27 December 2013

අනුන්ගේ ලියුම

මම ගිය සතියේ කොළඹ ගියා කෙටි නිවාඩුවකට .  උදේ නැගිටලා රෝස් පානුයි , පරිප්පුයි බඩ  පිරෙන්න කාලා , හාන්සි පුටුවේ ඇල  වෙලා ප්ලේන්ටියක් රස විඳිමින් මනෝ ලෝකයේ පොඩ්ඩක් ඇවිදින්න ගත්තා  විතරයි 

"ලොකු පුතේ , මෙන්න මේ ලියුම් කාරයා වෙන කාගේද ලියුමක් අපේ පෙට්ටියට දාලා ගිහින් . මමත් බලන්නේ නැතුව කැඩුවා . කවරෙත් කොහේ හරි තිබ්බා දැන් හොයා ගන්න බෑ "

" කෝ බලමු "

අම්මා ලියුම මා අතේ තබා ගෙතුලට යන තුරු සිටි මම , ලියුම් කරදාසිය දිග හැරියේ එහි වතගොත ගැන කුතුහලයෙනි . අනුන්ගේ ලියුම් කියවීම නරක පුරුද්දක් වුනත්, මම ලියුම කියවන්නට ගත්තේ ඉබේටම වගේ .


හිතවත් මහින්ද අයියා වෙත සාදරයෙන් ලියමි 

ඇවිත් ගියා ගියාමයි , මුගෙන් සද්දයක් වත් නෑ කියලා අයියා  හිතන්න ඇති . 

ගෙදර ගියාම හරියට එක එක වැඩ නිසා ලියුමක් වත්  එවන්න බැරි උනාට  සමාවෙන්න . අපේ කැමිලාවතීටත් පිට කොන්දේ ඇවිලිල්ලක් ඇවිත් පහුගිය දවස් වල මට හරි කරදරේ ය . වාත තෙල් ගාන්න , තවන්න ඔක්කොම කරන්න ඕනේ මම නෙව ඉතින් .  විලියොන් ගේ පොඩි කොල්ලත් හරි හුරතල්, උන් දෙන්නත් කොහේ හරි යනකොට පොඩි එකා  බලාගන්න දාලා  යන්නේ අපිට  . ඒ දවස් වලනම් අපිට අතට පයට ආවතේව කාරයෝ හිටියට , දැන් නම් ආණ්ඩුවේ දෙන පඩියෙන් තමා ජිවත් වෙන්නේ . අයියලාටනම් ඉතින් එහෙම කරදරයක් නෑනේ ඉතින් . පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට ඉතින් සින්නක්කරේටම ලියා ගෙන නේ .

මගේ හෙම්බිරිස්ස ගතියත් දැන් අඩුයි . අර නටපු කෙල්ලෝ දිහා බලා ඉඳලා හැදුන  බෙල්ල උල්ලුකුවත්  දැන් අඩුයි . මම දැන් ශ්‍රී ලංකාවේ චැනල් බලනවා නෙට් එකෙන් . එතකොට මම දැක්කා , ඔහේ කට්ටියත් දැන් හරි හරියට , අර මම ගහ ගෙන හිටියා වගේ ලේන්සුවක් ගහනවා උඩ  සාක්කුවේ . .  ඔන්න මම නම් දැන් අයියා වගේ සාටකයක් දාන්න ගත්ත කරේ. ඒකෙන්  නහය විතරක් නෙමෙයි ඕන දෙයක් වහන්න පුළුවන් . 

අයියේ කොළඹදී අපිට සලකපු හැටියට අයියා බුදු වෙන්න ඕනෑ . අර කුරහන් තලප රස නම් හරිම ඇබ්බැහි ශිලියි . එක පාරක් කෑවොත් අබින් කෑවා  වගේය .
ඒත්  කැමිලවතී මට ගෙද‍ර  ගියාම දොස් කීවා  ඒ මිනිස්සුන්ට කරදර කළා කියලා ගම්  බිත්තර හොයන්න . අයියා  දන්නවනේ  මම ඉතින්  විහිලු කාරයා  නෙව . ඉඳලා  හිටලා  බයිට් එකට ගන්නවනේ මිනිස්සුන්ව . අනික අර උදේට හොරෙන් දා ගත්ත ෂොට් එක ගැනත් මුන් පත්තරේට ලියලනේ . ... මම නෝනාව ශේප් කර ගත්තේ බොහොම අමාරුවෙන් .

