22 April 2012

Depth of field

Never ever do it my friend
despite what the books or the experts tell
Lower depth of field
 Blur the background they'd say

 But

 Sans the trees
and their shadows long on her face
 to soften the blush
of that kiss unexpected

 Sans the waves rushing
 like school children at the last bell
Without the fishing boat drifting at the horizon
like a hesitant debutante to the dance floor
on that evening
of perfect Sunset
and many tales

 is it still her?
is it still you?

 For every little span,
we dying
a few thousand times
being born with
and one with
The milieu and the time
that we stand in
To blur all that
and focuss on the face
Is to crop
 thy self
and loose the details

14 April 2012

හැoගිමුත්තම්


පෙර කතාව  : 

පහල ගෙදර උක්කුන් අයියා ගිය සතියේ යම් දිනයක අවුරුද්දට ගමේ ආවේය . ආගිය තොරතුරු කතාකරමින් සිට හවස , වතුර ටිකක් නා ගන්නට ගොරක ගහ යට පොදු ලිඳට  ගියේය. 

ඒ ඔහු ගැන අසන්නට ලැබුන අවසන් වතාවයි  . ඉන් පසු ඔහු ගැන ආරංචියක් නැතිවිය .  දින තුනක් තිස්සේ මුළු ගමම ඔහුව සෙවිය . ලිංවල , ලඳු  කැලාවේ , වැව තාවුල්ලේ මෙන්ම අහල පහල  පොලිසි, ඉස්පිරිතාල  සහ පන්සල්වල වලද සොයා බැලිනි 


සුදු මාමා , දන්නා අඳුරන මහත්තයෙකුට කියූ හෙයින් , පළාතේ ශ්‍රී ලංකා පොලොසියෙන්ද,   වෙනදාට මාර ගහකට මුවාවී , යකාගේ වංගුව මුර කරන , කොස්තාපල් වරු දෙදෙනෙක්ද  ඒවා තිබුණි. සැවොම දින තුනක් තිස්සේ ඔහුව සෙවිය , නමුත් හමු වුයේ නැත . 
 
  

අද උදේ ,ලිඳ පිටිපස්සේ  වැටකෙයියා පඳුරකට මුවා වී සිටි කිසිවෙකු දැක කමලාවති සබන් පිටින්ම, බාල්දියද 
ලිඳට අතහැර  හූ කියා ගෙන දිව ගියාය .
හැoගිමුත්තම් නිමාවිය . දැන් ගමම මෙතනය. මෙතැන් සිට දිග හැරෙන්නේ රැස් වූ විවිධ අයගේ  ප්‍රශ්න කිරීම් සහ අර්ථකතනයන්ය . 
  
විදානේ මාමා: " කොහෙද යකෝ ගිහින් හිටියේ අපි මේ බය වෙලා හිටියේ , අපි හැමෝම හෙව්වා " 
  
රන්ජි : අපි හිතුවේ සතා සර්පයෙක්වත් කාලද කියලා, අරහේ ගෑනියි ළමයිනුයි අඩා ගත්ත ගමන් , යන මල
           දානෙක කියලා පලයන්කෝ .
 
  
සිරිල් : කමලාවතී දිව්වා දිවිල්ලක් , හුරේ  රන් , සබන් පිටින්, රෙද්ද අතේ  .....හොහ් හොහ් 
  
මාග්‍රට් : අල්ලපු ගමේ සොපියගේ දුවත් නැතිවෙලාලු , එකී කියා කියා යනවා උඹත් එක්ක පැනල ගිහිල්ලද
           දන්නේ නෑ කියලා ., 


සිරිල් : මාග්‍රට් අක්කේ,  අනේ පැනල යන්නම බඩුව එකී . මගෙත් ඇඟේ එල්ලෙන්න ආවා , අපි අහුවෙයි
           ඕවාට.
 
  
රන්ජි : උක්කුන් අයියා ,  සුදු මාමා දන්න මහත්තයෙකුට කියලා පොලොසියෙනුත් ආවා. 
  
