24 February 2013

I brr at the mere thought of it


May be it is just me . I hate to travel for work .
Last week , I found my self on a 12 hour flight dreading the week ahead . And I wrote the following..
The flight announcements are included because …well because I felt it adds another dimension .
     The photo was taken one chilly morning on the way to work.



























(Good evening ladies and gentlemen this is your captain speaking ….. 
The temperature is a balmy 2 degrees)
I brr at the mere thought of it
The sub zero temperatures
waiting for me at the other end
The chill that would pierce
my outer crust
and settle outside the
walls
Yet the memories
and your smile
would still burn deep within
my homesick stricken heart
and  keep me warm
May be
I will see the placid wonder
for the first time
(Cabin crew be seated for landing)

I will walk strong 
in the chilly winds
and catch a snowflake
in my hands
to bring back
as promised
and  may be it won’t  be
that bad 

But I come from
a different place
Where sun shines at dawn 
and I 
go home
at dusk
to the gentle smiles and tender caressing
So I’ll never get used to this
(…welcome to …., the local time is nine fifteen  p.m…)


ප.ලි 
මගේ වරදක්ද දන්නේ නෑ  , හැබැයි මට නම් ගෙදරින් පිට ඉන්නවා කියන්නේ මරනවා වගේ වැඩක්
. රෑ වෙනකම් වැඩකලත්, අවසානයේ ගෙදර එන්න තියෙන්න ඕනේ  ඇවිල්ල වැටිලා නිදා ගන්න . (මම දන්නවා ගෙවල් වලින් අවුරුදු ගණන් පිට ඉන්න අය ඉන්නවා ඕනෑතරම්  ..ඔවුන්ගේ හිත් වල හිරවුණ පාළුව , තනිකම මෙරක් උසට නැගුනු ..කල් ගියාම පුරුදුත් වෙනවා .
මම කිව්වේ මං ගැන .)
 ගිය සතියේ රාජකාරී වැඩකට යන්න උනා . කාලගුණ වාර්තාවේ නම් තිබ්බේ , අංශක -1 යි කියලා . හිම පතනයක් ගැනත් අනාවැකි තිබ්බා. 

ඉතින්  ගොඩේ මට  මැජික් වගේ . මොකද මම හිම දැකලා නෑනේ. මම  පොරොන්දුවෙලා ආවේ  හිම බිඳුවක් ගෙනෙන්නම් කියලා ආපහු .

 ඉහත ලියවිල්ල ලියුවේ ගුවන් යානයේදී . එහෙම දිග ගමනක් යනකොට හිතන්න ගොඩක් වෙලා තියෙනවා . හිරවුනු සිතුවිලි අවදි වෙවී,  සිත තෙරපෙයි නතර නොවී .
කොහොම හරි දැන් ගමන අවසානයි , හිත සැහැල්ලුයි .

21 February 2013

Tadpoles

Poems are born from
Pain, they say
unholy unite of
pain and sorrow
end up in the birth
of poems

But poems are
a different species
I think
who are born
just
And hang on to the edge
of your heart
like tadpoles
at the pond's edge
Waiting silently
most of the time
To roam in the darkness
of sorrow and pain

16 February 2013

පිපෙන මගේ පුංචි හිතේ ... පුංචි පුංචි ආශා මේ

මට මතකයි 
නුඹ ගයනවා 
රහසින් මෙන් 
මගේ කනට
"මම කැමතියි
ඉගිල්ලෙන්න
නිල්  අහසේ උඩට උඩට

ඇඟිලි තුඩින වළා කුල්හි
පුංචි පුංචි කවි ලියන්න 
හොරෙන් ගිහින් පිටිපස්සෙන් 
අටවක හඳ  බදා ගන්න 
වෙන කිසිවෙකුටත් නොපෙනී
හිමින් සැරේ හාදු දෙන්න

පිපෙන මගේ පුංචි හිතේ  
පුංචි පුංචි ආශා මේ

සමන් පොට්ටු  අහුරක් වී
මදනල පෙර මග රැඳෙන්න
ඒ  සුවඳින්
නුඹේ සිතේ
ආශා දහසක් පිපෙන්න
ඉන්  එක කුසුමක් අරගෙන
මා බැඳී වරලස රඳන්න
ඒ  සුවඳින්
නුඹේ සිතේ දවස පුරා මා රැඳෙන්න 

