28 September 2012

Frozen clock face and wrong time || නැවතුනු වේලාව සහ වැරදි වේලාව








































Even the frozen clock face
 is correct
twice
a day
they say
yet never  the one
that counts the seconds wrong
within it's gears


නැවතුනු  ඔරලෝසුවත් 
නිවැරදිය 
දිනකට දෙවරක්
එනමුදු  වැරදිය  සැමවිට 
හෝරා මුහුණ
හිතෙන් ගනින  තත්පර  ගාන  වැරදුන  

27 September 2012

The After-Hero..


After,
He leads a thousand men
over the hills
to the enemy’s gate

After,
he vanquishesbravely
to unshackle the lives
of many


After, 
they reach the gates
of the promised land
After the last battle is won
then He
....just get’s in the way



23 September 2012

ඔන්න අපේත් (අහිංසක ) විරෝධතාවය



















බල්ලට නමක් 
විල්සෝන් සහ ඇල්මන් ජන්මාන්තර එදිරිවාදින්ය. එය කුමක් නිසා ආරම්භ  වුවා දැයි  කිසිවෙකුට මතක නැත.. නමුත් මුහුණෙන් මුහුණ හමුවුවත්  අහක බලාගෙන යන,  . එකිනෙකා පසුකල පසු,  කාරා කෙල ගසන,  තරමට එදිරි වාදීන්ය .. . 
විල්සෝන් හවසට ටිකක් තොල ගා ගන්නා , සිරුරෙන් හැදී දැඩි කෙනෙකි . ඇල්මන් නම්  ඇල් වතුරත් නිවල බොන ජාතියේ , හාල් මැස්සෙකි. 

වරක් හවස් යාමයේ විල්සෝන්, ඇල්මන්ගේ ගේට්ටුව ගාවටම විත් සද්දයක් දැම්මේ වැටක ප්‍රශ්නයකටය .
 " මේක හරිගස්සුවේ නැත්නම් තෝ බල ගන්" යයි කියා ,පොලෝසියේ  oic මහත්තයා දන්නා බවක්ද පවසා ,  වැනි වැනි ඔහු  යන්නට ගියේය . 

කෝලාහලය වටා රැස්වූ පිරිස කීවේ "ඇල්මොන් අයියා, මේක නිකන් අරින්න එපා " කියාය . . ඇල්මන්ගේ බිරිඳ  සොපි ද  " අපේ මිනිහගේ නොන්ජල් කම නිසා තමයි ගෙදරටම ඇවිල්ල බැනල ගියේ , අනේ මේ වගේ  පිරිමියෙක්" යයි කිහිපවිටක්ම  ඇනුම් පද කීවාය .

සතියකට පසු ඇල්මොන් , බලු පැටවෙක් ගෙනාවේය . බලු පැටියෙක්  කීවාට ඌ හම්පඩ වල් බලු නකුටෙකි.  ඌට නම දැමුවේ "විල්සෝන් " කියාය.
දැන්  හවසට හවසට  බලු පැටවා තමන් බැඳ ඇති පේර ගහ වටේ දුවමින් පළාතටම ඇසෙන්ටම කෑ ගසයි . . පේර කොටුවක් කඩ ගන්නා, ඇල්මොන් ඌ ට පහරක් ගසන්නේ  
" කට වහපිය විල්සෝන් , වල් බල්ලෙක් වගේ ලෝකෙටම ඇහෙන්න කෑ ගහනවා මෙතන " කියමිනි . . එය ඇසෙන සොපි , හදන තේකට වැඩියෙන්  සීනි හැන්දක් දියකරන්නීය .


