඈ  දෙසම බලා සිටින්නේය . ඈ  එක්වරම දිගු හුස්මක් අදින්නීය . ඔහු එවිට කලබල වේ .

You breathe heavy
drawing each breath
with intent
refuting with the serene composure
lying on the white sheets
each heave
granting
a moment
yet another
to feel
to remember
to think
to wonder
…whether you ever will
run in to the waves
with your face to whispers
of the nattering breeze
You take another
breath
in
to hold
for a moment
to live 

I
Look at you
Breathing
Your frail frame
Rising
From the white sheets
As if
to fly away
to the horizon
…almost
I
remember
feel
die
in moments 



ඇදී  දිගු හුස්ම 
රැහැන 
අල්වා වැරෙන් 
(ගිලනෙකුට තරම් නොවන සේ )
මොහොතකට 
මතකයනට 
සිහිනයනට 
පණ නළ පිඹිනට 
මොහොතකට , මොහොතකට 
ජීවත්  වෙන 
ඔබ 

ඇදී  හුස්ම 
පුම්බා 
උඩ  පහත යන 
උර කුහර 
කමටහන් කොට 
විඳින 
සිතන 
මෙනෙහි කරන 
මොහොතකට , මොහොතකට 
මියෙන 
මම

04 March 2015

ගැයුමට නොව කීමට වටිනා කවි // the bad songstress and the bad poet

You
the songstress
Who sing out of tune
Out of tempo
Out of harmony
A mere outcry
of words  
The only way a bad poem
can be sung  

I
A bad poet
Linening up
 word
after
word
….Forcefully
Sans any sense
…Only lyrics

To be sung out of tune 


ගායිකාව ඔබ 
ශෘතියෙන් පිට 
තාලයක් නැති 
කෑ ගසා ගයන 
ගැයේ තැකි 
එකම විදියට 
මෙවැනි කව් සිංදු 


කිවිඳු මම 
තේරුමක් නැතිව 
වදන් 
එකිනෙක 
ඔහේ 
පෝලිමේ සිටුවා 
කව්  ගොතන 
මෙලෙස ගැයුමට 
වටින