පිපෙන මගේ පුංචි හිතේ  
පුංචි පුංචි ආශා මේ  

හිමිදිරියේ නියරේ දිගේ
හති  වැටෙන්න දුවන් යන්න
ලපටි ගොයම් අග රැඳී පිණි 
මගේ දෙපා පොඩි තෙමන්න
දේදුන්නේ පාට පාට 
සාරි ඇඳන් හැඩ බලන්න 
දොළ පාරේ
රැළි  අතරේ 

සාරි පොටක් පා කරන්න
එය පිටිපස්සෙන් පීනන 

තිත්ත රැනෙන් අහුරක් ගෙන 
කාටත්  නෑසෙන ගානට
නුඹ ගැන රහසක් කියන්න 



 පිපෙන මගේ පුංචි හිතේ 
පුංචි පුංචි ආශා මේ  "


වචන මගේ , හැබැයි අදහස නම්  පහත ගීතයේ ආභාසයෙන්.
  ඔබට මතකද දන්නේ නෑ මේ සින්දුව කාලයක් කරදරයක් වෙන ගානට ඇහුන . 



12 February 2013

Lonesomeness || පාළුව



Said the raindrop
falling
from the cloud's breast
to eternal sea
for that timeless flicker
of a moment
lonesome
I feel 

කීවාය 
වැහි දිය 
වළා ලැම ඉරා 
වැටී  
අනත් සයුරු ජල 
හමුවනතෙක් වූ 
නිම නොවෙන 
නිමේෂයේ 
මට දැනේ පාළුව 


09 February 2013

හිර සපත්තු න්‍යාය සහ සුප් නූඩ්ල්ස් න්‍යාය


පහු ගිය දොහේ  සිතේ සතුට ගැන ලියෙවුණු ලිපි වැඩියෙන් මම කියවන්නට වුනෙමි  (අර දවසක කිව්වා වගේ , ගිලිලා ගිලිලා කකුල් දිය පතුලේ ගෑවෙන්න වගේ  ගන්නකොට , මේ වගේ දේවල් ගැන හිත යොමු වෙනවා වැඩියි දෝ කියලත් හිතෙනවා  .)
සතුට ලැබෙන්නේ කෙසේද , එය රඳවා නොපවතින්නේ ඇයි ?  දැනෙන දුක් තිත්ත පසු ව  මිහිරි මතකයන්   වීම , ලද දෙයින් නොසැහෙන අපේ මනස , වැනි දේ  ඒ අතරේ තිබුණි .

මේ සිතුවිලි පථය ඔස්සේම මා සිත යන කල , ටික කලක් තිස්සේ පොලිෂ් කල  න්‍යායන් දෙකක් මට හමුවුනි  . 
මෙහි අයිතිය , අන් අය සතු බැවින්  මා ඒවා මගේ නමින් නම් කිරීමෙන් වැලකෙමි . නැත්නම් "JP ගේ  X වෙනි න්‍යාය " කියා දමන්නට තිබුණි . ( එක න්‍යායක් නම් පෙර පොස්ට් එකකෙනුත්  යන්තම් හැදින්වුනා )


හිර සපත්තු න්‍යාය  (හෙවත් දුක නැති තැන සැප කොහෙද රංජනී )

ඒ කාලේ  අපි ආතක් පාතක් නැතුව හිටපු දවස් . මාසේ පඩිය ගිණුමට එනවා, යනවා . අපි රෑ  වෙනකන් වැඩ . අපි කොටන් අදිනවා , පෙරහරේ යන්න කට්ටිය නැව්  පිටින් එනවා .  

