31 December 2013

2013, 2014 අතර මැද කොමාව // 31st December 2013 post

440 train rides. Give or take 10  .  My year is intermittent by them. And I type this post on the last one for  2013. A post on the 31st December has been customary on Pinchpoints. 

There's something a special about 31st of December. People go home thinking about a new day , may be.
Thinking about the old problems. With new hope. Wishing for a new beginning
 .
The lady standing in front of me, holds the pole and keeps the plastic shopping bag on the floor. I peer in to it. There's some flowers and a purple teddy bear.  I wonder.

Time is like a stream one would say. No full stops. It just flows.
Yet we need full stops, or atleast commas , semi colons. And on a 31st we take a breather.
We draw in a long breath to our lungs fill and hold it for a moment.

 From the day we landed here we made a conscious decision to unclutter our lives. While we have wavered in our resolution a few times have manged to keep it up in some aspects . We have only three plates and three cups out in the house. One has been broken for months . And the others .. well they to are in a state that should be discarded . So today we bought three new plate . We will cook a milk rice tommorow from the old rice that has been in the house and we will eat in our new plates .

Such are new years .


_______________________________________________________________

හරියටම 440ක් . දුම්රිය ගමන් 440ක් අතරමැද මගේ 2013 අවුරුද්ද ගෙවිලා . 

දෙසැම්බර් 31දා  සටහනක් තැබීම මම පුරුද්දක් හැටියට කරනවා . මේ සටහන 2013 අවසන් සටහන මම සටහන් කරන්නේ වසරේ අවසාන දුම්රිය ගමනේ දී .

කෝච්චිය පිරිලා කලින් ගෙදර යන මිනිසුන් ගෙන් . මා ඉදිරියේ සිටගෙන සිටින කත , ඈ  අතේ තිබු ප්ලාස්ටික් මල්ල බිමින් තැබුවා . එය තුල මල් මිටක් හා දම් පාට සෙල්ලම් වලහෙක් . මා සිත කතන්දරයක් ගොතන්න පටන් ගෙන .

අපේ ගෙදර යන මග තියෙනවා තැනෙන ගොඩනැගිල්ලක් . එහි පකිස්තානු ඉන්දියානු , චීන කම්කරුවන් වැඩ . හැමදාම වැඩ ඉවර වෙලා  හෙල්මට් ටික පිළිවෙලට අඩුක් කරලා ගෙදර යනවා ඔවුන් . අද කලින්ම ගොඩ ගහලා හෙල්මට් ටික . හෙට මෙහෙ නිවාඩු . අනිද්දා ඇවිත් දා ගනියි  ඒ තොප්පි ආපහු  .

කාලය ගඟුලක් වගෙයි ඇතමෙක් කියාවී . නිසල ලක්ෂයක් නැති, ඔහේ දිගටම ගලන . ඒත්  අපිට නැවතුම් ලකුණු අවැසියි  ජීවිතයට . අඩුම තරමේ කොමාවක්වත් . 

නැවතිලා පෙනහළු පිරෙන්න හුස්මක් අරන් හිමින් පිට කරන්න . 

සමහර විට අපි හිත්‍වල  පැල  කර ගන්නවා අලුත් බලාපොරොත්තු . නැත්නම් පරණ ප්‍රශ්නම 31ක් වෙනිදා ගෙදර අරන් ගිහින් පළවෙනිදා ආපහු ගෙනෙනවා . 

මෙරට ආපු දා ඉඳලා අපි අනවශ්‍ය බඩු  රැස්  කරන්නේ නෑ  කියලා තීරණය කළා.  එහෙන් මෙහෙන් අනවශ්‍ය දේ එකතු වුනත් , අපේ ගෙදර කුස්සියේ තියෙන්නේ පිඟන් තුනයි කෝප්ප තුනයි . ඔන්න මාස දෙකකට විතර කලින් එක පිගානක් බිඳුනා . අනෙක් දෙකත් අබලන් තත්වයේ . අද ගිහින් පිඟන් තුනක්ම ගෙනාවා .

හෙට අපි පරණ හාලෙන් කිරිබතක් උයලා , අලුත් පිගන් වල කනවා . අලුත් අවුරුද්දක් නේ 

29 December 2013

පවුරු

"B E L L ...BELL  ...කියන්න  ආයෙත් "

"බෙල් කියන්නේ මොකක්ද මැඩම් ?"

"බෙල් කියන්නේ සීනුව "

"දැන් මේ වචන මට ඇහෙන්න කියවලා ඒවායේ පින්තුර අඳින්න වචනෙට එහා පැත්තේ ."

"හරි මැඩම්  .
මැඩම් , අම්මා කිව්වා පීස් ලබන සතියේ දෙන්නම් කියලා . තාත්තා මේ මාසේ සල්ලි එවුවේ නෑ කියලා කියන්න කිව්වා තාම "

"This  is  very unacceptable නේ . අම්මට කියන්න වෙලාවට දෙන්න ඕනේ කියලා fees  . මම මේ ඉංග්ලිෂ්  ටියුෂන් කරන්නේ සල්ලි හම්බු කරන්න නෙමෙයි උනාට , there should be some arrangement . please  කරුණාකරලා අම්මාට කියන්න ..."

කොල්ලා බිම බලාගෙන ලෑලි  මේසයේ බොල්පොයින්ට් පෑනෙන්, පෙර දිනයක ඇඳි චිත්‍රයක් පිළිසකර කරන්නේය .

"Ok now start doing that exercise ."

නන්දනී පෙරේරා වේවැල් දුර්වර්ණ වුනු ඇඳි පුටුවට බර විය .

"මේ මාසෙත් ගාස්තුව සතියක් පරක්කු වෙයි වගේ  .
බෙහෙත්  පෙති බාගේ බාගේ  බොන්න ඕනේ රෑට  , එතකොට ටිකක් පිරිමහ ගන්න පුළුවන් සතියක් විතර . අමරේ මුදලාලිගේ කඩේ පැත්තේත්  නොගිහින් ඉන්න ඕනේ ටික දවසකට . නැත්නම් ඒ මිනිහා ඔක්කොම ඉස්සරහ කෑගහනවා පොතේ ගාන  කියලා ", ඈ  තමාටම කියා ගත්තාය .

සිත නිරායාසයෙන් කාලය නම් මාවත දිගේ ඇවිදින්නට පටන්ගත්තාය .
__________________________________________________________________________
" වසර තිස්පහක් සේවයෙන් පසු  අද විශ්‍රාම ගන්නා නන්දනී , හෙට ඉඳන් ගෙදරට වෙලා පෙන්ෂන් එක අරන් විශ්‍රාම සුවය විඳින්න පටන් ගන්නවා ... නන්දිනි start enjoying your self , you have earned it  ......"
earned it ...earned it ...earned it දෝංකාරය හිමින් වියැකී ගියේය

සති දෙකකට සෑහෙන විශ්‍රාම වැටුප . සති හතරක් දිග මාසය . මේ අසමතුලිත සමීකරණය , සමතුලිත කිරීමට
නන්දනී පෙරේරා ගුරු මාතාව,  ගෙදර පොඩි කොට්ටම්බා  ලෑලි මේසයක් හා ප්ලාස්ටික්  පුටු කීපයක් අටවා ,  ඉංග්‍රීසි උගන්වන්නට පටන් ගත්තාය .

" සල්ලි කියලම නෙමෙයි , පොඩි  එවුන්ට උගන්වන්න හම්බුවෙනවනේ... ඒ satisfaction  එකම ඇති මල්ලිකා  "

"මමත් කැමතියි නන්දනී , ඒත් කොහේද  මට වෙලාවක් නෑනේ . එක මාසයක් ඕස්ට්‍රේලියා ..දුව ගාව ...ඊට පස්සේ තව මාසයක් ඩුබායි පුතා ගාව "

ඊයම් බරුවක් සේ බර යමක් හද පතුලටම කිඳා බසිනවා නන්දීනිට  දැනුනි .

"අපේ අයත් හැමදාම කරදර කරනවා ඇවිත් එහෙ ඉන්න කියලා ..ඒත් එතකොට මේ ළමයි අතරමන් වෙනවනේ මල්ලිකා . මම කිව්වා මේ ගොල්ලන්ගේ විබාගේ ඉවර වෙලාම එන්නම් කියලා ."

මල්ලිකා ගේ මුවේ ඇඳුනු   සිනහවේ අවඥාව , එක වරම ඈ  ඉදිරියේ ජීවමාන වී  මුළු දර්ශන පථය ම වසා ගන්නට මෙන්, බැලුමක්  සේ පිම්බෙන්නට විය .

 "මැඩම්  මැඩම් ...."
_____________________________________________________________________________

 "මැඩම්.... මම ඉවරයි  ලියලා "

කොල්ලා පිටු අසුවේ කොපි පොත දික් කරැගෙන සිටින්නේය .

"කෝ බලන්න . මේ මොකක්ද මේ ඇඳලා  තියෙන්නේ . මම කිව්වා නේ B E L L ...Bell
මේ මොකක්ද මේ ඇඳලා  තියෙන්නේ "

පිටුවේ දකුණු පැත්තට වෙන්නට හැඳි සමචතුරශ්‍රයකි , එය තුල සමකෝණී  ත්‍රිකෝණයකී.  ත්‍රිකොනය  තුල වෘත්තයකි . ගේට්ටුවේ සීනුවේ ස්විච්චයක සලකුණ කොපි පොතේ  හැඳ  ඇත .

"ඔව් මැඩම්...  මේ බෙල්. අර ලොකු ගෙවල් වල තාප්ප වල තියෙන්නේ . එබුවාහම  බංගලාව ඇතුලේ ටිං ටොං ගාල  වදින්නේ .. මැඩම්ගේ තාප්පෙත්  තියෙන්නේ  . "

කොල්ලා  දත් ඇන්දම පෙන්නා  අහිංසක ලෙස සිනා සෙන්නේය . නන්දනී ට ඉබේටම තාප්පය දෙස බැලුනි . තාප්පයේ කපරාරුව දුර්වර්ණ වී ඉරිතලා  ගොසිනි . තාප්පයේ  ගඩොලින් ගඩොල ගැලවී බිමට වැටෙනු , එක වරම චිත්‍රපටයක් මෙන් ඈ  මනසේ ඇඳෙන්නට විය .  උගුරේ යමක් හිරවෙනවා දැනුනි .

"හ්ම්ම් .... "

ඕ දිගු සුසුමක් හෙලුවෝය


පලි : උසට  තාප්ප බඳින්නේ හොර හතුරන්ගෙන් ආරක්ෂා වෙන්නද නැත්නම් , ඇතුලත ගිනි පිටත නොපෙනේන්නද කියල හිතෙනවා
මේ කතාවේ වස්තු බීජය සත්‍ය කතාවක් ඇසුරෙනි . නමුත් මෙය මගේ හිතට ඕනේ විදියට ලියාගන්න බැරි උනා දෝ කියලත් හිතෙනවා . ඔබට හිතෙන වෙනස් කම් කරුණාකර යෝජනා කරන්න .

ඒ වගේම මේ කතාවට මාතෘකාවක් යෝජනා කරන්න 










27 December 2013

අනුන්ගේ ලියුම

මම ගිය සතියේ කොළඹ ගියා කෙටි නිවාඩුවකට .  උදේ නැගිටලා රෝස් පානුයි , පරිප්පුයි බඩ  පිරෙන්න කාලා , හාන්සි පුටුවේ ඇල  වෙලා ප්ලේන්ටියක් රස විඳිමින් මනෝ ලෝකයේ පොඩ්ඩක් ඇවිදින්න ගත්තා  විතරයි 

"ලොකු පුතේ , මෙන්න මේ ලියුම් කාරයා වෙන කාගේද ලියුමක් අපේ පෙට්ටියට දාලා ගිහින් . මමත් බලන්නේ නැතුව කැඩුවා . කවරෙත් කොහේ හරි තිබ්බා දැන් හොයා ගන්න බෑ "

" කෝ බලමු "

අම්මා ලියුම මා අතේ තබා ගෙතුලට යන තුරු සිටි මම , ලියුම් කරදාසිය දිග හැරියේ එහි වතගොත ගැන කුතුහලයෙනි . අනුන්ගේ ලියුම් කියවීම නරක පුරුද්දක් වුනත්, මම ලියුම කියවන්නට ගත්තේ ඉබේටම වගේ .


හිතවත් මහින්ද අයියා වෙත සාදරයෙන් ලියමි 

ඇවිත් ගියා ගියාමයි , මුගෙන් සද්දයක් වත් නෑ කියලා අයියා  හිතන්න ඇති . 

