26 November 2011

මෙන්න වැඩක්

දසන් දක්වා සිනා නොවුණු 
කතා කෙරුවත් , මුහුණ නොබැලු 
රහසින්වත් පෙම් නොකෙරු 
පොඩි මැණිකේ බඩට 
මාස තුනක් ලු

බෝක්කුව ළඟ බීඩි උරපු
තැඹිලි , කෙහෙල් හොරෙන් කපපු
මාස තුනක් හිරේ හිටපු
කනත්ත හන්දියේ පොඩි උක්කුන්, 
මහන වෙලාලු 

අක්කලා නංගිලා සහ අයියලා මල්ලිලා


සිංහල බාසාවේ නංගිලා සිටිති. අක්කලාද සිටිති. අන්නලා සහ තම්බිලා සිටින්නේ දමිල බාසාවේය.
එකී සමහර අක්කලා මැදපෙරදිග නිවෙස්වල ගෘහසේවිකාවන් ලෙස සේවය කරන අතර, නංගිලා රැසක් නිදහස් වෙළෙඳ කලාපයේ   ජුකී මැෂින් සමග ඔට්ටු වෙති.  තවත් නංගිලා අක්කලා පිරිසක් යාල් පානමේ සහ වන්නියේ, සාමයේ ඵල ලැබෙන තෙක්  බලා සිටිති .
කලක් අන්නලා, අම්මාන්ලා, තම්බිලාව පෙරට දමා, දකුණේ අයියලා මල්ලිලා සමග  හරි හරියට වෙඩි  බිඳ  , වෙඩි බෙහෙත් වලට පිළිස්සුන රටක් , මිනි වලවල්  සහ ලෙයින් පෙගුනු පසක් ඉතිරි කලහ.  අවුරුදු  තිහක ඒ කාලකන්නි  සාපය නම් දැන් නිමවී ඇත .

නල්ල කියන්න හොඳ යන අර්ථයෙන්ය. නල්ලතම්බි නම් කළහ නොකර අපිව සිනහ ගන්වා, කටකතාවලට පියාපත් දී දෙහිවල පාලම උඩදී මිය ගියේය .
දැන් නම් නිතර ඇහෙන්න ලැබෙන්නේ, නිළියන්ව අනාචාරයට යොමු කරන අක්කලා ගැනය. චණ්ඩිකමින් පළාත් රන් කරන අයියලා ගැනය. මා ඔවුන් ගැන වැඩිදුර විස්තර ලියන්නට යන්නේ නැත.
කොල්ලන්ට , කෙල්ලෙකු ගැන සිතක් ගිය විට ඇය ඉබේම  "නංගි" වෙයි .  ප්‍රේමය විවාහයක් දක්වා දුරදිග ගොස් දරුවන් දෙතුන්දෙනෙකුට පසුවත්, තම ස්වාමියාට "රංජි අයියා "කියා අමතන්නියක්  මම  දනිමි .
ඒ පරණ පුරුද්දටය. ආදරයටය .
“හතළිහත්  වයසක්ද නංගි ? “ කියා ඇසු 60 වියැති  අනන්ගයෙක් ගැනද කතාවක් මතක් වෙයි.

නමුත් අයෙක්  “මල්ලි  කන  අත  ගා  ගන්න  ඕනේ  ද ” යි අසන්නේනම් ආදරයට නොවේ  

උණක්, හැදී ගෙන එනකොට කොයි කොයි අයියලාටත් කොත්තමල්ලි මතක් වෙයි . ලේසියෙන් මෙවැනි දේ මිලදී ගත නොහැකි රටක සිටින අපි, ගෙදර කොත්තමල්ලි පැකේට් දෙක තුනක් කොහොමත් තබා ගෙන සිටිමු . කොච්චර බෙහෙත් බිව්වත් ඉඟුරු කොත්තමල්ලි එකක් බොනවා වගේ නැත. බිරිඳ කියන්නේ ඒ ගතේ අමාරුවට වඩා සිතේ අමාරුවට බවය.

කෙසේ වෙතත් අයියල මල්ලිලා , අන්නලා, තම්බිලාට රජ වෙන්නට බැරිය.  D.S ගේ සිට, SWRD, JR , රනිල් සියල්ලෝම මහත්තුරුය.  දැන් ඉන්නේ අපේ මහින්ද මහත්තයාය . ප්‍රේමදාස මේ කුලකයට අයිතිවේදැයි  නැත්දැයි මට එතරම් පැහැදිලි නැත .
හැමෝට  'සහෝදරයා" යයි ඇමතු කොල්වින්, පීටර්  , එන් එම් ලාද අයියලා නොවෙති .  මගේ අත්තා නම් කිවේ ඔවුන් දවල්ට සහෝදරයෝය රෑට මහත්වරු කියාය .
 පීඩිත පන්තියේ අරගලයක් කල  කට්ටියක්ද  ඔවුන්ගේ සැබැ නායකයා එක  මහත්තයෙක්ද  නැත්නම් අනික් මහත්තයා දැයි මේ දින වල කතාවෙති . 