ඔහු ග්‍රවිඳු . ඒක  අන්වර්ථ නාමයක් .  අපි දෙන්නම කැමති ගෝඩ්  ෆාදර් චිත්‍රපටය ඔස්සේ ඇදුන කතාවක් ...."මටත් හිතයි ඉතාලි මාෆියා ලොක්කෙක් වගේ නමක් දමා ගන්න ...ග්‍රවාණෝ  වගේ " කියන තැනකට ඇවිල්ලා ....හෙළ හවුල ගැනත් කතා කරලා ...ග්‍රවාණෝ ලොප් කරලා , ග්‍රවිඳු  කලේ මම ...
හරි ..කැලේ පැන්න ඇති. නැවතත් කතාවට . 

සිංහලෙන් කතා නොකෙරුනම වගේ ආයතනයක , සිංහලෙන් හිතපු මට ,ඒ දවස් වල කල ව්‍යාපෘතියක් නිසා ඔහු හමුවුනා  .  අර ගොළු මඩමක හිටපු කතා කරන්න පුළුවන් එකෙකුට,  තව කතා කරන එකෙක් හම්බුවෙලා වගේ . අපි බොහෝ දේ ගැන කතා කළා . නන්දා මාලිනීගේ අමරදෙවගේ සින්දු ගැන, (ඔහුට ගයන්නත් පුළුවන් . මට නම් ඉතින් සින්දු කියන්න විතරයි හැකි ).  රටේ දේශපාලනය ගැන ,  සංස්කෘතිය ගැන , වෘත්තීය සමිති වැඩ ගැන   .කතා කරලා බොහෝ විට  අවසානයේ "මචo ස්වීප් එකක්වත් ඇදෙනවනම්" කියලා ...අපි අපේ හිත්  එක්ක නිහඬ වුනා 

දවසක් ( ඇත්තටම නම් පඩි දවසට පහුවෙනිදා)  අපි යනවා කොටුවේ බාටා  එකට සපත්තු ගන්න . 
ග්‍රවිඳු , බොහොම අමාරුවෙන් සපත්තු කුට්ටමක් දානවා . 
"සර් එක සයිස් එකක් ලොකුවට ගේන්නද?" විකුණන කොලුවට මේ දුක තව දරා ගන්න බෑ .
" නෑ  නෑ , මේක හරි සයිස් එක "  කකුල අඹර අඹර , ඔහු වම් කකුල දා ගත්තා කොහොම හරි  .

"මචන් , ලොකු සයිස් එකක් ගනින් කෝ , ඕක පොඩියි  වගේ නේ , කොහොමද දවසම ඇඳ ගෙන ඉන්නේ "
 මගෙත් දුක බලා ඉඳීමේ සීමාව පැනලා .
" පලයන් බන් යන්න, මේක තමයි සයිස් එක , උඹට තේරෙන්නේ නෑ " ඔහු මුදල් ගෙවලා සපත්තු කුට්ටම ගත්තා  . ඉතුරු සල්ලි  සත දහය වෙනුවට ටොපියක් හම්බු උනා .

අපි එන ගමන් මම 
ඇහුවේ, මට නොතේරේ යැයි කියූ දේ ගැන .

"මචං  මට කිසිම ජොබ් සැටිස්ෆැක්ශන් එකකුත් නෑ . වටේටම නය වෙලා . ගෙදර ගියාම ගෑනිත් ඇමිනෙන්න ගන්නවා . මට ඉතින් තියන එකම සැපත , මුළු දවසම මේ හිර සපත්තු දෙකේ කකුල් හිර කරගෙන ඉඳල හවසට එක ගලවන එක . එතකොට නිවන් ගියා වගේ බන් ,  හැමදාම හවසට ඒ දැනෙන නිවනට මං  කැමතියි " 

එතනින් එහාට මොනවා කියන්නද ?

සුප් නූඩ්ල්ස් න්‍යාය (හෙවත් පස්සේ පස්සේ පුරුදු වීම )  

ඉස්සර මෙහෙ ආපු දවස් වල මට සුප් නුඩ්ල් පුසුඹ ඉවසන්න බෑ . දන්නවනේ සුප් නුඩ්ල්ස්? අර මැගී  වගේ ..
ඒ මදිවට මේ අය  නූඩ්ල්ස් කාලා අර සුප් එක "බ්රුස් "  ගාලා බොන කොට , මගේ නම් දවල් කෑම එක ආපහු පිටතට  එන්න හදනවා .
යාළුවන්ට කතා කරපුවහම දුරකතනයෙන් , අලුත් රටේ  , වැඩපොළේ , වෙනස් කම් කියවන එක ඉතින් සුපුරුදු දෙයක් නේ  මුල දවස් වල . 