අව නීතියට එරෙහිව 
"Please do not eat or drink in the train".(කරුණාකර දුම්රියේ  ආහාර බුදිමෙන් වලකින්න) 
 ඒ,  මේ රටේ දුම්රියේ නීතියයි .. නමුත් අබේට මෙය දැඩි ප්‍රශ්නයකි , තම අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නයකි . "එහෙම කොහොමද මචන් උන් කියන්නේ , අපි සල්ලි දීලානේ යන්නේ " ඔහු කිහිප විටක් කියන විට , මම නිසොල්මනේ සිටින්නේ  කාට හරි සිංහල තේරුනොත් කියා බියෙනි ..  අබේ, කැම්පස්  කාලෙදිත් විරෝධතා වලට සම්බන්ධ වූ , වලේ කැන්ටිමේ පරිප්පු හොද්දේ බාල කොලිටියට විරුද්ධව වර්ජනය  කල , ඉන් පසු වෘත්තීය සමිති විරෝධතාවල බෝඩ් පවා ඇඳි කෙනෙකි. මා , සමාජ සම්මතය ගැන කරදර වෙන , බොහෝ විට ගලා යන අතට බෝට්ටුව පදින බය ගුල්ලෙකි 
."මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ මචන් " කියා ඔහු කිහිප දිනකම කීවේය .  
අද ඔහු සීනි ඇතුරූ ඩෝ නට් ( Donut)  එකක් සිලි බෑග්  එකක දමාගෙන විත් ඇත . දැන් ඔහු කැබැලි අතින් කඩා, මුවේ රුවා ගන්නේ , දුම්රිය මැදිරියේ වීඩියෝ කැමරාවක් ඇති බව මා මතක් කලද , එය ගණනකට ද නොගනිමිනි . ඔහුගේ මුහුණේ ජයග්‍රාහි පෙනුමක් ඇඳි ඇත . මම කලබලෙන් වටපිට බලන්නේ , කවුරුවත් දකිදෝ කියාය . . 

කිහිප විටක්ම සුපුරුදු නිවේදනය ප්‍රචාරය කෙරුණි
 "උන්ගේ අම්මගේ නීති .." අබේ කටේ කෑම පිටින්ම කීවේ ප්‍රහාරයට අපහාසය එක් කරමිනි .
දුම්රිය නැවතුමේ නවතින්නේ විනාඩි දෙකට තුනකටය . නිල ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් දුම්රිය මැදිරියට නැගුණි . "Sir the fine for eating in the train is thousand dollars . You have to pay at the counter at the station you exit " (මහත්මයා දුම්රිය තුල ආහාර අනුබවය තහනම් , දඩය ඩොලර් දාහයි. දුම්රිය පල ප්‍රධාන කාර්යාලයෙන් එය ගෙවන්න  )  කියා දික් කල දඩ කොලය ,  අබේ දකුණතින් බාර ගත්තේ , ඉතුරු බනිස් කෑල්ල වමතේ සඟවා ගනිමිනි .
මැදිරියේ ඇස් බොහොමයක් දැන් අපවෙත යොමු වී ඇත .. ටික වෙලාවක් යන තෙක් අපි කිසිවක් කතා නොකළෙමු. මදකින් අබේ කට හඬ අවදි කළේය
 "මචන් උඹ ගාව දාහක් ගන්න තියෙනවද ?"