සිංහල, දෙමල වගේම බොහෝ ආසියානු සහ මධ්‍යතන පෙරදිග භාෂා වල, අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා සංකල්පය තිබේ. සාමාන්‍යයෙන් වැඩිමලා ලොකු අයියා වෙන අතර, ඉන් පසු සුදු අයියලා, හෝ හීන් අයියලා පෙළ  ගැසෙති .එනමුදු බටහිර භාෂාවල ඉන්නේ  brothers ලා සහ sisters ලාය .  ඒ එම සංස්කෘතියේ සහෝදර බැඳීම්වල  ස්වභාවය නිසාද නැතිනම් එම සීතල ශුෂ්ක දේශගුණය නිසා  තම පරපුර පවත්වාගෙන යාමට, බොහෝ  දරුවන්  බිහිකීරීමටවූ නිසාදැයි කියා සිතේ . . එක රුසියානු ගැහැනියක් දරුවන් 69 ක් වැදු බව මම අන්තර්ජාලයේ දුටිමි.

නංගි පෙන්වා අක්කා දීග දීම ගැන පරණ කතාවක් ඇත.  
දැනුදු, කඩේකට  ගියත්, ආයතනයක සේවය කලත්, රාජ්‍ය පාලනය ගත්තත්, අන්තර්ජාතික දේශපාලනය ගත්තත්, බොහෝ නෝනලා මහත්වරු කරන්නේ, අපිට නංගි පෙන්වා, අක්කා දීමය  .

23 November 2011

Budget 2012- Second reading


Gunapala  dragged a plastic chair to the shade of the Mango tree . Years ago Gunapala  was a temporary cook at an Army camp in Anuradhapura. 

When the war ended, Generals got imprisoned . Brigadiers became diplomats .Majors, Colonels got promoted and temporary cooks were dismissed.   That’s how Gunapala went from a temporary cook to being permanently job less.
 

Gunapala collected his cup of plain tea from the Tamil boy who makes tea , and peered over the top edge of  the paper that Amare was reading . He was interested in the news in the inside pages , with pictures.. 

 Amare is a retired teacher , whose good deal of the day, like Gunapala’s, on most days  is whiled away  in the garden of this  tea kiosk cum grocery  .  

අමරේ අයියේ , ඊයේ බජෙට් එක වෙලාවේ කට්ටිය ගහගෙන නේද 
( Amare , did you see how  the folks fought at the budget reading yesterday)   
Gunapala broke the ice. 

මේ පත්තරේ තියෙන්නේ පින්තුර "  (The pictures are in the paper) Amarasiri responded. 

ටීවී එකෙත් පෙන්නුවා . අපේ ඇමති තුමා ගැහුවා අරුන් හතර පස් දෙනෙකුට "  
 
( They showed it on the TV. Our minister hit 4 ,5  people) Gune related.
 

ඒ වගේ තැනකවත් හැසිරෙන්න දන්නේ නෑ නේ "  
 
( They don’t even know how to behave in a place like that )
 

ඒ උනාට අර යු එන් පි කාරයෝ , අපේ මහින්ද මහත්තය ඉන්නවා කියලවත් බලන්නේ නැතිව හූ කියන්න ගත්තනෙ"
(
But the UNP fellows hooted at our Mahinda Mahaththaya) 

Gune tried to justify .
 

 “ මේ පත්තරේ තියෙන්නේ , මන්තිරිනියකගේ සාරියෙනුත් ගැලවෙන්න  ඇද්දා කියලා"

( In the paper it says that a lady’s sari was also pulled) , Amare reads over his reading glasses.
 

ෂාහ් ඒක පෙන්නුවේ නෑනේ " ( In vain they did not show that over the TV)  Gune’s tongue beats his mind to it.
 

අමරේ අය්යේ , මම හිතන්නේ අර ජෝන් බාස්ටනම් හොඳ පාරක් වැදුනා. පත්තරේ නැත්ද කව්ද ගුටි කෑවේ කියලා  ? "

( I think one blow landed on that guy John. Does the paper say about who else got hit) 

Gune was eager to know
 

ගුටි කෑවේ කව්ද කියලා මේ මුල් පිටුවේම තියෙන්නේ "

(Yes the the first page has the details of  who has got hit )   
Amare’s finger stops at  the  big heading in red 
 2012 Budget proposals. 

Then grows a deafning silence . Gune could almost hear somebody hooting at them.   Amare and the boy  watch Gune’s  right hand reach  to his gut , as if to make sure whether a blow has landed there .. 