" ඇති නේ ඕහේ ඉටි කිරිස් කෑලි ..සුදුවට සුදුවේ ..එක්සේට්‍රා එක්සේට්‍රා "  මේ නිතර මතු උන ප්‍රස්නයක් 

. "මෙහෙමයි වැඩේ,  මේ ගෑනු සුදු නම් තමයි , හැබැයි ඉතින් ගම ගාල්ල , අර මොකක්ද එකයි අනිකයි 
ලෑල්ල ..." එහෙම  කිව්වේ ඇත්තටම. ඉඟ සුඟ විතරක් නෙමෙයි අනිත් ඔක්කොම ගතින හැක එක මිටින . පොත්ත පැහැපත් උනාට දෙවරක් හැරිලා බැලුනේ නෑ ....

 පහු පහු වෙනකොට,  දේශීය කාර්යාල මිතුරන් එක්ක දේශීය ආහාර කන්න ගියා. චොප් ස්ටික්ස් පාවිච්චියත් ටිකෙන් ටික පුරුදු උනා . මම තවම නුඩ්ල්ස් සුප් නම්  බොන්නේ නෑ . හැබැයි ඒක බොන එකෙක් ළඟ ඉන්න කොට එච්චරම අප්පිරියාවක් නෑ .

පාරේ යනකොට , දැන් නම් හිටපු ගමන් හැරිලත් බැලෙනවා .

හැම දේම එහෙම  නේ 

07 February 2013

Do not disturb . Surgery in progress


























That was the sign on the door. And I think was one of the most disturbing signs I have seen in my life.
 So there I sat, one  of these mornings outside  the door of an operating theater . Waiting for the bed to roll back through those doors, and somebody with a smiling face  to come and tell me it was all fine .  Silence was like a damp blanket hung to dry . Although it does not does your skin , you could always feel it’s presence . And it was solid sensation, as solid as sensations could get.  Haunting.
The tune started playing in my mind . ..I remembered the words

Hello darkness, my old friend,
I've come to talk with you again,
Because a vision softly creeping,
Left its seeds while I was sleeping,
And the vision that was planted in my brain
Still remains
Within the sound of silence.

පෙර වතාවත්වල  මා මෙසේ , ශල්‍යාගාර දොරක් මෙපිට හිඳී අයුරු . රෝහල් වල ඇති සිත් කීරි ගස්සන ඝණ්ධය . අපේ ජීවිත වල හුන්යෝධයින් , රෝහල්  සයනයන් මත දුබල කුරුමිට්ටන් වී, අවසානයේ මතක කැන්වසයේ තිතක් , ඉරක් , හැඩතලයක් බවට පත්වෙන හැටි , වාන් කඩා ගෙන මනස පුරවන්නට විය ..

Should get rid of these negative thoughts.
සොරොව්ව වසන්නට මම තැත් දරමි . මා අර පෙර දිනයක ලියුවා මෙන් , මා කෙතරම් නම් අතීත මතක බරපොදියක් කර පින්නාගෙන සිටිනවාදැයි මට සිතෙන්නට ගනී . නමුත් කෙතරම් යත්න දැරුවද තම හිත හා තමන් තනිවූ විටෙක , අතීත මතකයන්ගෙන් පලා යැම ඉතා අසීරුය . මම නැගිට ගොස් කොරිඩෝව කොනේ කවුළුවෙන් ඉවත බලමි .
තුරු පලසින් ආවරණය වූ මග , ඒ වියන අතරින් රිංගු සුර්ය කිරණ රටා මවයි .
The Old Peak Road is filling with activity . The Air conditioner chills deep to my spine . Simon & Garfunkel  continue in my head

In restless dreams I walk alone
Narrow streets of cobblestone,
'Neath the halo of a street lamp,
I turned my collar to the cold and damp…………..

