17 May 2017

පස්චාත් වෙසක් කතා

 

බුදු හිරගෙය 
අට පට්ටම් රාමුවේ
සව් කොළ
පාට පාට
බිත්ති මැද
හිරවෙලා
අපේ බුදුන්

***
සම්බාහන දන්සැල සහ අනෙක් දන්සැල 
රිචාජ් , ඩේටා , හයර් දන්සැල් අතරේ
8 වැනි පටුමගේ
ලීනා මැඩම්
දානපතිනියගේ
නොමසුරු පරිත්යාගයෙන්
පවත්වන
මහා සම්බාහන දන්සැල ලු
හෙඩ් මසාජ් , ලෙග් මසාජ්
ඉන තෙක්
බොඩි මසාජ් ලු

ඊට වඩා බෑ නේ
දන්සල් නේ
වෙසක් නේ

ඒ වුනාට
සෙනග නෑලු
යාලු

9 වෙනි පටුමගේ
පොට් එකේ
රෝසා අක්කත්
දාළලු දන්සැලක්
කෙල්ලෝ ටිකත් එක්ක
වෙන්නට
නො සෙකන්ඩ් 


***
ප්රී වෙ ඕ පු

කලු කොඩියත්
ලෑස්ති කරන් 
හිටියත් අපි මග බලන්
මෝඩි 
හොර ගෙඩියා වගේ
නැගලා තඩි ප්ලේන් එකේ
ආවේ පෝයට පස්සේ

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

කලුකොඩි හැම රෝල් කරන්
අනේ අපිට ප්රීති වෙසක්


14 May 2017

The old Ballerina's home remedy, අපේ අම්මාගේ මුදූ වැලි සාත්තුව සහ තවත් දහසක් කතා


Despite
the rationale queries
well intent; yet
the scepticism 
hackles 
yet 
the maternal pride 
makes up for it 

her son
a grown man now
..almost

And the doctor's
thirty six seconds’  of 
(she'd learnt to count
one missipi two)
wisdom,
the last of the colloquy 
conventional
but expensive

Hoary ballerina 
with  crooked toes
take the long lurch  
to the shore
for a handful of sand
surf's forgotten
yet
 still tear soaked

First 
heat up the sand 
over a slow flame
pack 
small parcels
of 
memories
(amnesia flickers first )
enfold in frayed silk 
whiffing of moth balls
to  massage her
inflamed joints


..It helps


***



වටකුරු තර්ක
යථාවාදී මුත්
පීඩාකාරීය
කල් ඉකුත් වත්
(පොඩි පුතා , යමක් දත්
මහා මිනිහෙක් නේ දැන් )

චැනල් කඩේ දොස්තර
ලියු තුණ්ඩුවේ
පිටින් ගන්න පෙති ජාතිම තුනක්
(හරියටම විනාඩි දෙකයි බැලුවේ
එක ලෙඩෙක් )

පා අද්ද අද්දා
ඕ  ගාටන්නී
ගන්නට මිටක් වැලි
කදුළු මිරිකා
රළටත් අමතක වූ
වෙරළ  කොනකට

තැටියේ රත්කර
මද ගින්නේ
බැඳ මතක පොට්ටනි
පොඩියට
තවන්නට
හන්දි පත්
දිවියේ බරටම
ඉදිමුණු

(පුංචි වගේ ගුණයක්
තියෙනවා )


පලි
සමහර නිර්මාණ වල , නිමිත්ත,  කතාව තරමටම රසවත්. නිර්මාණය අතින් අත යද්දී, පවතිද්දී, නිමිති කතාව කාලයට දියවෙලා යනවා.

අපේ අම්මා, කාලයක ඉඳන් දණහිසක වේදනාවකින් පෙළෙනවා.  දේශීය බටහිර දෙවෙදකමම මාරුවෙන් මාරුවට වගේ කරනවා. වෛද්‍ය නිගමනය ආතරයිටිස්වල මුල් ලක්ෂණ . ගිලින්න පෙති ගොඩක්, කල් ගතවෙන ප්‍රතිකර්ම .
මාසිකව දොස්ත්ර හමුවීම දැන් චාරිත්‍රයක් වගේ වෙලා .. ඒ ඔක්කොම මැද  ජීවිතේ  ගොඩක් දේ වගේම මේ වේදනාවත් ඈ  උහුලා ගෙන ඉන්නවා.