ගෙදර ගියාම හරියට එක එක වැඩ නිසා ලියුමක් වත්  එවන්න බැරි උනාට  සමාවෙන්න . අපේ කැමිලාවතීටත් පිට කොන්දේ ඇවිලිල්ලක් ඇවිත් පහුගිය දවස් වල මට හරි කරදරේ ය . වාත තෙල් ගාන්න , තවන්න ඔක්කොම කරන්න ඕනේ මම නෙව ඉතින් .  විලියොන් ගේ පොඩි කොල්ලත් හරි හුරතල්, උන් දෙන්නත් කොහේ හරි යනකොට පොඩි එකා  බලාගන්න දාලා  යන්නේ අපිට  . ඒ දවස් වලනම් අපිට අතට පයට ආවතේව කාරයෝ හිටියට , දැන් නම් ආණ්ඩුවේ දෙන පඩියෙන් තමා ජිවත් වෙන්නේ . අයියලාටනම් ඉතින් එහෙම කරදරයක් නෑනේ ඉතින් . පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට ඉතින් සින්නක්කරේටම ලියා ගෙන නේ .

මගේ හෙම්බිරිස්ස ගතියත් දැන් අඩුයි . අර නටපු කෙල්ලෝ දිහා බලා ඉඳලා හැදුන  බෙල්ල උල්ලුකුවත්  දැන් අඩුයි . මම දැන් ශ්‍රී ලංකාවේ චැනල් බලනවා නෙට් එකෙන් . එතකොට මම දැක්කා , ඔහේ කට්ටියත් දැන් හරි හරියට , අර මම ගහ ගෙන හිටියා වගේ ලේන්සුවක් ගහනවා උඩ  සාක්කුවේ . .  ඔන්න මම නම් දැන් අයියා වගේ සාටකයක් දාන්න ගත්ත කරේ. ඒකෙන්  නහය විතරක් නෙමෙයි ඕන දෙයක් වහන්න පුළුවන් . 

අයියේ කොළඹදී අපිට සලකපු හැටියට අයියා බුදු වෙන්න ඕනෑ . අර කුරහන් තලප රස නම් හරිම ඇබ්බැහි ශිලියි . එක පාරක් කෑවොත් අබින් කෑවා  වගේය .
ඒත්  කැමිලවතී මට ගෙද‍ර  ගියාම දොස් කීවා  ඒ මිනිස්සුන්ට කරදර කළා කියලා ගම්  බිත්තර හොයන්න . අයියා  දන්නවනේ  මම ඉතින්  විහිලු කාරයා  නෙව . ඉඳලා  හිටලා  බයිට් එකට ගන්නවනේ මිනිස්සුන්ව . අනික අර උදේට හොරෙන් දා ගත්ත ෂොට් එක ගැනත් මුන් පත්තරේට ලියලනේ . ... මම නෝනාව ශේප් කර ගත්තේ බොහොම අමාරුවෙන් .

දැනට නවතින්නම් . අක්කාටත්  ඉලන්දාරියෝ තුන් දෙනාටත්  දෙවි පිහිටයි .

මෙයට චාර්ලිස් ( කුමාරසිරි )

පලි : කුරහන් කෑවට  පස්සේ මට හිතෙනවා මම දැන් කුමාරයෙක්  නෙමෙයි ගමේ කොල්ලෙක්  කියලා 



පලි : අනුන්ගේ ලියුම් කියවීම වරදකි . ඒවා බ්ලොග් එකක පල කිරීම ඊටත් වඩා  වරදකි . හැබැයි ඔබට දැන් මට දොස් කියන්නට නොහැකිය , දැන්  ඔබද ඒ ලියුම කියවා ඇත .

26 December 2013

The haunted house of the south // බිත්ති හතර මැද


There stand four walls in ruins
of a home that once was
Way down a road
that runs deep

south
along the spread of lazy shore 

Them walls
they stand enclosing emptiness
in their faded yellow 

a pale horizon marks 
that faithful day
when the big waves rampaged

They say this place is haunted
this shell of what was before
At dusk
lingers a calming scent of incense,
from where the small shrine was

On a moonless night
you could make out clearly
A woman’s long sigh
and children...
children reading out rhymes
echoing,
in the gloom's clasp 

Yet
one could not help
but wonder
Why
you never hear
The last gasps for life
or the  haunting shrieks of death
Why

they waned
and only the sighs of living
remained 




වසර ගණනකට පෙ‍ර අද වගේම දවසක, 
කුරිරු මහා රළ පෙලහර විත් ඉතිරි කර ගිය බිත්ති හතරක් මැද , එහි වූ ජිවිත වලසුවඳ ඉතිරි වෙලාලු .
දකුණට දිවෙන පරණ පාර අයිනේම වූ මේ නිවසේ හොල්මන් තියනවා කියලා කියත් පළාතේ අය .

හවසට හවසට දැනේලු හඳුන් කූරු  සුවඳක් , පහන් පැල  තිබුණු මානෙන් . 
අමාවක රෑට ඇහෙනවාලු ගැහැණියකගේ (දිගු) සුසුම් ලන හඬ . පොඩි උන් කවි පාඩම් කරන හඬ, තාලයට  .

නමුදු කිසිදාක නෑහේ  මර ලතෝනි , උන් නැගු,  දියවර බිලිගනිද්දී උන් දිවි .

මේ බිත්ති හතර මැද ඉතිරි වෙලා උන්ගේ ජීවිතවල සුසුම්   විතරක් 




22 December 2013

හිත බොර වී

ගලන දියවර
හිමින් හිමින්
කාලයේ තාවුල්ලට
නැවතිය නොහී

කැලතුනු තැනක
බොර දිය සුලියක්
හිතේ හිර කරන්
තැවෙම්

19 December 2013

කුහුඹුවන්ගේ පුරුදු හා බීරි සන්නාලියාගේ උපක්‍රමය

මේ දවස් වල පොඩ්ඩක් අන්තර්ජාල සම්බදතා අවුල් සහගතයි . ඉතින් කෙටි කතා දෙකක් දාන්නම්, හප හපා හිත හිතා ඉන්න .

කුහුඹුවන් ගේ පුරුදු 

කුඹීන්ට  අහර ඇති  තැනක් හමු වූ විට උන් මුලින්ම කරන්නේ  ගුලේ සිට එතනට යනකං  පෝලීම්  දෙකක් හදන එකලු . එකක් නෙමෙයි දෙකක් . ගුලෙන් එලියට එන කුඹී  එකින් එකා අනිත් කුඹීන් ගේ කීමට සවන් දීලා . මුවෙන් මුව මුණු මුණු ගාලා , තමන්ගේ කැමැත්තට අනුව එක පෝලිමකට එකතු වෙනවාලු
මෙහෙම ගිහින් එක මොහොතකදී එක පෝලිමක අනිකට වඩා  දිග වෙනවා . එවිට අර අනිත් පෝලිමේ කට්ටිය ඇවිත් , දිග පෝලිමට එක් වෙනවලු , (අනේ අපි අනිකේ හිටියේ නෑ  වගේ) .

අපේ ජිවිත වලත් පෝලිම් කොච්චර නම් තියෙනවද?  ඒවා අපි තෝරා ගන්නේ මොන නිර්නායක නිසාද?


බීරි  සන්නාලියාගේ ක්‍රමය 

ඔන්න එක නගරයක ටේලර් සාප්පුවක් තිබුනා .
මේක කරේ , සයිමනුයි , මාටින් නුයි කියලා සොහොයුරොන් දෙන්නෙක් .
ගනුදෙනුකරුවන්ගෙන් ඇනවුම් ලබා ගැනීමට මොවුන් අපුරු උපක්‍රමයක්‌  පාවිච්චි කළා .
ඔන්න මාටින් ඉන්නවා ඉස්සරහ කවුන්ටරයේ . ගනුදෙනු කරුවෙක් ඇවිත් මිල විමසුමක් කරපුවහම ඔහු රඟපානවා පොඩ්ඩක් බීරියි වගේ .

මිල ගණන් විමසු විට , ඔහු කෑගහනවා

"සයිමන් මේ සූට්  එකක ගාන  කීයදෝ?"

"ඩොලර් තුන්සිය හැටයි  "

" මහත්ත‍යා, මගේ සහෝදරයා කියනවා එකසිය හැටයි  කියලා "

මාර  ලාබයක් කියලා හිතන ගනදෙනු කරුවා ටක් ගාලා ඇනවුමක් දෙනවා .

අපිත් වෙලාවකට ලාබයි කියලා හිතන දේවල් ......

12 December 2013

The making of the notorious ගොක් කොළ සිරි (I R C)

ටං ටං ටං 
(සුදු අත්කොට කමිසයකින් හා කොටු කොටු සරමකින් සැරසුණු තරුණයෙක් , ගේට්ටුවෙ  කොක්කෙන් ගේට්ටුවට ගසන්නේය )
...කවුද ගෙද  ර....?

(දොර ඇරේ , එතුලින් මේස බැනියමක් හැඳි තලත්තෑනි මිනිසෙක් එබී බලන්නේය.)

කවුද මේ උදේ පාන්දරම දොරට ගහන්නේ 

නෑ මේ මම මේ , අර පත්තරේ දැන්වීම දැකලා ආවේ . අර චණ්ඩින්ට නම් තියනවා කියලා තිබ්බේ ..

ඔව් ඔව් ඒ මම තමයි . එන්න ඇතුලට ..

බල්ලෝ බැඳලද දන්නේ නෑ  ?

බල්ලෝ නම් ඔය  බැන්දුවේ  පොලිසියෙන්....

 ඒ කිව්වේ ..?

තමුසේ එනවකො ඇතුලට ..මෙහෙන් වාඩිවෙනවා . කෝ නම තියන්න ඕනේ එක්කෙනාගේ පින්තුරයක් වත් ගෙනාවද ?

පින්තුරයක්? ...නෑ  නෑ  මට තමයි නම තියා ගන්න ඕනේ . (ඔහු තාලයට අදිමින් පවසන්නේය )

ආ ඔහේටද  ? නෑ  මොකද ඔහේගේ කිසි චන්ඩි පෙනුමක් නැති නිසා මම ඇහුවේ . කමක් නෑ.  ගාස්තුව දැන්වීමේ දැක්කානේ ?

ඔව් ඔව් දැක්කා . මේ මම දැනට චන්ඩියෙක් නෙමෙයි ..නම හදාගෙනම  චන්ඩියෙක් වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ 
දැනටමත් මම මේ ලැස්ති වෙනවා 

(ඔහු ඉනේ ගසා ගෙන් සිටි යමක් ගෙන ටීපෝව මත තබයි )

දැක්කද , පිහිය ඉනේ ?

මේ පාන් පිහියක් නේ ?

වෙන එකක් හොයා ගන්න බැරි උනා (ඔහු අහිංසක සිනහවක් පාන්නේය) 

ආ එහෙමද ? කමක් නෑ  කමක් නෑ .මොකෝ තමුසෙට චන්ඩියෙක් වෙන්න හිතුනේ ? මෙහෙමයි පුතෝ චන්ඩිත්  ජාති දෙකක් ඉන්නවා . වෙඩිකන  චන්ඩියි , ගොඩ යන චන්ඩි යි .

මට ඕනේ චන්ඩියෙක් වෙලා , මන්ත්‍රීතුමා ගාව රාජ්‍ය සේවයට බැඳිලා , පළාත් සභාවට යන්න .

එහෙනම් අපි ඒ වගේ නමක් දාමු . සාමාන්‍යයෙන් ගමේ නමයි තමුසෙගෙ නමයි තමයි දාන්නේ . තමුසේ අහල ඇතිනේ , ගෝනවල සුනිල් , නාවල නිහාල් , මොරටු ..

අපේ පන්සලේ හාමුදුරුවෝ වගේ ... සෙත්සිරිගම නානාලෝක 
නානාලෝක ?

ඔව් ඔව් අයියෝ ..නානා  නානා  , අර පිපින්නා  , කොම්පන්න විදිය වගේ 

නානාලෝක නෙමෙයි ...ඥානාලෝක... දැන් කාලේ ඒ කට්ටියත් ඉතින් චන්ඩි පාට්  තමයි .. හරි කියනවකෝ තමුන්ගේ ගමයි නමයි ..

ගම සෙත්සිරිගම , මගේ නම සිරිමල් , එතකොට ....සෙත්සිරිගම සිරිමල් 

අයියෝ උපාසක මහත්තයෙක් වගේ නේ ..එක හරි යන්නේ නෑ . මෙහෙම කරමු ..තමුසෙට ගෙදරට කියන මොකක් හරි නමක් තියෙනවද? ඉස්සර ලොකු චන්ඩි ඉඳලා තියෙනවා ඔය පොඩි පුතා වගේ නම් වලින් 

මට නම් ඉතින් ගෙදරට කියන්නේ හිච්චි බබා කියලා 

ඒක අවුට්  එහෙනම් ..එහෙනම් තමුසෙට කට්ටිය කියන මොකක් හරි විහිලු නමක් තියෙනවද ? නිකන්  චොප්පේ , අයිස් , ජෙමා වගේ ...