And in the naked light I saw
(Ten thousand people, maybe more.)
People talking without speaking,
People hearing without listening,
People writing songs that voices never share
And no one dared
Disturb the sound of silence.

I notice the lone cross hung on a empty wall.  I remember another part of the lyrics

























………….The words of the prophets are written on the subway walls
And tenement halls.

දොර ඇරේ . මා බලාපොරොත්තු වූ අර සිනා මුසු මුහුණ .

words like silent raindrops fell, And echoed
In the wells of silence


PS:

I was planing on writing a post about this song . And this happened . Procedure was a very minor one , yet the surrounding feelings were all there . 
The photos - One tries hard to break away from the negative thoughts
The writing -Although it lacks any direction or meaning , I had to get it out . 
The format of presentation....well sometimes I think in both languages 

04 February 2013

ගීයක් ලැබුනා , ජාතික කොඩියක් ලැබුනා. තලු මරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා

එහෙම ගැයුවේ නන්දා අක්කා . ඇය නම් කීවේ එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා කියලා .

එක්දාස් නවසිය හතලිස් අටේ , පෙබරවාරි හතරවෙනි දා , ටේල් කොට එකක් හැඳි  මහත්තයෙක්, කොඩි ගහක් මුදුනටම කොඩියක් නංවලා  , නිදහස් ලංකාව ස්ථාපිත කළ බවයි,  පොඩි කාලේ ඉගනගත්තේ .
එය බොහොම නිරායාසයෙන් වගේ පෙනුනට , ඒ පිටිපස්සේ අටසිය දහ අටේ කැරැල්ලේ ඉඳන් හැලිච්ච  ලේ තියනවා කියලා හයේ පන්තියේදී , සුදු නැෂනල් එක ඇඳපු  සිංහල සර්  කිවු බවද මට හොඳින් මතකය. .
නමුත් දැන් නම් මට සිතෙන්නේ , එය ඒ  කැරැල්ලටත් වඩා  පරණ,  හැම බණ්ඩාර කැරැල්ලකම , බල අරගලයකම ප්‍රතිපලයක් බවයි .
බණ්ඩාර කියන්නේ භාන්ඩාගාරයෙන් යැපුණු අයට ලු නේ . කොහොමත් එදා ඉඳන් ඉතින් වැඩිපුර  ගහේ පළ නෙලාගන්නේ, ඔවුන් තමයි..
 ..නිදහස ගැන හැමකෙකුටම මතයක් ඇත . ඒ ඔවුන්ට හිමි නිදහසයි .  


තාගොරයන් ගේ නිදහස් පැතුම නම්  පහත පරිදිය (සිංහලට නැගුවේ මම)

දෑත  බැඳී රැහැනින් 
බලෙන
නැටවෙන , 
ජීවන නළුවක නොනවතින 
වැයෙන තාලෙට රාලගේ 
තිරය පිටුපස රූකඩ 

මහා සම්ප්‍රදායක 
බර පොදියෙන් , 
ගත කුදු ගන්වන  
පිට කොන්ද බිඳ දමන 

පතමි නිදහස  
මව්නි , නුඹ හට 


සිතක් නිදිවද්දන 
අමාවක රැයක ඝනදුර 
මෙන්ම 
උල්කා වරුසාව ද 
මොහොතකට 
නුබ කුස දිදුලුවන 
ඇසක් අඳ කරවන 
දකින්නට විනිවිද 

පතමි නැණ  ඇස 

මව්නි නුඹ හට 

ඔබේ දුබල රුවල් 
නොනාමික සුළඟින් 
පුරවා
උන්ට අවැසි මගෙහිම 
නුඹ ගෙනයන 
නුඹ  පුතුන් ගෙන්ම


පතමි නිදහස
මව්නි, නුඹ හට 
නුඹ යා යුතු 
මගමැ යන්නට 

ටිකක් විතර වෙනස් මතයක් දැරූ මා මිතුරෙක් ද  , කදිම උපමාවක් ගෙනාවේය 
 " මේ නිදහස , මචං  ජෝකෙක් නැතුව පාරේ යනවා වගේ . හරිම සැහැල්ලුයි . මාර කුල් ...හැබැයි බර ඉස්සුවොත් එහෙම , විල් බැරෝව් එකක් ගන්න වෙනව assets ගෙනියන්න ."  
ඒ කියන්නේ නිදහස , නිදහසේ ආශ්වාදය කල හැකි , එනමුදු බර වැඩ වලදී අමතක කල යුතු සංකල්පයක් ? 