දැනට නවතින්නම් . අක්කාටත්  ඉලන්දාරියෝ තුන් දෙනාටත්  දෙවි පිහිටයි .

මෙයට චාර්ලිස් ( කුමාරසිරි )

පලි : කුරහන් කෑවට  පස්සේ මට හිතෙනවා මම දැන් කුමාරයෙක්  නෙමෙයි ගමේ කොල්ලෙක්  කියලා 



පලි : අනුන්ගේ ලියුම් කියවීම වරදකි . ඒවා බ්ලොග් එකක පල කිරීම ඊටත් වඩා  වරදකි . හැබැයි ඔබට දැන් මට දොස් කියන්නට නොහැකිය , දැන්  ඔබද ඒ ලියුම කියවා ඇත .

16 comments:

  1. //අපේ කැමිලාවතීටත් පිට කොන්දේ ඇවිලිල්ලක් ඇවිත් පහුගිය දවස් වල මට හරි කරදරේ ය . වාත තෙල් ගාන්න , තවන්න ඔක්කොම කරන්න ඕනේ මම නෙව ඉතින් . //

    අපරාදේ කියන්ට බෑ. හොඳ මහත්තයෙක්.

    පලිය නම් නියමයි...හී හී...

    ReplyDelete
    Replies
    1. අපේ වාත වලට ඉතින් අපිම තෙල් ගාගන්න එපායැ.

      Delete
  2. අඩේ මේකා ඇවිත් ගියා කියන එකත් දැන් අමතකයි. අපරාදේ අර දවස් වල වෙච්ච මහන්සිය

    ReplyDelete
  3. මේක කියෙව්වේ ඇඳේ ඉඳන්. එක පාරට මට හිනා ගිය පාරට තේ එකත් හැලුනා.
    ඇත්තටම කුමාරසිරි හෙට අනිද්දට මහින්ද අයියට මේවගේ ලියුමක් විතරක් නෙමෙයි අර අයිතියෙන් ගැලවිච්ච ඉඩම් කෑල්ලක්වත් ඉල්ලාගෙන නො ආවොත් පුදුමයි.

    ReplyDelete
    Replies
    1. මෙය මට ලැබුන ලොකුම පැසසුමක්.

      ආවොත් දෙනවා කුමාරසිරි මාමාට ජනාධිපති උපදේශක පට්ටමක්. නැත්නම් ඉල්ලන්න කියනවා පලාත් සභාවකට

      Delete
  4. පිලිප්පු සිඤ්ඤෝ සීයාගෙයි, රෙජිනාවතී ආච්චිගෙයි සැප සනීප කොහොමෙයි කියලා කියලා තිබුනේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. එලිසබත් රෙජිනාවති !!!

      Delete
  5. එකත් මරුවට ලියලා නේ මමත් බැලුවා මේ ලියුම් සීන් එක මොකක්ද කියලා

    ReplyDelete
  6. හෙහ් හෙහ්! තව පොඩ්ඩෙන් මට ටියුබ් ලයිට් වෙනවා..

    රාජ්ය ත්‍රාන්තික ලියුම් කියවන එක ඔක්කොටම වඩා බරපතල ක්‍රියාවකි.. මං නං කියෙව්වෙ නෑ :P

    ReplyDelete
    Replies
    1. රාජ්‍යතාන්ත්‍රික කිව්වෙ .. මේ චාර්ලිස් ගොයියා
      පලාත්සභා මන්ත්‍රී කෙනෙක් වත්ද?
      ලියුම කියෙව්වෙ නැත්නම් කමක් නෑ ඉතින් :)

      Delete
  7. උබ අපිවත් පටලගත්තනෙ හවුලට

    ReplyDelete

Have commented