31 August 2013

Sitting on an unknown beach , staring at an un-named star || නම් නැති වෙරළක , නිම් නැති අහසක

Sitting on a unknown beach
A placid shell weighs heavy
on my palm
feel of  the shell’s lines
on my  finger tips
the remnants
of an exiled soul
whispers the story
one scar at a time

Staring at an unnamed star
the countless memories spread
over the inky black  drape
I catch the glimpse
of a random shooting star
escaping the pull
of a red giant

I think
of you
of me
___________________________________________________

නිම් ඇති අහසක 
 දිගහැරුණු අඳුරු තිරයක
මතක එළි අතුරින් 
අහඹු තරුවක් ළඟ  
මා සිත නතරවී

නම් නැති වෙරළක 
රළ සමග විත් තනිවූ
කිරි කවඩියක්
ඇඟිලි තුඩු වලට කියන්නීය
සිරීම් කැලලීන්, කැලලට
ඈ කතාව
පිටුවල් වූ දා සිට


මම සිතමි
ඔබ ගැන
මා ගැන 

24 August 2013

ලොක්කයියාගේ සංකල්පය

නවත්තපු  තැනින්ම පටන් ගන්නම් .

කටුනායක ගුවන් තොටුපොළට අහස යන්තරේ ලඟා වෙනකොට මැදියම් රැ යටත්  කිට්ටු වෙලා . පරණ  පුරුදු විදියටම ලොක්කයියා ඇවිත් හිටියා අපිව ගෙදර ගෙනිහින් බස්සන්න .


ලොක්කයියා කිව්වට, එහෙම කියලා ළඟ නෑ  කමක් නෑ . නෑ  කමට වඩා ළඟ හිතවත්කම .

(“ඔය එහෙන් මෙහෙන් වාහන හයර් කරන්න එපා මහත්තයෝ , ආරක්ෂාව මදි “ කියාගෙන හැම සැරේම එනවා අපිව ගෙදර ගෙනියන්න .)


අපේ ගමන් මලු , අබලන් හයි ඒස්  වෑන්  එකේ පටවාගෙන , වාස දේස  කතා කර කර අපි ආවා ගමට .

ගමේ පාරට හරවපු ගමන් .“කොහොමද ලොක්කයියේ කුසුම අක්කා “ කියලා ඇහුනේ පුරුද්දට වගේ .
“ඉන්නවා ඉන්නවා “ ලොක්කයියා ක්‍රීන්  කියලා ගියර් එකක් කැඩුවා .


ලොක්කයියා , කුසුමේ අක්කගේ මනාපය ලබා ගත්තේ දැනට වසර ගණනකට පෙරය . දැන් වෙනකොට , කසාද බැඳලා , දරුවන් දෙතුන් දෙනෙකුත් ලැබිලා තියේවි කියලා , බොහෝ අය  හිතුවත් , කුසුමේ අක්කගේ මනාපය එක හිතින් බාරගෙන , පරිස්සමට පැත්තකින් තබපු ලොක්කයියා විවාහය කල් දිනෙන් දිනෙන් කල් තබන්නේය .  ගෙදර හදනකන් , පාරට තාර වැටෙනකන් , වැනි නෙක හේතු මවන්නේය .


කුසුමේ අක්කලාගේ නිවස පසු කරත්ම මට නිකමට මෙන් ඒ දෙස බැලිනි . තාප්පය පුරාවට පෝස්ටර් වගයක් අලවා ඇත . දියාරු හෙඩ්  ලයිට් එලියට පවා , පෝස්ටර් වලින් හිනාවෙන ලොක්කයියාගේ මුහුණ මනාවට පෙනුනි .


“මොකෝ මේ ලොක්කයියේ ?”


“නෑ  මල්ලි , මනාපේ දුන්නට හිත වෙනස් වෙන්න පුලුවන්නේ ...මමං ඉතින් ඉඳල හිටලා ගිහිල්ල කට්ටියට කතා කරලා , කුසුමේගේ නංගිගේ පොඩි එකාගේ කම්මුල මිරිකලා එනවා . වෙනසකටත් එක්ක මේ සැරේ ගැස්සෙව්වා පෝස්ටර් ටිකක් “


“කව්ද ගැහුවේ “


“මේ චන්දෙ වැඩ කරපු කොල්ලෝ ටිකක් , උන් මයි ඩි සයින් කරලා මගේ මුණ දාලා “ ඔබේ මනාපය දිනු ලොක්කයියාගේ උදාර සංකල්පයක් අනුව “ කියල වචන සෙට් කරලා හැදුවේ “


“ඉතින් මොකෝ උනේ .”


“මල්ලිට කියන්න මේ වල් හු …. දේශ ද්‍රෝහියෝ ….කුසුමේලාගේ ලැට් එකේ බිත්තියේත් එකක් අලවලා  ලැට්  එකේ දොරත් ගලවාගෙන ගිහිල්ලා “


“ඕක නම් විජාතික කුමන්ත්‍රණයක් “ මට ඉබේම කියැවුනි .




පලි : අපේ අත්තම්මලාගේ ගෙදර යන්න තියෙන්නේ බස් හෝල්ට් එකේ ඉඳන් ටික දුරක් ගිහින් , කන්දටම කපපු පඩිපෙළ බැහැලා .ඉස්සර බස් එකෙන් බැහැලා අපි ඒ පඩිපෙළ බහින්නේ පඩි දෙකෙන් දෙක .
නිවාඩුත් ඒ වගේ . සාමාන්‍යයෙන් මන්ද වේගයෙන් සතියේ දවස් දුවන කාලය , නිවාඩු ගත්ත ගමන් දුවන්න ගන්නවා හැල්මේ .
සති තුනකුත් ගෙවන්න ගියා . බොහෝ වැඩ කර ගන්න හිටියත් ….දන්නවනේ ඉතින් වෙන දේ .
හැබැයි ඉතින් , අනේ ඇස්  වහක් කටවහක් නෑ , බිල් බෝඩ් පිරෙන්න ලොකු මාමාගේ අර සීදේවි මුණ , තනි නොතනියට ...යන යන තැන


පපලි :
මේ බ්ලොග් ලිවීමට ඇබ්බැහි වෙච්ච එකට බෙහෙතක් ගන්න කියලා වේද මහත්තයෙක් හම්බු උනා .  මේ ලෙඩේට බෙහෙත් නා කියන්නේ … ඉතින් මොනවා කරන්නද , ලියනවා ඇරෙන්න ...

13 August 2013

Vanishing point



There's a point
Where everything seem to converge to
Every path 
that ever was
Leads to 
And end up in 
dense nothingness 

In the thick mist 
Of Memories
Feelings
You could actually feel
Each droplet of thought
On your naked skin

You are 
almost 
there