"නිදහස is  essential  අනේ in this modern day . Otherwise international community will think we are like some remote tribe in Africa".කියලා කියපු අයත් හිටියා .
එලෙසම නොකියුවත්,   එහෙම හිතපු අය  තවත් සිටි බව මට නිසැකයය

පරණ සටහන් කියවනකොට මට හමු වුනු, පෙර වසර වල ලියවුනු සටහන් දෙකක්ද නැවත ප්‍රචාරයක් ලෙස මෙතනටම එක්  කරන්න හිතුනා . මේ ගිය අවුරුද්දේ ලියවුනු නිදහසේ අතුරු කතා කීපයක්   http://pinchpoints.blogspot.hk/2012/02/four-stories-of-independence.html%20. . එක එකාගේ නෙක නෙක නිදහස .


මේ 2010 http://pinchpoints.blogspot.hk/2010/02/f-word.html. මැණික් ෆාම් එකෙන් එලියට යන්න නිදහස ගැන මම ලියලා . එතනින් නම් එලියට ගිහිල්ලා , හැබැයි ඒ මානසිකත්වය ඔවුන් එක්කම ගෙදර ගිහිල්ලද  කියලත් හිතෙනවා . මාතර බස් හෝල්ට් එකේ දෙමල සින්දුවක් කියන්න නම් තාම බෑ මම හිතන්නේ .
මොකද ඔබ හිතන්නේ ,  ඔබ පතන නිදහස ...ඔබ හීන මවන උටෝපියාවේ , කේතුමතී නුවර,  නිදහස කෙබදුද?


පලි 
අන්තිම වාක්‍යය ලිව්වටට පස්සේ මතක් උනේ .
 "...කෙබදුද?" කියල අහපු ප්‍රශනයකට අපි නොදන්න ලයිව් වැඩ සටහනක දුන්න පිළිතුරක් "ඔව් ඔව් කෙබදුයි"

02 February 2013

ගෘෂා ගේ පළමු විවාහය හා අපි || Grusha's first marriage and us

බලන්න ඔබට මතකද කියලා මේ ජවනිකාව .  නාට්‍යය හුණුවටයේ කතාව , ජවනිකාව මට මතක විදියට ගෘෂා , ජුසේප්පුවාට විවාහ වීමේ උත්සවය . හෙන්රි ජයසේන සිංහලෙන් මෙහෙම එය හඬ නංවනවා . 

එක පසෙක තරුණ කතක් , අනෙක් පසින් මෘත ශරීරයක් . පුජකයෙක් මැදින් සිටන් මෙසේ කියයි 

"මේ මිනිසාට සත්‍ය ලෙස දිවි හිමියෙන් කීකරු වීමටත් ප්‍රේම කිරීමටත් මනාව බිරිඳක් වීමටත්  මේ තරුණිය සුදානම්ද ?" 

"මේ ස්ත්‍රිය දිවි හිමියෙන් රැකබලා ගැනීමටත් , 
ඇයට  ප්‍රේම කිරීමටත්,  මනාව ස්වාමි පුරුෂයෙකු වීමටත්,  මේ තැනැත්තා 
සුදානම්ද ?" 

මතකද ඔබට ? 