ගමේ කොල්ලෝ නම් කියන්නේ ඉතින් , සිරිමල් එතනා කියලා තමා...එතකොට මම උන්ව එලවාගෙන යනවා ..

අයියෝ ...එකත් හරි යන්නේ නෑ  . තමුසේ අහල තියෙනවද තෙල් බාලා ගැන අර තෙල් ජිල් මාට් එකක් කලේ ?

අයියේ , මම පොල් , තැඹිලි එහෙමනම් බාලා තියෙනවා කුලියට ...පොල් බාලා කියමුද?

පොල් බාලා!!!!? ..තමුසෙට පිස්සුද ඕයි ?.. 

නෑ  නෑ  මම නිකන් කිව්වේ . තරහ ගන්න ඕනේ නෑ නේ ඉතින් ...හ්ම් 

තමුසෙගෙ මොකක් හරි පච්චයක් එහෙම කොටලා තියෙනවද ..අහල ඇතිනේ පච්ච සිරා ගැන 

අනේ පච්ච  නම් නෑ , කනේ ඉන්නෙක් නම් තියෙනවා ..

අනේ මගේ කටට එන දේවල් නම් කියන්න .. හරි හරි ... තමුසේ සත්තු ඇති කරලා තියෙනවද , කුකුල්ලු , පාත්තයෝ වගේ ..කුකුල්ලු ඇති කරපු හාදයෙක් හිටියා චාලි කියලා , තමුසේ අහලා ඇතිනේ .

අනේ ඉතින් මම නම් ඇති කරන්නේ සාරි ගප්පි තමයි .

හරි අපි තව බලමුකෝ .. තමුසෙට මොකක් හරි ශරීරයේ අඩුවක් එහෙම තියෙනවද ?

මේ මහත්තයෝ ඔහෙට ඒවායින් වැඩක් නෑ  හරිද ?  අපි හොඳ කොල්ලෝ තමයි ...ගලවල පෙන්නන්නද ? ( ඔහු තම ඉනපටිය ගලවන්නේය )

නෑ  නෑ  එහෙම විකාරයක් නෙමෙයි ඕයි  මම කිව්වේ ...මම ඇහුවේ තමුන්ට නොන්ඩියක්  , වපරයක් , ගොතයක් වගේ එකක් ...
හරි ඒකත්  අමතක කරලා දානවකෝ . එහෙනම් කියනවා කෝ තමුසේ කොහෙද වැඩ කරල තියෙන්නේ , යුනිපෝම් අඳින තැනක ... ආමි එකේ , නේවි එකේ  අඩුම ගණනේ නගර සභාවේ වත් 

අනේ ඉතින් මම ටික දවසක් අපේ මස්සිනාගේ ටුවරිස්ට් හෝටලේ වැඩ කළා , ...අර ඉස්සරහ ඉඳන් ආයුබෝවන් කියන්නේ , දොර ඇරලා .. ඒකටනම්  යුනිපෝන් එකක් දුන්නා ..

අපිට තමුසෙට එහෙමනම් ආයුබෝවන් ෂොට් කියන්නත් පුළුවන් .. තව බලමුකෝ , 
මොනවා හරි දක්ස කමක් එහෙම තියෙනවද? කැටයම් කපන්න , චිත්‍ර අඳින්න එහෙම පුලුවන්ද ?

මම පිරිත් මණ්ඩප හදනවා , ගොක්කොළ වලින් සැරසිලි ..

ඔය තියෙන්නේ.... හප්පේ මම හිතුවා තමුසෙට නමක් දා ගන්නම බැරිවෙයි කියලා ...අපි තමුසෙට ..ගොක්කොළ  සිරි  කියමු ....



පලි :
අපි පොඩි කාලේ පාතාලයක් කියා අසා තිබුනේ නැත . හිටියේ නගරන්  කාරයෝ සහ අයි ආර්  සී  කාරයින්ය 


07 December 2013

ජපනාට පාඩමක් ඉගැන්වීම

"ආයුබෝවන් සර් "
"ආයුබෝවන්. ජපන් coach  කෙනෙක් ඇවිල්ලා , ස්විමින් උගන්නවා  , බැඳෙන්න කැමති අය බදාදා 2ට එන්න "   මලවිගේ සර් පන්තියට ඇවිත් කිවේය .

මම මේ කතාව ගෙදර කිව්ව වෙලේ සිට අප්පච්චි කිවේ "පලයන්" කියාය .
"කොල්ලෙක් උනාම පීනන්න පුරුදු වෙන්න ඕනේ" ඔහු කිවේය  .  අත්තම්මානම් එක හෙලාම විරුද්ධ වුයේ මට හරියට පීනන්න බැරි නිසාය . ඈගේ අදහස වුයේ , පිහිනීමට හරිහැටි නොදැන වතුරට බැසීමෙන් අනතුරක් විය හැකි බැවින්, හොඳින් පිහිනීමට හැකි වූ පසු පුහුණු වීමට  යන ලෙසය .
ඇයගේ තක්සේරුව වැරදිය .  උපන්දා සිට ගඟක් පේන  තෙක් මානයක නැති පළාතක හැදුනු ,  සිස්සස්තේ පාස් වී මේ ඉස්කෝලෙට යනකන් ජීවිතේට ස්විමින්ග් පුල් එකක් නොදැකපු මට 
හරිහැටි නොව , කොහෙත්ම පිහිනීමට නොහැකිය .

අප්පච්චි chands එකෙන් ස්විමිං  ට්‍රන්ක්  එකක් ගෙනත් දුන්නේය . ( "දෙසිය විස්සක් උනා " ඔහු හෙමින් අම්මාට  කියනවාද මට හවස ඇසුනි .  "කමක් නෑ  පඩියෙන් පස්සේ බෙහෙත් ගන්න යමු " ඇය  පිළිතුරු දුන්නාය)

 බදාදා උදා විය . කැන්ටිමෙන් දවල්ට සීනි සම්බල් පාන් එකක් කා  , කරාමයෙන් වතුර බී පුල් එක ගාවට ගියෙමි .පපුව ඩබ් ඩබ් ඩබ් ගා ගැහෙන්නේය . ජිවිතේ පළමු වතාවට ස්විමිං  පුල් එකකට බහින්නට යන්නෙමි . ජපනා ගේ මුල් කතාවම මට ඇල්ලුවේ නැත . ඌ කිවේ ගිහින් නා ගෙන එන්න කියාය . වතුරට බහින්න ඉස්සරවෙලා නාන්නේ මොකටද , මම හිතින් ඌට බැන්නෙමි .

කෙසේ හෝ අපි වතුරට බැස්සෙමු. ජපනා මුලින් උගන්වන්න යන්නේ ගිලෙන හැටිය . එක එකාගේ ඔලුවෙන් අල්ලා  වතුරේ ඔබන්නේය . ඔලුව යට  යන්නේය , මාළු ටැංකියේ වගේ බුබුළු උඩ  එන්නේය .

මගේ වාරය පැමිණියේය .

ඔලුව යට ගියේය.වතුර පෙවුනේය . මම දඟලුවෙමි . ඉස්මොලේ දැවිල්ලක් පැතිරුණි . මා උඩට ආවෙමි . ජපනා හිනා වන්නේය . මට කන්නට කේන්තිය .
 උගන්වන්නම් ජපනාට පාඩමක් . මම යන්නේ නෑ ආයේ  ඔය කෙහෙල්මලට, ආපසු එන ගමනේදී  මම තීරණය කලෙමි.  ගිලෙන්න මම දැනුත් දන්නවනේ ...(ජබොස් එකයි , ගලුබ් තුනයි , ටටා දෙකයි, )...

මම එම තීරණය අකුරට ක්‍රියාත්මක කලෙමි . ඉන් පසු සති කීපයක් මට අසනීප වීම් , කිට් එක ගෙනෙන්නට අමතක වීම් එක දිගටම විය .


ජපනාට හොඳ පාඩමක් ඉගැන්නුවෙමි .

අදත් මට හරියට පීන්නට  නොහැක . පාඩුව ජපනාටය.


පලි ; මෙලෙස කුකුල් කේන්ති ගොස්,  මම මේ වගේ පාඩම් බොහෝ අයට උගන්වා ඇත්තෙමි . ඔවුන් අදත් ඔවුන්ට සිදුවූ පාඩු ගැන සිතමින් හුල්ලනවා වෙන්නට ඇත .

05 December 2013

අන්දරේ බළකාය

එකෝමත් එක කාලේක , අපි ඉස්කෝලේ යන දවස් වල , පින්තුර කොළ කියලා ජාතියක් තිබුනා .

A3 ප්‍රමාණයේ කොලේක , විවිධ තේමා ඔස්සේ පෙළ ගැහුනු අඟල් දෙකේ දෙකේ කොටු වල  එළවලු , පලතුරු , ජාතික කොඩි , සත්තු , තේමාවේ හැටියට පෙළ ගැසුනා . මේ පින්තුර කොළවලට බාල පන්තිවල ගුරුවරුන් බෙහෙවින් ප්‍රිය කරන්නට ඇති බව මට සිතෙන්නේ හැම දාම වගේ මොකක් හරි කොලයක් අරන් එන්නට කියා ඔවුන් කියූ බව සිහිවෙන විටයි .

දෙකේ පන්තියේ එක දවසක්  , අපට රැගෙන ඒමට කීවේ  ජාතික වීරයන් ගේ පින්තූර .
දුරකථන , පුද්ගලික වාහන නොතිබුණු ඒ කාලේ , වැඩ ඇරිලා බස් එකේ හිරවෙලා ආපු අපේ අම්මා , හැරෙන පයින් ගිහින් හුළංගේ කඩෙන් ඔය ශීට් එකක් අරගෙන ආවා .

පුරන් අප්පු , කැප්පෙටිපොළ  , වාරියපොළහිමි ගෙන් මුල් කොටු පිරුණු කොලේ  , මැදට වෙන්න පොන්නම්බලම් අරුනාචලම් , පොන්නම්බලම් රාමනාදන්, ටී  බී ජයා  ලාගෙන් සමන්විත වුනා . අගට යනකොට , ටේල් කෝට්  එකක් ඇඳලා  ගිහින් සිංහ කොඩිය උස්සපු ජාතියේ පියායි  . කලිසම උඩින් සරම දාගත්ත බණ්ඩාරනායක උන්නැහෙයිත් හිනා වෙලා උන්නා . 
(අර නෝනිස් ලොක්කා  දක්වපු නියමය හා සනාථ කිරීමට අනුවම බලපුවහම , ප්‍රජාතාන්ත්‍රික රටක ඕන පින්තුරයක් ඕනේ කොලේක ගහන්න පුළුවන්නේ, වරදක් නෑ  )
මෙන්න බොලේ ඊට පේළියකට උඩින් අන්දරේ !

පුංචි අපේ මොළවලට,   බෝතලේ වලව්වේ හාමුයි , හොරගොල්ලේ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හාමුයි ජාතික වීරයෝ වෙන්නේ කොහොමද කියලා සංකාවක්  ඇති නොවුනාට ,  මේ පින්තුර කොලයේ පින්තුරය ඇතුළු කර ගැනීමට අන්දරේ ගේ සුදුසුකම් ගැන අපි සැවොටම වුයේ සැකයක් . 
( ප්‍රජාතාන්ත්‍රික රටක එහෙම සැක  කරන්නත් අපිට පුළුවන්නේ )

අපේ පන්ති බාර චන්ද්‍රසේන මිස් , මේ පැනයෙන් බේරිලා , තම ගෞරවය රැක  ගන්න මහත් වෙහෙසක් දරුවා . අන්දරේ කියන්නේ වාසල කවටයා බවත් , රජතුමාට ඇතැම් විට සරදමින් මෙන් විවිධ දේ කියා ඔහුගේ විවිධ තීරණ වෙනස් කළ  හැක්කේ ඔහුට බවත් , තර්කයක් ගොඩනැගීමට ඇය  උත්සාහ කලත් . ඒ පන්තියේ හුන් යස්ස පැටව්  එය පිලි නොගත් බැවින් , ඒ පාඩම අවසන් වුයේ , අප සියලු දෙනා  කන් දෙක අල්ලා  ගෙන පුටු උඩ  සිටවීමෙන්  . ( ප්‍රජාතාන්ත්‍රික රටක එහෙම කරන්නත් ඔට්ටුයි නේ )

කාලයාගේ ඇවැමෙන් , යමක් කමක් තේරෙන විට මගේ ආකල්ප වෙනස් වෙලා . අන්දරේ කියන්නේ මහා වීරයෙක් තමයි කියලා මට දැන් වැටහේ . කොටින්ම කියනවානම් රජතුමා රකින්න,  ලඟින්ම ඉන්න මහා වීර (හෝව් හෝව් ..අර මහා වීර නෙමෙයි හරිද  )  සේනාංකයක් . රජතුමාට උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ  එහෙම ආපුවම , සැනෙක ඔවුන් පෙරට විත් මහා ගුප්ත ශාස්ත්‍රයක් වන  අමනෝඥ හාස්‍යප්‍රොක්‍රම සාස්තරෙන් වැඩේ ගොඩ දා ගන්නවා .