පලිගැනීම 
ඒ දවස් වල අපි දහය වසරේය . සුදු කලිසම් අඳින්නට එහෙම  ලැබී,  අපි  අයියලාය .. 
 පැතුම්ගෙයි හසනිගෙයි  පෙම් පටලැවිල්ල , ඔහු කියන විදියටනම් වැලි කෙලියේ සිට  පටන් පැවැත එන්නකි . සිංහලෙන් කියනකවානම්  අවුරුදු පහක් හයක් විතර පරණ අෆෙයාර් එකකි.  සමහර අයගේ කසාද වලට වඩා එය දිගුය. 
අපි, ඔවුන්ගේ නම් කළු ලෑල්ලේ ලියා , හදවත්, ඊතල ඇඳ සමච්චල් කලද ,  ඔහුගේ  කොමිට්මෙන්ට් එක  ප්ලස් ප්ලස් ය .  . 
වරක් මොහු තම බාහුවේ කවකට්ටකින් "හසනි " කියා සූරා ගත්තේ එය ඔප්පු කිරීමටය . එම කැළල දැන් පච්චයක් වැනිය ..  
වේ යයි නොසිතු දෙයක් දැන් වී ඇත . කෙල්ල වෙන කොල්ලෙක්ට බහ දී ඇත .. පැතුම් බොඳවී ඇත . 
ඇඩු කඳුලින් කොල්ලා විකාර කියවන්නේය . දැන් මෙය මුළු පන්තියේම සාමුහික ප්‍රශ්නයක් වී ඇත .
. "ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ලස්සන සමනලයන් මට ලස්සන නෑ. කිසිම දෙයක්  ඇය වාගේ නෑ .........මාව පිනවන්න මිනි මුතු රන් වලින් බෑ....ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ ....නැතේ නැතේ පිනවන්න, සනහන්න මගේ සිත ...." අන්තිම පේලියෙන් සිහින් හඬින්  ගී රාවයක්ද පැතිරෙයි .

"ඕකිට හොඳ පාඩමක් උගන්නපන් මචන් " ඔහුට යෝජනාවකි. "උඹේ පච්චය වෙනස් කරපන් "හු@@" කියලා. ". "ඔව් ඔව් " එය වැඩි චන්දයෙන් සම්මත විය . . යන්නට පා පිල්ලක් දැම්මා...නි යන්න ති යන්න කලා.යන්න හල් යන්න  කරන්න තමයි අමාරු .....සැලසුම් ඇඳේ....."මචන් උඹේ නේ අත" යහ කල්පනාව පහල කිරීමට ආ අයෙකුට ටොකු දෙක තුනක් ඇන එලවා දැමිණි . . 
"එක අමාරුනම් නම මුලට වේස කියලා දාමු" විකල්ප යෝජනාද ඉදිරිපත් වේ .
අයෙක් පෑනක් ගෙන කටු සටහන ගහන්නට සුදානම් ය .. පැතුම් කඳුළු පිහි දා බාහුව දික් කළේය.

ප ලි 
එකඟතාවය ලොවේ ඇතිවූ දාට පසු දින සිට ලොවේ විරෝධතා  ඇති වුනි . 
දහස් ගණනින් සහභාගී වන  විරෝධතා  වුවද  ඉතාම පෞද්ගලික, තම අභිමතාර්ථයන් මත පදනම් වූ දෙයක් බව මා අදහසයි ... ඒවා විලාසිතාය ට්‍රෙන්ඩ්ස් ය (Trends) , සාමාජීය  පුද්ගලික ප්‍රකාශනයන්ය (Statements) 
  මේ ලඟදි තමිල්නාඩුවේ නෝනා කෙනෙක් අල්ලපු ගෙදරට ඇහෙන්නට , කුස්සියේ සිට කෑගැසුවාය ..  
 ඊජිප්තු විප්ලවය දවස් වල ඒ ආණ්ඩුවට විරුද්ධව   , පකිස්ථානයේ ස්වය්රිබාවය සරදමට පත්කළ ඇමෙරිකාවේ ඔපරේෂන් බින් ලාඩන්  එකට  විරුද්ධව  එකසිය ගානට  status update , like මුහුණු පොතේ වැටුණි 
(වාසනාවටත් , දිගු  කාලින උත්සාහයෙනුත්)  ලබා ගත් තනතුර දමා ගෙදර යන්නට බල කරමින් " බැන්කි මුන් ගෙදර යනු " කියා සිංහලෙන් බෝඩ් ඔසවා අයෙක් කලකට ඉහත පෙළපාලි ගියහ 

22 September 2012

16 September 2012

Can you hear them rustle


Can you hear them rustling
their summer secrets
in to the new autumn breeze
Them  secrets  of  full seasons
throbbing the outer walls
of one’s mind
For, come winter
you’ll need  peace of mind
to sleep
till the shoots of new hope
next spring