දවසක් ඈ  සමග කතා කරද්දී, තෙසක් රියක රියදුරෙක් ඇයට රියදුරෙක් ඈට  කියූ ගොඩ වෙදකමක් ගැන මට කියනවා.

"...පරණ වෙද පුස්කොල පොතක තිබිලා වෙද  මහත්තයෙක් කිව්වේ .. මුහුදේ වැලි,  තැටියක රත් කරලා, පොට්ටනි බැඳලා, ඉර අවරට ගියාට පස්සේ  තවන්න නෝනා. මාස තුනෙන් හොඳ වෙනවා. මෙන්න මගේ පෝන්  නොම්බරේ, නෝනට හොඳ උනාම මට කෝල් එකක් දීලා කියන්න ."

ඔහුම රිය පාරේ අයිනේ නවත්තලා ගිහින් වැලි ටිකක් සිලි මල්ලකට ගෙනත් දෙනවා. (අපි හරි වෙනස් !!)

" මම ආමි එකේ හිටියේ නෝනා, ජොනි බට්ටෙක් පෑගුනා " දණෙන්  පහල කෘතීම පාදය පෙන්නලා ඔහු කියනවා

මගේ යථාවාදී විද්‍යාත්මක තර්ක ඈ  නිසොල්මනේ  අහගෙන ඉන්නවා.  දුරකතනයෙන් එහා පැත්තේ, ඈ , මුවඟට නැගෙන (ආඩම්බරය මුසු ) හිනාවක් පහළට  අකුලා ගන්නවා, මට මැවිලා පෙනෙනවා

එදාත් හවසට ගෑස් ලිප උඩ , රොටි තැටියේ, මුහුදු වැලි රත්වෙනවා.

පපලි: මෙහි මාතෘකාවේ දහසක් කතා කියා ලියුවේ ඇයි කියා ඔබට තේරෙනු ඇතැයි  සිතමි

03 May 2017

පස්චාත් මැයි දින කතා

කතාව 1 
හැම දාම තැඹිලි කරත්තයක් හංදියේ තියාගෙන ,  වෙළඳාම් කරන ප්‍රාග්ධන හිමියෙක් ඊයේ මැයි දින පෙළපාලියේ ගියානේ .
ශ්‍රමය විකුනලාම යැපෙන කෝල් සෙන්ටර් කෙල්ලෙක් ෆුඩ් කෝට් එකක , ලම්ප්රයි එකක් දිග අරින ගමන් , ඒක දැක්කේ ටීවී එකේනේ .
ප්‍රාග්ධන හිමියෝ නේ 
කම්කරුවොනේ 
ටීවී නේ 


කතාව 2
හවස් වෙන්න වෙන්න පෙළපාලියේ ගිය එවුන් ගේ හෙවනැල්ල තාර පාර දිගේ දිගට ඇදුනා නේ .
අඩි ඩාස් ජෝගින් සපත්තු දා  ගත්ත නායකයෝ , ඒ හෙවනැල්ලට මුවා වෙලා නේ ගිරිය පුප්පන් කෑ  ගැහුවනේ 
හෙවනැලි නේ 
නායකයෝ නේ 
අඩි ඩාස් නේ 


කතාව 3 
ජේ ආර් මැයි දිනේට , නිතින් මුකේෂ් ගෙනල්ලා බජව් දැම්මනේ 
ඒ එස්පී ලියනගේ , උගේ පැක්ටේරියේ මැයි දිනේ ඌම ඔගනයිස් කරලා 
ඌම ඉස්ටේජ් එකට නැගලා 
ඌම කතාව පැවැත්තුවා නේ 
කැතයිනේ 
ජේ ආර් නේ 
ඒ එස් පී ලියනගේ නේ 
කැත කියනකොටනේ 


කතාව 4
කාගේ කාගේත් අරක්කු වැඩ කරේ  මහපාරෙනේ 
නිකන් හම්බුවුන ප්‍රයිඩ් රයිස් හවස් වෙනකොට ඔක්කාරෙට ආවනේ 
 අනේ සතෙන් සතේ එකතු කරලා ගෙවපු බස් එකේ , කොළඹ ආපු චන්දසේන 
කමිසේත් ඔලුවේ ඔතාගෙන 
පාරේ වැනි වැනි යන ගමන් නේ 
පාක් කරලා තිබ්බ ඇල්ටෝ බට්ටෙක්  අත ගෑ වනේ 
චන්දසේනනේ 
ෆ්‍රී ගල් නේ 
ඇල්ටෝනේ