ඔන්න සැක නම් , හොයලා බලන්න වීඩියෝව  , මේ සාස්තරේ අති සූරයෙක් වන ගම්පොල දි මු ගුරුන්නාන්සේ  මේ ලඟදි දවසක් බලු කෑම  ප්‍රශ්නයක් අරබයා , තම ගුප්ත සාස්තරේන්  සිල්ප  දක්වන අපූරුව .

පලි :
මට අපි ගැන දුක හිතුනා 

29 November 2013

එහෙම වෙන්නත් තිබුනා vs what you've got

අතීත ප්‍රේමයන් ගැන ගීත , කතා කෙතරම් ලියවිලා තියෙනවාද.

කාලයක් පැවති නැති වෙන සබඳතා පැත්තකින් තියන්න , විටෙක ජිවිතේ හරහා ලාවට වගේ හමා ගිය අය , හිත් වල එලිය නොවැටෙන අහු මුලු වල පදිංචි වෙනවා වෙලාවකට.

මෙ ඔක්කොම ලියුවේ පහත කවි දෙකට පෙරවදනක් ලෙස .

ඇවිත් යෑම
---------------
ඈ එන්නීය
තවමත් ඉඳ හිට
මා හදට
නොදන්වාම
අවුත් හිඳින්නිය
වෙනදා වාගෙම
නිසොල්මන්ව
පිටමන් වන්නීය
එදා වාගෙම
නොකියාම

එහෙම වෙන්නත් තිබුනා
---------------------------------
හ්ම්ම්
ඔව්
එහෙම උනානම්
මා එසේ වී
ඔබ එසේ නොවී
(ටිකක් දිග නිහැඬියාවක්)
එදා  , එදා නොවී
...සමහර විට අරහෙම නොවුනා නම්
(දිගු සුසුමක් )
එහෙම වෙන්න තිබුනා

පලි: මේ ටිකත් නොලියා බෑ.
 අතීතය ගැන ෆැන්ටසි වලින් පස්සේ අපි "ගෙදර " යනවා. බඹා කොටපු හැටියට අපිට හිමි ස්නේහයක් බලා ඉන්නවා අපි එනකන් .
අමතක කරන්න එපා , ජිවීතය කියන්නේ සර්ව සම්පුර්ණ අමුද්‍රව්‍ය වලින් ගොඩ නගන කතාවක් නෙමෙයි, ලැබෙන අමුද්‍රව්‍ය වලින් පුලුවන් විදියට සම්පුර්ණ කර ගන්නා කතාවක් .

පපලි
පලවෙනි කවියට අදහස ලබුනේ මලින්ද ගිය සති අන්තයෙ  පත්තරෙකට ලියලා තිබුනා සටහනකින් . සටහන කපුගේ ගැන..ඔහු කියලා තිබ්බේ , කපුගේ හෙමින් සැරේ කතාබහ වලට ඇවිත් (මාතෘකාවක් වෙලා) , ඔහේ ටික වෙලාවක් ඉඳලා. නොදන්වාම යන්න යනවා කියලා

17 November 2013

ඇඬේනවා ඕයි


ගිය සතියේ මාගේ ජාති ආලය ඔද වැඩුනේ  , මා නෙත ගැටුණු වීඩියෝ කිහිපයක් නිසාවෙනි . මම ඒවා දන්නා හැමෝත් සමගම share කර ගතිමි . පොඩි කාලේ අපිට කියා දී ඇත්තේ ඕනෑ  ම දෙයක් බෙදා හදා ගෙන භුක්ති විඳින්න කියාය. ඉන් පසු මම ඒ ඊ  ලිපිය යැවූ මිතුරෙකුට කතා කලේ ඔහුගේ අදහස් විමසීමටය . ඔහු මගෙන් ඇසුවේ අමු දේශද්‍රෝහී ප්‍රශ්නය .


නොවැ 11, සඳුදා 

ඒ මචං බැලුවද මම එවපු වීඩියෝ එක 

මොකක්ද ?

අර Heal  the world එක  ද 

ඔව් 

මචං දුක හිතෙනවා නේ ? මට ඇඬුනා .

ඇයි  ඒ 

ඇයි දැක්කේ නැත්ද , ලොක්කත් කඳුළු පිහිනවා ....පව් කියලා හිතුනා මචං  .
මොනවා උනත් සංවේදී පොරක් . දැක්කේ නැත්ද හැම තැනම කමෙන්ට්ස් දාලා තිබ්බා , මිනිස්සුන්ට  දුක හිතිලා 

ඔව් මටත්  ඇඬුනා .

මම හැමෝටම ඇරියා  වීඩියෝ එකේ ලින්ක් එක . නිමල්ට  , කමල්ට  , දියසේනට 

දියසේන කිව්වේ?

අර කොමාන්ඩෝ කාරයා . යුද්දෙදි injure උනේ 

අඩේ  ඌට තාම  කෘතීම අතක් හයි කරලා නෑ ... 

(විනාඩියක නිශ්ශබ්දතාවය)

ඒක නෙමෙයි , දියසේනටත් ඇඬුනා ද දන්නේ නෑ නේ 

____________________________________________________________

නොවැ 13, බදාදා 
 
මචං තව වීඩියෝ එකක් එව්වා .  

අර වන්  ටු ත්‍රී  ෆෝ ... ඩාන්ස් එකද 

ඔව් ඔව් , දැක්කද පොරවල් නටනවා ? කොහොමද තාරුණ්‍යයේ ජවය ?

අනේ මන්දා ... ජවයනම් 

කොහොමද ලෝකෙටම පේන්න  අපි දාපු ෂෝ එක? දැක්කද  ජාතික සහජීවනය ...දෙමළ  සින්දුවකට මුළු ලෝකෙම නැටුවා. 

මචං ඔන්න මේකටනම්  මට ඇඬුනා

_________________________________________________________

නොවැ 15 සිකුරාදා 

 මචං  දැක්කද අපේ පොර දුන්නා , අර CNN කාරයට ඇට්ටි හැලෙන්න 

කව්ද ?

අර මහා කොමසාරිස් තුමා 

ඔව් ඔව් , එව්වේ ඒ වීඩියෝ එකත් ...

දැක්කද  බැනපු හැටි      විට්රෝලික්  දයා ට්‍රයිබ් කියලා 

මොකක්ද මචං  එකේ තේරුම 

ඒක වැඩක් නෑ .. නිකන් දේශද්‍රෝහී ප්‍රශ්න අහන්න එපා ... මේ මනුස්සයාව විදේශ ඇමති කරන්න තියෙන්නේ 

ඒ ඇයි ඒ මනුස්සය මොන වරදක් කලාටද 

නෑ , එතකොට ලෝකේ වටේම ගිහින් ඔහොම දෙන්න පුළුවන් සුද්දන්ට රොටි වෙන්න 

එතකොට උන් හිත වෙනස් කර ගනියිද 

උඹ නම් මහා ඔරිනිජිනල් දේශද්‍රෝහියෙක් 

හරි මෙහෙම අහන්නම් , දැන් ඔය එක එක වංස ලා  සිංහලෙන් කියන්නෙත් ඔය වගේම දේ නේද . අපේ වැඩ අපි බලා ගන්නම් , ඔයගොල්ලෝ වැඩ ඔයගොල්ලෝ බලා ගන්න කියලා 

නෑ  නෑ  එක වෙනස් . ඒ ගොල්ලෝ විට්රෝලික්  දයා ට්‍රයිබ් කිවුවාද .
ඒක  පැත්තකින් තියමු . කොහොමද අර මානව නිදහස ගැන කියපු දේ . අපේ රටේ නිදහස තියෙන නිසා තමයි උද්ඝෝෂණ තියෙන්නේ කිව්වේ . මයිල් කෙලින් වෙනවානේ ?

මචං උඹට කියන්න මම හයියෙන් හුරේ කියලා කෑගැහුවා  ...ඊට පස්සේ මට ඇඬුනා



 
 

පලි 
පහුගිය සතියේ මිතුරෙක් කියූ දෙයින් මා සලිත විය . ඒ ඔහු මා anti CHOGAM දැයි ඇසු බැවිනි.
 අනේ නැත , එහෙත් මේ සංගමයේ  අර්ථය හෝ  මේ සමුළුවේ ප්‍රයෝජනය මට හරිහැටි පෙනෙන්නේ නැත .
කලකට ඉහත නොදැනුවත්කමට හා පහසුවට "මම  ඔය politics වලට නැහැ"  කීවත්  ,  ඉහ නිකට පැහෙත්ම දේශපාලනය අපි හැමෝගෙම ජිවිත වලට බලපෑම්  කරන අයුරු තේරුම් ගොස් ඇත .

එහෙයින් මෙසේ කියමි . කැමැති  දේශපාලකයන් හා  දේශපාලන දර්ශනයක් මට නැත . නමුත් නොයෙක් දේ වලින් මම සැලෙමි . දුක් වෙමි.   ශ්‍රීලාංකික පුරුද්දට , බොහෝ දේ වල විකට පැත්ත පෙනෙන මට , එහි ඇති  ගැඹුර දුටු විට බය හිතෙන්නට ගනී , මා ගැනම , අපි ගැන  දුක හිතේ .

16 November 2013

කතරක පිපුණු සෙව්වන්දිය

පෙර කියවීම: අපි කියවන දේ වලින් . ඇහෙන දේ වලින් . ඇතිවන චිත්ත රූ පයට අඩිය තියලා ඉන් ඔබ්බට අපේ නිර්මාණාත්මක හිත දුවනවා වෙලාවකට . ඔරිජිනැලිටි ගැන ප්‍රශ්නයක් ඇති උනත් ඒ ගමන රසවත් බොහෝ විට . 
මෙයට නිමිත්ත මට ඇහුනු සිංදුවක්  . හිතේ මැවෙනවා මැද පෙරදිග , අරාබියේ දිගට දිගට පැතිරුණු කාන්තාර , ඒවායේ කුඩාරම් මැද , හවසට , දුහුල් පිලි හැඳ රඟන නළඟනන් .



හිරිපොද වැස්සක් ,
සිහිනයකට වැටෙන, 
හෙමිහිට .
වැලිතලාවක , 
අනන්තයට දිග හැරුනු ,
හිස් අතින් ,
මා 
අවදි වන 

කාලය .
ඇඟිලි අතරින් ,
රූරා  
වැටෙන 

සරත් සැඳාවක හමන ,
මහි සුසුමක ,
රිද්මයට ,
පහන් සිළුවක් 
රඟන 
(මට හීනෙන් පෙනෙන )

දැල්ලේ  එලියට මුවාවී 
ඈ  සෙවනැල්ල 
තාලයට පා තබන 
දෑසින් ඉඟි කරන 
ම සිතේ ආශා 
සැලෙන හැඩයට 
ඉඟ සුඟ නලවන 
ඈ 
(මට හීනෙන් පෙනෙන )
සෙව්වන්දියක් 
කතරක 
(අහම්බෙන් )
විකසිත 

මුව වැසූ සළු 
එකින් එක උනා 
අහකට 
නොකී රහසක් මුමුණන 
සිහින් සුවඳක් 
සළු 'තරින් 
සෙමින් විත් 
හිත කොනකින් අල්ලා 
කොනිත්තන 
(මට හීනෙන් දැනෙන )

හිස් අතින්ම 
තිගැස්සී 
මා 
අවදිවන 
හීන  හා ප්‍රකෘත්තිය මැද 
මංමුලාවෙන 



පලි : මෙන්න සිංදුව 

12 November 2013

සතියේ නාට්‍යය // now showing


පිස්සෙක් වගේ වේදිකා නාට්‍ය බලපු කාලයක් තිබ්බා , ගැටවර කාලේ . හැබැයි දැන් නම් නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ  . ඒ දවස් වල ඉරිදා පත්තරේ නාට්‍යය දැන්වීම් බලලා  තීරණය කරනවා අතේ තියෙන ගානට අනුව මොනවද බලන්නේ කියලා .

කාලේකට  පස්සේ එහෙම නාට්‍ය දැන්වීම් පිටුවක් පහුගිය දාක මා ඇස ගැටුනා .
සමහර පරණ නාට්‍යය තාම පෙන්වනවා . ඒ අස්සෙන් අලුත් ඒවත් එකතු වෙලා


සතියේ නාට්‍ය 


බල්ලොත් එක්ක බෑ 

කොළඹ කටුනායක නව අධිවේගී මාර්ග අධීක්ෂණ සේවයේ සුබ සාධක සංගමයට ආධාර පිණිස

ජාඇල  , පෑලියගොඩ , කටුනායක වේදිකා රැසක




සිංහබාහු 
" ගල් ලෙන බිඳලා , ලෙන් දොර හැරලා "
" ඇයි  සුදු දුවනියේ නුඹවත් නොසිටියේ ?"