සුරංග / හිච්චි පුතා (ගෙදරට) /  මාග්‍රට් ගේ  
පස්  හැවිරිදි පුතු : 
මාමේ , අපේ අක්ක කිව්වා මාම බයි කන් නැතුව බිල්ලෝ අරන් ගිහින් කියලා කරෝල වාඩියට , ඇත්තද ?


විදානේ මාමා: ඇත්ත කියපන් උඹ ගියා නේද ඇඩ්ඩින් ගේ පොට්‌ එක පැත්තේ ...ඕකා ඔය ජරාවට ඇසිඩුත්
                      දානවා...උඹට සිහිය නැති වෙන්න ඇති 


මේ කිසිවකට උක්කුන් කිසිවක් කිවේ නැත . අහිංසක ලෙස සිනාසුනා පමණි . ඉන් පසු ඔහු නැගිට සරමේ ඇලුණු තුත්තිරි ගලවමින් නිවස බලා පිය නැගුවේය .ඔහුගේ සරමේ මඩ පැල්ලම,  කතාවේ නොකියූ පැත්තක් ඉඟි කළේය .
  

පසු කතාව : 

උක්කුන් නැවතී සිටින බෝඩිමේ ඇන්ටිද , ඇය දන්න කොලඹ ඒ එස් පී මහතෙකුට මෙය කියා තිබුණි. ඇය ආඩම්බරෙන් කීවේ උක්කුන් සොයා ගැනීමට හැකි වූයේ ඒ නිසා කියාය . 

සුදු මාමා කීවේ , ඔහුගේ මැදිහත් වීම නැතිනම් , වෙන කාට කිව්වත් , උක්කුන් තවමත් සොයා ගැනීමට බැරිවෙන බවය . 

උක්කුන්ගේ බිරිද , ඇය ගැට ගැසූ පඬුරක් ගැනද , ඉටු කිරීමට ඇති බාරයක් ගැනද නෙක් වර කීවාය . 
එනමුදු  විටක "කව්ද දන්නේ කොයි ගුබ්බෑයමක ගිහින් හිටියද කියලා, අනික අර බෝඩිමේ ගෑනිට 
මොකක්ද ඔච්චර තියෙන  කැක්කුම  " කියා ඇය ලයිසාට කියා තිබුණි . 

විදානේ මාමා පසු දිනයක , හන්දියේ බඩා මුදලාලිගේ කඩයේදී , කහට කෝප්පයක් බොන ගමන් පත්තරේ ලිපියක් පෙන්වා කිවේ , අතුරුදහන් වීම ලේසි පහසු වැඩක් නොවන බවත් , කිසිවෙක් එය සැහැල්ලුවෙන් නොගත යුතු බවත්ය .

12 April 2012

හිතේ හිර උන
කැවුම් සුවඳක් දිගේ 
සිත දුවයි ගුරුපාර දිගේ 
පනියි කඩුල්ල

මේ අවුරුද්දෙවත් 
හදිස්සියේවත් අවොත් කියා
මේසය උඩ තියන මගේ පිඟානට 
කිරිබත් කැල්ලක් බෙදෙන්න

එත් අම්මේ
මේ සැරෙත් 
මම මෙහෙ 

09 April 2012

Where the howl ends


One day 
finally 
after many moons of
begging pleading howls
it fell
from the dark sheet of the night
spread across
ripping the cloudy weils
Splot
in to the ponds 
where the bull frogs reined

A wolf
wonders
at what will he howl
now?

07 April 2012

Curse of the yellow frogs


With his eyes still closed
half
he was murmuring
(Or is whispering the more apt word)
anyways it makes little difference
now
“In a few days
there will be frogs
big yellow  ones
croaking all over your
front porch.
An evil hex I tell you
you got to pray hard
to get over this one”

Now I get it.

That was two nights  ‘fore
you were left at my door
my frog prince
in a shoe box
still warm with baby smell
but the blanket …
the kinder blue with
yellow frog prints

That
I did not see coming