02 September 2012

බඹරය කඩන්නේ උන් අත ලෙවකන්නයි



චරිත:

අප්පුහාමි:                අහිංසක වයෝවුර්ධ   ගැමියෙකි. 
ඇසිලින්:                 ඔහුගේ ප්‍රියම්බිකාවයි .ඇය නිතරම ලෙඩ ගානෙය. ඔවුන්ගෙ පුතුන් දෙදෙනාම    
                              රැකියාවන් කරන්නේ සිදාදියේය .  එබැවින් අප්පුහාමිගෙ පැලේ සිටින්නේ ඔවුන්
                              දෙදෙනා පමනි.

චීන සුනිල්:              කලකට පෙර මැම්බර් මහතාගේ දකුනු අතය. ඒ දවස් වල මැම්බර් මහතා යන එන පෙර
                               මග චීන පටස් පත්තු 
කලේ සුනිල්ය . ඒ බැවින් ඔහුට "චීන පටස් සුනිල්" යන නම පට          
                                බැඳුණි. කාලයාගේ ඇවෑමෙන් නම ලොප් විය .  
දැන් ඔහු පලාත් සභා මන්ත්රි චීන  
                                 සුනිල්
මැතිතුමාය .




සිද්ධිය 

බැද්ද වටට සුදු මොර මල් පිපිලා 
සද්ද කර බඹරු ඒ වග කියාලා 

අප්පුහාමි ගේ වත්තේ පිටුපසට වෙන්නට සරුවට හැදුනු දැවැන්ත නා ගසකි . එහි බඹරයක් බැඳ ඇති බව මුලින්ම දුටුවේ ඇසිලින්ය . එහෙත් ඔවුන් එය කෙසේ කඩා ගන්නද . හොඳට පැණි ඇති නැන්දේ යයි කිවූ ඕවිටේ ගෙදර ලලිතාට ඇය කීවේද " පැණි තිබ්බට කඩන්නේ කොහොමෙයි " කියාය .

චීන සුනිල් , තම සහචර කොලු  රෑන සමග , දිනක කඩුල්ල පැන ගොම්මන් වෙලාවේ අප්පුහාමි ලගේ ගෙදර ආවේ , ඔහුගේ චන්ද පත්‍රිකා බෙදන්නය . "වැස්සක් එන්න වගේ යයි කියා හිස අහස දෙසට හැරවූ ඔහුට බඹරය පෙනිණි. ටික වෙලාවක කතා කරමින් සිටි ඔහු ගියේ " මම එන්නම  හෙට අනිද්දා මේක මාමා ලාට කඩලා දෙන්න" කියමිනි 

කිව්වා වගේම දෙදිනකට පසු ඔවුහු පැමිණියහ . ඇවිදින් නා ගහේ කරු බැඳ බඹරය කඩන්නට සුදානම් විය . කොස් කොළ , දෙහි කොළ පුච්චා බඹරුන් එලවන්නට විය . 

කන්දේ දෙයියන්ට පින් දීපන් නැන්දේ ...කොළ අතු කපා එල්ලාපන් නැන්දේ .....යයි ඇසිලින්ට කියා , චීනා සරම ගලවා ශෝටකට බැස, ගසට නැංගේය 

මලේ හැම තැනම බඹරුන් අඬන්නා
බඹර බැඳ තැන අපි වද සොයන්නා
බඹර කපා හැමටම පැණි බෙදන්නා
බඹරු තොපට පින් අත්වෙයි  කියන්නා

දුම් සැර ඉවසා ගත නොහි,  බඹරුන් මැසිවිල නගා යන්නට ගියහ . චීනා බඹරය කඩා පහතට ගෙනාවේය .