විදෙස් සංක්‍රමණිකයන්ගේ සංගමයේ සාදර අනුග්‍රහයෙන්



නෙයිනගේ සූදුව 
"අතින් පයින් නෙමෙයි ඔන්න කාණු  හතයි පිස්තෝලේට ...."

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ සුභසාධක සංගමයට ආධාර පිණිස  D R  විජේවර්ධන මාවතේ දී 




වසර ගණනාවක් තිස්සේ නොකඩවා පෙන්වූ ඇති සාර්ථක නාට්‍ය නිෂ්පාදනය 
නුඹට පුතේ මගක් නැතේ ...
(අවාසනාවකට සත්‍ය කතාවක් )

රට පුරා ගමින් ගම පාසැල්  වේදිකා වල


තොත්ත බබාලා 
ශ්‍රී ලංකා පොලිසියට ආධාර පිණිස


නරි බුරති 
(ඒත්  කඳු පාත් වෙයිද ආයුබෝවන් ?)

බස්නාහිර පළාත් සභාවට ආධාර පිණිස , රතු පස්වල ප්‍රජා ශාලාවේදී

.



හුණු වටයේ කතාව 
උතුරේ ජන සංවර්ධනය සඳහා  වූ පදනමට ආධාර පිණිස , සර්ව පාක්ෂික දේශපාලන සංවිධානයේ සාදර අනුග්‍රහයෙන් යාපනය ප්‍රජා  ශාලාවේදී


මාමයි බෑණයි  (නව නිෂ්පාදනය )

ග්‍රීන් පීස් පදනමට ආධාර පිණිස කෝට්ටේ සිරි කොත්තු ශාලාවේදී



යුගයේ ඇති සාර්ථකම චරිත නිරුපණය. දෙවරක් පිට පිටම හොඳම නළුවා 

කැප්ටන් කූල් 

ඕලු පොකුණේ දී



දර්ශන වෙන්කර ගැනීම් සහ සියළු  විමසුම් සඳහා  
ඩුඩ්  සිරිමල් 
0777 123456


පලි  : තාම  දර්ශන වෙන්කර ගැනීම් අර සිරිමල් ලමයම තමයි ....


09 November 2013

Don't look down when you are walking // උඩ බලන් ඇවිදීම




Don't look down.
Walk  
with  your eyes on the sky
piercing the fluff
to hit upon the mesmerizing
blue
Sky blue
Walk like that
eyes set upon 
the hazy reveries
floating freely
in a peaceful sea of 
(Yes)            blue.
Don't look down
for the ground is of gravel
and dust 
and the disgust
of reality
Don't look down
lest you forever
loose
your dreams
your peace

your balance




PS: 
We all walk with our heads turned up. May be at times there's no other way .



ඇවිදිනකොට,  මචං
බිම නොබලන්
උඩම බලන්
ඔහොමම යං
පුළුන් වලා මෑත්වී
දිස්වෙන නිල
(ආයේෂ්  අම්මා )
ඒ දෙසම බලන්
සිහින දකින්

බොරලු  දූලි
කටු කොහොල්
ජිවිත
පොළොවේ ඉහිරුණු
යාථාර්තය
වටපිටාව ගඳ ගස්සන
දැක
සිහින  සබන් පෙන බිඳේ වී
හිතේ සැනසුම ගිනි ගනීවි

ඉතින් මචං
මතක තියන්
වැරදිලාවත්
බිම නොබලන්


පලි : අපි හැමෝම පොඩ්ඩකට බිම බලලා ආයිත් උඩ  බලා ගෙන ඇවිදින්න ගන්නවා කියලයි මට හිතෙන්නේ . එහෙම නැතිව බෑ  ජිවත් වෙන්න .


06 November 2013

(කවුරු මොනවා කිව්වත්) චෝගම් සමුළුවෙන් අපිට ලැබෙන වාසි // Kid strikes again

මචෝ, අපේ පොඩි එකා තව රචනාවක් ලියලා 

මේ සැරේ මොකක් ගැනද 

මේ චෝගම් එකට ඉස්කෝලෙන් කියලා , චෝගම් සමුළුවෙන් අපේ රටට ලැබෙන වාසි කියලා රචනාවක් ලියන්න කියලා . අපේ නෝනාට හදිසි මළ ගෙයක යන්න වෙලා ඒක  බලන්න බැරි වෙලා . මු ගෙඩි , නටු , කොළ පිටින්ම ඒක  පන්තියට ගෙනිහිල්ලා 

ඉතින් දැන් මොකෝ වෙලා තියෙන්නේ .

අපි දෙන්නාටම ලබන සතියේ සඳුදා ඉස්කෝලෙට එන්න කියලා ලියුමක් එවලා තිබුනා

ඒක නෙවෙයි,  පොඩ්ඩක් කියවපන්කො මටත් ඇහෙන්න 


චෝගම් සෝලියෙන් සමුළුවෙන් අපේ රටට ලැබෙන වාසි 

චෝගම් සමුළුව මේ සැරේ පැවැත්වෙන්නේ අපේ පුංචි රටේය . චෝගම් යයි කීවාට , එයට එහෙම කියන්නේ ඇයිදැයි මම හරියටම දන්නේ නැත්තෙමි . එය පවත්වන්නේ ඇයිදැයි කියාද මම හරි හැටි නොදනිමි .

අපේ තාත්තා  නම් කීවේ  එය ඔහුගේ පාසැලේ  ආදී සිස්ස ශිෂ්ණ  ශිෂ්‍ය සංගමය වගේ කියලාය . ඒ ඕල් බෝයිස් එකේ ඉන්න අංකල්ලා අවුරුද්දකට වරක්  හමුවන්නෝය . ටර්න් එක අරන් කාගේ හරි ගෙදරක රැස් වෙන ඔවුන් පරණ කතා කර කර , අලක්කු බොන්නෝය , බයිට් වෙන්නොය කන්නෝය , සිනා සෙන්නෝය . බෝතල් එක දෙක හිස් වෙනකොට ලොකු ලොකු ප්ලෑන්  ඇඳෙන්නෝය . පින් අතේ වැඩ , සංවර්ධන වැඩ , ප්‍රතිපත්තිමය තීරණ පෝලිමේ සෙට් වෙන්නොය . හැබැයි පහුව දාට අපේ තාත්තාට කිසිවක් මතක නැත . අනිත් අංකල්ලා ටත් එහෙම මතක නැත්දැයි හරියටම දන්නේ නැත . සැරයක් තාත්තා වෙරි මරගාතේ , ස්වේච්චාවෙන් , චන්ඩියා වගේ  ශ්‍රමදානයකට කුකුල් මස් කිලෝ 3ක් දෙන්න බාර අරගෙන අපේ අම්මාගෙන් හොඳවයින් අහගත්තේය .
අම්මා කිව්වේ "මේ  ගෙවල් කුලී ගෙවා ගන්න බැරි ව ඉන්න අස්සේ , පාටි දාන්න හදනවා කියාය"
අම්මා විපක්ක විපක්ෂයේ මාමලා  වගේ ය .

ඒ වුනාට මේ චෝගම් එකෙන් නම් අපේ රටට මහා වාසි ගොඩක් ලබෙන්නොය . සති දෙකකට කලින් , අපේ තාත්තා , මාව බලෙන්ම පුටුවක ඉන්දා , රතු ඉර එකේ මාමා කෙනෙක් ඒ වාසි ගැන විස්තර කරන අහං  ඉන්නට බල කළේය යෝජනා කළේය . 

ඒ මාමා කී  විදියට , අපේ රටට විදේශිකයන් ගෙන් හරි අරියාදුය. සමහරු " අයියෝ ඔහේ යන්න එපා , දුෂණය කයි , භිෂණය දෂ්ට කරයි " , " " මොකක් හරි උනොත් බෙහෙතකටවත් පජාතන්තරවාදය හොයා ගන්න බෑ  " වගේ අගේන්ස්ට් ටෝක්ස් දෙන්නෝය . ඉතින් විදේශිකයන් එන්නට මැලි  වෙති . ඉතින් කොච්චර සංවර්ධනයේ ගුද සේද මාවත් හැදුවත් අපිට ඒවා පෙන්වා නයා අරින්නට විදියක් නැත .එත් අපේ තනා ධි පති, ජනා අන්දන පති , අරලිය ගහ ගෙදර ලොකු මාමා  කපටියාය .   ඔහු "පාටිය අපේ රටේ තියමු " කියා කීවෙන් දැන් නම් විදේශිකයන්ට එන්නම වෙනවාය .

ඇවිත් නෙලුම් පොකුණේ ඉඳගෙන අපේ අක්කලා  නටනවා බලන්නම වෙනවාය . ඉන්ටබල් එකේ දී අයිසි චොක්  කන්නම වෙනවාය . එකෙන් අප රටේ ජාතික ආදායම සුස් ගා වැඩිවන්නේය . 

ඒ කට්ටිය , "අපි එනකොට ගැස්සෙන්නේ  නැතිව යන්න ඔය පාරවල් ටික හදන්න"   කියා  , අපිට තවත්  සල්ලි දෙන්නෝය . අපරාදේ අර සැන්ගිලා හෝටලය හදලා  තිබ්බා  එහෙ නවත්වන්න තිබුනේය . මහමෙර වාගේ ඈතට පෙනෙන එකට " හැං ගිලා"  කියන්නේ ඇයිද කියා මට නොතේරේ . ඒක පිටිපස්සේ වෙන මොනවා හරි හැංගි  ඇති ද දන්නේ නැතිය . කෙසේ හෝ සල්ලිනම් දෙනවා කියන්නේ මදි නොකියන්නය .

මිට අමතරව අපේ රටේ වී ඉස්ටෝරි වල ගුලෝ ගහන හාල් , කුණුවී විසිකරන එළවලු පලතුරු දැන් අපිට උයා මේ අයට  කන්න දෙන්න හැකි වන්නේය . කාවේ නැත්නම් අත්තම්මා මට කවනවා වගේ , බත් ගුලි හදාගෙන පස්සෙන් පන්නා  ගොස් හෝ කවන්නට වෙනවාය .

ඊට පස්සේ අපි මේ කට්ටිය හම්බන්තොට ගෙන ගොස්  ගස් හිටවන ශ්‍රමදානයකට සහබාගී  කරවන්නෙමු .  ඉන් අපේ පාරසරික ප්‍රශ්නයටද විසඳුමක් ලැබේ . පසු කාලෙක ඒ ගස් ටික කපා ගන්න වුනත් පුළුවන්ය .

එන ගමන් අපි ඔවුන්ව , පින්නවල ගෙන ගොස් අනාථ  අලි පැටවුන්ට කිරි පොවා උන්ට නම් තබන්නෙමු . අරලිය ගහ ගෙදර ලොකු මාමා අලි පැටවුන්ට කිරි පොවන්න හරි කැමතිය . මේ නම් තැබීමෙන් පසු ගෝමරයා , කන් කොටා , නොන්ඩියා  හා  කිරා ,  එතැන් පටන් බර්නබාස් , ඇබට් , කෙන්යාටා  හා මන්මෝහන් වන්නෝය.
එවිට අපිට පසු දිනයක ගොස් මන්මෝහන්ට  ආනමාළු  කෙසෙල් කන් ඇවරියක් වුව කැවිය  හැකිය .

ලොකුම අලියාට අපි මිහිඳු කියා නම තබන්නෙමු , එතකොට මිහිඳු පස්සේ වැටි අනික් අලි එන විට , ලපටි අපේ සිත් වල මහා ආඩම්බරයක් හට ගන්නෝය .

මීට අමතරව , එකමත් එක රටක ඉඳන් චාර්ලිස් කුමාරයා ද එන්නේය . එයත් අපේ ප්‍රේමකුමාර සීයා වගේය . කුමාර කිව්වට නාකිය . දෙමාපියන් ළමයින්ට නම් තබද්දී ඔවුන් වයසට යනවා යයි සිහියේ තබා ගත යුතුය .
කුමාර සීයාගේ හැටපස් වෙනිද කොහේද උපන් දිනයද පවත් වන්නේ අපේ රටේය . එයද අපේ රටට මහත් වූ වාසියකි . එමගින් අපේ රටේ බැලුම් නිෂ්පාදනය ඉටි පන්දම් නිෂ්පාදනය සීග්‍රයෙන් වැඩි වන්නේය .
කට්ලස් ගුලි ටිකක් හදා ගන්න කියා කොකියෙකුත් සමග කමලා කැමිලා ආච්චිද එන්නීය . අයියෝ සල්ලිය , නැත්නම් ඒ වාසියත් රටටමය .