20 November 2011


අලි මදිවට 
අශ්වයෝ 
තාරාවෝ 
ලියවැල්

12 November 2011

නුබ , නුඹ





රැයක් දී විලාපා
මුළු රැයක් සුසුම් ලා 
පෙරයමම 
ඉකිගසා 
මෝසම් කඳුලින් තෙමා 
නුබ , නුඹ 
දැන් හිඳී
කිසිවක් නොවුන ගානට 

09 November 2011

Three photos I could not take

I aspire to be a good photographer and often think of the perfect shots that I would one day take . And most often when I encounter that great shot , I am caught without a camera at hand to capture it.

Today , where I live, the heavens have parted and their monsoon tears are hitting the earth hard. So early morning subdued light and dramatic skies did make a great setting for photos . Yet I was without a camera . So here are the three photographs I could not take.


#1
I am in the bus. Through the bus window I can see that the early morning showers have spread the magenta coloured Bauhinia petals all over the jogging trail lined with a row Bauhiniya trees. Against the dark shade of the trail , they look contrasting. There is a street sign left by some street repairman , a simple circle with an arrow pointing downwards, warning the pedestrians of a dodgy pot hole. Around it are the Magenta petals contrasting against dark pathway. Some cracks of the tar are also visible.

The shot would be , a close shot from the ground level , showing a longer depth of fields , with the sign positioned at the left side third of the frame..


#2
Bus is now on the flyover bridge , and the highway below is glistening black. The cars speeding away are drawing a trail of spray behind them. An image of jasmine blooms thrown on to the street for the perahara elephant to step , occupy my mind. The nostalagic hevisi sounds. May be it is because a friend mentioned just the other day , how she was awaken up early in the morning to the sounds of a perehara .

I’d take the shot from up here , perhaps at a 60 degree angle, in black and white .
However I am undecided between whether to take it with a slower shutter speed to capture some of the motion or to take with a faster one to capture the details of the spray. But in any case the road , the vehicles and the lines of the trails would take up most of the composition.


#3
The Bus is now at the intersection . Inside is dark. I can only make out the silhouette of the heads of the fellow passengers ahead of me .
Amber and the read glow of the traffic lights have lit up the bus windows . The droplets on widows are like little glass pebbles in bright sunlight. The patterns sketched by the rain drops’ paths too are clearly visible . Against that bright backdrop the silhouette of the heads look striking .

I’d take the shot in full colour and with higher contrast. Capturing about 2 , 3 rows of passengers on focus , from an angle, showing bright coloured rectangles that are the bus windows as the backdrop .

02 November 2011

Saved by a blog

Have you heard story about the man who cried for the shoes until he saw a man with no feet ?

This week that was me who craved for the shoes.

I found my self between a rock and a hard place and wished I have reached the bottom , and was not still on the fall , reaching a new low as each moment go passing by.

Then I stumbled upon a blog written by a young Sri Lankan, who is working in the middle east . His wife and 3 year old daughter are left back home . He misses all the important milestones of the little girl. All because he has to work his way out of debt . The debt also is a result of trying to help out a friend . To digress a bit , there is an apt Sinhalese saying “Hitha Honda Gaani Hamadama badin” , which loosely translates to a reference of a lady who due to her goodhearted nature who is always pregnant. (But the essence of it lost in the translation. )

Writing seems down right honest. No frills , no self marketing, no ego trips . Written just to relieve a heavy heart. At the last full stop , you could almost hear the long sigh.

There were 74 comments . I teared up reading some. . They were that heartfelt. This is a close community all right, and some sort of comradeship is expected . But in the words (at least) I could feel more than that. A sense of some thing familiar, a nostalagic warmth . Through the lines, Sri lankaness shone through like a beacon . The thing that makes us feel another’s pain although we would have killed each other for a couple square feet of land . Which we try to suppress in our quest to become posh or professional. Peer deep within , and you find it and then realize what genteel beings we really are.

People have written about how they toil in foreign lands to ease the debt burden , to put food on the table , for a better future for their kids . I know a few such people , I am sure you do too . Try to remember they are not just stories or characters , they are people

About how grown men stuck over seas , take a photo of their child from their wallets and gaze. How lonely evenings ,make them sit for hours in park benches and cry.

People have written about their childhoods, without fathers to attend their school prize givings . The anger,the envy ,the shame and the loneliness they felt seeing other children with their fathers.. Then when they themselves had to do the same., they finally realized what their fathers went through. The full circle .

Reading done, my problems were still there and I was still struggling with them. Then I closed my eyes and pictured my daughter waiting for me at home .

Suddenly , as we say with the grammatical correctness of Colombo , my problem was no problem.