Despite
the rationale queries
well intent; yet
the scepticism
hackles
yet
the maternal pride
makes up for it
her son
a grown man now
..almost
And the doctor's
thirty six seconds’ of
(she'd learnt to count
one missipi two)
wisdom,
the last of the colloquy
conventional
but expensive
Hoary ballerina
with crooked toes
take the long lurch
to the shore
for a handful of sand
surf's forgotten
yet
still tear soaked
First
heat up the sand
over a slow flame
pack
small parcels
of
memories
(amnesia flickers first )
enfold in frayed silk
whiffing of moth balls
to massage her
inflamed joints
..It helps
***
වටකුරු තර්ක
යථාවාදී මුත්
පීඩාකාරීය
කල් ඉකුත් වත්
(පොඩි පුතා , යමක් දත්
මහා මිනිහෙක් නේ දැන් )
චැනල් කඩේ දොස්තර
ලියු තුණ්ඩුවේ
පිටින් ගන්න පෙති ජාතිම තුනක්
(හරියටම විනාඩි දෙකයි බැලුවේ
එක ලෙඩෙක් )
පා අද්ද අද්දා
ඕ ගාටන්නී
ගන්නට මිටක් වැලි
කදුළු මිරිකා
රළටත් අමතක වූ
වෙරළ කොනකට
තැටියේ රත්කර
මද ගින්නේ
බැඳ මතක පොට්ටනි
පොඩියට
තවන්නට
හන්දි පත්
දිවියේ බරටම
ඉදිමුණු
(පුංචි වගේ ගුණයක්
තියෙනවා )
පලි
සමහර නිර්මාණ වල , නිමිත්ත, කතාව තරමටම රසවත්. නිර්මාණය අතින් අත යද්දී, පවතිද්දී, නිමිති කතාව කාලයට දියවෙලා යනවා.
අපේ අම්මා, කාලයක ඉඳන් දණහිසක වේදනාවකින් පෙළෙනවා. දේශීය බටහිර දෙවෙදකමම මාරුවෙන් මාරුවට වගේ කරනවා. වෛද්‍ය නිගමනය ආතරයිටිස්වල මුල් ලක්ෂණ . ගිලින්න පෙති ගොඩක්, කල් ගතවෙන ප්‍රතිකර්ම .
මාසිකව දොස්ත්ර හමුවීම දැන් චාරිත්‍රයක් වගේ වෙලා .. ඒ ඔක්කොම මැද ජීවිතේ ගොඩක් දේ වගේම මේ වේදනාවත් ඈ උහුලා ගෙන ඉන්නවා.
දවසක් ඈ සමග කතා කරද්දී, තෙසක් රියක රියදුරෙක් ඇයට රියදුරෙක් ඈට කියූ ගොඩ වෙදකමක් ගැන මට කියනවා.
"...පරණ වෙද පුස්කොල පොතක තිබිලා වෙද මහත්තයෙක් කිව්වේ .. මුහුදේ වැලි, තැටියක රත් කරලා, පොට්ටනි බැඳලා, ඉර අවරට ගියාට පස්සේ තවන්න නෝනා. මාස තුනෙන් හොඳ වෙනවා. මෙන්න මගේ පෝන් නොම්බරේ, නෝනට හොඳ උනාම මට කෝල් එකක් දීලා කියන්න ."
ඔහුම රිය පාරේ අයිනේ නවත්තලා ගිහින් වැලි ටිකක් සිලි මල්ලකට ගෙනත් දෙනවා. (අපි හරි වෙනස් !!)
" මම ආමි එකේ හිටියේ නෝනා, ජොනි බට්ටෙක් පෑගුනා " දණෙන් පහල කෘතීම පාදය පෙන්නලා ඔහු කියනවා
මගේ යථාවාදී විද්‍යාත්මක තර්ක ඈ නිසොල්මනේ අහගෙන ඉන්නවා. දුරකතනයෙන් එහා පැත්තේ, ඈ , මුවඟට නැගෙන (ආඩම්බරය මුසු ) හිනාවක් පහළට අකුලා ගන්නවා, මට මැවිලා පෙනෙනවා
එදාත් හවසට ගෑස් ලිප උඩ , රොටි තැටියේ, මුහුදු වැලි රත්වෙනවා.
පපලි: මෙහි මාතෘකාවේ දහසක් කතා කියා ලියුවේ ඇයි කියා ඔබට තේරෙනු ඇතැයි සිතමි
මුහුදු වැලි උඩ නිදා ගැනීමෙන් බොහෝ රෝග නිවාරණය බව මාත් අසා තිබෙනවා...
ReplyDeleteඔබටත් කිව්වේ පරණ වෙද පුස්කොල පොතක් කියවපු වෙදෙක්ද ? :)
Deleteනෑ මම දැක්කේ නැෂනල් ජියෝග්‍රොෆි හරි ඩිස්කවරි එකේ හරි අප්‍රීකාවේ ගෝත්‍රික ගම්මානයක් ගැන කරපු වැඩ සටහනකදි... ඔවුන් බොහෝ නිරෝගී පිරිසක් බවයි ඒ වැඩ සටහනෙන් කිය උනේ
Deleteබීලා සිහිය විකල් වෙලා මුහුදු වැලිත් කාගෙන ( හැලපයා වගේ!) ඉන්න එක ඒ කියන්නේ සෞඛ්‍යමත්??
ReplyDelete