මේ අනුව බලන කල කොච්චර වි පස්සෙන් හිනා වුනත් මේ චෝගම් සමුළුව නිසා මහත් වූ වාසි ලැබෙන්නේය . මම එයට ඉතා සිතින් සුභ පතමි
 .

පලි .
පොඩි එකාට කියලා දීලා තියෙන්නේ වැරදිච්ච තැන්  කුරුටු ගන්න එපා එක ඉරකින් කපා හරින්න කියලා .

02 November 2013

මිස්ට පෙරේරාගේ Halloween සිහිනය

මිස්ට පෙරේරා ජිවත් වන්නේ මේ රටේය .

චීනේම උනත් චීනේම  නොවන මෙහි , පවතින්නේ සේවා මුලික වූ ආර්ථිකයකි . ලෝකේ වටෙන්ම පැමිණි  මිනිස්සු මෙහි ජිවත් වෙති . එම නිසාම බහු සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි මෙහි බොහෝ රටවල සංස්කෘතික උත්සව සැමරේ , චීන  අලුත් අවුරුද්දේ සිට අනික් චීන උත්සව ප්‍රධානව , දීවාලි  , නත්තල් ,  වැනි සියලු උත්සව සැමරේ .

අමෙරිකාවෙන් පටන් ගෙන , ලොව පුරා පැතිර යන halloween ද මෙහි සැමරේ . පොඩි එවුන් එක එක විදියට ඇඳ  ගෙන ගෙයින් ගෙට රස කැවිලි හිඟා කති . වැඩිහිටියෝ දෙකක් දමා ගැනීමට තවත් එක හේතුවක් කර ගනිති . 

ගිය වසරේ මෙන්ම මේ වසරේද  පෙරේරා යුවලට මෙවැනි සාදයකට ආරාධනාවක් ලැබුණි . සාදය සංවිධානය කරන්නේ ලංකාවේ පවුල් දෙකකි . ගිය වසරේ ඔවුන් නොගියහ . මේ වසරේ නම් කෙසේ හෝ යා යුතු යයි ඔහුට සිත් විය 
මේ අදහස පෙරේරාගේ හිතේ ඇතිවී ටිකක් දවසකි . මැදිවියේ නිසාදෝ ඔහු ගේ සිතේ විකාර අදහස් නිතර මතු වේ 

වෙනදා මෙන්ම මාලිනි ඇඳටම උදේ තේ එක රැගෙන පැමිණියාය . 

"මාලිනි මේ අවුරුද්දේ අර පාටියට අපි යමුද?"

" අනේ මේ ලංකාවේ අපිට මොන හැලොවින්ද "

" එහෙනම් අර සංජය ලා යන්නේ "

" ඒ ගොල්ලෝ පිට රට ඉගනගත්ත  තරුණ ජෝඩුවක් . අපි ඒ වගේ නෙමෙයි නේ "

" එහෙම නෙමෙයි අපිත් මේ සැරේ යමු කොස්ටියුම් එකක් ඇඳ  ගෙන "

"මොකක් කිව්වා ..."

" ඔව් ඔව් කොස්ටුමේ එකක් ඇඳන් යන ඕනේ "

" නිකන් අවුරුදු උත්සවේ විකට ඇඳුම් තරඟ  වගේ , mid life crisis ද කොහෙද . ඔයාටත් හිතෙන දේවල් "

මම  උඩින් ලන්කට් එකක් ඇඳලා  සුපර් මෑ න්  වගේ යන්න හිතන් ඉන්නේ .

හා හා මරුවට තියෙයි ඔය බඩයි  හීනි  කකුලුයි එක්ක , සුපර් මෑ න්  නෙමෙයි ඉඳියි නිකන් ගජ මෑන්  වගේ 

(පෙරේරා කකුල සෙමින් අත  ගෑවේය , ඉපිල්ලිනු නහර ඇඟිලි තුඩට දැනිණි .)

එහෙනම් මම අර සාලේ ගහල තියෙන යක් මුණ ගැට ගහ ගෙන යනවා 

අර වෙසක් එකට ඔලු බක්කෝ නටනවා වගේ ?

( පන්සල් වත්තේ , බංකු  වේදිකාව , අන්නාසි කකා බලපු වෙසක් නාට්‍ය හිතේ දිග හැරිනි )

එහෙනම බෙඩ් ශීට් එකක් පොරවාගෙන හොල්මනක් වගේ වත් ? 

අනේ මේ පිස්සු නටන්න හදන්න එපා ගාමිණි

මාලිනි අවසන් තීරණය ප්‍රකාශයට පත් කළේය .


31 වනදා  රෑ  කෑමෙන් පසුව , මිස්ට පෙරේරා මහල් නිවාසයේ පහල එළිමහනට පැමිණියේ , දුම්වැටියක් දල්වා ගැනීමටය . 

එක පාරටම
 "good evening Mr Perera"
ඉබේම ඒ පැත්ත බැලුනි .

.....සිරස මිනි මකුටත්  ,
මුණ නයි පෙන තුනෙන් බබලත් ,
ඇස්  දෙක ගොපලු වෙත් ,
 දෙතොල රත්පැහැ  සුදුව නල දත් ,  

හූ කියාගෙන මහා ගරා සන්නිය ......

ඔහු හිත ගැස්සුනි , ඉබේටම වගේ "ඉතිපිසෝ භගවා ..." කියවෙන්න ආවේය 

"Hello Matilda , I could not recognise you at once . how are you ? nice costume "

"thanks ..what about you ? "

" No we are not going , have  fun "

"see you "

ඇය යන දෙස මදක් බලා සිටි ඔහු දුම් උගුරක් ඇද  , පෙනහල්ලේ තද කර ගත්තේය .

 පිලිපීන කෙල්ලෝ දෙන්නෙක්  ,  පොලිස් නිල ඇඳුමක් ද  නැතිනම් අබිසරු ලියක්දයි හරියට තෝරා  ගත නොහැකි ඇඳුමක් හැඳ  ,  රත්තරන් පැහැ හිසකේ ඇති පොඩි එවුන් දෙදෙනෙක් , pram එකේ දමා තල්ලු කරමින් නිතඹ නටවමින්  ඇවිදිත් . ඔවුන්ගේ සැමියන් දෙදෙනා පිටුපසින් ගමන් කරති . ඔවුන් කොකෙසියානුවන්ය .  බැල්මට අඩුම ගණනේ බිරියන්ට වඩා  අවුරුදු විස්සක්, තිහක් වත් වැඩිමල් ය . (ඔව් නාකි සුද්දෝ දෙන්නෙක් ) . 

ටොක්  ටොක්  ටොක්  සපත්තු හඬ අස්සෙන් ඇන්ටන් ජෝන්ස් ගේ හඬ මතුවේ 

සල්ලි දීලා  ගවුම මැහුවේ  ඇඳ  ගෙන යන්න 
අල්ලි  දෙකක් වත් දුර බැහැ  අඩිය තියන්න ....

මේක halloween නෙමෙයි , හෙළුවෙන් .... තමාටම මුමුනාගත් පෙරේරා  සිගරට් කොටය කුණු බක්කියේ පියනට තද කර නිවා දැමීය  . ගිලිහුණු රත් පැහැ පුලුඟක් සුළඟට ගසා ගෙන ගියේය .

____________________________________________________________________

පලි :

එක පැත්තකින් පොෂ් වීමේ උන්මාදයෙන් පෙළෙන ලාංකික මැද  පන්තියේ අපි .
 අනෙක් අතින් ඉගනීමට , රාජකාරියට නොරට ගොස් විශ්ව ගම්මාන සස්කෘතියක අතරමන් වී  ඒ තුල අපේ කම හොයා ගන්න  .  ඇස් දෙක වගේ එය රැක  ගන්න යත්න දරන අපි .

මේ halloween ලෙඩේ (?) කොළඹත් පැතිරෙන  බවක් මුහුණු පොතෙන් පෙනෙන්නේ . 







31 October 2013

SORRY තමයි


වැඩිහිටියන්ට වඳින්න , වැඩිහිටියෙක් දුටුවිට අසුනින් නැගිටින්න වගේ පොඩි කාලේ කියලා දෙන ගොඩේ සිරිත් විරිත් ටික කාලෙකින් පුරුද්දෙන් හැලුනත්.... excuse me , sorry , please කීම , කෝප්පයේ අඩියේ manners ටිකක් ඉතිරි කිරීම වගේ පොෂ් ඒවා නම්, පාවිච්චි කලා නොකලා , හිත්  වල ලියවී තියෙනවා  

වරදක් උනොත් එයට සමාව ඉල්ලීමත්  , පොඩි කාලෙම උගන්වන දෙයක් නේ . ඒත්  සමාව ඉල්ලිමේත් නෙක ක්‍රම තියෙනවා  .  විස්තරේ දිගට නොලියා , පොඩි කතා තුනක් ලියන්නම් පසු සටහනුත් එක්ක 


සොරි සිරි 

පලවෙනි කතාව ඉස්සර මා සේවය කල කාර්යාලයේ සිටි කා කා ස කෙනෙක් ගැන , යන්තන් බඩට ඇන්නොත් කිචි කැවෙන  , එවිට සම්භාව්‍ය  වදන් මුවින් නිරායාසයෙන් පිට වෙන ඔහුට ම අපි කියමු සිරි කියා .

ඔහුට තිබුන පුරුද්දක් නිකරුනේ sorry කියවෙන . හැමදාම වගේ ඇසුණු දෙබස් ඇසුරෙන් මෙහෙම තව දුරටත් විස්තර කරන්නම් 
අපි හිතමු  සිරි යනවා කියලා ඡයා පිටපතක් ගන්න (ඒ කිව්වේ ෆොටෝ කොපියක් ගහන්න ). ඉස්සරහට හම්බු වෙනවා රොෂෙල් මිස් . මුණ පාට කරලා , යටට ඇඳලා  කොටට , උඩට ඇඳලා  තදට .(මේවා දැකලා  අපි කොහොමද නිවන් දකින්නේ ?) 

ඔන්න සිරි පටන් ගන්නවා  

sorry මිස් ෆොටෝ කොපියක් ගහන්න ආවේ 

හරි සිරි ගන්න 
 ( පියන ඇර  මුල් පිටපත විදුරුව මත තබා , වසන්නට යත්ම පියන අත  හරි දඩස් ගා හඬ නගමින් පතිත වේ .)
sorry ( ෆොටෝ කොපි යන්ත්‍රයට )
(පිටපත් මුද්‍රණය වෙන කන් ඔහු හොරෙන් රොෂෙල් මිස් ගේ නිරාවරන වූ කලවා  දෙස බලන්නට ගොස් , ඇගේ  නෙත ගැටේ . අතේ මාට්ටුය  )

sorry මිස් , ලාල් නිවාඩු ද  

I don't know සිරි 

පිටපත් ගෙන අවසානයේ ඔහු යන්නට සැරසේ 
sorry මිස් මම ගිහින් එන්නම් 
සිරි මම කියලා තියෙනවනේ හැම තිස්සෙම sorry කියන්න එපා කියලා 
sorry මිස් 
(ඔහු කලබලේට පුටුවක හැපෙයි)
 (පුටුව දෙසට හරි )
sorry

රොෂෙල් මිස් සිනාසේ 

ඉස්සර අපේ දෝනිට , අගේ මව හැම විටම කියලා දෙනවා sorry කියන්න , please කියන්න (අපි වගේ නෙමෙයි , පොඩි එවුන් අපිට වඩා පොෂ් වෙන්න එපා යැ ). එතකොට මට මතකෙට එනවා සිරි ව .

(එකෙත් හැටි ඉස්සර එහෙම කරපු අපි , දැන් උනන්දු වෙන්නේ සිංහල සිරිත් උගන්වන්න ).

දැන් නම් අපේ ගෙදර එහෙම manners  උගන්වන වයසේ කවුරුත් නෑ  . ඒත්  කොහේදී හරි පොඩි එකෙකුට sorry කියන්න කියනවා ඇහුණාම , හිතේ කොනක ඉඳන් සිරි අහිංසක විදියට හිනා වෙනවා .




හොරාට  කලින් කැන 

දවසක් මගේ බොස් මාව  කාමරයට කතා කරලා මෙහෙම කියනවා
“ I am sorry for what I am going to say to you  …”
මෙන්න බොලේ මේ මනුස්සයා සමාව ඉල්ලනවා කරන්න යන වරදකට .

වැරදි , ඒ කියන්නේ වැරදිලා වෙන දේවල් වලට එහෙම කලින් සමාව ඉල්ලන්න පුලුවන්ද ?
එහෙම නම් නොකර ඉන්න එකනේ තියෙන්නේ . නොකළ වරදකට සමාව ඉල්ලීම කෙතරම් logicalද ? 