මෙය මට සිහියට ආවේ ගිය සතියේ  you tube එකේ  ඇසු කතාවක් නිසා වෙනි  . කතාව අර සිංහල පන්තිය කරන සන්නස්ගල මහත්තයගේ. ඔහු නම් කියන්න හැදුවේ පස්චාත් යුධ සමාජය ගැන ...එක ඉතින් කතා කරලා හප කරපු විශයක්නේ ..අපේ රටේ ගෑනු කීයක් නම් යුද්දෙට නියම වෙච්ච කොල්ලෝ කසාද බැන්දද? , ඊළඟ සැරේ ආයේ ගෙදර එන්නේ බස් එකෙන්ද , හර්ස් එකෙන්ද කියලා දෙගිඩියාවෙන් ... මම කියන්න හැදුවේ එය නොවේ ,  ඒ මතක් වුනු නාට්‍ය ජවනිකාව ඔස්සේ මට හිතිච්ච වෙනත්  දේවල් 

ඇත්තටම අර තරුණිය වගේම අපත් බොහොමයක් දෙනා මිනියක් කරකාර බැඳගෙන  ඉන්නවා කියලයි මට හිතෙන්නේ .ඒ අපේ අතීතය . අපි දිවි හිමියෙන් එයට ප්‍රේම කරනවා . දිරලා ,  කුණුවෙලා පනුවෝ ගහල යනවා , එත් අපි එයට දිගටම ප්‍රේම කරනවා . (හැබැයි ඉතින් , ඒ කය දිරලා පොහොර වෙලා , අපේ අරටු ශක්තිමත් කරනවා කියලා කෙනෙකුට කියන්නත් පුළුවනි  )

...ඔන්න අර පූජකයා දිගටම කියාගෙන යනවා 

"දයාබර මගුල් අවමගුල් අමුත්තනි විවාහයත් මරණයත් එකමුතුවූ සයනයක් අසල හෘද අනුකම්පාවෙන් අපි ඉන්නවා . මනාලියගේ මුණ වසා සේද වස්තරයක් වැටෙනවා . මනාලයාගේ සිරුර වසා මතක වස්ත්‍රයක් වැටෙනවා ..." 


අපේ වර්තමානය මේ සයනය වැනි යැයි මට හිතෙන්න ගන්නවා . අනාගතය හා මගුල් කන අපි , අතීතය හා තවමත් ප්‍රේමයෙන් වෙලී සිටින්නෙමු  . මේ සබදතා දෙකම දිගටම පවත්වා ගෙන යා හැකිදැයි මට නො තේරේ . 

මට මතක විදියටනම් ජුසප්පුවට නැවත පන එනවා . ගෘෂා ඒ දුක්බර කසාදයේ හිරවෙනවා. සමහර විට අපිටත් එහෙම වෙනවද? 

 පුජකයා අන්තිමට කියනවා වගේ .  "මිනිසුන්ගේ ඉරණම කෙතරම් විවිධාකාරද ?" 


පලි 

විමසිලිමත්ව බැලුවොත් හැමතැනකම ඒ වගේ කසාද බන්දලා දෙන පුජකයෝ ...

_________________________________________________________________________
There’s a scene in Caucasian Chalk circle , where the young servant , who kidnaps Prince Michael for safety,  marries a corpse .

The priest asks
“ does this young woman take this person to be your lawful wedded husband ? promise to love for  life , to be obedient and be a fine wife “
Then he turns to the corpse and asks
“ Do you take this women to be your wife , to look after and love for life and be a fine husband ?”
This scene surfaced in my mind ,  cause of a you tube video I watched last week . The speaker ofcourse wanted to relate to the post war society . That ofcourse is a much talked about subject. We know of the many women who married young men who were commisoned for duty , who went from their honeymoon to the FDL.  Wives did not know whether they will return by bus or in the sealed box . This was a 30 year long story. Now situation has changed , but still there are men who are dead , emotionally , ideologically …But what I write is not about them . It is about a different  train of thought..
The priest goes on
“Dear happy & sorrowful guest , we are gathered here at the foot of this bed of death , the bed of bliss . As  the silk cloth covering the brides face is lifted a rough cloth covers the grooms body …”
 I feel just like the young woman we too are married to a corpse . Our Past . We love her for our life . At times we think of the wedded bliss with our bride future , yet we can not forget our old flame , the late dame past .  She is dead , rotting , yet we hang on to her , at times . Now one might say as she returns to mother earth she nourishes the tree of our soul . …who am I to argue ?
But as I remember , the corpse rises from the dead and Grusha gets entrapped in that inconvenient marriage

As the priest says in the end “ Such is the fate of some people”