පෙර කතාව :
පහල ගෙදර උක්කුන් අයියා ගිය සතියේ යම් දිනයක අවුරුද්දට ගමේ ආවේය . ආගිය තොරතුරු කතාකරමින් සිට හවස , වතුර ටිකක් නා ගන්නට ගොරක ගහ යට පොදු ලිඳට ගියේය.ඒ ඔහු ගැන අසන්නට ලැබුන අවසන් වතාවයි
සුදු මාමා , දන්නා අඳුරන මහත්තයෙකුට කියූ හෙයින් , පළාතේ ශ්‍රී ලංකා පොලොසියෙන්ද, වෙනදාට මාර ගහකට මුවාවී , යකාගේ වංගුව මුර කරන , කොස්තාපල් වරු දෙදෙනෙක්ද ඒවා තිබුණි. සැවොම දින තුනක් තිස්සේ ඔහුව සෙවිය , නමුත් හමු වුයේ නැත .
අද උදේ ,ලිඳ පිටිපස්සේ වැටකෙයියා පඳුරකට මු
ලි
හැoගිමුත්තම් නිමාවිය . දැන් ගමම මෙතනය. මෙතැන් සිට දිග හැරෙන්නේ රැස් වූ විවිධ අයගේ ප්‍රශ්න කිරීම් සහ අර්ථකතනයන්ය .
විදානේ මාමා: " කොහෙද යකෝ ගිහින් හිටියේ අපි මේ බය වෙලා හිටියේ , අපි හැමෝම හෙව්වා "
රන්ජි : අපි හිතුවේ සතා සර්පයෙක්වත් කාලද කියලා, අරහේ ගෑනියි ළමයිනුයි අඩා ගත්ත ගමන් , යන මල
දානෙක කියලා පලයන්කෝ .
සිරිල් : කමලාවතී දිව්වා දිවිල්ලක් , හුරේ රන් , සබන් පිටින්, රෙද්ද අතේ .....හොහ් හොහ්
මාග්‍රට් : අල්ලපු ගමේ සොපියගේ දුවත් නැතිවෙලාලු , එකී කියා කියා යනවා උඹත් එක්ක පැනල ගිහිල්ලද
දන්නේ නෑ කියලා .,
සිරිල් : මාග්‍රට් අක්කේ, අනේ පැනල යන්නම බඩුව එකී . මගෙත් ඇඟේ එල්ලෙන්න ආවා , අපි අහුවෙයි
ඕවාට.
රන්ජි : උක්කුන් අයියා , සුදු මාමා දන්න මහත්තයෙකුට කියලා පොලොසියෙනුත් ආවා.
සුරංග / හිච්චි පුතා (ගෙදරට) / මාග්‍රට් ගේ පස් හැවිරිදි පුතු :
මාමේ , අපේ අක්ක කිව්වා මාම බයි කන් නැතුව බිල්ලෝ අරන් ගිහින් කියලා කරෝල වාඩියට , ඇත්තද ?
විදානේ මාමා: ඇත්ත කියපන් උඹ ගියා නේද ඇඩ්ඩින් ගේ පොට් එක පැත්තේ ...ඕකා ඔය ජරාවට ඇසිඩුත්
දානවා...උඹට සිහිය නැති වෙන්න ඇති
මේ කිසිවකට උක්කුන් කිසිවක් කිවේ නැත . අහිංසක ලෙස සිනාසුනා පමණි . ඉන් පසු ඔහු නැගිට සරමේ ඇලුණු තුත්තිරි ගලවමින් නිවස බලා පිය නැගුවේය .
පසු කතාව :
උක්කුන් නැවතී සිටින බෝඩිමේ ඇන්ටිද , ඇය දන්න කොලඹ ඒ එස් පී මහතෙකුට මෙය කියා තිබුණි. ඇය ආඩම්බරෙන් කීවේ උක්කුන් සොයා ගැනීමට හැකි වූයේ ඒ නිසා කියාය .සුදු මාමා කීවේ , ඔහුගේ මැදිහත් වීම නැතිනම් , වෙන කාට කිව්වත් , උක්කුන් තවමත් සොයා ගැනීමට බැරිවෙන බවය .
උක්කුන්ගේ බිරිද , ඇය ගැට ගැසූ පඬුරක් ගැනද , ඉටු කිරීමට ඇති බාරයක් ගැනද නෙක් වර කීවාය .
එනමුදු විටක "කව්ද දන්නේ කොයි ගුබ්බෑයමක ගිහින් හිටියද කියලා, අනික අර බෝඩිමේ ගෑනිට
මො
විදානේ මාමා පසු දිනයක , හන්දියේ බඩා මුදලාලිගේ කඩයේදී , කහට කෝප්පයක් බොන ගමන් පත්තරේ ලිපියක් පෙන්වා කිවේ , අතුරුදහන් වීම ලේසි පහසු වැඩක් නොවන බවත් , කිසිවෙක් එය සැහැල්ලුවෙන් නොගත යුතු බවත්ය .
an interesting writing. keep it up
ReplyDeleteHaa .. good one .. !!
ReplyDelete