ඊලඟ   කතාවට පෙර අපි මියුරු ගීතයක් රස විඳිමු . ඔබේ දයාබර ගායක (නෑ  නෑ  ඒ  දයා නෙමෙයි ) දන්චන ආරච්චිලියන ගයන මේ ගීතයට එක් වන්නේ කාංචනා නිවැරදි , රිකිල්ලගස්කඩින් 


නැවතත් කතාවට 

වරදක් කලත් 

මේක නම මට ඇහුනේ රුපවාහිනි නාලිකාවක දේශපාලන සාකච්චාවක (ඔය තියෙන්නේ අකුරු තුනේ හතරේ ඒවා වැහි වැහැල ). මේ අයුරින්ම නොවුනත් , අදහස නම් මෙයමයි 

"....පසු ගිය කාලේ අපේ පක්ෂයෙන් සුළු සුළු වැරදි වුනා . සුළු සුළු මිනි මැරුම් , සුළු අපයෝජන , සුළු සුළු දුෂණ . අපි ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා ..හැබැයි මම කියන්න ඕනේ මේ වගේ දේවල් හෙටත් කා අතිනුත් වෙන්න පුළුවන් ...."

මට එක පාරටම මතක් උනේ , දවසක් 
කික් කික් කික් කික් ගාගෙන නොනවත්වා නලාව නාද කරමින් පිටිපස්සෙන් ආපු ත්‍රී  විලරය , රුං  ගා ගෙන මා රිය පසු කලේ වෙට්ටුවකුත් දමා ගෙන .
එහි රියදුරු මහතා හිස එලියට දමා ඉතා කාරුණික වදනින් මා මෑණියන් ගේ ගුණ සිහි කලා . ඉගිලී යන ත්‍රි රෝද රථයේ පිටුපස ලිය තිබුනා මෙහෙම 

"වරදක් කලත් හිතකින් නොවේ "

28 October 2013

පිස්සු ලාබයි 5- අං common theme

(උපැස් යුවලක් පැළඳ  ගත් , නපුරු ටීචර් කෙනෙක් මෙන් ඔරවා ගෙන සිටින යුවතියක් තිරයේ දිස්වේ)

ආයුබෝවන් ..  අද  සුපුරුදු පරිදි සඳුදා , ඔබ එක වන්නේ තුන්සිය...
(මෙහෙයුම් මැදිරියෙන් , ear piece එක හරහා..."හෝව් හෝව් නංගි ....මාරු කර ගන්න එපා ප්‍රෝග්‍රෑම් එක ..)

සමාවෙන්න , පිස්සු ලාබයි වැඩසටහන සමගින් ...
(ව්‍යාපාර ලෝකයේ ඩෙවිල්  එක ටිකි ටිකි ටිකි ටිකි යතුරු ලියනයක අකුරු වැදෙන  හඬින්  තිරයේ  දිස්වේ ,)

 ඔබේ දයාබර නිවේදක හසන්ත මේ දවස් වල පොඩ්ඩක් හැංගිලා ...සමාවෙන්න , කාර්ය බහුලතාවය නිසා වැඩසටහනට එන්න නොහැකි වී තියෙනවා .....


අද අපේ වැඩ සටහන සමග එක්වන්නේ  තවත් ව්‍යාපාරිකයෙක් . ඔහු අලුත් ම ආරේක ව්‍යාපාරයක් කරන්නෙක් . අපි ඔහුගෙන්ම දැන  ගනිමු ඔහුගේ ව්‍යාපාරය ගැන .
( මෙ මැ : හෝව් හෝව් නංගි  මේක නන්  ස්ටොප් බයිලා නෙමෙයි වචන කඩලා හුස්ම අරන් කතා කරන්න . අනික ඔරවාගෙන ඉන්න එපා ..)

ඔහු නමින් කලාබර දිරියබාහු . ආයුබෝවන් කියලා  පිලිගන්නවා ඔබව
(රුප රාමුව පුළුල් නළලක් ඇති ඔහුගේ සමීප රූපයකට යොමුවෙත්ම , ගීතයක් වාදනය වෙන්න පටන් ගනී )

"ටික වේ න්න නාලා , කොන් ඩේ  කඩා ගෙන , එනවද සුරතලියේ  ඒ ඒ ඒ  .."

මෙ මැ : "cut the sound .  පොඩ්ඩක් ඉන්න technical issue  එකක් sound track මාරු උනා "
(දැන්වීම් තුනකින් පසුව නැවත වැඩසටහනට යොමුවේ )

ඔබ නැවතත් මේ එක්ව සිටින්නේ තුන්සිය , සමාවෙන්න පිස්සු ලාබයි වැඩසටහන් සමගින්

 ඉතින් දිරියබාහු  මහතා , ඔබ අද සාර්ථක ව්‍යාපාරිකයෙක් . කියන්න බලන්න ඔබේ ආරම්භය  ගැන

දිබා  : මම මුලින් ගීත රචකයෙක් , කළා කරුවෙක් . ඊට පස්සේ පොඩි මාර්කටින් වැඩ කළා .පසු ගිය යුධ සමයේ , මම එකතු උනා  අපේ ජ ..

 (නැවතත් හඬ මැකී ගොස් ගීතයක කොටසක් වාදනය වේ ....
පාආආආ ලා අනග රැඟුම් , රාආආආ ජා සමග ඉතින් , ඉන්නට ලැබෙන එකත්, පෙරකළ පිනකි උතුම් .....)

මෙමැ ; අයෙත් track පැන්නා ,  හරි දැන් continue

සමාවෙන්න මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතන නොසිටින අයගේ නම් ගම් කීමෙන් වලකින්න කියලා

ආ ඒකත්  එහෙමද ...එහෙමනම් මම එකතු උනා කෙනෙක් ගේ දෑත  ශක්තිමත් කරන්න .

මාර්කටින් වැඩ කිව්වේ , වෙළඳ ප්‍රචාරණය පැත්තෙන් ?

නෑ නෑ  ...මේ කඩේ යනවාටත් කියන්නේ මාර්කටිං  කියලා නේද ?

ඔව් එහෙමත් කියනවා . හරි, ඔබ දැන් ඔබේ සහජ හැකියාව සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගෙන සිටින්නේ ....කියන්න ඒ ගැන :

මට තේරුම් ගියා ලංකාවේ තේමා  ගීත හරියට අවශ්‍ය වෙනවා කියලා ඉතින් මම ආයතනයක් පටන් ගත්තා  තේමා ගීත ගැන ඉස්‌පෙශල්යිස් ... අං කොමන් තීම්ස් තමයි ඒ ආයතනයේ නම ...

ඔබ ආයතනය කරන්නේ තේමා  ගීත පද රචනය විතරක්ද

නෑ නෑ . පදරචනය , ගායනය , රූප රාමු ඔක්කොම කරනවා . එන්ඩ් ටු එන්ඩ් ප්‍රොඩක්ශන් .

පොඩ්ඩක් විස්තර කරන්න එය

ඒක විස්තර කරනවානං ....

සමාවෙන්න , මදකට  ඔබට බාධා කරනවා , දවසේ පුවත අහල එන්න ...

(මදකට පසු)
අපි නැවතත් එක් වෙනවා වැඩසටහන සමගින්  ..නැවතත් ඔබේ පිළිතුරට , ඔව් කියන්න

කියන්න ඉස්සෙල්ලා , ආයි  කොහේ හරි යන්න තියෙනවද ?

කොහේද , කාටද?

නෑ මං කිව්වේ .....ලැට් එකට , වතුර ටිකක් බොන්න එහෙම, යන්න තියෙනවානම්  එහෙම ගිහිල්ලම එන්න කියලා එක පාර  ...

නෑ නෑ  ඔබ කියන්න

මෙහෙමයි ඔය හැම සින්දුවකම තියෙන්නේ එකම වචන සෙට් එකනේ .ඉතින් ඒවා එහාට මෙහාට ඔබ්බලා ..අපි හදනවා අලුත් සින්දු ..රුප රචනා ගත්තත්  එහෙමයි ..

නියරක් දිගේ යන පොඩි එවුන් ..මුහුදු වෙරළ ...ලයිට් හවුස් එකක් ...උඩරට නැට්ටුවෙක් .. හිනා වෙන ගෑනු ළමයි . ඔය හැම එකේම තියෙන්නේ එකම වගේ ඒවානේ 

ඇත්තමයි ..ඉතින් කියන්න ඔබ මොනවද කරපු නව නිර්මාණ

අපි කලා අර ළඟදී තියෙන රූං  පෙත්තේ සමුළුවට
"රූං  පෙත්ත කැරකෙනවා, කෝම්  පිට්ටු ඉදිවෙනවා , මාමා උඹට සුරංගනා  කතා කියනවා "  කියලා ගීතයක් . එය නිතරම ප්‍රචාරය උනා . ඔබට ඇසෙන්න ඇති එය මම හිතන්නේ 


 පස්සේ අපි කළා මේ වැසිකිලි දස දහසේ "නිදහස් බොග දැමුම"  වැඩසටහනට තේමා ගීතයක් හැටියට
 " තටමන්න නිදහසේ " කියලා ගීයක්  . ඒකත්  ඔබට ලඟදීම  ඇහෙන්න ලැබෙයි .


කතා කරන්න බොහෝ දේ තිබුනත්  අවාසනාවකට වගේ  අපට ලැබී තියෙන කාල සීමාව අවසන් වේ ගෙන යනවා . පළමුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහබාගි වීමට පැමිණියාට .

අනේ ඔබතුමියටත්  , මේ කරගත් කුසළ  කර්මයෙන් මතු උපදින භවයක්  භවයක් පාසා වාසනාවන්ත ජීවිතයක්  ළමා ගන්නවා  ..කාලෙකින් රුපවාහිනි කැමරාවක් ඉස්සෙරහට ආවේ අප්පා  ...වැඩිය කවුරුත් කතාකරන්නේ වත් නෑ  දැන්

ඉතින් එහෙනම් වැඩසටහන අවසන් කරන්න , අපි ආරාධනා කරනවා ඔබට ගීතයක කොටසක් ගායන කරන්න කියලා

මම එහෙනම් මම රචනා කරපු ,  "පාර වහමු ..රේස් පදිමු" වැඩසටහනේ  තේමා  ගීතයෙන් කොටසක් කියන්නම්  ... 

"තා ර දමාලා  , මග ලෙළ දෙනවා , දිලිසි දිලිසි       නංගෝ
පා ර වසාගෙන රේස් පදිමු අපි , හඳ පානේ නංගෝ

පෝෂ්‍ ලම්බෝගිනි  ෆිරාරී
දැක දුරුවේ අපේ බඩගිනී

පා ර වසාගෙන රේස් පදිමු අපි , හඳ පානේ නංගෝ "

 (තිරය කෙමෙන් අඳුරුවී , නාමාවලිය දිග හැරේ )



27 October 2013

Almost හයිකු

සිතක පරිමාව 
තල්මසුන් , ඇතුන් රෑන්  සැරූ
මහා මුහුදු හතකින් පිරි , කඳුළු බිඳකටත්  ඉඩ  තිබු
මගේ හිත
අද
පිටාර ගලයි , නෙත් කොනින්,

අසු කශේරුව බිඳලූ පිදුරු ගස.



At the war memorial
A dark skinned woman

in a placid drape
runs her finger through a line of letters
feeling the scars on the well polished dark slab of granite
....died in service (then a full stop) 

the finger ponders there 


නාමපද හෙවත් මිරිඟුව 
සතුට යනු ක්‍රියා පදයකි 
විරහව මෙන්ම 
ජීවිතය , ආදරය 
ඔබ , මම 
ක්‍රියාපද , මේ හැම  

... කෝ එතකොට නාම පද ?



My self
That was the subject
of the first ever essay I wrote

After a life time of research
I will re write it











20 October 2013

රූන් පෙති සමුළුවට සුභ පැතුම් // best wishes for the CHOGM summit

ඔන්න වැඩේ පටන් ගන්නවලු  කොළඹ .

කැනඩාව , ඉන්දියාව නාවට අපට කම් නැත , නාකි කුමාරයෙක් එන්නේය එංගලන්තයෙන් . (කුමාරයෙක් කිව්වට මොකෝ  මෑන් සීයා  කෙනෙක් නේ .)

රුන් පෙති ගහලා වටරවුම්වල ...අලුත් පාරක් හදලා , පිට පාරෙන්ම එන්න කට්ටියට .