 පැණිත් ඉටිත් ඔවුන් දැන් රැගෙන ගිය පසු, අප්පුහාමිටත් , ඇසිලින්ටත්  දින දෙක තුනක් ගෙය තුලට වී බඹරුන්ගෙන් සැඟවී සිටින්නට වෙනු ඇත... දොට්ට පිලට යනකොට තමයි පරිස්සම් වෙන්න ඕනේ, අප්පුහාමි සිතුවේය ...

නමුත් ඉන් පසු සිදුවුයේ කිසිවෙක් බලා පොරොත්තු නොවූ දෙයකි.
 " ආ මේං  නැන්දේ " යයි ඇසිලින් ගේ අතට බඹරය දුන් ඔහු . "අපි ගිහින් එන්නම් මාමේ " යයි අප්පුහාමිට කියා. "යමන්ලා " යයි තම පිරිවර සමග යන්නට හැරුනේය .

"පුතේ මේකෙන් ටිකක් අරන් ගියා නම් " යයි ඇසිලින් කිවේ න් , ඔහු හැරුණු පයම නතර විය .

 " මට එපා නැන්දේ , මේ චීනා බඹර කඩන්නේ ගෙනියන්ට නෙමෙයි" යයි කියා , පැණි තැවරුණු ඇඟිල්ල කටේ හුවා ගනිමින් කඩුල්ල පැන යන්නට ගියේය . 

අප්පුහාමි තම කොණ්ඩයේ ගැටය තද වනසේ බැඳ ගනිමින් ඒ දෙස බලා සිටියේය .

තෙරුවන් වදින්නේ බඹරුන් නොවිදින්නයි 
කරුවක් බඳින්නේ දෙපයම රදවන්නයි 
දුම් රොටු පිඹින්නේ බඹරුන් එළවන්නයි
බඹරය කඩන්නේ උන්  අත ලෙවකන්නයි 

ඒ චීනා ගේ හැටිය .



ප ලි.
ඉස්සර චීන මිනිස්සු කොන්ඩය බැන්දහ.නමුත් දැන් ඔවුන් කොන්ඩය බඳින්නේ නැත. එහෙත් අප්පුහාමිලා තවමත් කොන්ඩය බඳිති




01 September 2012

Placebo effect

You might have heard about him. Nevertheless , I will tell you. He was a rich man , with wealth that most of us dream of. He worked for a meagre salary , which makes one wonder how he managed to accumulate such wealth. But only he knew the reason for his peace of mind. Every month he got a monthly wage , a few crumpled notes . Sufficient to sustain him for the thirty days.
But as any working man would know , that is not enough for ones mind to rest . There's the future to worry your mind. College expenses  and money to pay when the health hits you down.
Yet he was not distressed , cause he got that envelope each month . Sealed envelope that he kept aside . He did not believe in the whole money breeding money theory. "Interest is the payment for the risk you take ..so why should I take that risk...the only risk I am willing to take is something that Can be mitigated with a few moth balls." once he was heard saying.

So these sealed envelopes went in to a shoe box. Old , faded and worn out by now for sure. But don't ever think he was close-fisted as mattakundaly was.
 He ate ,  he spent on his children, he gave to charity and lived  on his monthly wage . He was not worried of the curve balls life would throw at him as he had his shoe box to fall back on.

But today we stand here , on this rather gloomy autumn evening, hours after his family has buried a loving father .  We await patiently , biting our grief , to open those envelopes  and take a tally , as per last wish.

"Two hours after my burial it should be done , in each envelope you will find my wealth and a lesson worth much more  "...specifically it read .

His youngest daughter has brought the box down to the hall and is  kept  on the coffee table. The room is bare , emptiness has taken over the space where the coffin was for two days . The eldest son starts opening the first envelope , eyes peer in....empty
They open the next ....empty again.....

After 200 plus envelopes were opened , nothing was added on to nothing.

Angry , quizzical looks just flickered on faces  and  a few sighs faded to the early night....yet no words were spoken...the lesson was learnt I guess.

Wealth is mostly in one's mind, I've read somewhere. But I impede no opinion on you, for I am just relating a story.