(පෞද්ගලිකව,  මේ මැරිලා , දිරාගිය අධිරාජ්‍යයක මල මිනිය තවම ගෙදර තියාගෙන , මොකක් සමරනවද කියලා මට නම් ප්‍රශ්නයක් ....අපි වගේ නෙමෙයි දන්නා කියන කට්ටියනේ ඕවා තීරණය කරන්නේ , මොකක් හරි ඇති ...හැබැයි පොදු කිව්වට , තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා වලට  මුල් තැන කියලයි පෙනෙන්නේ නම් )

හැම දේකටම  තේමා ගීතයක් හදන අපේ රටේ , මේකටත් හැදිලා තේමා ගීතයක් . සුපුරුදු රූප  රාමු recycle සයිකල්  කරලා .(දෑත ශක්තිමත් කරන්න ගිය කලා බර කට්ටියට ඉතින් වැඩක් තියෙන්නත් එපා යැ )

සින්දුව නරක නෑ ....හැබැයි , මම යෝජනා කරනවා මෙන්න මේ  ගීතය , අර රූන්  පෙති theme එකත් එක්ක ගලපලා ....
(තාලය අර දයාරත්න රණතුංගයන්ගේ පරණ පුරුදු ගීතයේ එකම තමයි)



රූන් පෙත්ත කැරකෙනවා
කෝම් පිට්ටු ඉදිවෙනවා
ලොකු මාමා  අපිට
සුරංගනා කතා කියනවා

රූන් පෙත්ත කැරකෙනවා
කෝම් පිට්ටු ඉදිවෙනවා
කොළඹ වටේ කාර් රේස්
රෑට පැදෙනවා

පුංචි පුතේ දැන් දැන් නම් අපේ හිතුත් වෙනස් වෙලා
යුද්දේ ඉවර කාලේ වගේ
සාටකයක් දැකපු සැනේ
ජාතික ආලෙන් හර්දය  පිරී  යන්නේ නෑ
චන්ඩි කථා වලට  එච්චර   චූන් වෙන්නේ නෑ

රූන් පෙත්ත කැරකෙනවා //

සාටකයක් කරේ දමන්  , මැතිවරණයේ කාලේ වගේ
දැන් මාමා  වුනත්
දෙකට නැමී බිම ඉඹින්නේ නෑ
මූන් එක්ක පිල්ලේ එක්ක එච්චර ගේමට යන් නෑ

රූන් පෙත්ත කැරකෙනවා //





19 October 2013

ඉගිලෙන්න අමතක වීම // forgetting to fly

(ඔක්කොම ඉවර උනාට පස්සේ මමයි , මගේ හිතයි දොඩමළු උනා )

ඌ ඉගිල්ලිලා ගියා නේද ?

හ්ම්

රන් කූඩූවේ  දාලා , රස ආහාර කවලා ..අහල නැද්ද ?

ඒ උනාට කපුටෝ කොටලා බිම වැටිලා ඉඳිද්දී , ගෙනත් තුවාලවලට බෙහෙත් දැම්මේ මම . අත්තටු පණ  එනකන් කූඩුවේ  ආරක්ෂාව ඕනේ උනා ..උඹ නෑ  කියනවද ..

කොහෙක් ව කුඩුවේ ඇති කරන්න බෑ ...මම උඹට කොච්චර කිව්වද 

උඹ කියන දේවල් සමහර වෙලාවට මම පිළිගන්න කැමති නෑ , උඹම දන්නවා ඒ බව

හ්ම්.  උඹ කරපු දේ හරි . you did the right thing ..හැබැයි 

හැබැයි?

සාත්තුව වෙලාවට නවත්තන්න ඕනේ ..වෙලාවට උන්ට යන්න දෙන්න ඕනේ පියාඹලා ..නැත්නම් they forget how to fly උන්ට ඉගිලෙන්න අමතක වෙනවා ....

හ්ම්ම් ......

(වතුර වීදුරුවකට , තීන්ත පෑනේ  තුඩ දමා මවන රටා  මෙන් පැතිරේ නිහඬතාවය...)

මොකද උඹ සද්ද නැත්තේ ...මොකක්ද උඹ දැන් ඔය අමුණන , හිතුවිලි මාලය

සමන්තිකා ...

ඔව් මොකද එකී ට වෙලා තියෙන්නේ

එකිගේත් පිහාටු වල තුවාල හොඳ වෙලා ............




පලි :
පාදක උන ඇත්තම කතාව නම් ...අපි පුංචි කාලේ කපුටෝ  කොටලා බිම වැටිච්ච කොහා පැටියෙක් බේරා ගත්තෙමු ... ඌට ලාවුලු කෙසෙල් කවමින් මාස කීපයක් ඇතිකලෙමු . ඇත්තට කියනවානම් ඌට ඉගිලෙන්නටත් පුරුදු කරන්නට උත්සාහ කළෙමු . දිනක් අපි ඌව නිදහස්  කළෙමු ...පේර ගහට ඉගිලී ගිය ඌ අපි දිහා බලා ඉඳ , තාප්පය උඩට ඉගිලුනේය ....පැනපු ගමන් ...කිටීගේ  දඩයම සාර්ථක විය

නිදහස ආකර්ශනීයයි ..එහෙත් විටෙක මරු කැඳවයි

ps:

When  I was about 10 years old we found a Koha chick pecked almost to death by the adopted parents . We took it home and raised it. After many kilo's of fruit and 2 months later he was all grown up.

Freeing it was the right thing to do ...It flew to the Guava tree , then on to the parapet wall , to end it's new found freedom as yet another trophy for the greatest hunter of our backyard ...Kitty , the cat .

Freedom is attractive , yet deadly



17 October 2013

අලි පෙරහැර























මෙතෙක් කථාව  :
වාර්ෂිකව ගමේ පැවැත්වෙන අලි පෙරහැර , මෙවර නොපැවැත්වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වන බවට ආරංචිය ලැව්  ගින්නක් සේ පැතිර ගියේ ගිය සතියේය . අලි පෙරහැරෙන්  තඹ දොයිතුවක ලාබ  ප්‍රයෝජනයක් අපිට නොලැබුනත් මෙය අලි ආරංචියකි . අපිට හප හපා සිටීමට මාතෘකාවකි .

අද එතැන් සිට :
හිමිදිරියේ පුරුදු පරිදි පාන් ගෙඩියක් ගෙනයාමට , බනිසක් කෑමට , පත්තරය බලා තේ කහට එකක් බීමට  හන්දියේ කඩයට රැස්වූ කට්ටිය මේ මාතෘකාව දිග හැර ගෙන , රෝග නිධානය , රෝගයට ප්‍රතිකාර හා වටේ ගොඩේ අනෙක් දේ කතා කරමින් සිටින විට එතනට අප්පුහාමි මාමා පැමිණියේය .

අප්පුහාමි වූ කලි ප්‍රසිද්ධ ඇත්  ගොව්වෙකි . අලි මන්තර කොටි මන්තර දත්තෙකි . කොටින්ම කියනවානම් ගමේ අලි පෙරහරේ කරඬුව ගෙනයන "චාමිකර" හස්ති රාජයාව මග දක්කා  ගෙන යන්නේ ඔහුය

"මුදලාලි ගමුකො වැඩි සීනි  ප්ලේන්ටීයක්   කුරහන් හැලපයකුත් එක්ක " කියමින් ඔහුද පේර  ගහ යට බැංකුවේ වාඩි  විය .

එතැන් සිට සිදුවූ කතා බහ එයුරින්ම පහත දක්වමි

සයිමා ( රැකියාව : දහවලට ඉඳ හිට කුලී වැඩ , රාත්‍රියට සුළු සුළු හොරකම්):  " ඈ මාමේ මොකෝ බං මේ අලි කලබලේ ?"

අප්පුහාමි : "
මෙහෙමයි , ඔය සුජිත් පුතා අලි නාම්බා ඉන්නවා නේද . උඋත් එක්ක හරි කරදරේ . හස්ති රාජයාගේ පිටේ කරඬුව තියෙනවා පේන්න  බෑ  ඇවිත් උගේ ඇඳුමෙන් අදිනවා . තල්ලු කරනවා ..කරඬුව වට්ටන්න හදනවා "


සයිමා ;  "ඉතින් බං  ඌත් කැමති ඇති ඕක  පිට උඩ  තියන් ගෙනියන්න"

අප්පුහාමි :  "ඌට  ඕනේ නම් ඒක  තමයි . ඒත්  එහෙම ආවට ගියාට කරඬුව පිටේ තියන්න පුළුවන් යෑ . සද්දන්ත කුලේ වෙන්න එපා යෑ . හත් තැනක් බිම ගැවෙන්න ඕනේ . කකුල් හතර , හොඩවැල , වලිගය ..
හත් තැනක් .. තේරුනාද සෙනෙහෙ ලතෝ   ?"

අප්පුහාමි සෙනෙහෙලතා දෙස බලා ඇසක් ගැසීය

සෙනෙහෙලතා  (පොත්ත රතු , පිරුණු හැට්ටය , විවාහක ...ඒත් ) : "අනේ මේ යන්න අප්පුහාමි මාමේ යන්න""
ඇය ගස්සාගෙන ඉවතට ගියාය .

උන්ගුවා (කඩේ මුදලාලිගේ බාල කොලු ) කලිසම් කොටය ඔසවමින්
" ඒ උනාට සීයේ   ඒ මහ ඇතා නිකං  ඇතින්න වගේනේ ඇවිදින්නෙත් ඇඹරි ඇඹරි , හිටගන්නෙත් අපේ ලතා අක්කා වගේ "


අප්පුහාමි : වහ කට .. පළ යන්න .. උඹේ පොඩිකමට නෙමෙයි කතන්දර ..පොලවේ ගෑවුම්  නොගෑවුම්  පැත්තකින් තිබ්බ..එහෙම ඇවිද්දට  ඌ සද්දන්ත කුලේ ..

ලැයිසා (පාන් බාගයක් හා කිරිපිටි හැඳි තුනක් ගැනීමට කඩයට ගොඩවූ ) :
ඒ වුනාට ඌ නාකියි නේ මාමේ . ඉතින් අලුත් සතෙක් පිටේ තිබ්බට කමක් නෑනේ පුරුදු වෙන්නත් එක්ක 

අප්පුහාමි : මේ දැරිවි කියන එකේ ඇත්තක්  තියෙනවා . එත් වැඩේ තියෙන්නේ , කරඬුව පිට උද තියන්න හදනකොට අර නාම්බා දුවනවා නේ ගාල කඩාගෙන , කහඹිලියා ගෑවුනා වගේ ..ඉතින් කොහොමෙයි ඒක  කරන්නේ 

සයිමා  : මාමේ එහෙනම් වෙන්නේ අර පන්සලේ හාමුදුරුවෝ කිව්වා වගේ කරඬුව කරත්තෙක තියලා අලි ඔක්කොම බැඳලා  අදින්න "

ලැයිසා ; අනේ අපේ හාමුදුරුවෝ දන්න  අලි පෙරහැරවල් 

උන්ගුවා ' මාමේ මාමේ , නැන්දේ , සීයේ  අර දෙහිවල සත්තු වත්තේ හවස අලි නැටුම් වගේ , අලි ඔක්කොටම වලිග අල්ලාගෙන වටේට වටේට යන්න කිව්වා නම් , හැමෝම සතුටුයි , හැමෝටම හිතෙයි මගේ පස්සේ තමයි අනිත් අලි එන්නේ කියලා..." 

සයිමා : හැහ්  හැහ්  හැහ්   පොඩි එකා ටත් යමක් කමක් තේරෙනවා ..

අප්පුහාමි කිසිවක් නොකියා නැගිට කෝප්පයේ අවසන් තේ උගුර කටට හලා ගත්තේය . හැමදාම කරේ ඇති ගුරු පාට තුවා කෑල්ලෙන් රැවුල පිහිදා ගත්තේය

"අනේ මන්දා  මෙහෙම ගියොත් ඉතින් අප්පුහාමි මාමට තමයි කරඬුව ඔලුව උඩ  තියන් ගෙනියන්න 
වෙන්නේ "
ලැයිසා කිවේ පාන් බාගයත්  ,කිරිපිටි ගොට්ටත් මල්ලට ඔබා ගනිමිනි .

"අම්මප මට හිතුනොත් කොල්ලෝ ටිකකට අලි සුට් අන්දලා කරනවා මේ පෙරහැර ... ඕන් "

ඔහු රැවුල පිරිමදිමින් තුවාය  කරේ දමා ගත්තේය .



පලි: 

පෙරහරේ අලි ගියාට හෙන්ඩුව ඇත්තේ ඇත් ගොව්වා අතේය. මෙය පෙරහැර බලන අපිටද , පෙරහරේ යන අලින්ටද විටක අමතක වේ .

දවල්වම ගොස් හොඳ ඉස්පොට් එකක් අල්ලා ගෙන , රෑ  නිදි මරාගෙන පෙරහැරවල් බලන්නේ ඇයිදැයි හරියටම කිසිවෙකුට නොතේරේ . පෙරහරට පෙර සහ පසු,  අලින්ට නම් කන්නට කිතුල් බඩ  සහ පලතුරු ලැබේ 

එනමුදු පෙරහැරට  අලි උවමනාමය ..නැතිනම් එය අර මොකක්ද එකක්  නැති මෙව්වා එකක් වාගේ වන්නේය